එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්‌දින තරගය අද

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්‌දින තරගය අද

    england-vs-srilanka.jpg

    ලෝක ක්‍රිකට්‌ අනුශූරයන්(2011) වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගිවන පළමු එක්‌දින ජාත්‍යන්තර තරගය අද (28 දා) එංගලන්තය සමගින් ලන්ඩන් හි පිහිටි ද ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා රාත්‍රි තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

    නිත්‍ය නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ නැවත පැමිණීම සහ ඉකුත්දා පැවැති 20-20 තරගය ජය ගැනීමේ යහපත් මානසිකත්වයෙන් ශ්‍රී ලංකා අද සටනට පිවිසෙනු ඇත. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසයේ පවත්වා ඇති සමස්‌ත එක්‌දින තරගවලින් කණ්‌ඩායම් දෙකම සම දක්‍ෂතා පෙන්වා තිබේ. දෙරට අතර මෙතෙක්‌ පවත්වා ඇති එක්‌දින තරග 45 කදී එංගලන්තය තරග 23කද ශ්‍රී ලංකාව තරග 22කද ජයග්‍රහණ වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රවේගකාරී පිතිකරුවකු වන සනත් ජයසූරියගේ සමුගැනීමේ තරගය ලෙසද මෙය ඉතිහාසයට එක්‌වේ. ජයසූරිය එංගලන්තයට එරෙහිව මෙතෙක්‌ සහභාගි වී ඇති එක්‌දින තරග 34 කදී ලකුණු 1193 ක්‌ ලබා ඇති අතර ඔහු එංගලන්තයට එරෙහිව ශතක 4 ක්‌ සහ අර්ධ ශතක 3 ක්‌ ලබා ඇත. අද තරගය පැවැත්වෙන ඕවල් ක්‍රීඩාංගණයේදී එක්‌දින තරග ශතකයක්‌ ලැබූ එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේද ජයසූරියය.

    අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයේ සංචාරය කළ 2006 වසරේ එක්‌දින තරගාවලිය 5-0 ක්‌ ලෙස ජය ගැනීමට මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව සමත් වුවද දෙරට අවසන් වරට මුණ ගැසුන එක්‌දින තරගාවලියේ (ශ්‍රී ලංකවේදී) ජය 3-2 ක්‌ ලෙස එංගලන්තය ලබා තිබේ.

    අද තරගය පැවැත්වෙන ද ඕවල් ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුන් යෝග්‍ය බවට වාර්තා වන අතර එහිදී පන්දු යවන්නන්ගේ දක්‍ෂතා දෙපිලේ ජයග්‍රහණයට විශාල ශක්‌තියක්‌ වනු ඇත. ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කෙරෙහි එංගලන්ත පිතිකරුවන් දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වෙයි.

    අද තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස සනත් ජයසූරිය සමග දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාක්‌ පවතින අතර තරගය සඳහා සහභාගි වන අවසන් කණ්‌ඩායම ඊයේ රාත්‍රියේදී තීරණය කිරීමට නියමිතව තිබිණි. ජීවන් මෙන්ඩිස්‌ටද අද තරගයට සහභාගි වීමේ වැඩි අවස්‌ථාක්‌ පවතී.

    ශ්‍රී ලංකා හිටපු නායක මහේ ජයවර්ධන අද තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 46 ක්‌ ලබාගතහොත් ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු දහස සම්පූර්ණ කළ පිතිකරුවා බවට පත්වේ. මහේල එංගලන්තයට එරෙහිව සහභාගි වී ඇති එක්‌දින තරග 29 කදී ලකුණු 954 ක්‌ ලබා තිබේ. එංගලන්තයට එරෙහිව ලකුණු දහස සම්පූ+ණ කළ එකම පිතිකරුවා වන්නේ මේ වන විට ජයසූරිය පමණි.

