එකයායේ කකා වැටී - අපි මචන් රී මේක්
අපි මචන් සංගීත කණ්ඩායම ඔවුන්ගේ නවතම රීමේක් ගීතය අන්තර්ජාලයට මුදා හැර තියෙනවා. ඔවුන්ගේ කණ්ඩායමේ තිවංක විවාහ පත්වීම නිමිත්තෙන් නිමවා ඇත්තේ මංගල තෑග්ග චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක් වන එකයායේ කකා වැටී ගීතයයි. මෙහි මුල් ගීතයේ පද රචනාව ප්‍රේමකීර්ති අල්විස් ශූරීන්ගේ. සංගීතවත් කලේ එච් එම් ජයවර්ධනයන් විසිනි. ගීතවත් වූයේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි හා බන්දුල විජේවීරයි. මුල් ගැයුමද සැසදීම සදහා එක්කර ඇත. ගීතය සාධාරණ ලෙස නවීකරනය කර තිබෙනවා යන්න මගේ හැගීමයි.















හොද හෙඩ් සෙට් එකක් දාලා අහන්න මචන්ලා. මියුසික් කොලිටි උපරිමයි මෙයාලගෙ සින්දු වල.



Last edited:

