එක්‌ සත්‍ය කතාවක්‌ පිස්‌සු හැදුනු ආදරයක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    එක්‌ සත්‍ය කතාවක්‌ පිස්‌සු හැදුනු ආදරයක්

    තරුණ මී දෙන සිටියේ කනගාටුවෙනි. ඈ සිටින නිවසේ බළල් පවුලක්‌ සිටී. ඒ නිසා ඒ නිවසින් කෑම සොයා ගැනීම ලොකු ප්‍රශ්නයක්‌ වී තිබේ. කෑමක්‌ සොයා ගන්නට කුස්‌සියට රිංගුවහොත් ඤාව් හඬක්‌ ඇසේ. එවිට මී දෙන ඇතුළු සියලු මීයන් සැඟවිය යුතුය.

    "හරියට කෑමක්‌ බීමක්‌ නෑ. මෙහෙම හිටියොත් බඩ ගින්නෙම මැරිල යාවි. මීදෙන කීවේ තරමක කෝප සහගත හඬිනි.

    "මොනව කරන්නද... මේක හැමදාමත් තිබුණු ප්‍රශ්නයක්‌. අපි දෙගොල්ලො හතුරෝ වෙලා. ඒ කියන්නෙ මී බළල් හතුරු කමක්‌ තියෙනවා. බළලෙකුට මීයෙක්‌ අහු වුණොත් අත අරින්නෙ නෑ.

    " මං බේරිල ඉන්න එක පුදුමෙනුත් පුදුමයි. වාසනාවට අපේ තැන පුංචියිනෙ දුවගෙන ගිහින් අපි රිංගන තැන්වලට බළලුන්ට රිංගන්න බෑ. තැන්නම් ඉතින් අපි ඉවරයි."

    තවත් මීයෙක්‌ කීවේ අතීත අවදානම් මොහොතක්‌ සිහිපත් කරමිනි.

    " මේකට මොකක්‌වත් විසඳුමක්‌ නැද්ද?

    තරුණ මී දෙන ඇසුවේ කලකිරුණු ස්‌වරූපයෙනි.

    " මොනව කරන්නද බළල්ලු කියල ජාතියක්‌ ලෝකෙට බිහිවෙච්ච එක අපේ අවාසනාව තමයි.

    වැඩිමහල් මීයා කීවේ කණස්‌සලු සිතිනි. "ඉතිං හැමදාමත් මේ විදියට ජීවත් වෙන්න පුළුවන්ද? බළල්ලු එනකොට අපි හැංගෙන්න ඕන. කරවල කෑල්ලක්‌ උම්බලකඩ කෑල්ලක්‌ ආසාවට කන්න නෑ.

    " ඉවසපන් බං ඉවසපන්

    " ඔය කියමන් හොඳයි ආදි කාලෙ මීයන්ට"

    " උඹ කියන්නෙ බළල්ලු එක්‌ක හටන් කරන්න යන්න කියලද?"

    "එහෙම නෙමෙයි මොකක්‌ හරි උපක්‍රමයක්‌ කල්පනා කරන්න ඕන" මීදෙන කීවේ සංසුන් ලෙසිනි.

    " ඒ කියන්නෙ සාම ගිවිසුමක්‌ වගේ දේකට යමු කියන එකද? මම හිතන්නෙ නෑ බළල්ලු සාම ගිවිසුමකට කැමති වෙයි කියල."

    " මං අහල තියෙනවා මීයො බළලෙකුගේ කරේ මිණි ගෙඩියක්‌ එල්ලන්න ගිය කතාවක්‌."

    මහළු මීයා උස්‌ හඬින් සිනාසුණේය. "ඔහොම කතාවක්‌ මමත් අහල තියෙනවා. ඒ වුණාට ඒක ඇත්තක්‌ නෙමෙයි. ඕක නිකං ප්‍රබන්ධ කතාවක්‌.

    " ඒ වුණත් ඒක අහක දාන්න හොඳ නෑ. බළලගෙ කරේ මිණි ගෙඩිය බඳින එක ඔය හැටි කඡ්ජක්‌ නෙවෙයි. තරුණ මීදෙන කීවේ ආඩම්බරකාරී ලෙසය. මහලු මීයා කෝපයට පත්විය.

    "නිකං වැඩක්‌ නැති කතා නොකිය ඉදිං ළමයො."

    "ඕගොල්ලො බැහැයි කියල අතඇරියට මම ට්‍රයි කරනවා. මට පුළුවන් බළලෙකුගේ කරේ සීනුවක්‌ එල්ලන්න."

    "තම තමන්ගෙ ආයුෂ තම තමන් බලා ගන්න එක හොඳයි. මහලු මීයා කීවේ කිසිවෙකුටත් නෑසෙන්නටය.

