එකතු වෙමු, වෙනස් වෙමු, රට හදමු

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    එකතු වෙමු, වෙනස් වෙමු, රට හදමු

    මචන්ලා, මේ ත්‍රෙඩ් එක කියවන්න කලින් උඹලගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා. උඹලගේ දේශපාලන මතය පැත්තකින් තියලා වරෙල්ලා. මොකද මේ රට මේ තරම් කාලකණිනි වෙන්න ජනතාව විදිහට අපෙත් ලොකු දායකත්වයක් තියෙන්වා. එහෙම බැරිනම් මෙතනින් එහාට කියවන්න එපා.

    මිනිහෙක්ට සාමාන්‍යයෙන් ජීවිතයෙ දෙයක් ලගා කරගන්න ක්‍රමයක් තියෙනවා. මම මේක අත්දැකීමෙන් දන්න දෙයක්. මේකෙන් මම පෞද්ගලිකව ලගා කර ගත්ත දේවලුත් තියෙනවා. මම විස්වාස කරන්නෙ රටක් විදිහටත් අපිට තියෙන්නෙ මෙන්න මේ දේ පිලිපදින්න.

    1. Set A Goal


    - අපි දැනට ඉන්න තත්වය දන්නවා. අපි එලියෙන් අදුරට ගිය රටක්, අපි මේක අනිත් පැත්ත හරවන්න නම් අපි අදුන ගන්න ඕනෙ අපි කල යුත්තෙ මොකද්ද කියලා. අපි ලගා කර ගත යුත්තෙ මොකක් කරලද ඒ කොහොමද කියලා. මෙතනදි ලංකාව ඉන්නෙ dead lock (වංක ගිරියක) හිර වෙලා. නිකමට පාරට බැහැල බලපං, නැත්නම් ෆේස් බුක් එක පැත්තෙ ගිහින් බලපං. අපිට ධනාත්මක දෙයක්, වැඩක් කරන්න උද්යෝගයක් ඇතිවෙන දෙයක් තියෙනවද කියලා. ඔක්කොම තියෙන්නෙ මොලය දූශණය වෙන, අලුතින් දෙයක් කරන්න, මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න පොඩ්ඩක් වත් උද්යෝගයක් ඇති නොකරන, එහෙම දෙයක් කරන්න හිතුනත් ඒක උපන් තැනදීම විනාශකරන පසුගාමී චින්තනයක්. අපි මුලින්ම මේ දේ නැති කරන්න ඕනෙ. dead lock එක කඩන්න නම්, ඒකෙන් අයින් වෙන්න නම් අපි හැමදාම කරන වැඩේට වෙනස් දෙයක් කරන්න ඕනෙ.


    2. Make a Plan

    - අපි දන්නව නම් අපි වැටිල තියෙන තත්වය ගැන, අපිට එතනින් ගොඩ එන්න විසදුමක් හොයන්න පුලුවන්, කොටින්ම දැන් තියෙන තත්වය අනුව අපි පොඩියට හරි මොකක් හරි කාලයට ගැලපෙන නිශ්පාදනයක් පටන් ගත්තොත් අපිට පුලුවන් යම් කිසි දෙයක් කරන්න. කලින් කිව්ව වගේ මේ දේට අපිට රජයෙන් සහය නැති වෙන්න පුලුවන්. තවත් භාධක තියෙන්න පුලුවන්, හැබැයි කලින් කිව්ව වගේ ඒ භාධක ගැනම නාහෙන් අඩ අඩ හිටියොත් අපිට හැමදාම අඩ අඩ ඉන්න පුලුවන්, අපි පොඩියට හරි අපේ නිශ්පාදනයක් පටන් ගත්තොත්, මිලදී ගනිද්දි දේශීය නිශ්පාදනයක්ම මිලදී ගත්තොත් අපිට යම් කිසි දෙයක් කරන්න පුලුවන්. මතක තියාගන්න deadlock එක බිදින්න, වෙනසක් කරන්න නම් යම් කිසි කැප කිරීමක් කරන්න වෙනවා. මම දන්නවා signal දත් බුරුසුවට වඩා සුපිරිවිකී දත් බුරුසුව අතටත් හරියට අහු වෙන්නෙ නෑ. නමුත් අපි එහෙම කියලා මුලින් පොඩි කැප කිරීමක් නොකර සුපිරිවිකී දත් බුරුසුව කඩෙන් ගත්තෙ නැත්නම් අපි deadlock එක බිදින්න පොඩි හරි දායකත්වයක් දක්වන්නෙ නෑ. (අත් දැකීම්) ඒ වගේම තමයි "අපි නිශ්පාදනයක් කරන්න රජයෙන් අපිට සහය නෑ. අපිට රජයෙන් සහය දෙන එක රජයේ වගකීම" වගේ දේවල් කිය කිය හිටියොත් වෙන්නෙත් ඒ වඩේම තමයි. ඒ නිසා මුලින්ම නාහෙන් අඩන එක නවත්වන්න ඉගෙන ගන්න ඕනෙ.


