එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,056
    18,988
    113
    ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙ ජීප් එකට පේමදාස බෝම්බ තිබ්බා කියලා නේද කියන්නෙ. 90 ගනන් වල මුල් කාලෙදි යුද්දෙ ඉවරයක් වුනා නම් දැන් ලංකාව සෑහෙම්න දියුණු රටක් වෙන්න තිබුනා.
    සරත් ෆොන්සේකයි , කමල් ගුණරත්නයි jeep එකක් ගිහින් ආව රූට් එකක පොඩ්ඩකට පස්සෙ බිම් බෝම්බයක් චෙක් වෙලා තියනවලු.. දෙපාරම නූලෙන් බේරිල ගිහින් තියෙන්නෙ.. මතල හැටියට කයිට්ස් පැත්තෙ clear කරද්දි (යාපනේ කොටුවෙ මෙහෙයුම)

    රාණමග ඔස්සේ නන්දිකඩාල් එකේ තිබුනෙ..

    @NRTG බ්‍රෝ.. වියටනාම් යුද්දෙ, නාම් යුද්දෙ ගැනත් දාමු වෙලාවක.. ඒ සිද්දි ගැන තියන් ෆිල්ම් , TV සීරිස් එහෙම ත් දන්නව නම් කියන්ම.. වෙනද වගේම සුපිරි ආටිකල් එක!
    ------ Post added on Aug 6, 2023 at 11:57 PM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura
    ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP, RSP, VSV, USP, rcds, psc, SLAC ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් හා අතිදක්ෂ නිලධාරියෙකි. තවත් හමුදා නිලධාරීන් 7 දෙනෙකු සමග පීඩන බෝම්බයක් මගින් මෙතුමාව ඝාතනය කෙරිණි.මෙතමා ජීවත්ව සිටියා නම් යුද්ධය නිම වීමට මෙතරම් කල් ගත වන්නේ නැත.මෙතුමා රටට අහිමි වූයේ රටේ අවාසනාවටය.

    ඩෙන්zසිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව

    ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව මියගියේ (මරා දැමුවේ) ඔහුට වසර 52ක් වන විටදීය. යුද හමුදාපති වීමේ සියලු සුදුසුකම් ඔහු යුදබිමේදී සපුරා තිබුණත් ඔහු එම පදවියට පත්වීම ගැන ඉතා සුළු පිරිසක් නොරිස්සුම් සහගතව සිටි බව ප්‍රසිද්ධ කරුණකි. යුද්ධය වවාගෙන කෑමෙන් තොරව අවංකවම එහි නිමාවක් දැකගැනීමේ ඔහු තුළ තිබූ පරම අභිලාෂය එයට හේතුවයි. එමෙන්ම අනෙකුත් හමුදා නිලධාරීන්ට නොහැකිවූ අසීරු මෙහෙයුම් කිහිපයක්ම සාර්ථකව කිරීම තවත් හේතුවක් ලෙස මම දකිමි. ඒ සියල්ලටම වඩා ඔහු මුළු රටේම ආදරයට ගෞරවයට ලක්වීම මේ සියලු හේතුවලට වඩා ඔහුට එරෙහිව බලපෑ කරුණකි.

    LTTE පාලනයෙන් යාපන අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම බේරාගැනීම සඳහා Operation Final Countdown මෙහෙයුම සැලසුම් කරමින් සිටියදී හදිසියේම කොබ්බෑකඩුව හා තවත් නිලධාරීන් ගමන් කළ හමුදා රථය බිම් බෝම්බයකට හසුව සෙසු නිලධාරීන් සමගම මිය යාමට ඔහුට සිදුවිය. මෙයට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කෙළින්ම වගකිවයුතු බව ඝාතනය ගැන පත්කළ ජනාධිපති කොමිසම තීරණය කළත් ඒ වනවිට ප්‍රේමදාස මහතාද LTTE ත්‍රස්තවාදියකු අතින් මියගොස් තිබිණි.

