එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
උඹ මේක මෙගා නාට්‍යයක් කර ගත්තද ඒ පාර :angry::angry::angry:

නෑ මචන්. විස්තර ටිකක් ලියන්න කියලා කොල්ලෝ කියපු නිසා ටිකක් විස්තර සහිතව ලියන්නේ. පුළුවන් තරම් ඉක්මනින් ලියලා ඉවර කරනවා
 

Palihawadana1990

Well-known member
  • කතාව නම් පාංකාදු 05යි.... ආසයි අහන්න.. මොකද මගෙත් එක කාළයක් තිබුණ මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත..... ඒ කාලෙ මතක් උනා....ආපහු යන්න තියෙනවනම්....
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    නෑ මචන්. විස්තර ටිකක් ලියන්න කියලා කොල්ලෝ කියපු නිසා ටිකක් විස්තර සහිතව ලියන්නේ. පුළුවන් තරම් ඉක්මනින් ලියලා ඉවර කරනවා

    හිහී...හි... :P:P
    කතාව හොදට ගලාගෙන යනවා.බලං ඉන්න බෑ එකයි... :D:D
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කතාව නම් පාංකාදු 05යි.... ආසයි අහන්න.. මොකද මගෙත් එක කාළයක් තිබුණ මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත..... ඒ කාලෙ මතක් උනා....ආපහු යන්න තියෙනවනම්....
    :)
    thanks machan
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    4 කොටස
    එසේ විටින් විට බැලුවද එය ඉන් එහාට නොගියේය. ඈ තවදුරටත් මා සමග කතා නොකරයි. දැන් දැන් මා සතුරෙක් වැණිය. හිතට ඇකිවූ පීඩනය හමුවේ මා පංතියේ සිටින බලු කුක්කෙකු බදු විය. කිසිම ඇක්ටිව් ගතියක් දැන් මගේ නැත. ඉගෙන ගැනිමට තිබූ උනන්දුවද මාතුළින් ගිලිහී ගොසිනි. මෙම තත්වයට තව දුරටත් මට මුහුණ දෙන්නට අපහසුය. විශේෂයෙන් ඇගේ මිත්‍රත්වය නැතිවිම ගැන මගේ සිතේ ඇත්තේ දැඩි කනස්සල්ලක් පවතී.

    මේ නිසා මාවිසින් පාසල් යාම සිමා කිරීමට සිතා ගත්තේය. එහෙත් මොනවා කරම්ද. මවට මෙය දැන ගන්නට තැබිය නොහැ. මේ නිසා පාසල් නොයා ගෙදර සිටියහොත් මව අනිවාර්යෙන් මා ගැන පාසලට විත් සොයා බලනු ඇත. එසේ නම් මා ගෙදර නොසිට පාසල්ද නොපැමිණ සිටිය යුතුය. එනම් මා කට්ටි පැනිය යුතුය. එයට කරන්නේ කෙසේද? පාසල් කට් කර පාරේ ඇවිදින්නට බැරිය. නගරයේ හා ඉන් පිටත පාසල් නිල ඇදුමින් සැරිසරන මා ආදිශිෂ්ශයෙක් ගේ නෙත ගැටී පාසලට දැනුම් දෙනවා නිසැකය. එසේ නැත්නම් පියාගේ මිතුරෙකු මාව දකින්නට බැරි නැත.

    ඔය මොහොතේ මගේ පිහිටට එන්නේ මිතුරෙකුගේ අයියා කෙනෙකි. ඔහු නගරයේ පරිගණක උපාංග අලෙවි සැලක් සහ මෘදුකාංග සකස් කිරිමේ මධ්‍යස්තානයක් පවත්වාගෙන යන්නේය. මිතුරාගේ මාර්ගයෙන් ඔහුගේ කඩය වෙත යන මා, මෘදුකාංග සංවර්ධනය පිළිබදව ඉගෙන ගැනිමටත් ඔහුගේ මෘදුකාංග සංවර්ධන කටයුතු වලට දායක වෙන්නටත් මග පාදා ගනි. එය මනසින් ප්‍රශ්න බැහැර කරන්නට හොද මාවතකි. එමෙන්ම විටින් විට ඩෙල්ටාෆෝස්, කමාන්ඩෝස් ගේම් වලට සම වැදී වර්චුවල් ලොවක තනි වෙන්නටද දැන් මට අවස්තාව හිමිය. මෙය නම් අනර්ග විසදුමකි. දැන් මම පාසල් යන මෙන් නිවසින් විත් කඩය තුලට වී ප්‍රෝගැමින් ඉගෙන ගන්නේය. ගේම් ගසන්නේය. අයියාගේ වැඩ වලටද උදව් කරන්නේය. පාසල් යන්නේ සතියට දිනක් හෝ දෙකකි.

    එසේ ඉද හිට පාසල් යන විට නිමාෂා මාව තේරුම් ගෙන මා සමග කතා කිරීමට පෙළඹෙතැයි මා සිතුවේය. එහෙත් එය හිතළුවක් පමණක් විය. කොතරම කළක් මම පාසල් නොගියද ඇය මාව ගනන් ගත්තේ නැත. පැසල් පැමිණෙන්නට යැයි කියා දෙන මිතුරන්ගේ දේශනා වල නම් අඩුවක් නොවීය. මිතුරන් පමණක් නොව ඇය හැර පංතියේ සියලු කෙල්ලන්ද මට පාසලට පැමිනෙන්න යැයි දේශනා තියන්නීය. උන් මට පාසල් නොපැමිණීමේ ආදීනව පැහැදිලි කර දෙයි. එකක් 80% පැමිණීම නොමැති වීමය. අනෙක පාසල් හෝ පංති නොයන මා විෂයන් තුනම ෆේල් විමට ඇති වැඩි සම්භාවිතාවය. කෙසේ නමුත් ඇතිවී තිබෙන පීඩනය හමුවේ මට පාසලට ගොස් ඉගෙනීමට බැරිය. තමන්ගේ පංතියේ එකියකට ලව් කරන්න ගොස් කෙලවා ගැනිමේ කට්ට මම හොද හැටි කෑවේය.

    පංතියේ එකට ඉගෙන ගත්ත උන් මට උපදෙස් දි නැවතුනේද නැත. උන් අපගේ තරුණ ඉකෝන් සර්ටද මෙම කරුණ පවසා ඇත. එක් දිනක් මා පාසලට යන විට අඩ ගැසුවේ ඉකෝන් සර්ය. පුස්තකාලයට මා කැටුව ගිය ඔහු කෙල්ලන්ට ට්‍රයි කිරීම ගැන පූර්ණ දේශනයක් දී ඒවායෙන් නොසැලී සිටීම ගැන කියා දුනි. නමුත් ඒ් සැම දෙයක්ම මාගේ එක් කනකින් මොළය තුළට විත් අනෙක් කනෙන් පිටවී ගියේය. මේ නිසා ගැටලුව එතනින් නතර වූයේ නැත.

    බොහෝ සැර පරුශ විදුහල් පති තුමා මා පාසලට නොපැමිණීම පිළිබදව සොයන්නට ගෙන ඇත. දිනක් ඔහු මට කාර්යාලයට අඩ ගසා තිබිණ. එහි ගිය මා හට බැණුම් කන්දරාවක් අසන්නට ලැබුණා පමණක් නොව මා ශිෂ්‍ය නායක දූරයෙන්ද නෙරපා හැර ඇති බව අසන්නට ලැබීය. එය නම් ගැටලුවක් නැත. නමුත් තව දුරටත් පාසලට නොපැමිණ සිටිය හොත් විදුහල්පති වරයා තවත් පියවරක් ඉදිරියට තබනු ඇත. මේ නිසා තවත් පාසලට නොපැමිණ සිටීම අවදානම්ය.