    ගෙදර තරුණ බළල් පැටවා කුස්‌සියෙහි ඇවිදිමින් සිටියේය. ඔහු අටුවට නැංගේ මීයන් ඇත්දැයි දකිනු රිසියෙනි. තරුණ මී දෙනක්‌ නොසෙල්වී ඔහු දෙස බලා සිsටිනු පෙනිණි.

    මී දෙන පැහැපත්ය. අත් පා බඩ වත රෝස පැහැතිය. ඇස්‌ නිල් පාටය. වෙනත් මීයන්ගෙන් දැකිය නොහැකි අමුතු ලස්‌සනක්‌ ඈ තුළ ඔහුට පෙනිණි.

    " මේ... පොඩ්ඩක්‌ කලබල නැතුව මං කියන දේ අහනවද...

    මීදෙන මිහිරි හඬින් ඇසුවාය.

    "වැඩි කාලය නොගෙන ඉක්‌මනින් කියන දෙයක්‌ කිව්වනං හොඳයි.

    " මාව මරන් කරන්න හරි ඉක්‌මන් වගේ නේද? තරුණ බළලාට ලැඡ්ජා සිතිණි.

    "නෑ. මට එහෙම තද බඩගින්නක්‌ නෑ"

    " ඇයි අනේ ඔයාල මෙච්චර නපුරු අපි කොච්චර අහිංසකද කියල ඔයාල දන්නෙ නෑ."

    "ඉස්‌සර ඉඳලම ඔයාලයි අපියි අතර ඇයි හොඳයියක්‌ තිබුණෙ නෑනෙ."

    " ඒක තමයි වැරැද්ද. ඔය පාරම්පරික වෛරයක්‌ හැමදාම තියා ගන්නෙ මොකටද ඉස්‌සෙල්ල අපි දෙන්න යාළු වෙමු.

    " ඒක නං හොඳ අදහසක්‌ තමයි. ඒත් බළල් පරපුර ගැන කිසි විශ්වාසයක්‌ තියන්න බෑ"

    " පරම්පරා දෙක අතර යාළුකම අපි දෙන්නගෙන් පටන් ගනිමු."

    බළලා කෝල විය. මී දෙන බළලාට තවත් ළං වුවාය.

    තරුණ බළලා හැඩකාරයෙකි. දුටුමතින් ආදරයක්‌ උපදී. වර්ගයා වශයෙන් වෙනස්‌ වුවද අප දෙදෙනාම අයිති සත්ත්ව වර්ගයාට නොවේදැයි මී දෙනට සිතුණි.

    " මට ඔයාට ආදරේ හිතෙනවා. මී දෙන කීවේ ඇත්තටමය. තරුණ බළලා මන්මත් විය.

    " අපේ ආදරේ හැමදාම ඔයාට මතක්‌ වෙන්න මං පොඩි තෑග්ගක්‌ දෙන්නං... ගන්නවද?

    "මොකක්‌ද?

    " මිණි ගෙඩියක්‌ මං ඒක ඔයාගෙ කරේ බඳිනවා. ඒක නාද වෙන හැම වෙලාවකම ඔයාට මාව මතක්‌ වේවි. මීදෙන මහත් ආදරයෙන් මිණිගෙඩිය බළලාගේ කරේ බැන්දාය.

    "දැන් ඔයා හරි ලස්‌සනයි." තරුණ මී දෙන බළලාගේ ගෙල බැඳි මිණි ගෙඩිය සෙමින් හඬවමින් කීවාය.

    මිණි ගෙඩියක්‌ හඬවමින් ගෙදර එන පුතා දැක බළල් මව්පිය දෙදෙන පුදුමයට පත්වූහ.

    "මොකක්‌ද පුතා ඔය බෙල්ලෙ බැඳගෙන තියෙන්නෙ."

    " මේක මට ලැබුණු තෑග්ගක්‌.

    " කාගෙන්ද?"

    " මී දෙනකගෙන්"

    "මීයොත් එක්‌ක කවදාවත් අපේ ඇයි හොඳයියක්‌ තිබුණෙ නෑ."

    " ඒ හින්ද තමයි මං අලුත් ආරම්භයක්‌ පටන් ගත්තෙ. මේක මී දෙනක්‌ මට තෑගි කළේ. හිතුනොත් මං ඒ මීදෙනව කසාද බඳිනවා."

    බළල් මව්පිය දෙදෙන පොළොවේ හැපී හඬන්නට වූහ. පුතාට පිස්‌සු හැදී ඇතැයි තීරණය කළ මව්පිය දෙදෙනා වහා වාහනයක්‌ ගෙන්වා පුතාගේ අතපය හතර බැඳ අංගොඩ මානසික රෝහලට ගෙන ගියහ.

    චන්ද්‍රසිරි දොඩන්ගොඩ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    හරි උන් දෙන්නා බැන්දමයි කියමුකො පූසා කොහොමද මී දෙනගෙ එකට දාන්නෙ:shocked::lol: