එංගලන්තෙ රෑට ඇවිද්ද දික්වැල්ල හා කුසල්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    එංගලන්තෙ රෑට ඇවිද්ද දික්වැල්ල හා කුසල්ට වහාම විනය පරීක්ෂණයක්​

    Monday, June 28, 2021


    dikwella-kusal-england-night

    එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා ඩර්හැම්හි රාත්‍රී කාලයේ වීදියක සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් එරට සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලදුව එය මේ වනවිට ගැටලුකාරී තත්වයක් දක්වා දුරදිගගොස් ඇත.
    ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි මෙරටට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි ද සිල්වා අද උදෑසන දන්වා තිබේ.
    කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනාට තමන් නවාතැන්ගෙන සිටින ස්ථානයෙන් මේ ආකාරයට පිටතට ගොස් හැසිරමට අවසර නැති බවත් ඊළඟ තරග සඳහා සූදානම් වන මානසිකත්වයක් නොපෙන්වීම මෙන්ම වසංගතය සම්බන්ධ නීති පනවා ඇති පසුබිමක අයථා හැසිරීම ප්‍රශ්න කළ යුතු බවත් ඔවුන් ලංකාවට වහා කැඳවා විනය පරීක්ෂණයක් සිදු කරන බව සභාපතිවරයා දන්වා තිබේ.

    එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස පසුගියදා අන්ත පරාජයට ලක් විය. නිමාවූ විස්සයි20 තරග තුනේදී කුසල් මෙන්ඩිස් 9,39,6 හා නිරෝෂන් දික්වැල්ල 3,11 ලෙස ලකුණු රැස්කර
    තිබුණි.
    මෙම තරග තුනේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය අතිශය දුර්වල වූ අතර පාසල් මට්ටමේ දක්ෂතාවයක් වත් නොදැක්වූ බවට විවේචන එල්ල විය. අඩුම තරමේ ඇතැම්
    ක්‍රීඩකයන්ට එංගලන්ත පන්දු යවන්නන් යොමුකරන පන්දුවක් තම පිත්තේ හෝ වද්දා ගැනීමට නොහැකි තරමටම
    ඔවුන් දුර්වල වී තිබුණි.
    දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අඟහරුවාදා ඩර්හැම්හිදී පැවැත්වීමට නියමිතව තිබියදී
    ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඩර්හැම්වලට පැමිණි දිනයේ රාත්‍රී 11.28ට පමණ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්
    දෙපළ විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පළකළ නසීර් නිස්තාර් වීඩියෝව සමගින් මෙසේ සටහන් කර තිබුණි.

    “දැකල පුරුදු මුහුණු දෙකක් ඩර්හැම්වලිදී අද රාත්‍රියේදී දැක ගැනීමට අවස්ථාව ලැබුණා. ඔවුන් තම
    සංචාරයේ විනෝද වෙනවා. ඔවුන් ඇවිත් තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න නෙමෙයි. මේ වීඩියෝව ගත්තේ
    ඉරිදා රාත්‍රී 11.28ට. මේ ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩාවිලාශයක සිටියදීත් ඩර්හැම් රාත්‍රියක
    විනෝදවීමට අමතක කර නෑ.
    ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහාය
    දැක්වීමට සැලසුම් කර තිබෙනවා. ඔවුන් එංගලන්තයේ සෑම ප්‍ර දේශයකම සිට තරගය බලන්න එන්න
    ඉන්නේ. ඒත් අවාසනාවකට මේ ‘විගඩම් කාරයින්’ මෙහේ ඇවිත් තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ
    ප්‍රේක්ෂකයන්ට සේවය කිරීමට නෙමෙයි”





     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    අනේ ලංකාවේ කරන පරීක්ෂණ..😅😅
    Yes he killed an innocent person on a bike at dawn and did not bother to stop the vehicle and was bailed out by court shortly .
    He was treated differently, by SLC too. When a girl was killed by ex cricketer Niroshan Bandarathilaka he was sacked from team and he was banned from intenational games due to same type of dawn accident due to intoxication. But now even Captain Dimuth's lawyers said that he was only 0.1 above the limit for alcohol in blood when caught. So how can we keep discipline.