එජාපේ කථානායක කරූගේ කෙරුවාව

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    එජාපේ කථානායක කරූගේ කෙරුවාව

    කථානායක කරූගේ කෙරුවාව

    පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙනා වත්මන් අර්බුදයට වගකිව යුතු පිරිස් අතර ප්රධානම චූදිතයා වශයෙන් බොහෝ දෙනාගේ චෝදනාවට ලක්වන්නේ කථානායක කරූ ජයසූරීයයි. ස්ථාවර නියෝග සහ සම්මත නීතින් කඩ කරමින් කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මෙහෙයවීම මෙම අර්බුධයට ප්රධානම හේතුව බවට වියතුන්ගේද චෝදනාවට ලක්ව තිබුනි.
    ඒ අතර කරූ ජයසූරීය කථානායකවරයා පාර්ලිමේන්තුවට විශ්වාසභංග ඉදිරිපත් වූ විවිධ අවස්තාවන්හීදි ක්රියා කළ අකාරය වෙනස් බවට චෝදනා එල්ල වේ. කරූ ජයසූරිය නියෝජනය කරනා එජාපයට සම්බන්ධ දේශපාලකයන්ට විශ්වාසභංග ඉදිරිපත් වූ අවස්ථාවේ එම යෝජනා යටපත් කිරීමටත්, අගමැති මහින්ද රාජපක්ෂට විශ්වාසභංග චෝදනාවක් එල්ල වූ විට කරූ එය නීතිවිරෝධිව සම්මත කර ගැනීමට උත්සාහ කළ බවට මෙලෙසින් චෝදනා එල්ල වේ.
    මේ අනුව හිටපු මුදල් අමාත්ය රවී කරුණානායකට එරෙහිව මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධයෙන් 2016 මාර්තු මස ඒකාබද්ධ විපක්ෂ විශ්වාසභංගයක් භාර දුන්නේය. කරූ ජයසූරිය කථානායකවරයා විසින් එම විශ්වාසභංගය විවාදයට ගන්නේ මාස දෙකකට පසුව 2016 ජුනි මසදීය.
    හිටපු සෞඛ්ය ඇමති රාජිත සේනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කළේ 2017 වසරේ අගෝස්තු මසය. වසරක් සහ මාස කිහිපයක් ගතව තිබේ. කථානායක කරූ ජයසූරිය විසින් තවමත් එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන නොමැතීවිම විශේෂත්වයකි.
    රවී කරුණානායක හිටපු විදේශ අමාත්යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය 2017 අගෝස්තු මාසයේ විශ්වාසභංගයක් භාර දුන්නේය. අවසානයේ රවී කරුණානායක සිය අමාත්යධූරයෙන් ඉල්ලා අස් විය. තවමත් එම විශ්වාසභංගය විවාදයට නොගෙන කරූ ජයසූරියගේ හමස් පෙට්ටියේය.
    හිටපු අගමැති රනිල් වික්රමසිංහට එරෙහිව 2018 මාර්තු 21 විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එය සති දෙකකට පසුව ක්රමවත් විවාදයකට පසුව ඡන්ද විමසීමකට ලක් කළේ 2018 අප්රේල් 4 වන දිනය.
    ඒ කරූ ජයසූරීය එජාපයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග ඉදිරියේ හැසිරුණු අයුරුය. කථානායක කරූ එලෙසින් හැසිරුණද විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු අනුගමනය කළ යුතු නීත්යානුකූල පියවර කිහිපයක් පවති.
    ප්රථමයෙන්ම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය. එම යෝජනාව පාර්ලිමේන්තු න්යාය පුස්තකයට ඇතුලත් කළ යුතුය. න්යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්රණය කර සියලුම මන්ත්රීවරුන්ට බෙදා හැරිය යුතුය.විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කළ යුත්තේ අවම වශයෙන් වැඩකරන දින පහකට පසුවය.
    මෙම නීත්යානුකූල ක්රියාමාර්ග කිසිවක් අනුගමනය නොකර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කරූ ජයසූරීය තමන්ට භාර දුන් දිනම ඡන්ද විමසීමට ලක් කිරීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයේදි විවාදයක් හෝ පැවැත්වුනේ නැත. විශ්වාසභංග යෝජනාව භාර දී මිනිත්තු දහයකට පසු කථානායකවරයා එම විස්වාසභංග යෝජනාව හඬ අනුව ඡන්ද විමසීමකට ලක් කළේය.
    විවිධ පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවන්හීදි කරූ ජයසූරිය හැසිරුණේ එලෙසින් විවිධ අයුරින් හැසිරීම බොහෝ දෙනෙකුගේ පිලිකුලට ලක්වි තිබේ. සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන වියතුන් පවසන්නේ විශ්වාසභංගයක් සම්මත කිරීමට විවිධ ක්රියාපිලිවෙත් කිහිපයක් තිබිය නොහැකි බවත් පුද්ගලයා මත හෝ පක්ෂය මත විශ්වාසභංගයට අදාල නීති වෙනස් විය නොහැකි බවත් ය.



    http://nethgossip.lk/article/32602
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    කතානායක කරූ - හරියටම හරි : සිරිසේනගේ මාධ්‍ය නිවේදනයෙන් තහවුරුයි ! :lol:

    කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව පසුගිය 16 වනදා ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාව ස්ථාවර නියෝග යටතේ නිවැරදි බව ජනාධිපති සිරිසේන පිළිගෙන ඇත.

    ඒ ස්ථාවර නියෝග යටතේ "හඬ" යටතේ ජන්දය ලබාදීමේ අවස්ථාව ස්ථාවර නියෝග වල සඳහන් බව ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මඟින් පිළිගෙන ඇති නිසාය.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ අදාළ කොටස !

    Capture111111111111111111.PNG


    එහෙත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට නම් ජනාධිපති සිරිසේන ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීම පිළිනොගන්නා බවක් පෙනෙන්නට ඇත. ඒ "සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බව" දක්වමින්ය.

    පහත දක්වා ඇති ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය කියවූ කළ ඒ බව තහවුරු වෙයි.

    කතානායකට ගහපු සේරම : රාජපක්ෂ පාර්ශවයේ මඩ විතරයි !

    ඒ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන රාජපක්ස පාර්ශවය කතානායකවරයා ගැන එල්ල කළ සියළු විවේචන දේශපාලන මඩ පමණක් බවද තහවුරු වෙයි. කතානායක කරු ජයසූරිය ස්ථාවර නියෝග අනුව කටයුතු කළා පමණක් නොව කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැකගන්න කටයුතු කර ඇති බවද ඉතාම පැහැදිලිය.

    ඒ අනුව දැන් ප්‍රශ්නය සහ රටේ මතුව ඇති අර්බුදය ඉතා පැහැදිළිව පෙනෙන්නට ඇත. ඒ විශ්වාස භංග යෝජනා දෙකක් සම්මත කරගත් ආකාරය නිවැරදිය. දැනටමත් කතානායක ඒ බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දන්වා ඇත. ඒ අනුව තවදුරටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිකම බලාත්මක නැත. අමාත්‍ය මණ්ඩලයද අවලංගුය. රාජපක්ෂ නම් කුමන්ත්‍රණ අගමැතිට දැන් රෙදි නැත. නමුත් විශ්වාස භංග යෝජනාව සම්මත වී පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පාර්ශවයට නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් ඊට ජනාධිපතිවරයාගේ අත්සන යෙදීම පමණය.

    යළි යළිත් අපට අවධාරණය කරන්නට ඇත්තේ රට අරාජික කළ ඒ වෙනුවෙන් පළමු පියවර තැබූ සිරිසේන ජනාධිපති එම පියවර ආපස්සට ගෙන ව්‍යවස්ථාවට අනුව වැඩ කිරීමය.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.


    111.jpg


    - https://newstube.lk/news/4493-sri-lanka-political-crisis-parliament-karu-jayasooriya-sirisena

    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද?

    - https://elakiri.com/forum/showthread.php?t=1877490

    මහින්ද ජනාධිපති වීමේ වාර 2කේ සීමාව අයින් කරගන්න 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හඬවල් අනුව සම්මත කරගත් හැටි

    - https://elakiri.com/forum/showthread.php?t=1877729

    පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි

    - https://elakiri.com/forum/showthread.php?t=1877709

    පොලීසිය බාර ඇමති කතානායකද ?

    - https://elakiri.com/forum/showthread.php?t=1877578
     
    Last edited: