එකමත් එක රටක

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
එකමත් එක රටක

එකමත් එක රටක ලියන මම මයියා.. මම රෙප් ඉල්ලන්නේ නෑ, මට ඔනි බැනලා හරි හොද කියලා හරි මොනා හරි මගුලක් මේ කතාව ගැන කියලා කොමෙන්ට් එකක් විතරයි. එතනින් එහාට මොකුත් බලාපොරොත්තු නොවෙමි...

මේක පලවෙනි කෑල්ල හොදේ...

මම සින් ගාල ස්පීඩ් කරලා යන්න ගියේ අඩියට දෙකට බොසාගේ රූම් එකට මිනිහා උදේම මට කන්ද උඩ දේශනාව දෙන්න එන්න කියල තිබ්බා..කොහෙද ස්පීඩ් කරාට කරපු වේගෙන් මට යන්න හම්බවුනේ නැහැ..දඩෝන් ගාලා කොහේදෝ යන කොන්ඩ කිරිල්ලියෙක් හෙන ගහන්නා වගේ ඇවිල්ලා ෂෝනාගේ ඇඟේ හැප්පුනා ජරමර අස්සේ බරකරත්ත කියුවලු ෂෝන්ට උනොත් වෙන්නේ වෙන්නේ ඔයවගේ වැඩක්මයි අනේ පවු කියන්නේ ඒ මගේ ඇඟේ හැප්පුන වේගෙට ඒ ගෑනු දැරිවි හතර ගාතේ දාල බිම ඉන්නවා මම දැක්ක.."අනේ බබා ඔයා පොඩ්ඩක් හිමින් නැගිටින්න " කියන ගමන් ඕනි ගොරකා ගෙඩියක් ගොරකා ගහේ කියල මම එතනින් මාරු උනා...ලාවට වගේ මට ඇහුනා ගෑල්ලමයා මට හරිම ආදරෙන් සුබ පතනවා...ඉතින් ෂෝන්ට නිකන් හිතුනා කොන්ඩ කිරිල්ලිගේ මුණ පොඩ්ඩත් බලාගෙන යන්න.අෆ්ෆා සුදු මුනේ ලස්සන කියාගන්න බැහැ.....අටපට්ටම වගේ වෙලා..මිට කලින් මේ පැත්තේ අහසේ පායපු රන් තරුවක් නෙමේ වගේ එහෙම නම් ඉතින් ෂෝන්ගේ මීටරේට කොන්ඩ කිරිල්ලි වැටිලා තියෙන්න එපැයේ....අතේ තිබ්බ කොල ටික හතර අතේ ෂෝන්ගේ පපුව නිකන් මොකක්ද වෙලා ගියා...කොන්ඩ කිරිල්ලි හරි අමාරුවෙන් හිමින් හිමින් නැගිටලා කොළ ටික එකතු කරද්දී මම බෝස්ගේ රූම් එක ඇතුලට ගියා

ඉවරයි කියුවට ඉවර නෑ

මම බොසාගේ රූම් එකට ගිය විතරයි ඉතින් මගේ ආදරණිය බොසා ගන්ටාරේ ගහගෙන සද්ද පුජාව පටන් ගත්තා..නිකන් ලාවට වගේ ෂෝන්ගේ කනට වැටුනා මෙහෙම කියනවා බොසා..

"ෂොහාන් මෙහෙම වැඩ කරන්න බැහැ ඔයා මේවිදියට හැසිරෙන එකෙන් මට මගේ ආයතනයේ අනික් සේවකයෝ ටික පාලනය කරගන්න බැරි වෙනවා.මට සිද්ධ වෙනවා.ඔයාගේ ප්‍රමාදවී පැමිණීමට ක්‍රියාමාර්ගයක් ගන්න.මම හිතන්න මිට කලින් මම ඔයාට warning දීලා තියනවා.ඔයා අද ඉඳල හරියටම one week අපේ kandy branch එකේ වැඩ කරන්න ඕනි මම හිතනවා ෂොහාන් ප්‍රශ්න මොකුත් නැහැ කියල මගෙන් අහන්න"

ඔන්න දැන් තමයි ෂෝනාගේ අතට බොසා එයාගේ සුමදුර දේශනාව අවසන් කරලා මයික් එක දුන්නේ..ෂෝනාට කියන්න තරම් දෙයක් තිබ්බේ නැහැ..