    3. Stay Focus

    -අපි කොහොම හරි මූලාරම්භය අරන් වැඩේ කරගෙන යද්දි එක එක ප්‍රශ්ණ එන්න පුලුවන්. නමුත් අපි පටන් ගත්ත අරමුණේම සිටීම ඉතාම වැදගත්. උදාහරණයකට දැන් මතයක් ගොඩ නැගිලා තියෙනවා ඇන්කර්, රත්ති නැතිව හයිලන්ඩ්, පැලවත්ත වගේ කිරි ගන්න කියලා. මේක හොද ප්‍රවනතාවක්, හැබැයි මතකද මේ වගේම දෙයක් උනා ටික කාලෙකට කලින් ඇන්කර්, රත්ති වල විශ රසායනයක් අඩංගු වෙනවා කියලා. ඒ කාලෙත් මිනිස්සු හයිලන්ඩ් පැලවත්ත වලට මාරු උනාට කාලෙත් එක්ක ආයෙත් පරණ තත්වයට පත් උනා. ඒකයි "එක අරමුණක සිටීමේ" වැදගත්කම. තමන් දෙයක් නිශ්පාදනය කරද්දිත් එහෙමයි, පටන් ගත්ත දවස් වලදි යම් යම් භාදක එන්න පුලුවන්, නමුත් ඒ අරමුණේම හිටියනම් කාලයත් එක්ක හැමදේම දියුණු කරගන්න පුලුවන්.


    4. Work Hard

    - මේක තමයි හුගක් වෙලාවට මේ වැඩේ ආරම්භ වෙන එක නවතින තැන. නමුත් පටන් ගත්තහම වැඩේ යනවා. ඇත්තටම ලංකාවේ වෙනසක් නොවෙන්න ප්‍රධාන හේතුව මෙන්න මේ දේට තියෙන බය. නමුත් අත්දැකීමෙන් කියන්නෙ, මේක පටන් ගත්තට පස්සෙ ලොකු දෙයක් නෙවේ.



    5. Succeed

    - මේක ලගා කරගන්න යන කාලය එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. නමුත් මුලින් කියපු ක්‍රම අනුගමනය කලා නම් බොහොම කලින් ලගා කරගන්න පුලුවන්.



    6. Stay Humble

    -දෙයක් ලගා කර ගත්තයින් පස්සෙ නිහතමානීව ඒ දේ වැඩි දියුණු කරගෙන පවත්වාගෙන යාමත් වැදගත්.


    අපිට මොනවද කරන්න පුලුවන්. අපි කොහොමද වෙනස් වෙන්නෙ.

    1. මුලින්ම කරන්න ඕනෙ පවතින තත්වය කොච්චර නරක උනත් ඒ ගැන මැසිවිලි නගන එක නවත්තන එක


    - . ඇත්තටම ලංකාවෙ වෙන්නෙ මේ දේ. උදාහරණයකට ටී වී එක දැම්මත්, කඩේකට ගියත්, ෆේස් බුක් එකේ උනත් තියෙන්නෙ විවේචනයයි, නාහෙන් ඇඩීමයි. මුලින්ම තම මේ දේ නවත්වන්න, ඊට පස්සෙ හැම වෙලේම කණවැන්දුම් ගෑණු වගේ නාහෙන් අඩන, විවේචන විතරක් දකින උන් ඈත් කරන්න, ෆේස්බුක් නම් අන්ෆ්‍රෙන්ඩ්, අන්ෆලෝ කරන්න. ලොන්ත ටීවී ප්‍රෝග්‍රෑම්, ඉන්දියන් පඩංගු බලන එක නවත්වගන්න, ඒ කාලයෙන් ඵලදායී වැඩක් කරන්න.

    2. අපේම නිශ්පාදනයක් ආරම්භ කිරීම.

    - මේක කිව්වහම සාම්ප්‍රදායිකව අපිට මතකෙට එන්නෙ තේ, පොල්, රබර්, කුරුදු, සාදික්කා.... නමුත් මේවට අමතරව තමන් දන්න දේවල් අනුව තව කරන්න ඕනතරම් දේවල් තියෙනවා.




    - Software development / graphic designing - මේ forum එකේ ඉන්න හුගක් උන් IT knowledge එකක් තියෙන නිසා මේවගේ දේකට අත ගහන්න බොහොම ලේසී. freelancing වගේ දෙයක ඉදන් තමන්ගෙම software development firm එකක් virtual studio එකක් වගේ දෙයක් දාන්න පුලුවන්. මේ කශේස්ත්‍රයේ වැඩගත් කම තමයි මේකට හුගක් භාහුර බලපෑම අඩුයි, Tax, රාජ්‍ය නියාමන, සාපේක්ශව ප්‍රාග්ධනය, ගැනුම් කරුවන් හොයා ගැනීමෙ අපහසුව වගේ දේවල්, කොටින්ම තමන්ගේ ගෙදර කාමරේ virtual විදිහට පටන් ගන්න පුලුවන්.
    - තව ඉනොවේටිව් දෙවල් තියෙනවා. මම දන්න එකෙක් ඉන්නවා 3D printer එකක් තියාගෙන ගෙදර එක එක item (සෙල්ලම් බඩු නෙවේ, ඊට වඩා වටින commercial/ industrial level එකෙන් කරන්න පුලුවන් දේවල් ) හදලා විකුනනවා, ඒකෙනුත් හොද ලාභයක් ලබනවා (30k, 35k per item).
    - කෘශිකර්මාන්තය ගැනනම් කියන්න යන්නෙ නෑ. මොකද අපි දන්න දා ඉදන් ඉස්කෝල පොත්වලින් දේශීය නිශ්පාදන කිව්වහම අපේ මොලේට හුරු කරලා තියෙන්නෙ මේ දේ. ඒ හුරු කරලා තියෙන්නෙත් අලුත් තාක්ශණයත් එක්ක කරල රටට අපනයනය කරන විදිහෙ චිත්‍රයක් නෙවේ. නමුත් මේ දේත් හොදට පටන් අරන් අපනයනය කරන්න පුලුවන් දෙයක්, හැබැයි අලුත් ක්‍රම හොයාගන්න ඕනෙ.
    - මම දන්න තව එකෙක් ඉන්නවා කැඩුන ප්ලාස්ටික් බඩු වලින් ආයේ ප්ලාස්ටික් අයිටම් හදලා කඩවල් වලට දාන එකෙක් ( ඔය ප්ලාස්ටික් බඩුම තියෙන හට් ගහගත්ත කඩම තියෙන්නෙ ) වැඩේ පටන් ගත්තෙ සීඩී 100 බයි එකෙන් දන් අවුරුදු කීපයකට පස්සෙ Outlander එකකින් යන්නෙ.
    අපි හිතනව නම් කරන්න බැරි නෑ.

    3. හැම වෙලේම දේශීය දෙයක් ගන්න.

    - ඒක තෙල් ගහනකොට IOC එකෙන් නැතිව cypetco එකෙන්, සබන්, දත් බේත් ගන්නකොට unilever නැතිව දේශීය ආයතනයකින්, කිරි ගන්නකොට ඇන්කර්, රත්ති නැතිව පැලවත්ත, හයිලන්ඩ් ඉදන් සිම් එකක් ගන්නකොට, සුපර් මාකට් එකට යනකොට, සුපිරි අවන්හලකට යනකොට හැම අවස්තාවකටම ඇප්ලයි කරන්න පුලුවන්.



    --------------------------------------------------------------------


    රටක් දියුණු වෙන්න යන්නෙ අවුරුදු 5ක් 10ක්, හිතපං මේ රටේ හැමෝම තමන්ගෙ රැකියාවට අමතරව මොකාක් හරි ආදායමක් එන ( රටට සල්ලි එන නම් තවත් හොදයි ) පටන් ගත්තොත් මේ රට අවුරුදු 5න් 10න් දියුණු කරන්න පුලුවන්, ඕනෙ පොඩිම පොඩි ස්ටෙප් එකක් විතරයි, ඒ තමන් වෙනස් වීම. රටේ මිනිස්සු දි‍යුණු වෙනවා කියන්නෙ රට දියුණු වෙනවා කියන එක.

    උදේ පාන්දර ෆේස්බුක් එකේ පොස්ට් එකක් දැකලා මේක ලියන්න හිතුනෙ, රෙප් ඕනෙ නෑ. හැබැයි එකෙක් හරි මේක බලල වෙනස් උනොත් ඒ ඇති. පුලුවන් නම් මේ අදහස වි‍යාප්ත කරන්න. බෙදා හරින්න ( මම එච්චර ලියන්න හැකියාව තියෙන එකෙක් නෙවේ. ඒ හැකියාව තියෙන කෙනෙක් ඉන්නව නම් මේක මීට වඩා නිර්මාණාත්මකව මිනිස්සු අතරට බෙදා හරින්න )