එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම

    70 දශකයේ අග භාගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. නමුත් එම යුද්ධය ඊට වසර 22කට පෙර නිමා කිරීමට අපූරු අවස්ථාවක් උදා වුණා. ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න යන සෙන්පතියන් දෙදෙනාගේ මෙහෙයවීම යටතේ සිදුවුණු වඩමාරච්චි සටන නිසා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදයේ අවසානය ළඟා වුණා. නමුත් එම අවස්ථාවේ ඉන්දියාව ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ලංකාවේ ඊළාම් යුද්ධය තවත් දශක 2ක් පුරාවට පැවතුණා.


    NIE1iAq.jpg

    ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න සෙන්පතියන්

    ශ්‍රී ලංකා යුද ඉතිහාසය තුළ සිදු වුණු තීරණාත්මක සටන්වලින් එකක් වන වඩමාරච්චි සටන පිළිබඳව වර්තමාන පරපුර දැනගත යුතු යි. එම නිසා මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ 1987 දී L.T.T.E සංවිධානයට පහර පිට පහර එල්ල කළ වඩමාරච්චි සටන පිළිබඳව යි.



    L.T.T.E ත්‍රස්ත ක්‍රියාකාරකම් වර්ධනය වීම



    f2jrabN.jpg



    1983 වසරේ සිදුවුණු කළු ජූලියේ අවසානයත් සමග විශාල අනුගාමිකයන් පිරිසක් L.T.T.E සංවිධානය වටා එකතු වුණේ, කළු ජූලිය අවස්ථාවේ රජයේ ක්‍රියාකලාපයට එරෙහිව එම සංවිධානය දෙමළ ජනයාගේ ගැලවුම්කරු ලෙස සලකන්නට වූ නිසා යි. 1984 වසරේ අගභාගයේ සිට L.T.T.E ත්‍රස්තවාදීන් විනාශකාරී ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කළා. ඔවුන් 1984 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, සහ කෝකිලායි මායිම් ගම්මානවලට වැදී නිරායුද සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබුවා.


    ctdkyqo.jpg
    qRqrGY9.png

    1983 කළු ජූලිය

    එතැන් සිට ආරම්භ වුණු කොටි ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී ක්‍රියාකාරකම් 1985 වසර වන විට උත්සන්න වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසරේ වෙසක් පොහොය දිනයේ දී ශ්‍රී මහා බෝධිය අසල ආගමික වතාවත්වල නියැලෙමින් සිටි සිවිල් ජනයාට රුදුරු ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් L.T.T.E ත්‍රස්තවාදීන් සහාසික වුණා. එලෙස L.T.T.E සංවිධානය ඇතුළු ද්‍රවිඩ සංවිධාන උතුරුකරය ගිනියම් කරමින් දියත් කළ විනාශකාරී ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා රජය ඔවුන්ට සාම සාකච්ඡා සඳහා ඇරයුම් කළා.



    තිම්පු සාම සාකච්ඡා


    GjQqCrC.jpg



    ඉන්දීය රජයේ මැදිහත්වීම යටතේ ලංකාවේ ජනවාර්ගික අරගලය නිමාකිරීම සඳහා 1985 වසරේ ජූලි මස භූතානයේ තිම්පු නුවර දී තිම්පු සාම සාකච්ඡා ආරම්භ වුණා. එම සාකච්ඡාවල දී ලංකා රජයේ නියෝජිතයා ලෙස කටයුතු කළේ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ සොයුරෙකු වුණු හෙක්ටර් ජයවර්ධන යි. දෙමළ නියෝජිත කණ්ඩායම සඳහා දෙමළ ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්), දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ), දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටී.යු.එල්.එෆ්) යන සංවිධාන අයත් වුණා.


    RaUDgwg.png

    භූතානයේ තිම්පු නුවර තිම්පු සාම සාකච්ඡා



    එම සංවිධානයන් ලංකා රජයෙන් ඉල්ලා සිටියේ පහත දැක්වෙන ඉල්ලීම් හතර යි.

    1) ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම
    2) ස්වයංපාලනය පිළිගැනීම
    3) ද්‍රවිඩ නිජබිම පිළිගැනීම
    4) ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම

    එම ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය එකඟ වුණේ නැහැ. එම නිසා 1985 වසරේ අගෝස්තු මාසය වන විට තිම්පු සාකච්ඡා බිඳ වැටුණා.




    තිම්පු සාකච්ඡාවල අතුරු ඵල

    1985 තිම්පු සාම සාකච්ඡා ආරම්භ වන විට යාපන අර්ධද්වීපය තුළ යුද හමුදා කඳවුරු කිහිපයක්ම පිහිටා තිබුණා. ඉන් ප්‍රධානතම කඳවුරු දෙක වුණේ පලාලි සහ ගුරුනගර් හමුදා කඳවුරු දෙක යි. ඊට අමතරව කුඩා කඳවුරු ලෙසින් අලිමංකඩ, පේදුරු තුඩුව, තොණ්ඩමනාරු, සහ වැල්වැටිතුරෙයි යන කඳවුරු ක්‍රියාත්මක වුණා. නමුත් තිම්පු සාම සාකච්ඡා ක්‍රියාත්මක වුණු කාල සමය තුළ ලංකා හමුදාවන්ට කඳවුරුවලට වී සිටීමට සිදු වුණා. එසේම L.T.T.E සංවිධානය සමග යළි එදිරිවාදිකම් ඇතිවන ආකාරයේ ක්‍රියා සිදු කිරීම තහනම් වුණා.


    BRqboHn.jpg
    r45zwHp.jpg


    නමුත් එම කාල සමය තුළ ක්‍රියාත්මක වුණු L.T.T.E ත්‍රස්තවාදීන් යාපන අර්ධද්වීපය තුළ තිබුණු හමුදා කඳවුරු වටා බංකර ඉදිකළේ හමුදා භටයන් කඳවුරුවලම කොටු කරමින්. ඒ අනුව 1985 තිම්පු සාම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වුණේ යාපනය අර්ධද්වීපය තුළ L.T.T.E ත්‍රස්තවාදීන්ගේ බලය ව්‍යාප්ත වීම යි.



    ත්‍රස්තවාදීන්ගේ බලය බිඳීම සඳහා මෙහෙයුමක් ඇරඹෙයි

    1987 වසර වන විට L.T.T.E ත්‍රස්තවාදීන් යාපනය අර්ධද්වීපය තුළ වඩාත් බලවත්ව සිටියා. එදා ඔවුන්ගේ බලය බිඳීම සඳහා යම් ක්‍රියාන්විතයක් සිදු කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වුණා. එම අවධිය වන විට යුද හමුදාපතිවරයා ලෙසින් කටයුතු කළ සිරිල් රණතුංග යි.


    kj6pR47.jpg


    යාපනයේ වඩමාරච්චි ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වුණු ක්‍රියාන්විතය මෙහෙයවීමේ වගකීම භාර වුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, සහ ජෙරී ද සිල්වා යන නිලධාරින් තිදෙනාට යි.



    eT9b04Z.jpg

    ඩෙන්සිල් කොබ්බෑකඩුව (Daily News)



    ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු කණ්ඩායම්

    වඩමාරච්චි ක්‍රියාන්විතය සඳහා එකතු වුණු වන්නි බලසේනාවට අණ දීම පැවරුණේ බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුවට යි. එම වන්නි බලසේනාව යටතේ 3 වන ගජබා බලඇණිය සහ 3 වන පාබල බලඇණිය සටනට එකතු වුණා. එහිදී ලුතිනන් කර්නල් සතිස් ජයසුන්දර විසින් 3 වන ගජබා බලඇණිය සඳහා අණදෙන විට ලුතිනන් කර්නල් නාරද වික්‍රමරත්න විසින් 3 වන පාබල බලඇණිය සඳහා අණ දුන්නා. එසේම බ්‍රිගේඩියර් විජය විමලරත්න යටතේ සටන් බිමට පිවිසි සේනාව හඳුන්වනු ලැබුවේ යාපනය බලසේනාව නමින්.


    HTZttc8.jpg


    එම සේනාව සඳහා 1 වන ගජබා බලඇණිය සහ 1 වන ගැමුණු හේවා බලඇණිය ඇතුළත් වුණා. එහි දී මේජර් විපුල් බොතේජු පළමු වන ගැමුණු හේවා බලඇණියට අණ ලබාදුන්නා. ඊට අමතරව යාපනය පුරා විහිදී සිටි අනිකුත් භට පිරිස්වලට බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා විසින් අණ දුන්නා.


    txRHFOz.jpg

    ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු සෙබලුන් (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)




    ක්‍රියාන්විතයේ සැලසුම


    Sn622GN.jpg


    1987 වසරේ මැයි 26 වැනිදා ආරම්භ වුණු වඩමාරච්චි ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු විජය විමලරත්න ප්‍රමුඛ යාපනය බලසේනාවට පැවරුණු වගකීම වුණේ මුහුදුබඩ ප්‍රදේශය ඔස්සේ වැල්වැටිතුරය හරහා පේදුරු තුඩුවට ගමන් කිරීම යි. එසේම ඩෙන්සිල් කොබ්බෑකඩුව යටතේ ක්‍රියාත්මක වුණු බලසේනාවට පැවරුණු වගකීම වුණේ නෙල්ලිඅඩි හරහා වැටී තිබුණු මාර්ගය ඔස්සේ මලල්කාඩු වෙරළ දක්වා ගමන් කිරීම යි. ඊට අමතරව කමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා භටපිරිස් හෙලිකොප්ටර්වලින් සටනට එකතු වුණේ අවශ්‍ය භූමි ප්‍රමාණ ආවරණය කිරීම සඳහා යි. ඒ අතරතුර බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා යාපනය අර්ධද්වීපය පුරා විසිරී සිටි අනිකුත් භට පිරිස්වලට නායකත්වය ලබාදුන්නා.



    ක්‍රියාන්විත සාර්ථක වෙයි

    ක්‍රියාන්විතයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කොටි ත්‍රස්තවාදීන්ගෙන් දරුණු ප්‍රහාර එල්ල වුණු නිසා සැලකිය යුතු සෙබලුන් පිරිසක් තුවාල ලැබුවා. නමුත් ඉන් නොසැලුණු ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න සිය භට පිරිස් සමගින් අඛණ්ඩව ක්‍රියාන්විත කටයුතු සිදු කරනු ලැබුවා. හමුදා සෙබලුන් නොසැලෙමින් සිදුකළ මෙහෙයුම් නිසා මැයි 30 වැනිදා වන විට ත්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුව තිබුණා. එම අවස්ථාව වන විට යුද හමුදා භට පිරිස් එල්ල කළ ප්‍රහාරයන් හමුවේ අඩපණව සිටි කොටි ත්‍රස්තවාදීන් පරාජය අභියස සිටියා.


    KTHVSVM.jpg


    උතුරේ කොටි ත්‍රස්තවාදීන් අසීරු අඩියකට පත්ව සිටි අවස්ථාවේ සිය රුදුරු ගතිගුණ පෙන්නුම් කළ නැගෙනහිර ත්‍රස්තවාදීන් අම්පාර අරන්තලාවේ දී බසයක් නතර කර භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළේ 1987 වසරේ ජූනි 2 වැනිදා යි. ඒ වන විට සිය නායකයා සතුරන් අතට පත්වීමේ අවදානමක් තිබුණු නිසා කොටි ත්‍රස්තවාදීන්ගේ අරමුණ වුණේ අනිකුත් ප්‍රදේශවල දී විනාශකාරී ක්‍රියා සිදුකරමින් උතුරේ සිදුවන ක්‍රියාන්විතයන් අඩපණ කිරීම යි.



    oGE72lm.jpg
    SSYoAX4.jpg

    අරන්තලාව ඝාතනය 1987 වසරේ ජූනි 2



    ඉන්දියාව ප්‍රභාකරන්ගේ පිහිටට එයි


    KiMcaPt.jpg


    L.T.T.E සංවිධානය ක්‍රමයෙන් පරාජයට පත්වෙමින් තිබුණු අවස්ථාවේ ඔවුන්ට සහාය දීම සඳහා අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් වුණා. එදා යාපනයේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැති බව පවසමින් ඔවුන් පාන්, පරිප්පු, හාල්, ළූණු, එළවළු, කිරි, ලාම්පු තෙල්, සහ ගිනි පෙට්ටි පුරවාගත් බෝට්ටු 19ක් තමිල්නාඩුවේ රාමේෂ්වරම් සිට ලංකාවට එවනු ලැබුවා. රතුකුරුස කොඩි ඔසවා තිබුණු එම බෝට්ටුවල පත්‍ර කලාවේදීන් ද සිටි බව සඳහන් වුණා. නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටුවලට ලංකා මුහුදු සීමාව පසුකිරීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. එය ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෑල්ලුවට ලක්කිරීමක් ලෙස සලකා උරණ වුණු ඉන්දීය රජය පසු දින හිතුවක්කාර ක්‍රියාවක් සිදු කළා.


