එකක් නෙමෙයි දෙකක් [ rඅස කතා
කර්මාන්ත ඇමැතිවරයා තම නිල සංචාරයේදී අලුතින් පටන් ගත් මෝටර් රථ නිෂ්පාදන සමාගම බලන්නට ද ගියේ ය. එහි නිපද වන හුරුබුහුටි, නව මෝටර් රථයක් කෙරෙහි ආශක්ති වූ හෝ ඒ පිළිබඳ විස්තර තමා සමඟ සිටි එම කම්හලේ කළමනාකරුගෙන් කීපවරක් ම විමසීය. ඇමැතිවරයා ආපසු යාමට සූදානම් වෙද්දී ඔහු වෙත යතුරක් දෑතින් ම දිගු කළ කළමනාකරු ඉතා ආචාරශීලී ලෙස සිනාසෙමින් මෙසේ කීවේ ය.
“සර්, අපි සර්ට අර මෝටර් රථයක් සිහිවටනයක් විදියට නොමිලේ දෙන්ඩ තීරණය කළා.”
ඇමැතිවරයා එය කාරුණිකව ප්රතික්ෂේප කළේ ය. කෙතරම් ඇවිටිලි කළ ද හේ එම තෑග්ග භාර ගත්තේ නැත.
එහෙම නං සර් අපි කැමැතියි, මේ කාර් එක රුපියල් 500/= කට සර්ට විකුණන්ඩ.” කළමනාකරු අවසානයේ දී කීවේ ය.
වහාම සාක්කුවෙන් තම මුදල් පසුම්බිය ගත් ඇමැතිවරයා රුපියල් දහසේ නෝට්ටුවක් ගෙන කළමනාකරු වෙත දිගු කරමින් මෙසේ කීවේ ය.
“හොඳයි, එහෙම නං මට මේ වර්ගයේ කාර් දෙකක් ම දෙන්ඩකො.”

source http://wadiyalk.com