එකමත් එක කාලෙක

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එකමත් එක කාලෙක

    මේක එංගලන්තේ වෙච්ච කථාවක්.........

    එංගලන්තේ රජෙක් හිටියා. මේ රජාට කොටළුවෙක් හිටියා. රටේ හැම අවුරුද්දෙම වසන්ත කාලෙට අශ්ව රේස් තියනව.. ඉතින් රජතුමා මෙහෙම හිතුනා.... මොකද්ද හිතුනේ තමන්ගේ කොටළුවව රේස් එකට දාන්න.

    ඉතින් අශ්වයෝ එක්ක කොටළුවන්ට මොන රේස්ද.. මොක උනත් රජාගේ කොටළුවා හින්දද කොහෙද කොටළුවා රේස් එක දින්නා.. රජාට හෙන හැපී. පහුවදා උදේම පත්තරේ අරන් බැලුවා.. රේස් එක ගැන මොනවද කියලා තියෙන්නේ කියලා හෙඩ් ලයින් එක මෙහෙමලු තිබුනේ..

    "KING'S ASS WON"..

    මේකට රජාට හෙන අප්සට් ගියාලු. ඒත් ඉතින් පත්තර තහනම් කරන්නවත් ලියපු එකා එල්ලුම් ගස් යවන්නවත් ගියේ නෑ, ගොඩින් බේර ගන්න බැලුවලු. එහෙම හිතලා. කොටළුවව දුන්නලු රැජිනට. .......

    ඊට පහුවදා පත්තර වල හෙඩ් ලයින් එක ගියාලු.

    "QUEEN HAS THE BEST ASS IN TOWN"...

    රැජිනට මේකට හෙන අව්ල් ගියා.. කොහොමදා ජාත්‍යන්තරේට මුහුන දෙන්නේ.. ඉතින් එයත් ගොඩින් බේර ගන්න හිතන් ගොවියෙකුට පවුම් 10කට කොටළුවව වික්කලු.

    ඊළඟ දවසේ ඉතින් පත්තරේ තිබ්බලු

    "QUEEN SOLD HER ASS FOR 10 POUND.

    බාල්දි පිට බාල්දි.. දැන් රජ පවුලටම පාරේ බැහැලා යන්න බෑ. ඉතින් කට්ටිය කතා වෙලා තීරනය කලාලු කොටළුවව ආපහු අරන් කැලේකට නිදහස් කරන්න.

    ඒකත් කලා කියමුකෝ.. ඊළඟ දවසේ පත්තර වල හෙඩ් ලයින් එකේ ගියාලු.

    THE QUEEN ANNOUNCES HER ASS IS FREE AND WILD"..