එජාපයත් ජවිපෙත් අනේ...පවු !

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එජාපයත් ජවිපෙත් අනේ...පවු !

    pol-01.jpg

    එජාපයත් ජවිපෙත් අනේ...පවු :(
    පළාත් පාලන ආයතන ප්‍රතිඵල ගැන ඉතාමත් සරල හා පැහැදිලි විග්‍රහයක් කරන්නට දේශපාලන විග්‍රහය පිළිබඳ නම ගිය සරසවියකින් උපාධියක් ලබාගත යුතු නැත. අමුතුවෙන් දැනුමක් ලබා ගත යුතුද නැත. සංඛ්‍යා ලේඛන එහාට මෙහාට කොට අමුතු ඉලක්කම් විජ්ජාවක් කළ යුතු වන්නේ ද නැත. අප වැනි පෘතඞජනයන්ට පෙනෙන විදියට පළාත් පාලන ආයතන හැටපහෙන් 45 ක්ම දිනාගෙන ඇත්තේ ආණ්ඩුව කරවන එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

    උතුරේ ආයතන 20 ක බලය දෙමළ පක්‍ෂ දෙකකට හිමිවී තිබේ. උතුරේ ප්‍රතිඵල අනුව බලන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය නොකළත් විශාල ඡන්ද ප්‍රමාණයක් ගෙන දෙවන ස්ථානය හිමිකරගෙන තිබේ. මේ රටේ නගරයේත්, ගමේත් ජනතාව වැඩකරන ආණ්ඩුවක් සමඟ සිටින බව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කර තිබේ. ඔවුහු කියන දේ කරන කරන දේ කියන රාජ්‍ය නායකයා කෙරෙහි පූර්ණ විශ්වාසය පළ කර සිටිති.

    2005 ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ සිට අද උදේ වන විට නිකුත් වී ඇති සියලු මැතිවරණ ප්‍රතිඵල ගැන ඉතාමත් සරල විග්‍රහයක් කරන්නට දේශපාලනය පිළිබඳ මහා විශාල දැනුමක් තිබිය යුතු නැත. එදා මේ රටේ බලයේ සිටි ආණ්ඩු හැමදාමත් අතුරු ඡන්දවලින් පැරදුණේය. ඡන්ද පදනම බිඳ දමා ගත්තේය. එදා ඕනෑම ආණ්ඩුවක් මාස 6 ක් 7 ක් රට පාලනය කළ විට රට කරපු හැටි, රට කරන්නට යන හැටි ආණ්ඩුව කරවන අයට ඉතාමත් පැහැදිලිව කියා දෙන්නට මේ රටේ ජනතාව කතිර බලයෙන් කටයුතු කර තිබේ.

    මානම මැතිවරණයකින්වත් එදා බලයේ සිටි ආණ්ඩු ඡන්ද ගොඩ වැඩිකරගත්තා නොව ඡන්ද පදනම දෙදරවා ගත්තේ ය. මේ රටේ ආණ්ඩු කළ පාලකයන්ට අත් වූ ඉරණම එයයි. එහෙත් 2005 සිට අද හිමිදිරි පාන්දර දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ගොඩ වැඩිකරගෙන තිබේ. බලයක් නොතිබුණු පළාත් පාලන ආයතනවල බලය අත්කර ගෙන තිබේ. ජනතාව අතරට නොගොස් හැමදාමත් බොරු බේගල් ඇදබාන එක්සත් ජාතික පක්‍ෂය ජනතාව යළිත් වරක් ප්‍රතිෂේප කර තිබේ. 2005 දී වැඩි ඡන්ද විසි අටදහසකින් ජයගත් ජනාධිපතිතුමා දෙවැනි ජනාධිපතිවරණයේ දී දහඅට ලක්‍ෂයකින් දිනුවේ මේ රට කරවන්නට හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බව රටේ ජනතාව දන්නා නිසාය. බහුබූතයක් ලෙස අමුතු නමක් දමාගෙන ඇති ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව යටතේ කරන්නට බැරි වැඩක් ද මේ ආණ්ඩුව කර තිබේ.

    එනම් තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමය. පළාත් සභා ඡන්දය ද ඒ අයුරින් ම දිනුවේය. සටන් පාඨ කුලියට ගන්නා එක්සත් ජාතික පක්‍ෂය මෙවැනි දෙයක් වේ යැයි නිකමටවත් සිතුවේ නැත. නායකත්වය කුමක් වුවද එක්සත් ජාතික පක්‍ෂයේ කනගාටුදායක අතීතයත් වේදනාකාරී වර්තමානයත් ජනතාව හමුවේ ප්‍රතික්‍ෂේප වී ඇත. ශ්‍රී ලකා නිදහස් පක්‍ෂය සමඟ එකට එකම ඇඳේ නිදාගත් ජනතා විමුක්ති පෙරමුණද දැන් පැදුරට නොව බිමටම වැටී ඇත. තවත් වැටෙන්නට තැනක් ද නැත

    ඒ නිසා ඔළුව උදුම්මවාගෙන පැහිච්ච කතා කියමින් රට පාලනය කරන අය හෑල්ලුවට නොදමා වෙනත් අතක් බලාගැනීමට කාලය උදාවී ඇත. දේශපාලන දර්ශනයක් අධ්‍යයනය කිරීමට අනුර කුමාරලාට විජිත හේරත්ට දැන් විවේක ගත හැකිය. අහන්නට අකමැති වුවත් නැතත් ජාත්‍යන්තරයට ද එකක් කිව යුතුය. බටහිර කුමන්ත්‍රණ චැනල් ෆෝ සෙප්පඩවිජ්ජා ගමේ ජනතාව මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇති බව මේ පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනේ. හැමදේම වැරදියට තක්සේරු කරන සටන් පාඨ නැතිව මඩ දේශපාලනයේ නියැලි සිටන එක්සත් ජාතික පක්‍ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් අපට කියන්නට ඉතිරිව ඇත්තේ අනේ පව් යන්න පමණි.


    :P