එතකොට අම්මා..?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම වුණා නං

    ”ඔයා දන්නවද වැඩක්. මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
    ’නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා’ කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා.” නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.
    ”ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?”
    ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
    ”වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?”
    ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

    ----------------------------------------------------------------

    ගෙවන්නෙ මොකටද?”

    ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.
    ඔහු පසුපස හඹා ආ ආරක්‍ෂක නිලධාරියෙක්, “මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?” යයි ඇසුවේය.
    ”ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ.” ප්‍රේමදාස කීය.
    ”ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ.”
    ආරක්‍ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.
    ”මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ.”
    යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.

    ----------------------------------------------------------------

    මහත්තයා දන්නවද?

    දුම්පානය කරන්නන් දකින විට කෝපයට පත්වන, එමෙන්ම ඊට වහා ප්‍රතිචාර දක්වන එක් කාන්තාවක් දිනක් පාරේ ගමන් කරමින් සිටියාය. බස් නැවතුම් පළක කණුවකට හේත්තු වී බොහෝ සැහැල්ලු ආකාරයෙන් දුම්වැටියක් උරන තරුණයකු දැක කෝපයට පත් ඇය ඔහු අසලට ගොස් ආවේගශීලීව මෙසේ ඇසුවාය.
    ”තමුසෙගෙ අම්මා දන්නවද තමුසෙ ඔය විදියට සිගරට් බොනවයි කියල?”
    ”ඔය නෝනගෙ මහත්තයා දන්නවද ඔහේ මහ පාරෙදි හම්බුවෙන නන්නාදුනන ඉලන්දාරිත් එක්ක පැටලෙන්න යනවයි කියල.” තරුණයා පෙරළා ඇසුවේය.

    ----------------------------------------------------------------
    එතකොට අම්මා..?

    ”මොකද අම්මේ තාත්තගෙ ඔළුවේ කෙස් නැත්තෙ?” කුඩා මංජුල තම මවගෙන් ඇසුවේ කුතුහලයෙනි.
    ”ඒ, තාත්තා හුඟාක් හිතලා මතලා වැඩකරන, බොහොම බුද්ධිමත් කෙනෙක් හින්දනෙ පුතේ.” මව පිළිතුරු දුන්නාය.
    ”එහෙනං අම්මගෙ ඔළුවෙ හුඟාක් කෙස් තියෙන්නෙ.” මංජුල මවගේ හිස වෙතට ඇඟිල්ලක් දිගු කරමින් ඇසුවේය.
    ”මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං.” මව කෝපයෙන් මංජුලට කඩා පැන්නාය.

    ----------------------------------------------------------------

    මේකයි හේතුව

    මිස්ටර් වික්‍රමාරච්චි, හදිස්සියෙම පුතාගෙ විවාහ උත්සවය අවලංගු කරන්න තීරණය කළේ මොකද? කුරුප්පු මහත්මිය ඇසුවේ වික්‍රමාරච්චි මහතාගේ මේසය ඉදිරිපිට අසුනට බර දෙමිනි.
    ”වෙන මොනවා කරන්නද මිසිස් කුරුප්පු මගෙ ලේලි වෙන්න හිටිය ඒ ගෑනු ළමයා ගිය සුමානෙ කරාටේ තරගෙකින් දිනුවනෙ.” වික්‍රමාරච්චි පිළිතුරු දුන්නේ කනස්සල්ලෙනි.


    උපුටා ගැනීම : සිළුමිණ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං.................ela...ela................
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    එතකොට අම්මා..?

    ”මොකද අම්මේ තාත්තගෙ ඔළුවේ කෙස් නැත්තෙ?” කුඩා මංජුල තම මවගෙන් ඇසුවේ කුතුහලයෙනි.
    ”ඒ, තාත්තා හුඟාක් හිතලා මතලා වැඩකරන, බොහොම බුද්ධිමත් කෙනෙක් හින්දනෙ පුතේ.” මව පිළිතුරු දුන්නාය.
    ”එහෙනං අම්මගෙ ඔළුවෙ හුඟාක් කෙස් තියෙන්නෙ.” මංජුල මවගේ හිස වෙතට ඇඟිල්ලක් දිගු කරමින් ඇසුවේය.
    ”මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං.” මව කෝපයෙන් මංජුලට කඩා පැන්නාය.



    This one is cool....:D:D:D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: Maxxxxa Machan :)
    Goda kalekin needa..??
    Rep +++

    ගොඩ දවසකින් ආවේ බං. මගේ කනෙක්ෂන් එකේ අව්ලක් බං. හැමදාම ප්‍රොක්සි වලින් එන්නේ. එපා වෙලා තියෙන්නෙ