"ok sir මම යන්නම්.ප්‍රශ්නයක් නැහැ."

ෂෝනා වෙඩි වගේ උත්තර දුන්නා...

"එහෙනම් ෂොහාන් දැන් යන්න"

අනේ බොසාගේ කටින් ඒ වචන ටික ෂෝන්ට ඇහුනේ කනට මි පැණි වක්කරනවා වගේ..එක කියල ඉවර කරන්න කලින් මම රූම් එකෙන් එලියයට පැන්නා උදේ පාන්දර බොසාගේ යකඩෙකට තලනවා වගේ මිහිරි කට හඩින් අහපු කතාව නිසා ඒ වෙනකොට මට මහා පරිමාණයේ බඩගින්නක් තිබ්බ බඩට මොනවා හරි දාගන්න canteen එක පැත්තට යන්න හිතත හිත යනකොට තාම මට මතක් උනේ උදේ පාන්දර කොණ්ඩ කිරිල්ලියෙක් ඇඟේ හැප්පුනා නේද කියලා..ඒ සැනින් කොණ්ඩ කිරිල්ලිගේ මුණ මට මතක් උනේ එකසිය ගාණට කේන්ති ගිහින් මට බැන බැන වැටිලා උන්න අපුරුව ෂෝනාගේ හිතේ අපුරුවට ඇදිලා තිබ්බා...මම හිතන විදියට මතක ඇති කාලේ ෂෝන්ගේ මතකයේ රැඳෙන්න පුළුවන් උනේ ඒ කොණ්ඩ කිරිල්ලිට තමා..තව එක පාරක් බලාගන්න තිබුන නම් කියල නොහිතුනා නෙමේ එත් ෂෝන් කියනේ ඔය මල් ගවුම් පස්සේ වැඩිය එලවන පොරක් නෙමේ..කල්පනාව පිට canteen එක ලගටම ඇවිත් කියල මම දැනගත්තේ මගේ අජාසත්ත ෆ්රෙන්තෝ නලිනයාගේ බෙලි කටු මල්ලේ සද්දේ ඇහෙද්දී

"ආආ ෂෝන් මහත්තයා කොයි බද උදයම දුවන්නේ රොඩී කොල්ලා වගේ...මේ ගියානම් ගිය තැනක ඉඳල එනකොට කට දෙපැත්තේ තියන පැණි ටික එහෙම පිහිදාගෙන වරෙන්..යකෝ කොටු පනින්න දන්නේ නැත්තම් මගෙන් අහගනින් පනින විදිය?"

හප්පෝ මුට මයික් එක හම්බවුනාම J.R ට මයික් එක හම්බුනා වගේ තමා..

"අනේ අනේ මේ නලියෝ උඹෙයි මගෙයි කොටු පැනිල්ල ගැන ඉතින් මගෙන් අහගන්න එපා හොදේ.."

"හරි හරි සහෝ ඔයා කලබල වෙනවනේ මේ එක නෙමේ කෙල්ල ලස්සනද චීස් බොලේ වගේද?කොන්ඩේ දිගද?"

හෑ මු මොකක්ද මේ අහන්නේ මු කොහොමද කොන්ඩකිරිල්ලි ගැන දන්නේ ෂෝනා පුදුමය හිතේ තියාගෙන සාක්කුවේ අත් දෙක ගෙන කල්පනා කළා..

"අනේ අනේ කෙල්ල ගැන මතක් කළා විතරයි ෂෝන් කෙල්ලගේ තුරුලේ...හු හු...ෂෝනා කපෝතියි.."

"අන්න අන්න නලින් උඹට වැරදුන මම මේ කල්පනා කලේ උඹ මගෙන් අහන්නේ මගේ කොයි චීස් බොලේ ගැනද කියල"

"වෙන චීස් බෝලයක් ගැන නෙමේ බන් උබේ shirt එකෙ ඒකිගේ චේන් එක පටලවල ගිය චීස් බොලේ ගැන "

කියන ගමන් නලින් මගේ shirt එකේ පැටලිලා තිබ්බ ladies චේන් එකක් මගේ අතට දුන්නා


ඉවරයි කියුවට ඉවර නෑ
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මුතු ඇට මාල පොටක්...
ගෙල පැලදු..ව ලදක්..
දුටුවම මුහුණ ටිකක්....
.

:P
:love::P:love:
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මුතු ඇට මාල පොටක්...
ගෙල පැලදු..ව ලදක්..
දුටුවම මුහුණ ටිකක්....
.

:P
:love::P:love:

එහෙමද හිතන් ඉන්නේ ?? ඉස්සරහට බලන්නකෝ මොකද වෙන්නේ කියලා...
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මේක දෙවැනි කෑල්ල හොඳේ..

ඒපාර නලියා දැන් බක ජාතකේ අහන්න වගේ ඇස් කටේ ගෙන ෂෝනා දිහා බලාගෙන ඉන්නේ ෂෝනා මයික් එක අතට ගන්නකම්...පිස්සු හැදෙයි වටිනා කියන දේවල් එහෙම මෙලොරක් නැතුව කියන්න පුලුවන්ද පොල්ලෙන් ගැහුවා වගේ..මල් ඇඳලා බෝරිච්චි අල්ලලා කැටයම් කපලා එපැයි කියන්න...නලියාගේ ඉවසීමේ සීමාව පනින්නකම් ඉඳලම මං story එක short and sweet කියලා දැම්ම...

"හෑ ඒකියන්නෙ උඹගේ ඇඟේ හැප්පිලා කොන්ඩකිරිල්ලි වැටුනා වැටෙනකොට මේක උඹේ shirt එකේ පැටලුනා "

අනේ මම දන්නේ නැහැ මු අන්දකයිප්පු කාලද ඉන්නේ කියලා

"එක නේන්නම් හෝහපුටුවෝ මම දැන් උඹට කියුවේ'

"එක මාර සීන් එකනේ බන් ෂෝනෝ hindi film එකක shot එකක් වගේ බන්.."

"එකනම් මම දන්නේ නැහැ නලියා හැබැයි කොන්ඩකිරිල්ලි katrina kaif වගේ ලස්සනයි නලියෝ..අහ මේ එක නෙමේ ඒ මගුල නිසා මට උඹට වැදගත්ම දේ කියන්න බැරි උනා බොසා මට කියුවා punishment විදියට ඕනේ week kandy branch එකේ වැඩට යන්න "

"අෆ්ෆා එහෙමද උඹ යනවද ? මේ එක නෙමේ දැන් අර කෙල්ලගේ චෙන් එකට මොකද කරන්නේ ෂෝනෝ ?

"මොනවා කරන්නද බන් හොයාගෙන ආවොත් දෙනවා නැත්තම් මගේ ළඟ තියාගන්නවා"

ෂෝනාගේ කටින් එහෙම පිට උනාට හිතනම් කියුවේ කොන්ඩකිරිල්ලි සිරිලංකාව පීරලා හරි කමක් නැහැ හොයාල මේක එයාට දෙන්න කියලා එත් ඉතින් නමක් ගමක් දන්නේ නැතුව කොහොම හොයන්නද?කොහොම උනත් කමක් නැහැ කියල කොන්ඩකිරිලල්ගේ චෙන් එක පරිස්සමට පර්ස් එකේ දා ගත්තා..

"මේ නලියෝ එහෙනම් මම යන්නම් බොසා මට කියුවේ දැන්මම kandy යන්න කියල..ඔකේ මචන් එහෙනම් මම ගියා week end එකේ set වෙමු "
"හරි ෂෝනෝ එහෙනම් ගෑල්ලමයිගෙන් පරිස්සම්වෙලා පලයන්.."