    මේ ආකාරයෙන් කාළය ගෙවෙන අතර තුර මෙම සිද්ධිය පුර්ණි නංගි සමග පවසා සිතට යම් සහනයක් ලබාගත හැකිවෙනු ඇතැයි මම සිතිය. මක් නිසාදයත් ඇය මා පිළිබදව හොදින් දනි. අනෙක නම් වෙනත් අය කෙරෙහි නැති ආකර්ශනයක් මගේ සිතේ ඇය වෙතෙ තිබීමය. නමුත් ඇයව උවමනාවෙන් හමු වෙන්නට බැරිය. ඒ සදහා මම ඇයගේ නිවසට යා යුතුය. එසේ නැත්නම් ඇය අපගේ නිවසට ආ යුතුය. නමුත් දෙකෙන් එකක් වත් පැහැදිලි හේතුවක් නැතිව වෙන්නේ නැත. මගේ වෙලාවටදෝ දිනක් පැසල නිමවූ ඇය ගෙදර ඇරලවාගෙන යන්නැයි ලොකු අම්මා මට පණිවුඩයක් එවා තිබුනි. එම අවසරයෙන් පුර්ණි නංගි හට මම කරගත් මේ පටලැවිල්ල පැවසුවේය. එය පැවසූ සැනින් ඇගේ ප්‍රතිචාරය වූයේ 'ඔයා මේ වගේ වෙයි කියලා නම් මම හිතුවේ නෑ අයියේ' යන්නයි. මගේ හැටියට එවැන්නක් බලාපොරොත්තු වෙන්නට බැරිබව ඇත්තය. එමෙන්ම මෙතරම් කලක් ගත වෙන තෙක් ඒ පිළිබදව පුර්ණි නංගි දැනුවත් නොකිරිමේ දොසද මට අහන්නට විය. ඇයගේ උපදෙස වූයේ නිමාෂාගෙන් අකමැති වීමට කරුණු ඍජුව විමසීම හෝ ඇයගේ මිතුරුයක මාර්ගයෙන් ඒ පිළිබදව සොයා බැලීමය‍.

    මම ඒ මාර්ග දෙකෙන් තෝරා ගන්නේ නිමාෂාගේ මිතුරියක මාර්ගයෙන් ඒ පිළිබදව සොයා බැලීමේ පියවර වෙතය. මන්ද යත් නිමාෂාගෙන් කෙලින්ම මෙවැන්නක් ඇසීමට දැන් බැරිය. ඇසුවද ඇය පිළිතුරු දෙන්නේ නැත.

    මා ඒ පිළිබදව ඇසුවේ ඇයගේ හොදම යෙහෙලියගෙනි. සිදුව ඇත්තේ විස්වාස කොළ නොහැක්කකි. නිමාෂාට පැරණි පාසලේ පෙම්වතෙක් ඇතිලු. :( ඔව්න් දෙදෙනාගේ ආදර සම්බන්දය 10 වසරේ සිට තිබෙන්නක් බවද ඇය කියා සිටියේය. කෙසේ නමුත් මෙතරම් කාළයක් මේ කරුණ මට දැන ගන්නට නොලැබීම අභාග්‍යකි. නිමාෂාට ඒ ගැන මට පවසන්නට තිබුනේය.

    උසස්පෙළ විභාගයට තව ඉතිරිව ඇත්තේ මාස 8 කි. දැන් මට ගොඩ ඒමට ඇත්තේ එකම මගක් පමණි. ඒ නිමාෂා නැවත මිතුරියක සේ කතා කර සිටින තත්වයට හෝ කැමති කර ගැනීමය. එනම් මගේ ජීවිතය මට අන්ඩූ කර ගන්නට අවශ්‍ය වී ඇත. එය සේ වුවහොත් නවත මට පාඩම් වැඩ වලට යොමු විය හැකියැයි මට සිතින. එමෙන්ම ඇය මිතුරියක ලෙසින් හෝ කතා නොකරන තත්වයෙන් පාසලෙන් සමු ගන්නට වුවහොත් නැවත කෙදිනක හෝ ඇය සමග කතා කරන්නට නොහැකි වෙනු ඇතැයි මා සිත කීවේය. නමුත් මිතුරියක ලෙසින් කතා කරන්නට යැයි ඇයට පවසන්නේ කෙසේද යන්න මට තිබෙන ගැටළුවය. ඊට එකම විසදුම නම් ඇගේ හොදම යෙහෙලිය මාර්ගයෙන් මෙම පණිවුඩය නිමාෂා වෙත යැවිමය.

    එම උපාය සාර්තක විය. ඇය මිතුරෙකු ලෙසින් මා සමග කතා කර සිටීමට කැමැත්ත ප්‍රකාෂ කර තිබෙනවා පමණක් නොව. ඇයම විත් මා සමග වදනක් දෙකක් කතා කලේය. එදවස වූ එම සිදුවීම මට අදමෙන් මතකය. එය මට මහත් අස්වැසිල්ලකි. ඉඩෝරයෙන් වියලී ගිය මහපොළවට ජල බිදුවක් වැටුනා වැනිය. මෙම සිදුවීම් වි හමාර වෙන විට උසස්පෙළ විභාගයට තව ඉතිරිව ඇත්තේ මාස 6 ක් පමණි.


    මතු සම්බන්ධයි...
    5 කොටස 16 පිටුවේ ය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=16
     
    Last edited:
    Status
    Not open for further replies.