    VDaYDPV.jpg

    ලංකාවට පැමිණි ඉන්දීය යාත්‍රා (රාවය)


    යාපනයට ගුවනින් පරිප්පු දමයි

    1987 වසරේ ජූනි 4 වැනිදා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එහි සඳහන් වුණේ යාපනයේ ජනතාවට ගුවනින් සහනාධාර ලබාදෙන බව යි. බැංගලෝරයෙන් පිටත් වුණු, ආහාර රැගත් ඇන්ටනෝව් 32 ගුවන් යානා 5ක්, මිරාජ් ප්‍රහාරක යානා හතරක ආධාරය ද සමගින් ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කළා. එහි දී ඉන්දියාව නිවේදනය කළේ ඔවුන්ගේ ගුවන් යානාවලට වෙඩි තැබීමක් සිදු කළොත් පෙරළා වෙඩි තැබීමට පසුබට නොවන බව යි. එම අවස්ථාවේ දී අධික ලෙස කෝපයට පත් වුණු ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි පවසා සිටියේ ‘යාපන කලපුවට වැටුණු ඉන්දියන් කෑම කපුටන් විසින් කා දැමුණු බව’ යි.


    1UQv6vp.jpg

    ලංකාවට ඒමට සූදානමින් තිබුණු ගුවන් යානා (Bharat-Rakshak.com)





     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka

    ගුවන් යානාවලට පහරදුන්නා නම් ඉන්දියානුවන්ගේ සැලසුම

    ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කළ අවස්ථාවේ ඉන්දීය ගුවන් යානාවලට මෙරට ආරක්ෂක අංශ විසින් පහරදුන්නා නම් ඔවුන්ගේ සැලසුම වී තිබුණේ ලංකාවේ ජනාධිපති, අගමැති ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම යි. ඒ වන විට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සතුව විශාල සැලැස්මක් තිබුණු අතර එහි ලංකාවේ සියලුම පොලිසි පිළිබඳවත්, කොළඹ අවට පිහිටි හමුදා භට සේනාංකවල සිටි පිරිස් පිළිබඳව විස්තර ද ඇතුළත්ව තිබුණා.


    YOV2hZ9.jpg



    එසේම ඔවුන් කොළඹ පිහිටි ක්‍රීඩාංගණ පිළිබඳව ද තොරතුරු එක් රැස් කර තිබුණා. එලෙස කොළඹ පිට්ටනිවල තොරතුරු එක් රැස් කර තිබුණේ ක්ෂණික මෙහෙයුමක් සඳහා ඉන්දීය සේනා පැරෂුට් මඟින් කොළඹට බැස්සවීම සඳහා යි. එහි දී ඉන්දීය ඔත්තුකරුවන් කොළඹ ශාන්ත පීතර විදුහල් පිටිය, හැව්ලොක් පිටිය, ලංගම ක්‍රීඩා පිටිය, පොලිස් ක්‍රීඩාංගණය, රාජකීය විදුහල් පිටිය, SSC පිටිය, කැම්බල් පිටිය, ගාලු මුවදොර, සහිරා විදුහල් පිටිය, ශාන්ත බෙනඩික් විදුහල් පිටිය සහ සුගතදාස ක්‍රීඩාංගණය පිළිබඳව ඔත්තු බලා තිබුණා.

    ei8DKHG.jpg
    lGBACtw.jpg

    රජිව් ගාන්ධි මැතිතුමා සහ ඩික්සිත් මහතා

    ඉන්දීය ගුවන් මෙහෙයුම එයාකාරයෙන් සිදුවුණා නම්, එම මෙහෙයුම පිළිබඳව සිංහලෙන් මුද්‍රිත පත්‍රිකා කොළඹට බෙදීමට ද ඉන්දීය ඔත්තු සේවාවන්ට අවශ්‍ය වුණා. නමුත් ඉන්දියාවෙන් හෝ ලංඩනයෙන් ඔවුන්ට සිංහල මුද්‍රණාලයක් සොයාගැනීමට හැකි වුණේ නැහැ. එහි දී ඔත්තු සේවාවේ දෙමළ අතරමැදියෙකු කොළඹින් අකුරු කට්ටල කිලෝ 35ක් මිල දී ගෙන කිලෝ පහේ පැකට් ලෙසින් පාර්සල් 7ක් සකස් කර ඉන්දීය ගුවන් යානයකින් ඉන්දියාව බලා යවනු ලැබුවා. එසේම ජූනි 4 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ජාතිකයන්ට සුඛෝපභෝගි හෝටල්වල නවාතැන් ගන්නා ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දී තිබුණා. නමුත් ගුවනින් ආහාර දැමීමේ මෙහෙයුම සාමකාමීව අවසන් වුණු නිසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුණේ නැහැ
    .


    ඉන්දීය බලපෑම නිසා සටන නවතියි

    T8togVH.jpg




    ඉන්දියාව සිදුකළ බලපෑම නිසා වඩමාරච්චි මෙහෙයුම අතරමඟ නවතා දැමීමට සිදු වුණා. යම් ආකාරයකින් එදා සටන අඛණ්ඩව සිදු වුණා නම් L.T.T.E නායක ප්‍රභාකරන් හසුකර ගැනීමට අවස්ථාව උදා වී තිබුණා. එදා ප්‍රභාකරන්ව ආරක්ෂා කළ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට කළගුණ සැලකීමට ඔහු අමතක කළේ නැහැ. 1991 වසරේ මැයි 21 වැනිදා මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් රජිව් ගාන්ධි ඝාතනය කෙරුනා.


    LPz2vmb.jpg
    74BD2sW.jpg


    ඉන්දීය බලපෑම නිසා එදා කොටි ත්‍රස්තවාදීන්ව පරාජය කිරීමට නොහැකි වුණත්, ශ්‍රී ලංකා යුද ඉතිහාසය තුළ සිදුවුණු අභීත සටන් අතරට වඩමාරච්චි සටනත් එකතු වනවාට කිසිදු සැකයක් නැහැ.


    මූලාශ්‍රයයන්

    Blogger Nadun Liyanagedara
    රෝර්මිඩියා
    කොළඹ භූමිකාව- ජේ.එන් ඩික්සිත්
    ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය- රංජිත් අමරකීර්ති පලිහපිටිය
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් - කමල් ගුණරත්න
    ගාමිණී දිසානායක චරිතාපදානය- රංජිත් අමරකීර්ති පලිහපිටිය
    චායාරුප අන්තර්ජාලයෙනි
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ඉන්දියන් පකයිගේ කයිය විතරයි. අපරාදේ එදා ඇරලා දාන්න තිබ්බේ ප්ලේන් එකකට. ඒත් ඉතින් අන්තිමට කිවාවගේ මොකුත් වෙන්නේ නැ තමා. ඔකුන් පැරිශුට් වලින් බෑවානම් මන්න පාර කාලා තමා යන්නේ. :lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අන්තිමට පරිප්පු දුන්න එකාටම බෝම්බයක් තිබ්බා LTTE උං
    මේකෙ ltte එකට හොඳ කියන උන්ටත් වෙන්නෙ ඕක ltte උන් action එකේ හිටියනම්.. keyboard players

    nice thread
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඉන්දියන් පකයිගේ කයිය විතරයි. අපරාදේ එදා ඇරලා දාන්න තිබ්බේ ප්ලේන් එකකට. ඒත් ඉතින් අන්තිමට කිවාවගේ මොකුත් වෙන්නේ නැ තමා. ඔකුන් පැරිශුට් වලින් බෑවානම් මන්න පාර කාලා තමා යන්නේ. :lol:
    මොකෙන්ද අපි ගහන්නේ ඒ කාලේ කෆීර් තිබ්බද අපිට . බෙල් නම් තියෙන්න ඇති

    rajiv gandhi paid for it 😂
    ඒක ලංකාවේ රජයෙන් එල්ටීටීය දාවල කරවපු ඉන්සයිඩ් ජොබ් එකක්. ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද වක්‍රව ltte එකේ උදව් ලබාගත්තා ජන්ද දිනන්න සමහර ඒවා ඉතින් ප්ලෑන් කරත් ඉල්ලන් කෑව
    ------ Post added on Aug 6, 2023 at 11:27 PM
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඉන්දියානු ගැතිකම අපේ වුන්ගෙන් කපේට අයින් කරන්න බෑ,වුන් නිල බලලා හරි තැනටම ගහල තියෙන්නේ.
    විජයගෙ ජානනෙ බන්.ඕක ඉන්දියන් විතරක් නෙමේ සුදු හමටත් ඒමයි.දැන් ඔය පොත්ත සුදට ඉන්න හුගක් එවුන් පරම්පරාවෙ කොහෙදි හරි සුද්දෙක්ගෙන් හුකාගෙන ඇති.😂😂
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    rajiv gandhi paid for it 😂
    එකෙම්ම..හැබැයි ඒකෙන් නම් උන් පාඩම ඉගෙන ගත්ත නේද..තමිල්නාඩුවෙන් එකඑක සෙල්ලම් දාන්න හැදුවත් ආණ්ඩුවෙන් සප් එක ලැබුන අඩුයි
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura
    ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙ ජීප් එකට පේමදාස බෝම්බ තිබ්බා කියලා නේද කියන්නෙ. 90 ගනන් වල මුල් කාලෙදි යුද්දෙ ඉවරයක් වුනා නම් දැන් ලංකාව සෑහෙම්න දියුණු රටක් වෙන්න තිබුනා.
     

    Similar threads