එකම දුම්රි නැවතුම දෙපාරක් පහුකරන අත්භූත කෝච්චියක්

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    එකම දුම්රි නැවතුම දෙපාරක් පහුකරන කෝච්චියක්

    සාමාන්‍යයෙන් අප දන්න විදිහට කෝච්චියක් එක පැත්තකට යද්දි එක ස්ටේෂන් එකක් පහුකරන්නේ එකපාරක් විතරයි.ඒත් ලංකාවේ තියෙන වි‍ශේෂිතම දුම්රිය මාර්ගාය වන උඩරට දුම්රිය මාර්ගයේ තියෙනවා එකම කෝච්චිය එකම ගමනකදී දෙපාරක් පහු කරන ස්ටේෂන් එකක්.ඒ තමයි දොමෝදර ස්ටේෂන් එක. උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ බදුල්ල අතර තමයි මේ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ.

    බදුල්ල කොලඹ කෝච්චි පාර හදද්දි දෙමෝදර ස්ටේෂන් එකට එනකල් පාර සැලසුම් කරපු සුද්දෝ සෑහෙන ප්‍රශ්ණයකට මුහුණ දීලා තියෙනවා.ඒ තමයි දොමෝදර ස්ටේෂන් එකෙන් පස්සේ බදුල්ල පැත්තට තියෙන අධික බෑවුම.අධික බෑවුමක කෝච්චි පාරක් හදන්න බෑ. ඒක අනතුරුදායක තත්වයක්.එහෙම නැතුව ඒ බෑවුමට හරියන විදිහට පාර හදන්න නම් තව අමතර සැතපුම් තුනහමාරක් විතර වෙන පැත්තකට ගමන් කරලා එන්න වෙනවා. මේ නිසා මේ ප්‍රශ්නයට මැදිවෙච්ච සුද්දෝ අද දෙමෝදර ස්ටේෂන් එක තියෙන තැනට ගිහිං මේ අධික බෑවුමට පිළියම් හොය හොය ඉන්න අතරේ ඒ අවට රැස්වෙලා හිටපු සිංහල ගැමියෙක් තමන්ගේ හිසේ තිබුන ජටාව ආපහු බැඳගත්ත හැටි දැකලා තියෙනවා. ජටාවේ එක් කෙළවරක් හිස වටේ ගිහිං අනික් කෙළවර යටින් යන හැටි දැකපු සුදු ඉංජිනේරුවරු දෙමෝදර කෝච්චි පාර නවත්තපු තැන ආසන්නයේ තිබුන කඳුගැටයක් වටා පාර හදලා ඒ බෑවුම අඩුකරගෙන ආපහු දොමෝදර ස්ටේෂන් එකට යටින් කෝච්චිය ධාවනය කරන්න සැලසුම් කරලා තියෙනවා.

    ඒ අනුව කන්ද වටා කෝච්චිය ගිහිං ස්ටේෂන් එකට යටින් උමගකින්ද යන මේ කෝච්චි පාර හදලා තියෙනවා.
    ජනප්‍රවාදයේ මේ විදහට තිබුනට සුදු ඉංජිනේරුවන් ද මවිත කරමින් එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදෙස්‌ ලබාදෙන ලද්දේ සුප්‍රකට ඉංජිනේරු ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා විසින් කියලා තව කථාවක් තියෙනවා.
    මේ කොහොම වුනත් අදටත් මේ විස්මිත නිර්මාණය නිසා තමයි පහසුවෙන් බදුල්ලට කෝච්චි යන්නේ. අඩි 416 ක්‌ හෙවත් මීටර් 170 ක්‌ දිග උමගක් ස්ටේෂන් එකට යටින් ඉදිකරලා තියෙනවා.
    88015010_2319221091512306_2978376772564811776_o.jpg
    119518520_953802061787228_3959574645286680769_n.jpg
    119547305_953802138453887_7971964496327555425_n.jpg

    සම්පූර්ණ විස්තරය බලන්න https://youtu.be/BzmZdXrnVBI
    ජායාරූප හිමිකම මුල් අයිතිකරුවන් සතුවේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඊයේද මන්ඩදා ඔය ලුප් සීන් එක සුද්දා කලින් ඉන්දන්ම කර්ලා තියෙන වැඩක් කියලා ෆොටෝස් ර්ක්ක එහෙම දාපු ත්‍රෙඩ් එකක්
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඊයේද මන්ඩදා ඔය ලුප් සීන් එක සුද්දා කලින් ඉන්දන්ම කර්ලා තියෙන වැඩක් කියලා ෆොටෝස් ර්ක්ක එහෙම දාපු ත්‍රෙඩ් එකක්
    ලූප් එකමෙහෙ විතරක් තියෙන එකක් නෙමෙයි😂😂
    සුද්දගෙ වැරැද්දක් හොයන් 2500 පාරම් බාන ජාතිය මාකට් කරන මුදලාලිලගෙ වැඩ තමයි ඕව
     
    • Wow
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ලූප් එකමෙහෙ විතරක් තියෙන එකක් නෙමෙයි😂😂
    සුද්දගෙ වැරැද්දක් හොයන් 2500 පාරම් බාන ජාතිය මාකට් කරන මුදලාලිලගෙ වැඩ තමයි ඕව
    ඒක තමා බන්...මව්බිම පත්තරේ එහෙම අම්බානක පච දානවා ඔය වගේ සීන් ගැන...අපේ අයත් ගුලිය කනවා එහෙමම..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දැන් ලංකාවේ සීගිරියට වතුර ගෙනියන තාක්ශනයත් නෑ , සුද්දගේ බිංග තාක්ශනයත් නැ තියෙන්නේ චීන තාක්ශනය. උබල වද වෙන ජාතියක් වද කරගන්නෙම උබලා උබලා විසින්ම