එක් බියකරු රාත්‍රියක්!
වේලාව රාත්‍රී දොළහේ කණිසම වැදුණා පමණි. මදක් ඈතින් ඇසෙනා උලමෙකුගේ හඩක් ඇරෙන්නට වෙන කිසිදු හඩක් නොමැත. රාත්‍රියේ මූසල ගතිය එන්න එන්නම වැඩිය.සීතලට මුළු ඇගම වෙව්ලන්ට පටන් ගත්තේය. සීතල නිසා සැගවී සිටි පදුර තුළ තවත් ගුළි වූයෙමි. තවත් කොපමණ වේලාවක් බලා සිටින්නට වේදැයි නොදනමි. මේ සොර භීතිය ආරම්භ වූවා පමණි. අවධානමට පෙර සූදානම යෙහැකැයි හැමෝම කියන්නේය. මමද එසේම විය. මට මදක් ඈතින් වූ පොල් ගස් දෙකක් අතරින් මෑත්වූ අදුරු ජායාවක් මාදෙස බලා සිටින්නට විය. සිතේ යම් කිසි චකිතයක් වූවද එය යටපත් කර ගැනීමට මම උත්සහ කළෙමි. මෙය බිය යැයි ඔබ නොසිතන්න.මා අතෙහි වූයේ හොද හැටි මුවහත් කළ කිණිස්සක් පමණි.ඒ අදුරු ජායාව මොහොතකින් නොපෙනී ගොස්ය . මම ඒ දෙසට සෙමින් සෙමින් කිට්ටු කළෙමි. එහි කිසිවෙක් නොමැත. අසල වූ කෙසෙල් ගසක් හැරෙන්නට.තවත් වේලාවක් මට එහි රැදී සිටීමට සිදුවිය.
වේලාව මධ්‍යම රාත්‍රී දෙක පසු වූවා පමණි.ඈතින් දිව එන පුද්ගලයෙකුගේ හඩ මට ඇසෙන්නට විය. මම සූදානම් වූයේය. ඔහු මා පසු කළා පමණි. මම උපරිම වෙරගෙන ඔහුගේ කකුල් දෙක වෙත පැන්නෙය. හදිසියේ සිදුවූ දෙයින් තම ශරීරය පාලනය කරගැනීමට නොහැකි වූ ඔහු එතනම බිම අද වැටුනේය. වහාම ඔහුගේ ඇග උඩඩ ගොඩ වූ මම ඔහුට පහර පිට පහර දෙන්නට වූයේය. ඔහුගේ මුවින් රුධිරය ගලන්නට විය. පහර දීම නවතාලූ මම, ඔහුව අසළ වූ පොල් ගසක බැද දමා ඒ අසළම බිම ඉදගත්තේය.මේ ඉන්නේ ඔහුය. ඔව් ඒ ඔහුමය. මගේ කුකුළ් කොටුවේ බිත්තර හොරාය.
POST FROM MY OLD BLOG