මම හැරෙන තැපෑලෙන් ගෙදර ගිහින් අම්මිට seen එක කෙටියෙන් කියලා මගේ ඇදුම් ටිකකුත් pack කරගෙන kandy බස් එකක එල්ලුනා බස් එකේ අයිනක් අල්ලාගෙන වාඩිවෙලා හොඳට හරිබරි ගැහිලා ඇස් පියාගත්තේ kandy වලට යනකන්ම කටකපලා නින්දක් දාන්නම් කියල හිතාගෙන...මොන නිදාගැනිල්ලක්ද අෆ්ෆා ඇස් දෙක පියාගත්තා විතරයි කොන්ඩකිරිල්ලි කොහේදෝ ඉඳල පියඹලා ඇවිල්ල මගේ ඇස් දෙකේ වැහුවා....හෑ ...මට හිතෙන විදියට නම් coming colours not good ..ඒ නින්දෙන් කමක් නැහැ කියලා මම පොඩ්ඩක් වට පිටවට ඇහැ දාලා බැලුවා..මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි මෙන්න බොලේ බස් එක ලඟින් හිමින් හිමින් අඩි තිය තිය කොන්ඩකිරිල්ලි පැද්දී පැද්දී යනවා...මම ආයේ දෙපාරක් හිතන්නේ නැතුව බස් එකෙන් එලියට පැන්නේ කොන්ඩකිරිල්ලිට එයාගේ මාලේ return කරන්න හිතාගෙන එතකොට තමා දැක්කේ කොන්ඩකිරිල්ලි යන්නේ එයාගේ යාලුවෙක් එක්ක කියලා ඕනි කජු ගෙඩියක් පුහුලුමට බර නැහැ කියලා මම ශු ශු පාරක් දැම්ම නැහැ කිසිම ප්‍රතිචාරයක් . පස්සේ ටිකක් සද්දේ වැඩිකරලා

"කොන්ඩකිරිල්ලි " කියුවා කිරිල්ලිනම් බැලුවේ නැහැ යාලුවා බැලුවා මම යාලුවට කියුවා කිරිල්ලිට කතා කරන්න කියලා...

"නතාෂා කවුද මන්ද boy කෙනෙක් ඔයාට කතාකරනවා.."

අන්න එතකොට එයා මම දිහා බැලුවා අෆ්ෆේ මගේ කොන්ඩකිරිල්ලිගේ නම නතාෂද? එකත් ජයසිරි මංගලම් කියලා මම කෙල්ලෝ දෙන්න ඉන්න පැත්තට අඩිය උස්සනකොටම කොහෙන්දෝ මන්දා බුලට් එකක් වගේ ප්‍රාඩෝ එකක් අපි දෙගොල්ලෝ මැද්දේ නැවැත්තුවා.මම බලාගෙන ඉද්දීම මම කතාකලේ ඇයි කියලා අහන්නෙත් නැතුව එයාගේ ළඟ නවත්තපු වන්ඩියේ ඉස්සරහා සීට් එකෙන් වාඩිවෙලා මගේ දිහාට අහංකාර බැල්මක් දාගෙන ගුවන් ගත උනා...

ෂෝනාගේ memory record එකේ හැටියට නම් මේ වෙනකම් ෂෝනට මේතරම් ගනකම පෙන්නපු කෙල්ල කොන්ඩකිරිල්ලි වෙන්න ඕනි... මොකද ෂෝනා කියන්නේ කෙල්ලෝ සිහින දකින ජාතියේ පොරක්..හ්ම්ම් එකෙන් මේකෙන් උනේ කෙල්ලගේ චේන් එක return කරන්න බැරි එකයි උනේ..කෙල්ල දන්නේ නැතුව ඇති තාම චේන් එක නැහැ කියලා..හැබැයි ඉතින් මේ චේන් එක නැහැ කියලා එච්චරම ගානක් වෙන්න විදියකුත් නැහැ දැක්කනේ නැගල ගිය වන්ඩිය කෙල්ල කොහොමත් මෙසේ එසේ තැනක ජන්මලාබය ලබපු කෙනෙක් වෙන්න බැහැ දැක්කනේ වන්ඩිට නැගලා මට පා කරපු බැල්ම.මොනවා උනත් මාර ලස්සනයි..මම කල්පනා ලෝකේ කැරලි ගහනකොට කවුදෝ ඇවිත් මට තට්ටුවක් දැම්ම කවුද ඒපාර අපු ග්‍රහයා කියල බලන්න හදනකොටම ඌ ගන්ටරේ ගහන්න පටන් ගත්තා

"සර් අපි බස් එක අද්දන හදන්නේ සර් එනවද නැත්තම් බෑග් එක ගන්නවද?"

අහ් මේ අපේ කොන්දමල්ලි නේ..

"නැහැ නැහැ මල්ලි මම එනවා යමු යමු..."

කියල මම ගිහින් බස් එකේ එල්ලුන ..

"සර් "

"ඇයි මල්ලි මොකෝ seen එක ?අහ් ticket නේද තව පොඩ්ඩෙන් අමතකවෙනවා මට දෙනවකො kandy වලට ticket එකක්"

"අයියෝ සර් ticket කොයි වෙලේ ගන්න බැරිද මම මේ සර් ට වෙන දෙයක් කියන්න හැදුවේ"

හෑ මේකට මොනවද මට කියන්න තියෙන්නේ එක ඉතින් මම දන්නේ නැහැ නේ ඌ ගෙන්ම තමයි අහගන්න වෙන්නේ මම කල්පනා කලාට වැඩක් වෙන්නේ නැහැ නේ

"හරි මල්ලි කියනවකො බලන්න හැබැයි ඔක්කොටම කලින් ලොකු කතුරක් අරගෙන අර සර් කියන කෑල්ල කපලා අයින් කරනවා හරිද මගේ නම ෂෝන් එක කියල කතාකරම ඇති"

"හේ හේ...හරි ෂෝන් අයියේ..අයියගේ girlfriend නම් මාර ලස්සනයි ඈ හරියට නිකන් beauty queen කෙනෙක් වගේ..ඇයි එයා තරහ වෙලාද?"

"හෑ girlfriend,....මට කොයින්ද මල්ලි girlfriend කෙනෙක් "

"අන්න අන්න ෂෝන් අයිය අපිට හංගන්නනේ හදන්නේ මම seen එක මගේ මේ නෙත්ත්‍රා දෙකෙන් ම දැක්කනේ ගෑනු ළමයා දැක්ක විතරයි එලෝ මෙලෝ නැතුව බස් එකෙන් පැනල ගිහින් කතා කළා එයා තරහ වෙලා උන්න නිසා තාත්තගේ වන්ඩිය ආපු ගමන් එකේ නැගල යන්න ගියා"

ආආ මෙයද ඒ මගේ beauty queen නැහැ කියුවට කොන්ද මල්ලි පිළිගන්නේ නැහැ නේ.."අහ ඔව් මල්ලි එයා මේ දවස් ටිකේ මාත් එක්ක තරහ වෙලා ඉන්නේ පස්සේ යාලුකරගන්නවා.කොහොමද එයා මට match වෙනවා නේද?"

"මේ මොනවා අහනවද ෂෝන් අයියේ හරියට නිකන් ලුණු දෙහි වගේ match වෙන්න.."

