එකට හිටිය උබයි මායි..
පොඩි කාලේ ඉදන්
එකට හිටිය උබයි මායි
එක බත් පත
එකට කාපු උබයි මායි
A/L වලින් පස්සේ
දෙතැනක ගිය උබයි මායි
"ඇයි මචං මාත් degree එකක් ගත්තම නරකද"
කියල අහද්දී
උත්තර එන්නෑ බං
ගොලුයි මං
අනාගතේ දවසක
ආයෙ අපි හම්බුනාම
දශමෙන් වාසිටි අහිමි
තුන්වැනියෙකුත් හම්බුනා..
පළවෙනියා:
මචං මං ෆයිනල් ඉයර්..
දෙවෙනියා:
ස්ලිට් නිසා මාත් ගොඩ..
එතකොට උඹ..
තුන්වෙනියා;
දශමෙ නැති නිසා වාසිටිත් නෑ
සල්ලි නැති නිසා ඩිග්‍රිත් නෑ මචං..
අවුලක් නෑ
රටට නිදහස දීපු
වීරවරයො කියාපු
"නිදහස් අධ්‍යාපනය දුන්නොත්
පොල් කඩන කොල්ලොත්
හොයන්න බෑ ලොවෙත්.."
මීට
උඹලට පොල් කඩන
උඹලගෙම යාළුවා..
එදාට
අපි දෙන්නම ගොළුයි මචං..




පොඩි කාලේ ඉදන්
එකට හිටිය උබයි මායි
එක බත් පත
එකට කාපු උබයි මායි
A/L වලින් පස්සේ
දෙතැනක ගිය උබයි මායි
"ඇයි මචං මාත් degree එකක් ගත්තම නරකද"
කියල අහද්දී
උත්තර එන්නෑ බං
ගොලුයි මං
අනාගතේ දවසක
ආයෙ අපි හම්බුනාම
දශමෙන් වාසිටි අහිමි
තුන්වැනියෙකුත් හම්බුනා..
පළවෙනියා:
මචං මං ෆයිනල් ඉයර්..
දෙවෙනියා:
ස්ලිට් නිසා මාත් ගොඩ..
එතකොට උඹ..
තුන්වෙනියා;
දශමෙ නැති නිසා වාසිටිත් නෑ
සල්ලි නැති නිසා ඩිග්‍රිත් නෑ මචං..
අවුලක් නෑ
රටට නිදහස දීපු
වීරවරයො කියාපු
"නිදහස් අධ්‍යාපනය දුන්නොත්
පොල් කඩන කොල්ලොත්
හොයන්න බෑ ලොවෙත්.."
මීට
උඹලට පොල් කඩන
උඹලගෙම යාළුවා..
එදාට
අපි දෙන්නම ගොළුයි මචං..




ඒත්, ප්‍රයිවට් යූනිවත් නැති වුණා නම් එහෙම අර දෙවෙනි කොටසටත් දුක් විඳින්න වෙනවා නේද??








