එකම දුම්රි නැවතුම දෙපාරක් යන කෝච්චියක්

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    එකම දුම්රි නැවතුම දෙපාරක් යන කෝච්චියක්

    බදුල්ල කොලඹ කෝච්චි පාර හදද්දි දෙමෝදර ස්ටේෂන් එකට එනකල් පාර සැලසුම් කරපු සුද්දෝ සෑහෙන ප්‍රශ්ණයකට මුහුණ දීලා තියෙනවා.ඒ තමයි දොමෝදර ස්ටේෂන් එකෙන් පස්සේ බදුල්ල පැත්තට තියෙන අධික බෑවුම.අධික බෑවුමක කෝච්චි පාරක් හදන්න බෑ. ඒක අනතුරුදායක තත්වයක්.එහෙම නැතුව ඒ බෑවුමට හරියන විදිහට පාර හදන්න නම් තව අමතර සැතපුම් තුනහමාරක් විතර වෙන පැත්තකට ගමන් කරලා එන්න වෙනවා. මේ නිසා මේ ප්‍රශ්නයට මැදිවෙච්ච සුද්දෝ අද දෙමෝදර ස්ටේෂන් එක තියෙන තැනට ගිහිං මේ අධික බෑවුමට පිළියම් හොය හොය ඉන්න අතරේ ඒ අවට රැස්වෙලා හිටපු සිංහල ගැමියෙක් තමන්ගේ හිසේ තිබුන ජටාව ආපහු බැඳගත්ත හැටි දැකලා තියෙනවා. ජටාවේ එක් කෙළවරක් හිස වටේ ගිහිං අනික් කෙළවර යටින් යන හැටි දැකපු සුදු ඉංජිනේරුවරු දෙමෝදර කෝච්චි පාර නවත්තපු තැන ආසන්නයේ තිබුන කඳුගැටයක් වටා පාර හදලා ඒ බෑවුම අඩුකරගෙන ආපහු දොමෝදර ස්ටේෂන් එකට යටින් කෝච්චිය ධාවනය කරන්න සැලසුම් කරලා තියෙනවා.
    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    තලප්පාව ගලවලා මිනිහෙක් සුද්දට කියලා තියෙන්නේ, හැදු සුද්දෝ මේන් මෙහෙම කියලා.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    :lol: apita ithin oyawage katha godak thiyenawa neda. hodai ithin podi eunta bath kawanna. gemiya chu karanna amude ussanawa dekalada danne ne victoria dam gate eka sudda heduwe.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    මේ loop නැතිනම් spiral කියන ක්‍රමය සහ zig zag ක්‍රමය ලංකාවේ කෝච්චි පාරවල් හදන්න පෙරත් ලෝකයේ රටවල් බොහෝ ගණනක භාවිතා උන ක්‍රමයක්. පාර මනිනකොට මෙතනට කරන්න උවමනා දේ ප්ලෑන් කරනවා මිසක් "ඔන්න ඔහේ මොනවා හරි කරන්න බැරුවායැ" කියලා කෝච්චි පාරවල් හදන්නේ නැහැ. මේ වගේම කතාවක් nine arch bridge එකටත් තියනවා. සිංහලයන්ගේ හැකියාව පහත්කොට නොසැලකිය යුතු නමුත් මේ කතාවල් නම් නිකංම නිකං කටකතාවල්. මේ ගැන විස්තර මේකෙන් කියවන්න.


    https://en.wikipedia.org/wiki/Spiral_(railway)
     
    Last edited: