එකම පෙලපත් නාමය කුල දෙකක තිබිය හැකිද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,820
    113
    Kandy
    නම් ගැන කතා කරාට ගොඩක් අය දන්නේ නෑ මේක ගොඩක් අයට තියෙන ගැටලුවක්!.අද වෙද්දී වාසගම (surnames) කියන දේ එකම කුලයකට සීමා වෙන්නෙ නැහැනේ.. ඒ වගේ තමයි සමහර Ge names තියෙනව කුල කිහිපයක් අතරේ දැකගන්න පුලුවන්. පුද්ගල කුල අනන්‍යතාවය රඳා පවතින්නේ නම මුලට යෙදෙන නාමය / පොදුවේ ගත්කල Ge name එක මතයි. Surname එකකින් කිසිම කෙනෙකුගේ අනන්‍යතාවයක් තිරණය කරන්න බැහැ.. මොකද surnames හැමෝම දා ගත්තුවනෙ. එනමුත් පෙලපත් නාමය නොකැඩී සුරක්ෂිතව පවත්වාගත්තත් ඇතැම් නම් තියෙනව එහෙම වෙනත් කුල වලත් දැකගන්න පුලුවන් ඒවා.. උදාහරණ කිහිපයක් ඇසුරින් මේ ගැන සාකච්ඡා කරන්න හිතුවා. අපි බලමු පහතින්..
    🙂


    01) එගොඩගේ -
    කරාව, විශ්ව (නවන්දන්න) සහ ගොවිගම කුල 3 අතරේම පෙලපත් නාමයක් ලෙසින් පවතී.

    02) මහාදුරගේ - සලාගම සහ වහුම්පුර යන කොට්ඨාශ 2 අතරේම භාවිතා වේ..

    03) හේවා විසෙන්ති - සලාගම සහ වහුම්පුර යන කොට්ඨාශ 2 අතරේම භාවිතා වේ..

    04) සෙම්බකුට්ටි ආරච්චිගේ, හෙට්ටි ආරච්චිගේ, රණසිංහ ආරච්චිගේ , වික්‍රමාරච්චිගේ, කස්තුරි ආරච්චිගේ, සීමන් ආරච්චිගේ, කොඩිතුවක්කු ආරච්චිගේ -

    මේ නම් සියල්ල ගොවිගම කුලයටත් කරාවේ කුලයටත් පොදුවේ පවතීයි. එමනිසා නමෙන් පමණක් කුල නිර්ණය කිරීම අපහසුය. මෙහිපැවසූ ඒවාට අමතරව තවත් නම් තිබීමට පුලුවන..

    05) මනම්පේරිගේ , කොඩිතුවක්කුගේ , කොඩිකාරගේ, කොඩිප්පිලිගේ, පුංචි හේවගේ, ගොලු හේවගේ, ලමා හේවගේ -

    ඉහත පැවසූ නම් සියල්ල කරාව සහ දුරාව යන කුල 2 අතරේ පොදුවේ සම්මිශ්‍රවී වී ඇත. එසේ වීමට හේතු ඇත. (ලිපිය අවසානයේදී ඒ ගැන සඳහන් කරන්නෙමු)

    06) කාලිංග -

    පෙලපත් නාමයක් ලෙස සලාගම ද, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික වල වෙසෙන දෙමළ සම්බවයක් සහිත සිංහල ප්‍රජාවක් වන දෙමළ ගැත්තර සහ ගැත්තර කුල අතරේද පොදුවේ ලෙස භාවිතා වේ..

    07) කලුමුණි - දෙමළ ගැත්තර කුලයේ නමක්.. මෙ නමම සලාගම අයටත් තියෙනවාද දන්නේ නැහැ. දන්න කෙනෙක් එ ගැන තහවුරු කරන්න

    08) සේමගේ - වහුම්පුර, සලාගම ප්‍රජාව අතරේ මෙන්ම දුරාව ප්‍රජාව අතරේද දැකගත හැකි නමකි.