    එංගලන්ත කණ්‌ඩායමද ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ සිට ඉතාමත් හොඳින් තරග වදින අතර එහිදී එංගලන්ත පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද විශිෂ්ඨ දක්‍ෂතා දැක්‌වීම හේතුවෙන් අද තියුණු තරගයක්‌ අපේක්‍ෂා කෙරේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~

    SriLankaCricket.jpg

    ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන්(නායක), තිළිණ කණ්‌ඩම්බි, සනත් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, අජන්ත මෙන්ඩිස්‌, ජීවන් මෙන්ඩිස්‌, සුරංග ලක්‌මාල්, සුරාඡ් රන්දීව්, දිමුත් කරුණාරත්න, නුවන් කුලසේකර.

    england-cricket-board-logo.gif

    එංගලන්ත කණ්‌ඩායම - ඇලෙස්‌ටෙයාර්Êකුක්‌(නායක), ඡේම්ස්‌ ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවී බොපාරා, ඡේඩ් ඩර්න්බැච්, ස්‌ටුවර්ට්‌ බ්‍රොaඩ්, ස්‌ටීවන් µsන්, ක්‍රෙග් කීස්‌වෙටර්, ඉයන් මෝගන්, සමිත් පටෙල්, කෙවින් පීටර්සන්, ග්‍රේම් ස්‌වෝන්, ජොනතන් ට්‍රොට්‌, ක්‍රිස්‌ වෝක්‌ස්‌.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විසුරුවා හැරීම ජුලි 1දා?

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරය අවසානයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටුව විසුරුවා හරිනු ලබනු ඇතැයි අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    අදාළ විසුරුවා හැරීමේ දිනය ලබන ජුලි පළමුවැනිදා බව එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ බංග්ලාදේශයේ නව පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

    අපි හැමෝම එකතු වෙලා අපේ සිංහ පැටවුන්ට සුභ පතමු
    :):):):):):):)

    sct-782672.jpg

    රෙප් එකක් එහෙම දුන්නට මුකුත් හිතන්නේ නැහැ හොදේ
    ++++++++++

    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    mama ada weda nawaththala gedara inna awa ,ada match eka balanna wena mokawath nisa newei,mage cricket hero,podi kale idan 1 2 wasare idan,hero sanath ge final match eka balana one nisa, eda idan mama sana gahapu hema match ekakma hema 100 gahapu ekakma beluwa balanna humba una,ekak wath miss une nehe,e nisama ada balanawa,sanata respect ekak wenna

    sana nethy cricket mama balanneth nehe, ,so all da best sana play well, aya apita loketa mehema cricketer kenek humba wenne,
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    mama ada weda nawaththala gedara inna awa ,ada match eka balanna wena mokawath nisa newei,mage cricket hero,podi kale idan 1 2 wasare idan,hero sanath ge final match eka balana one nisa, eda idan mama sana gahapu hema match ekakma hema 100 gahapu ekakma beluwa balanna humba una,ekak wath miss une nehe,e nisama ada balanawa,sanata respect ekak wenna

    sana nethy cricket mama balanneth nehe, ,so all da best sana play well, aya apita loketa mehema cricketer kenek humba wenne,

    Mata umbage comment eka dakala duka hithuna.. apeth Cricket hero wela hitiye Sana Boy thamai... namuth Pahara deshapalane... ange daagena.. me karana.. bahubootha nisa.. uuge namata thibunu thana nathi karagaththa.. mama hithanawa umba maath ekka ekanga wei kiyaala.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Mata umbage comment eka dakala duka hithuna.. apeth Cricket hero wela hitiye Sana Boy thamai... namuth Pahara deshapalane... ange daagena.. me karana.. bahubootha nisa.. uuge namata thibunu thana nathi karagaththa.. mama hithanawa umba maath ekka ekanga wei kiyaala.

    aniwa ekagai, nethnam hemoma sanata kemathy,politics walata u balen awada balen demmada danne,eth eka nisa porata practis emiss wela ,2010 t20 wc eka mis una,nethnam porata me para wc eken yanna tibbe murali ekka,eth kamak ne,pora mage hondama cricketer,pora nisai mama cricket beluwe ,asa une,eka nisa balanawa,monawa kara gaththath wedak ne,mama asa kemathy sanath kiyana,cricketerta,polititionta newei,
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    mama ada weda nawaththala gedara inna awa ,ada match eka balanna wena mokawath nisa newei,mage cricket hero,podi kale idan 1 2 wasare idan,hero sanath ge final match eka balana one nisa, eda idan mama sana gahapu hema match ekakma hema 100 gahapu ekakma beluwa balanna humba una,ekak wath miss une nehe,e nisama ada balanawa,sanata respect ekak wenna

    sana nethy cricket mama balanneth nehe, ,so all da best sana play well, aya apita loketa mehema cricketer kenek humba wenne,

    මටත් සනා ගැන මතක් වෙනකොටත් මාර දුකක් දැනෙනවා මචන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්දන්නෑ බන්..අලුත් නම් ගොඩාායි..කොහොම උනත් අපේ සෙට් එකට දිනන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල සුබ පතනවා..