එක්නැළිගොඩ_vs_සංඛ
ප්‍රගීත් එක්නැළිගොඩ වීරයකු වී දෙරණේ සංඛ අරහං වීම
---
රනිල් වික්‍රමසිංහගේ ඊනියා යහපාලන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ප්‍රති විරුද්ධ මත දරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමට පටන් ගෙන තිබේ.
එහි අලුත්ම ගොදුර දෙරණේ සංඛ අමරජිත්ය. දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව දෙරණේ සංඛ අමරජිත් සහ චතුර අල්විස් ඉවත් නොකරන්නේ නම් දෙරණ මාධ්‍යට බලපත්‍ර අලුත් කිරීමේ දී යළිත් බලපත්‍ර නිකුත් නොකරන බවට දෙරණ ආයතන ප්‍රධානීන්ට බලපෑම් කොට තිබේ.
ඔහු එසේ කළබවට කදිම සාක්ෂ්‍යයක් ඌව පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඔහු කරන්නට යන ක්‍රියාව කල්තියා හෙළි කර තිබේ. දෙරණ මාධ්‍ය ජාලය සමග ජන්මාන්තර වෛරයකින් පෙලන සිරස මාධ්‍යටද මේ පුවත මාධ්‍ය නිදහසට එල්ල වූ ඇතුල් පහරක් සේ නොපෙනීම ලජ්ජා සහගත කරුණක් වන්නේ භාෂණයේ, ලේඛනයේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ නිදහස ගැන වැඩියෙන්ම කතා කළ මාධ්‍ය ආයතනය සිරස වන නිසාය.
ඔවුන්ගෙන් ඇසීමට ඇත්තේ සිරසටද මාධ්‍ය නිදහස මතක් වන්නේ අචාරධාර්මික නොවන ආකාරයට ලක්නා අමන්දි ,අවංක කුමාර වැනි තමන්ගේ ආයතනයේ ලාමයකයන් තවත් මාධ්‍ය ආයතනයකට බලෙන් කඩා පන්නවපු අවස්තාවක පමණද? යන්නයි. නො එසේ නම් මර්වින් සිල්වා සිය සේවකයින්ට තර්ජනයක් වූ අවස්ථාවට පමණද ?
රනිල් මාධ්‍යවලට නම් කියා තර්ජනය කළ මේ පළමු අවස්ථාව නොවේ. වරක් ඔහු කුරුනෑගල රැස්වීමක් අමතමින් දිවයින පුවත්පතේ කර්තෘ අනුර සොලමෙන්ට හා කීර්ති වර්ණකුලසුරියටද රිවිරේ සිසිර පරණතන්ත්‍රීටද නම් කියා බැන්නේය. තමන්ට හීලෑ නැති තවත් මාධ්‍යවේදීන්ද ඒ ලයිස්තුවට ඇතුළත් වූහ.
ඉන් පසු මේ මෑතක පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් යලිත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයකට තර්ජන කළේය. ඒ හෝමාගම අධිකරණයේ වූ කලබගැනීය ගැන තමන්ට වාසිදායක වාර්තා කතුවැකි නොලියු අඩුවටය. ඔහු ඉන් ගම්‍ය කළ අර්ථය වන්නේ පුවත් පත්වල තිබිය යුත්තේ තමන්ට පක්ෂ පිටකසන වාර්තා පමණක් බවයි. එහිදී වැඩි බරක් යොමු කලේ දෙරණේ චතුර අල්විස්ටය. ඔහු දඩයමේ ගිය මාධ්‍යවේදීයකු යයි අපහස කළා පමණක් නොව සීරි යකාටද සමාන කළේය.
පාර්ලිමේන්තුවේම එහෙව් අපහාස වදන් භාවිත කල රනිල් සංඛ අමරජිත් ඉවත් කරවන්නේ පසුගියදා දන්නෝ බුදුන්ගේ ගීතය භක්ෂණය කළ ක්‍රිෂානිගේ ක්‍රියාව විවේචනය කළ වරදටය.පසුවදාම දෙරණ අරුණ වැඩසටහනින් එම වරදට චතුර සමාව භජනය කළේය.එසේ තිබියදීත් අර අඤ්ඤකොරොස් ගායිකාවගේ කරපිටින් රනිල් දෙරණට බලපෑම් කොට සංඛගේ වැඩ තහනම් කරවන්නේ හුදෙක් තමන්ට හීලෑ නොවන මාධ්‍ය භාවිතාවක් නිසා බව ලාමකයකු නොවන ඕනෑම කෙනෙකුට තේරෙන දෙයකි.
චතුරගේ ඉරණමද සුළු වැරදීමකින් වුවද ඉදිරියේදී තීරණය වනු ඇත. ඊනියා යහපාලයේ සුපිරි මාධ්‍ය නිදහසේ තරම මෙබදුය.
ඊළගට ඇසිය යුතු තවත් වැදගත් යමක් තිබේ.
ප්‍රනීත් එක්නැලිගොඩ වැනි කැලෑ පත්තරකාරයකුගේ අයිතිවාසිකම් වෙනුවෙත් පෙනී සිටින අය සංඛ වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ඊනියා සිවිල් ක්‍රියාකාරිකයන් හා නිදහස් මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සංවිධාන ප්‍රගීත් වෙනුවෙන් පෙනී සිටින්නේ සාමාන්‍ය පුරවැසියකු අතුරුදහන් වූ මානව අයිතිය පමණක් වෙනුවෙන් නොවේ. මාධ්‍යවේදී යන සුරුවමද ආරෝපිත බලයක් කොටගෙනය. එත් ඔහු මාධ්‍ය ආචාරධර්ම ගරු නොකර පුද්ගලයින්ගේ ලිංගික කටයුතු වලට පවා කැලෑ පත්තර ගසා අපහාස කළ මඩ කාපර් කෙනෙකි. ඔහු ඉදිරියේ සංඛ අමරජිත් යනු හැම අතින්ම අහිංසකයකි. නමුත් ප්‍රගීත් මාධ්‍ය වීරයකු ලෙස කරපින්නා ගැනීමටත් සංඛ අපරාධකාරයකු සේ දැකීමටත් හේතුව කුමක්ද ? මේ දේශපාලන අවස්ථාවාදය තක්කඩි ලෙස නිරූපණය කරන්නක් නොවේද ?
-රත්තනදෙණියේ මේධානන්ද හිමි -