    09) මෙරිඥ්ඥගේ - මේක කරාවේ නමක්.. නමුත්, " Merinnage + De Costa" අය ගොවිගම කුලයේ.. මගේ මතකය නිවැරදි නම් මේ වගේම නමක් සලාගම අයටත් තියෙන්න ඕනා.. merinage හෝ merinnage වගේ නමක්? දන්න කෙනෙක් තහවුරු කරන්න.

    10) Sembuge - වචනයේ අර්ථයෙන් ගත්තොත් සෙම්බුව කියන්නෙ දියගෙන යන කලයක් වගෙ එකකට. අතිතයෙ මෙ කර්තව්‍ය භාර වෙලා තියෙන්නෙ රඳා කුලයේ (Dobby caste) අයට.. නමුත් මේක වර්තමානයේ දැකගන්න තියෙන්නෙ දුරාවේ අයගෙන්.. මම දන්නේ නෑ මේ නමම රඳාවේ අයටත් යෙදෙනවද කියල. නමුත් දුරාවේ අයට නම් තියෙනවා. වචනයේ අර්ථයෙන් අරගෙන කුල නිර්ණය කිරීම හැම අවස්තාවකම සාර්ථක නැහැ.ඒකට හොදම නිදසුනක් මේක. මාතරින් පාර්ලිමේන්තුවට තරඟ කල "සෙම්බුගේ ගාමිණී ශෙල්ටන් ෆොන්සේකා" මහතා දුරාවේ වංශිකයෙක්.

    11) ගාල්ලගේ - පෙලපත් නාමයක් ලෙස නම ඉදිරියට මේ නම භාවිතා වෙනව.. ගොවිගම සහ දුරාව කියන කොට්ටාශයෙන්ම දැකගන්නට පුලුවන් 'ගාල්ලගේ' ලා.. නමුත් පොල්වත්ත ගාල්ලගේ නිශ්චිත වශයෙන් දුරාවේ.

    12) වීරක්කොඩි - කරාව , සලාගම, ගොවිගම යන කුල 3 අතරෙ පවතිනව.
    වීරක්කොඩි මුදලිගේ යන නම කරාව පෙලපත් නාමයක්. ඊට අමතරව සලාගමත් වීරක්කොඩි අය ඉන්නව. ගොවිගම බොහෝ විට 'වීරක්කොඩිගේ' හෝ 'වීරක්කොඩි මුදියන්සේ' නමින් තමයි පෙලපත් නමට එක්වන්නේ. එවිට නම අගට වීරක්කොඩි surname ලෙස පැවතිය හැකියි..

    13) විතානගේ / විතාරණගේ -
    බෙන්තර විතානගේ - ගොවිගම, ගෝපීනුවල විතානගේ - කරාව, හික්කඩුව විතානගේ - කරාව. ගමක නමක් සමග යෙදෙද්දි නිශ්චිත අනන්‍ය තාවය හදුනාගැනීම පහසුවේ. එසේ නොමැතිව 'විතානගේ' හෝ 'විතාරණගේ' ලෙස පමණක් යෙදේ නම් එහි අනන්‍යතාවය කරාවද, ගොවිගමද යන්න ගැටලුවකි. එය පැවසීමට කිසිවකුට නොහැකිය.

    14) ලියනගේ - ලොකු ලියනගේ - කරාව, පරණ ලියනගේ - ගොවිගම, මීට අමතරව සලාගමත් ලියනගේ අය ඉන්නවාලු, දුරාවෙත් ඉන්නවා ඇති... ගමක නමක් සමග හෝ ලියනගේ යන්නට තවත් කොටසක් ඉදිරියෙන් යෙදේයි නම් අනන්‍යතාවය සොයාගැනීමට පහසුය. එසේත් නොමැතිව "ලියනගේ" යනු වෙන් පමණක් යෙදෙන නාම වල කුල අනන්‍යතාවයක් නමෙන් පමනක් නිර්ණය කරගත නොහැක..

    15) හේවා විතාරණ - දුරාව සහ ගොවිගම දෙකොට්ඨාසයක්ම මෙනමින් අද වෙනකොට දැකගන්න පුලුවන්.. අනන්‍යතාවය හදුනාගැනීම පවා අපහසුයි. නමුත් මෙය දුරාවේ පෙලපත් නාමයක් බව කව්රුත් දන්නා කරුණයි. එය ගොවිගමට ආරූඪ වූයේ කෙසේද යන්න ගැටලුවයි.. "ගිංතොට හේවාවිතාරණගේ" මේක නම් කරාවේ නමක්.. ගිංතොට යන්නෙන් කරාවේ අනන්‍යතාවය මතුකරා
    🙂


    16) හෙට්ටිගේ - ලොකු හෙට්ටිගේ - කරාව, රාමසුන්දර හෙට්ටිගේ - සලාගම, ගොවිගමද හෙට්‍ටිගේ යන නාමය තිබෙනවා.. මේකටත් කියන්න තියෙන්නෙ නිකංම හෙට්ටිගේ කියන කෑල්ල තිබුනට කුලයක් හොයාගන්න බෑ..
    හෙට්ටිගේ කොටස පොදුවේ කරාව, සලාගම, ගොවිගම 3ටම තියෙනව.

    17) හේවගේ - නිකංම හේවගේ කෑල්ල විතරක් නමකට එනව නම් ඒක ප්‍රශ්නයක්.. නමෙන් කොටසක් හලලා වගේ එතකොට. මේ විදියට එනව නම් හොයාගන්න ලේසියි.

    ගිරිතර හේවගේ - ගොවිගම, අලන්දූවෙ හේවගේ - ගොවිගම , කොළඹ හේවගේ - සලාගම , පැදුරු හේවගේ - වහුම්පුර , බෙන්තොට හේවගේ - කරාව, සුද්ද හේවගේ - රඳා , උණවටුන හේවගේ - දුරාව , උක්වත්ත හේවගේ - වහුම්පුර (දේව/හකුරු) , කුරුප්පු හේවගේ - දුරාව , පෙරුම්පුලිය හේවගේ - දුරාව , බලපිටිය හේවගේ - කරාව , මුහුදුගම හේවගේ - වහුම්පුර, පරණ හේවගේ - දුරාව, සිංගප්පුලි හේවගේ - රඳා

    👉
    👉
    ගොඩක් අය පටලවාගන්නා සහ වරද්දා ගන්නා සියුම් තැන් කිහිපයක් අපි දැන් බලමු...
    👋


    01) අගම්පොඩි - සලාගම, But
    අගන්පොඩිගේ - බත්ගම

    02) වඩු / වඩුගේ -
    ගුනන්දාවඩු - සලාගම, මානවඩු - කරාව, උලුවඩුගේ - දුරාව, බලාපුවඩුගේ - කරාව

    03) ගමගේ -
    රත්ගමගේ - සලාගම , අබයතුංග ගමගේ - රඳා , කොන්ත ගමගේ - දුරාව , හේවා ගමගේ - බෙරවා , කුරුගහ ගමගේ - දුරාව , යෝධ ගමගේ - බත්ගම (පදු) , රතු ගමගේ - කරාව , ගෝපීනුවල ගමගේ - කරාව , තිත්තනගල්ලෙ ගමගේ - ගොවිගම , යටගම ගමගේ - ගොවිගම, රයිගමගේ - ගොවිගම

    04) කලු දේව - සලාගම, කලු දේවගේ - බත්ගම , කලුවා දේවගේ - වහුම්පුර, සීදූව දේවගේ - කරාව , හින්ගලිපුර දේවගේ - හුණු කුලය.. සමස්තයක් විදියට ගත්තම දේව, දේවගේ කොටස් වැඩිමනක්ම යෙදෙන්නේ වහුම්පුර (දේව) කුලේ අයට. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඔක්කොම දේව, දේවලා වහුම්පුරයි කියල . අනිත් කුල වලත් තියෙනව..

    05) කදිනප්පුලිගේ, සමරප්පුලිගේ, සිංගප්පුලිගේ, එඩිනප්පුලිගේ, අසරප්පුලිගේ මේ ඔක්කොම නම් රඳා (හේන) කුලයේ
    තවත් නම් ඇති.... නමුත් පුලිගේ එන ඔක්කොම ඒවා රඳා නෙවෙයි. උදා :- මදනප්පුලිගේ - කරාව, සෙල්ලප්පුලිගේ - දුරාව, නයිදප්පුලිගේ - දුරාව,. තනිප්පුලි ආරච්චිගේ - ගොවිගම, වඩිනප්පුලි ආරච්චිගේ - දුරාව,..etc
     
    • Wow
    Reactions: Asmodeus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,820
    113
    Kandy
    06) දුරගේ - ගොඩක් අය හිතන් ඉන්නවා සලාගම අයට ගේ' නම් නැහැ, දුරගේ නම් එන්නේ නැහැයි කියලා. ඒ කතාව නම් සම්පූර්ණ වැරදියි! බලපිටියෙන් ඔබ්බට රටේ ජීවත්වෙන සලාගම අපේ වංශයේ අය ගැන හෙව්වොතින් ඔගොල්ලොන්ටම තේරේවි ඇත්ත නැත්ත ! තුම්බෙලිදුරගේ, බාලදුරගේ, පට්ටදුරගේ , මහාදුරගේ, අගම්පොඩිදුරගේ.. මේ ඔක්කෝම සලාගම නම්. නමුත්, අගම්පොඩිදුරගේ, මහාදුරගේ වැනි නම් වහුම්පුර අයගෙත් තිබිලා මට හම්බුනා..! (Mix වීම නිසා වෙන්න ඇති. රත්නපුර කෑගල්ලේ සලාගම වහුම්පුර mix වෙලා ඉන්නව) බලපිටියේ ඈයො ඒ නිසා මෙ ගැන විවෘත මනසකින් හොදට සොයලා බලන්න. බලපිටියේ මේ නම් නැහැ කියන එකේ තේරුම සලාගම දුරගේ අය නැහෑ කියන එක නම් නෙවේ
    🙂


    දුරගේ යෙදෙන නම් බොහො වශයෙන් වහුම්පුර අයගෙන් දැකගත හැකි වුනද, වෙනත් කුල වලද ඉන්නව මේ දුරගේ ලා..
    කොස්ගහනදුරගේ - වහුම්පුර , වලවේ දුරගේ - වහුම්පුර , අල්ලවලදුරගේ - වහුම්පුර, කලංචිදුරගේ - දෙමළ ගැත්තර , අනගියාදුරගේ - දෙමළ ගැත්තර , වතුදුරගේ - කරාව, මලවිදුරගේ - දුරාව, අලුත්දුරගේ - හුණු කුලය.. etc.

    07) ගෙදර - ගොඩක් අය හිතන් ඉන්නවා මේ ගෙදර කිව්වම ගොඩක් අඩු කුල අයයි කියලා. අපෝ එහෙම එකක් නෑ.. සෑම කුලයකම පාහේ පොදුවේ ගෙදර' නම් දැකගන්න පුලුවන්. ගොඩක් කුරුණෑගල, මාතලේ, නුවර පැත්තේ ගොවි අයගේ නම් වලට මේ ගෙදර කොටස සම්බන්ධයි. ගොවිගම නොවන වෙනත් කුල වල අයටත් ගෙදර කෑල්ල එනව..

    හංගෙඩිගෙදර - විශ්වකර්ම (නවන්දන්න) කුලය, අබරනගෙදර - නවන්දන්න , අපුල්ලන ගෙදර - රඳා , මනුවීර වික්‍රමගෙදර - නවන්දන්න , ශ්‍රී රන්දෙනි ගෙදර - නවන්දන්න , ඇලගහවත්තේගෙදර - වහුම්පුර , නම්බිලිදේපොල ගෙදර - දුරාව , කොස්ගහ අරාවෙ ගෙදර - බෙරවා , බෝඹුගල ගෙදර - වහුම්පුර , මැදවැව ගෙදර - බත්ගම , නාගහලන්දෙ ගෙදර - රඳා , රන්හලු විදානෙගෙදර - රඳා , කසාවත්ගෙදර - දුර / Duraya caste (පන්න) කුලය , ගේට්ටුවත්තේගෙදර - නවන්දන්නා , යටාවේ ගෙදර - ගොවිගම , දොර ලියද්දේ ගෙදර - ගොවිගම, බද්දේගෙදර - ගොවිගම , කපුගෙදර - ගොවිගම , මහ ගෙදර - ගොවිගම, පල්කුඹුරෙගෙදර - වහුම්පුර ,

    08) පට්‍ටිනි වසම් - හින්න , හේවාවසම් - දුරාව

    09) මලවර ආරච්චිගේ - දුරාව , මල්ලිකාරච්චිගේ - ගොවිගම , මල්ලවාරච්චිගේ - ගොවිගම

    10) කුමාරගේ - ගොවිගම සහ දුරාව යන කුල 2 අතරේම පවතී...

    11) පෙඩිගේ සහ පේඩිගේ -
    රංකොත් පෙඩිගේ - බත්ගම, හුරතල් පෙඩිගේ - බත්ගම, ගලබොඩ යෝධ පේඩිගේ - දුර (පන්න) කුලය , ගිනිහලු පේඩිගේ - රඳා , විජේරත්න පේඩිගේ - රඳා , ජාලත් පෙඩිගේ - දුර (පන්න) කුලය , දේවපස පෙඩිගේ - දුර (පන්න) කුලය , විජයලත් පෙඩිගේ - බත්ගම

    පෙඩිගේ යන්නත්, පේඩිගේ යන්නත් ඉංග්‍රීසිගෙන් ලිවීමේදී දෙකම Pedige යනුවෙන් ලිවීම නිසා ඇතැම් අවස්තාවලදී හදුනා ගැනීමද අසීරු වේ. පෙඩිගේ සහ පේඩිගේ යන්න රඳා , පදු , පන්න කුල වලට ආවේණික නමකි.

    12) වෙදමුණි නිල්වලගේ - ගොවිගම නමක්..

    13) ගුරුගේ -
    අතුරලිය ගුරුගේ - කරාව , කොග්ගල ගුරුගේ - දුරාව , අඹාන ගුරුගේ - ගොවිගම , පල්ලිය ගුරුගේ - ගොවිගම , පරණ පල්ලිය ගුරුගේ - දුරාව

    14) ගාර්ඩිය පුංචි හේවගේ - කරාව, පුංචි හේවගේ - කරාව, ලොකු ගම් හේවගේ - කරාව , ගාර්ඩිය ලොකු හේවගේ - ගොවිගම

    15) තන්ත්‍රිගේ -
    මුතු තන්ත්‍රිගේ - කරාව, බාලතන්ත්‍රිගේ - කරාව, පේලි තන්ත්‍රිගේ - ගොවිගම, මලෙවි තන්ත්‍රිගේ - ගොවිගම , පට්ටතන්ත්‍රිගේ - ගොවිගම.
    දුරාවේ නම්ද තන්තිරිගේ සහ තන්ත්‍රිගේ යනුවෙන් පටන් ගන්න ඒවා ඇත.

    16) ගෝපීනුවල විතානගේ - කරාව, බෙන්තර විතානගේ - ගොවිගම , පිටබැද්දර විතානගේ - ගොවිගම, වල්පිට විතානගේ - කරාව

    17) සීක්කුගේ (seekkuge) - හින්න, but
    කපු සීක්කුගේ - කරාව

    18) Panikkalage = දුරාව , panikkilage or panikkiyalage = බෙරවා caste

    19) පට්ට මෙස්ත්‍රිගේ - දුරාව, වටු මෙස්ත්‍රිගේ / Vatu mesthrige - දුරාව, වඩු මෙස්ත්‍රිගේ / Wadu mesthrige - කරාව

    20) ගුරුන්නැහේලාගේ - පොදුවේ මේ නාම කාණ්ඩය බහුල වශයෙන් නැකැති (බෙරවා), නවන්දන්න, කරාව සහ ගොවිගම අයගේ නම් ඉදිරියට යෙදේ..

    21) "වලිමුණිගේ" - සලාගම සහ වහුම්පුර ප්‍රජාව අතර දැකගත හැකිය

    22) වරාඋන දූරයලාගේ - දුරාව, මුතුගල්පෙඩි දූරයලාගේ - බත්ගම , කිරියාමාරු දූරයලාගේ - බත්ගම , රන්හොටි දූරයලාගේ - දුරාව ,

    23) අලගිය වඩු = කරාව , අලගියහන්දි = සලාගම , අලගිය හකුරු = වහුම්පුර (දේව)

    24) ගීගනගේ = කරාව, ගී කියනගේ = දුරාව
    , ලංකා ගීකියනගේ - දුරාව

    25) වර්ණකුලසූරිය - කරාව, වර්ණකුල = සලාගම

    26) කුමාරප්පෙරුමගේ = දුරාව , සෙල්ලප්පෙරුමගේ = කරාව , තෝරියප්පෙරුමගේ = ගොවිගම

    27) අනගිපුර = දෙමල ගැත්තර , කිරියාපුර = හුණු කුලයේ

    28) දොඹගහ පතිරගේ = කරාව,
    පතිරගේ නම යෙදෙන කරාවේ නම්ද, ගොවිගම නම්ද ඇත..

    29) පට්ටිනිගේ = දුරාව

    30) විජමුණි = සලාගම, විජයමුණි දේව - වහුම්පුර (දේව) , විජයමුණි දේවගේ - වහුම්පුර (දේව)

    31) ආරච්චිගේ නම ඇතුලත් විවිධ කුල නාම..

    ජයකොඩි ආරච්චිගේ = බඩහැල (කුඹල්) ,
    තබ්බෝව ආරච්චිගේ = නවන්දන්නා,
    එඩිනප්පුලි ආරච්චිගේ = රඳා ,
    සෙල්ලප්පුලි ආරච්චිගේ = දුරාව,
    පොන්නප්පෙරුම ආරච්චිගේ = ගොවිගම,
    සිංගක්කුලිය ආරච්චිගේ = ගොවිගම,
    මෝදර ආරච්චිගේ = නවන්දන්නා,
    රාමවික්‍රමගම ආරච්චිගේ = දුර (පන්න),
    වීරමුණ්ඩ ආරච්චිගේ = කරාව ,
    සෙංකොණ්ඩ ආරච්චිගේ = ගොවිගම,
    දලුගොඩ ආරච්චිගේ = දුරාව.

    ගොඩක් අය හිතනවා ආරච්චිගේ මුදියන්සේලාගේ තිබ්බ පමණින් ඔක්කොම ගොවි කියලා. නෑ ඒක වැරදියි. ආරච්චි, මුදියන්සේලාගේ නම් යෙදෙන අයගෙන් වැඩිපිරිස ගොවිගම තමයි. නමුත් හැමෝම ගොවිගම නෙවෙයි. මොකද පොදුවේ වෙනත් කුලවලටත් ආරච්චි, මුදලි, මුහන්දිරම් තනතුරු පට්ටම් ලැබිලා තියෙනව. ඉතිං නමකට මුදියන්සේ කෑල්ලක් තිබුන පලියෙන් එහෙම කියන්න බෑ...

    සමගර ගම්මාන මුල් කරගෙනත් පෙලපත් නාම හැදිලා තියෙනවා.. අපි දැන් බලමු.

    දඩල්ලගේ - සලාගම , රත්ගමගේ - සලාගම , හලාවතගේ - කරාව , මොරටුවගේ - කරාව , රයිගමගේ - ගොවිගම , අහංගමගේ - දුරාව , හබරාදූවෙගේ - දුරාව , ඉඳුරුවගේ - සලාගම , ගාල්ලගේ - දුරාව , ගිංතොටගේ - කරාව , මාතරගේ - දුරාව , මෝදරගේ - දුරාව

    මම මේ කියපුවා අතරේ කියපු නැති කරුණු ගොඩක් තියෙනවා.. අපේ අයගේ පුරුද්දක් තමයි යමක් දිහා දැක්ක පලියට උඩින් පල්ලෙන් බලලා තිරණ ගන්න එක. කුල නිර්ණය කෙතරම් සංකීර්ණ කටයුත්තක්ද කියන දේ විතරයි මට ඔයාලට මේක හරහා තේරුම් කරන්න උවමනා වුනේ..ඒකට බලන්න ඕනා කාරණා බොහෝයි. නමේ සියුම් තැනක් හෝ වචනයක් ඇති කෙනෙකුගේ අනන්‍යතාව වෙනස් වන්න. මේක බැලුවහම හෝ මේ ගැන යම්තාක් දුරකට පැහැදිලි අවබෝධයක් ඔයාලට ගන්න පුලුවන් කියල මම විස්වාස කරනව.. කවුරු හරි අහන්න පුලුවන් එකම පෙලපත් නාමෙ කුල 2ක තියෙන්නෙ කොහොමද කියලා. ඒකට හේතුකාරණා ගොඩක් තියෙන්න පුලුවන්. ප්‍රධාන වශයෙන්ම බින්න විවාහ, කුල දෙවර්ගයක් අතරේ මිශ්‍ර විවාහ වලින් තවත් කෙනෙකුගේ නමක කොටසක් තවත් පිරිසකට යන්න පුලුවන්. විශේෂයෙන් අඩු කුල පිරිමි ඉහල කුල කාන්තාවන් හා විවාහ වී ඔවුන්ගේ නම් යොදාගෙන තිබෙනව, ඒ වගේම තමයි සමහරු නම් වල කොටස් හලලා තියෙනව, සමහරු මුල් නම වෙනස් නොකරම කුලය මාරු කරලා තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන තියෙනව, පහල කුල වල අය ඉහල කුල අයගෙ පෙලපත් නාම, වාසගම් ආදිය සොරා ගෙන තිබෙනව,.. මේ වාගේ හේතු ගොඩක් බලපාලා තියෙනව ඕකට. අතීතය විමර්ශනය කරන්නේ නම් සොයාගන්ඩ පුලුවන්..

    සැමගේ දැනුම වෙනුවෙන් පල කරේ.
    සටහන සහ කතෘ අයිතිය Anuru De Silva II
    උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි..
    👏


    source https://www.facebook.com/1101413105...k.com/share/Vd75i79MZqx8saBG/?mibextid=xfxF2i
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ඔක්කොම කියව්වේ නැ බං. නමුත් අනිවා කියලවලා මගේ දැනුමත් එකතු කරන්නම්.
    දැන් නොමිනෙෂන් දෙන වෙලාවේ අහුනා රොශාන් රණසිංහ ගේ නම. මිනිහත් රනසිංහ ආරච්චිගේ වගේ ඇහුනේ. උබත් රනසිංහ ආරච්චි ගැන ලියලා තියනවා. ඒක කරාව දුරාව ගොවිගම තුනේම තියනවා, සම්පුර්න නම හා මා පිය නම් ඕනා හරියටම මොකේද කියන්න.
    @scurvy වලතර කියන එක අයිති මොන පෙළපකටද කලුවෝ?

    සලාගම
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,820
    113
    Kandy
    ඔක්කොම කියව්වේ නැ බං. නමුත් අනිවා කියලවලා මගේ දැනුමත් එකතු කරන්නම්.
    දැන් නොමිනෙෂන් දෙන වෙලාවේ අහුනා රොශාන් රණසිංහ ගේ නම. මිනිහත් රනසිංහ ආරච්චිගේ වගේ ඇහුනේ. උබත් රනසිංහ ආරච්චි ගැන ලියලා තියනවා. ඒක කරාව දුරාව ගොවිගම තුනේම තියනවා, සම්පුර්න නම හා මා පිය නම් ඕනා හරියටම මොකේද කියන්න.


    සලාගම
    oka mage ekak newe machan fb dakka article ekak usefull wei kiyala hitila share kale

    අගන්පොඩිගේ
    අගන් පොඩි කියන්නේ අන්ගජාතය පොඩි කියලා ජුන්ඩා පොඩි
    ------ Post added on Aug 15, 2024 at 12:56 PM