"එල එල මල්ලි "

"ආ ෂෝන් අයියේ balance එක ගන්න"

"එපා එක ඔයා තියාගන්න මල්ලි"

කියන ගමන් මම වාඩි උනා..හුටා එතකොට තමයි මතක් උනේ චුටි පුන්චට කෝල් එකක් දුන්නේ නැහැ කියලා කෝල් එකක් දුන්නේ නැති උනොත් රෑට කෑමත් නැහැ නිදාගන්න වෙන්නෙත් පාරේ තමයි...ඒ වැඩේ අහවර කරලා මම ඉතින් ශේප් උනේ තව පැය 4කට විතර නැගිටින්න හම්බවෙන්නේ නැති බව දන්න නිසා..ඒ අතරේ ආයෙම කොන්ඩකිරිල්ලි මගේ හිත අස්සට පියඹලා ආවා...කවුද දන්නේ නැහැ ඒ වන්ඩියේ ආවේ හ්ම්ම් කොල්ලද???නැහැ නැහැ කොල්ලා වෙන්න බැහැ අයියා හරි තාත්තා හරි වෙන්න ඇති.එත් ඇයි එයා මම කතා කලේ මොකද කියල ඇහුවේ නැතුව වාහනේට නැග්ගේ?හ්ම්ම් එයා හොඳටම දැක්කනේ මම එයාට කතා කරනවා...මොනවා උනත් මහා පුදුම ආඩම්බරකමක් තියෙන්නේ..කෙල්ලට මතක තියෙන්න ඇති මමයි උදේ එයාව වැට්ටුවේ කියාලා..නතාෂා හරි ලස්සන නමක් නේ තියෙන්නේ..එයාටම ගැලපෙන නම...කොන්ඩකිරිල්ලි එක්ක හිතේ පියඹා පියඹා ඉඳලා අන්තිමට මට නින්දගිහිල්ලා

"ෂෝන් අයියේ...ෂෝන් අයියේ...."

මොන හෝහපුටුවෙක්ද මම දන්නේ නැහැ..මෙච්චර ඉක්මනට kandy වලට ආවද?මම බස් එකකට කියල වැරදිලා jet එකටවත් නැගලද කියල හිතන ගමන් ඇස් ඇරලා බැලුවා..

"අහ් මේ කොන්ද මල්ලිනේ ඇයි මල්ලි..?අයියේ නුවරට යනකම් හිස් බඩ ද යන්න හදන්නේ?මොනවා හරි කනවා බොනවා නම් කාල බිලා එන්න"

"මලයා මේ මට කම්මැලියි බහින්න මේකෙන් ඔයාත් මොනවා හරි ගන්න ගමන් මට coca cola එකක් ගෙනත් දෙන්න "

"ඔකේ අයියේ "

කියන ගමන් කොන්දා මල්ලියා වාෂ්ප උනා...හැබැයි ගිය වේගෙටත් වැඩිය වේගෙන් මෙන්න මේක මගේ coca cola එකත් උස්සගෙන හතිදාගෙන මම ඉස්සරහ ඉන්නවා

"මොකෝ මල්ලි මේ තමුසේ හොල්මනකට බය උනාද?"

"නෑ නෑ අයියේ මොන හොල්මන්ද අන්න අයියගේ අක්ක ඉන්නවා කඩේ ඇතුලේ "මු හති දදා එලෝ මෙලෝ නැතුව කියවනවා

"මගේ අක්ක කොහෙද බන් මෙහෙ උඹට පිස්සුද මල්ලි?අනික උඹ කොහොමද මගේ අක්කව අදුරන්නේ??"

"අයියෝ ෂෝන් අයියේ මම කියන්නේ ඔයාගේ girlfriend අන්න එයා ඉන්නවා කඩේ ඇතුලේ ඉක්මනට යන්න ගිහින් කතා කරන්න"

කියන ගමන් coca cola එකත් මගේ අතට දීල කොන්දා මල්ලි මාව බස් එකෙන් එලියට තල්ලු කළා..ජයග්‍රාහී තුන් වෙනි වතාවත් අද දවසට මට කොන්ඩකිරිල්ලිව හම්බවෙන්නයි යන්නේ..කමක් නැහැ ගිහිල්ල මේ චේන් එක return කරලා දානවා කියලා හිතාගෙන මම කඩේ ඇතුලට අඩිය තිබ්බා


ඉවරයි කියුවට ඉවර නෑ
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ

:cool:
:P