    කොබ්බෑකඩුව මහතාට මහින්ද රාජපක්ෂ වැනි යුද්ධය අවංකවම නිම කළ යුතු යැයි සිතූ නායකයෙක් යටතේ යුද්ධ කිරීමට තිබුණානම් යුද්ධය මීට බොහෝ කලකට පෙර නිම කිරීමට හැකියාවක් තිබිණි. එහෙත් ඒ වනවිට තිබුණේ ඉන්දියාවේ RAW සංවිධානයට අවශ්‍ය ලෙස සියලු තීරණ ගැනුණ කාලයකි. හිටපු නායකයන්ටද දූරදර්ශී ප්‍රතිපත්ති තිබුණේ නැත. සැමවිටම තිබුණේ පැලැස්තර විසඳුම් පමණි. යුද්ධය කළේද ගැමුණු කුමාරයා උණුබත් කෑ අයුරින්ය. හමුදාව තුළ දූෂණය උපරිමයෙන් ක්‍රියාත්මක විණි. යුද අවි සහ අනෙකුත් සැපයුම් සඳහා කෙරුණු දූෂිත ගනුදෙනු හරහා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කෝටිපතියන් බවට පත්විය. කොබ්බෑකඩුවට යුද්ධ කළ යුතුව තිබුණේ මේ සියල්ල මධ්‍යයේය.

    එක් අතකට කොබ්බෑකඩුව යුද භූමියේම මියයාම වඩාත් හොඳයැයි සිතෙන අවස්ථාද නැත්තේ නොවේ. කීර්තිමත් ලෙස යුද භූමියේ දක්ෂතා දැක්වූ මේජර් ජනරාල් ජානක පෙරේරා, ජනරාල් සරත් ෆොන්සේකා වැන්නවුන්ට දේශපාලනයට එක්වීම නිසා අත්වූ ඉරණම සැලකූ කල ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යුද වීරයකු ලෙස පමණක් ඉතිහාස ගතවීම ඔහුගේ වාසනාවකි. ඔහුට මේ රටේ ජනතාව එදත් අදත් හෙටත් එකසේ ආදරය කරති.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,988
    113
    කොබ්බෑකඩුව මහතාට මහින්ද රාජපක්ෂ වැනි යුද්ධය අවංකවම නිම කළ යුතු යැයි සිතූ නායකයෙක් යටතේ යුද්ධ කිරීමට තිබුණානම් යුද්ධය මීට බොහෝ කලකට පෙර නිම කිරීමට හැකියාවක් තිබිණි
    සෙට් නෑ මේ කෑල්ල.. සරත් ෆොන්සේක තරම සූක්ශම උනේ නැති නිසයි මම හිතන්නෙ මෙයාට බැරි උනේ.. සරා ගොයිය මොනා උනත් යුද්දෙට දස්සය
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,858
    113
    Colombo, Sri Lanka

    @NRTG බ්‍රෝ.. වියටනාම් යුද්දෙ, නාම් යුද්දෙ ගැනත් දාමු වෙලාවක.. ඒ සිද්දි ගැන තියන් ෆිල්ම් , TV සීරිස් එහෙම ත් දන්නව නම් කියන්ම.. වෙනද වගේම සුපිරි ආටිකල් එක!
    ------ Post added on Aug 6, 2023 at 11:57 PM
    ස්තුති මචන්. අනිවා ඒක ගැන ත්‍රෙඩ් එකක් දානවා. දැනටමත් එකක් ලෑස්ති කරන් ඉන්නේ මචන්.... :love2: (y)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,858
    113
    Colombo, Sri Lanka
    Ai LTTE eken muwa maruwe??
    අන්තිම කාලේ ඊළම අත්හැරලා වැඩි බලතල තියන පළාත්සබා වලට කැමති වෙන්න කියලා LTTE එකට බලපෑම් කෙරුවා ඉන්දියාවෙන්ම. එකට මල පැනලා ෂොට් එක දුන්නා කියලා තමයි මම අහලා තියෙන්නේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මොකෙන්ද අපි ගහන්නේ ඒ කාලේ කෆීර් තිබ්බද අපිට . බෙල් නම් තියෙන්න ඇති


    ඒක ලංකාවේ රජයෙන් එල්ටීටීය දාවල කරවපු ඉන්සයිඩ් ජොබ් එකක්. ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද වක්‍රව ltte එකේ උදව් ලබාගත්තා ජන්ද දිනන්න සමහර ඒවා ඉතින් ප්ලෑන් කරත් ඉල්ලන් කෑව
    ------ Post added on Aug 6, 2023 at 11:27 PM
    Eda premadasa uuta deepu gemata dan rajiv pons ge pawulama handigaawila gihin thiyenne.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    පොර මැරෙනකන් helicopter එක බිමට බෑවේ නෑලු සජියගේ piano

    මට තව මෙහෙම එකක් හිතෙනවා කළු ජූලිය ප්‍රභාකරන් පටන් ගත්තා වෙන්න බෑද
    අපේ උන් ඕනම trend එකක් ගන්න හින්දා පොඩ්ඩක් චූන් කරන්න විතරයි ඕනෙ

    ඒකට හොඳම සාක්ෂිය අනික් අවස්ථාවල අපිව මුන් අමුවෙන් කෑවත් අපි ඉවසන් හිටියා, ප්‍රභා 1983 ඕක පොඩ්ඩක් අවුලෝලා ඉතුරු ටික අපේ උන්ට signal එකක් දුන්නා මේක තමා විදිහ කියලා, nolimit එකට බිත්තර ගැහුවා වගේ අපේ උන් ඒකත් ඒ විදිහට continue කරන්න ඇති

    ටිපර් ගාල පැයකට 100යි
    ------ Post added on Aug 7, 2023 at 4:25 AM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අවසන් මානුශීය මෙහෙයුම ඇරුනම අනිත් ඒවා ඔක්කොම උන් ගහපු නිසා අපිත් ගහනව කියලා මොරාල් එකට ගැහුවා ඒවා විතරයිද මන්දා.කිසිම දීරඝ කාලීන ප්ලෑන් එක්ක් තිබිලා නෑ..ගුවනින් බෝම්බ දාන්න,නේවි එකෙන් සප්ලයි චේන් නතර කරන්න වගේ ඔක්කොම දේවල් එක පාර පාවිච්චි කෙරිලා නෑ වගේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ඔය හැම කෙරුම් කාරයගෙම කට වැහුවා
    මහින්ද රාජා
     
    • Love
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉන්දියන් පකයිගේ කයිය විතරයි. අපරාදේ එදා ඇරලා දාන්න තිබ්බේ ප්ලේන් එකකට. ඒත් ඉතින් අන්තිමට කිවාවගේ මොකුත් වෙන්නේ නැ තමා. ඔකුන් පැරිශුට් වලින් බෑවානම් මන්න පාර කාලා තමා යන්නේ. :lol:
    අන්තිමට ඒ දවස්වල බයේ පැනලා ගියපු එකෙක් එක්ක එකතු වෙලා බෝම්බත් තිබ්බනෙ රට බංකොල්ලොත් වෙන්න . ඉතිං උන්ට මුකුත් කරන්න බෑ කියන්න බෑ .


    ඕඉන්දියානු ගැතිකම අපේ වුන්ගෙන් කපේට අයින් කරන්න බෑ,වුන් නිල බලලා හරි තැනටම ගහල තියෙන්නේ.
    විජයගෙ ජානනෙ බන්.ඕක ඉන්දියන් විතරක් නෙමේ සුදු හමටත් ඒමයි.දැන් ඔය පොත්ත සුදට ඉන්න හුගක් එවුන් පරම්පරාවෙ කොහෙදි හරි සුද්දෙක්ගෙන් හුකාගෙන ඇති.😂😂
    ලංකාවේ සිංහල උන් ගොඩක් ඉන්දියාව එක්ක තරහයි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අවසන් මානුශීය මෙහෙයුම ඇරුනම අනිත් ඒවා ඔක්කොම උන් ගහපු නිසා අපිත් ගහනව කියලා මොරාල් එකට ගැහුවා ඒවා විතරයිද මන්දා.කිසිම දීරඝ කාලීන ප්ලෑන් එක්ක් තිබිලා නෑ..ගුවනින් බෝම්බ දාන්න,නේවි එකෙන් සප්ලයි චේන් නතර කරන්න වගේ ඔක්කොම දේවල් එක පාර පාවිච්චි කෙරිලා නෑ වගේ
    Thawa scene ekak thiyenawa, othana anthima dawas wala 13+ dennam kiyala thama indiawa shape karagena hitiye. 2009 thama mata matathaka awidiyata lankawe carrot eka kaala indiawa anithimata UNHRC resolution eke apita support ekata atha issuwe. 13+ pennuwe nattham daspayo aayema parippu danawaa.
     

    Similar threads