එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම
70 දශකයේ අග භාගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. නමුත් එම යුද්ධය ඊට වසර 22කට පෙර නිමා කිරීමට අපූරු අවස්ථාවක් උදා වුණා. ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න යන සෙන්පතියන් දෙදෙනාගේ මෙහෙයවීම යටතේ සිදුවුණු වඩමාරච්චි සටන නිසා ප්රභාකරන් ප්රමුඛ කොටි ත්රස්තවාදයේ අවසානය ළඟා වුණා. නමුත් එම අවස්ථාවේ ඉන්දියාව ප්රභාකරන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ලංකාවේ ඊළාම් යුද්ධය තවත් දශක 2ක් පුරාවට පැවතුණා.
ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න සෙන්පතියන්
ශ්‍රී ලංකා යුද ඉතිහාසය තුළ සිදු වුණු තීරණාත්මක සටන්වලින් එකක් වන වඩමාරච්චි සටන පිළිබඳව වර්තමාන පරපුර දැනගත යුතු යි. එම නිසා මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ 1987 දී L.T.T.E සංවිධානයට පහර පිට පහර එල්ල කළ වඩමාරච්චි සටන පිළිබඳව යි.
1983 වසරේ සිදුවුණු කළු ජූලියේ අවසානයත් සමග විශාල අනුගාමිකයන් පිරිසක් L.T.T.E සංවිධානය වටා එකතු වුණේ, කළු ජූලිය අවස්ථාවේ රජයේ ක්‍රියාකලාපයට එරෙහිව එම සංවිධානය දෙමළ ජනයාගේ ගැලවුම්කරු ලෙස සලකන්නට වූ නිසා යි. 1984 වසරේ අගභාගයේ සිට L.T.T.E ත්රස්තවාදීන් විනාශකාරී ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කළා. ඔවුන් 1984 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, සහ කෝකිලායි මායිම් ගම්මානවලට වැදී නිරායුද සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබුවා.
1983 කළු ජූලිය
එතැන් සිට ආරම්භ වුණු කොටි ත්රස්තවාදීන්ගේ විනාශකාරී ක්‍රියාකාරකම් 1985 වසර වන විට උත්සන්න වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසරේ වෙසක් පොහොය දිනයේ දී ශ්‍රී මහා බෝධිය අසල ආගමික වතාවත්වල නියැලෙමින් සිටි සිවිල් ජනයාට රුදුරු ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් L.T.T.E ත්රස්තවාදීන් සහාසික වුණා. එලෙස L.T.T.E සංවිධානය ඇතුළු ද්‍රවිඩ සංවිධාන උතුරුකරය ගිනියම් කරමින් දියත් කළ විනාශකාරී ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා රජය ඔවුන්ට සාම සාකච්ඡා සඳහා ඇරයුම් කළා.
ඉන්දීය රජයේ මැදිහත්වීම යටතේ ලංකාවේ ජනවාර්ගික අරගලය නිමාකිරීම සඳහා 1985 වසරේ ජූලි මස භූතානයේ තිම්පු නුවර දී තිම්පු සාම සාකච්ඡා ආරම්භ වුණා. එම සාකච්ඡාවල දී ලංකා රජයේ නියෝජිතයා ලෙස කටයුතු කළේ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ සොයුරෙකු වුණු හෙක්ටර් ජයවර්ධන යි. දෙමළ නියෝජිත කණ්ඩායම සඳහා දෙමළ ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්), දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ), දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටී.යු.එල්.එෆ්) යන සංවිධාන අයත් වුණා.
භූතානයේ තිම්පු නුවර තිම්පු සාම සාකච්ඡා
එම සංවිධානයන් ලංකා රජයෙන් ඉල්ලා සිටියේ පහත දැක්වෙන ඉල්ලීම් හතර යි.
1) ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම
2) ස්වයංපාලනය පිළිගැනීම
3) ද්‍රවිඩ නිජබිම පිළිගැනීම
4) ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම
එම ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය එකඟ වුණේ නැහැ. එම නිසා 1985 වසරේ අගෝස්තු මාසය වන විට තිම්පු සාකච්ඡා බිඳ වැටුණා.
නමුත් එම කාල සමය තුළ ක්‍රියාත්මක වුණු L.T.T.E ත්රස්තවාදීන් යාපන අර්ධද්වීපය තුළ තිබුණු හමුදා කඳවුරු වටා බංකර ඉදිකළේ හමුදා භටයන් කඳවුරුවලම කොටු කරමින්. ඒ අනුව 1985 තිම්පු සාම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වුණේ යාපනය අර්ධද්වීපය තුළ L.T.T.E ත්රස්තවාදීන්ගේ බලය ව්‍යාප්ත වීම යි.
යාපනයේ වඩමාරච්චි ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වුණු ක්‍රියාන්විතය මෙහෙයවීමේ වගකීම භාර වුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, සහ ජෙරී ද සිල්වා යන නිලධාරින් තිදෙනාට යි.
ඩෙන්සිල් කොබ්බෑකඩුව (Daily News)
එම සේනාව සඳහා 1 වන ගජබා බලඇණිය සහ 1 වන ගැමුණු හේවා බලඇණිය ඇතුළත් වුණා. එහි දී මේජර් විපුල් බොතේජු පළමු වන ගැමුණු හේවා බලඇණියට අණ ලබාදුන්නා. ඊට අමතරව යාපනය පුරා විහිදී සිටි අනිකුත් භට පිරිස්වලට බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා විසින් අණ දුන්නා.
ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු සෙබලුන් (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)
1987 වසරේ මැයි 26 වැනිදා ආරම්භ වුණු වඩමාරච්චි ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු විජය විමලරත්න ප්රමුඛ යාපනය බලසේනාවට පැවරුණු වගකීම වුණේ මුහුදුබඩ ප්‍රදේශය ඔස්සේ වැල්වැටිතුරය හරහා පේදුරු තුඩුවට ගමන් කිරීම යි. එසේම ඩෙන්සිල් කොබ්බෑකඩුව යටතේ ක්‍රියාත්මක වුණු බලසේනාවට පැවරුණු වගකීම වුණේ නෙල්ලිඅඩි හරහා වැටී තිබුණු මාර්ගය ඔස්සේ මලල්කාඩු වෙරළ දක්වා ගමන් කිරීම යි. ඊට අමතරව කමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා භටපිරිස් හෙලිකොප්ටර්වලින් සටනට එකතු වුණේ අවශ්‍ය භූමි ප්‍රමාණ ආවරණය කිරීම සඳහා යි. ඒ අතරතුර බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා යාපනය අර්ධද්වීපය පුරා විසිරී සිටි අනිකුත් භට පිරිස්වලට නායකත්වය ලබාදුන්නා.
උතුරේ කොටි ත්රස්තවාදීන් අසීරු අඩියකට පත්ව සිටි අවස්ථාවේ සිය රුදුරු ගතිගුණ පෙන්නුම් කළ නැගෙනහිර ත්රස්තවාදීන් අම්පාර අරන්තලාවේ දී බසයක් නතර කර භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළේ 1987 වසරේ ජූනි 2 වැනිදා යි. ඒ වන විට සිය නායකයා සතුරන් අතට පත්වීමේ අවදානමක් තිබුණු නිසා කොටි ත්රස්තවාදීන්ගේ අරමුණ වුණේ අනිකුත් ප්‍රදේශවල දී විනාශකාරී ක්‍රියා සිදුකරමින් උතුරේ සිදුවන ක්‍රියාන්විතයන් අඩපණ කිරීම යි.
අරන්තලාව ඝාතනය 1987 වසරේ ජූනි 2
L.T.T.E සංවිධානය ක්‍රමයෙන් පරාජයට පත්වෙමින් තිබුණු අවස්ථාවේ ඔවුන්ට සහාය දීම සඳහා අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් වුණා. එදා යාපනයේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැති බව පවසමින් ඔවුන් පාන්, පරිප්පු, හාල්, ළූණු, එළවළු, කිරි, ලාම්පු තෙල්, සහ ගිනි පෙට්ටි පුරවාගත් බෝට්ටු 19ක් තමිල්නාඩුවේ රාමේෂ්වරම් සිට ලංකාවට එවනු ලැබුවා. රතුකුරුස කොඩි ඔසවා තිබුණු එම බෝට්ටුවල පත්‍ර කලාවේදීන් ද සිටි බව සඳහන් වුණා. නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටුවලට ලංකා මුහුදු සීමාව පසුකිරීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. එය ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෑල්ලුවට ලක්කිරීමක් ලෙස සලකා උරණ වුණු ඉන්දීය රජය පසු දින හිතුවක්කාර ක්‍රියාවක් සිදු කළා.
ලංකාවට පැමිණි ඉන්දීය යාත්‍රා (රාවය)
ලංකාවට ඒමට සූදානමින් තිබුණු ගුවන් යානා (Bharat-Rakshak.com)

L.T.T.E ත්‍රස්ත ක්‍රියාකාරකම් වර්ධනය වීම

තිම්පු සාම සාකච්ඡා

තිම්පු සාකච්ඡාවල අතුරු ඵල
1985 තිම්පු සාම සාකච්ඡා ආරම්භ වන විට යාපන අර්ධද්වීපය තුළ යුද හමුදා කඳවුරු කිහිපයක්ම පිහිටා තිබුණා. ඉන් ප්‍රධානතම කඳවුරු දෙක වුණේ පලාලි සහ ගුරුනගර් හමුදා කඳවුරු දෙක යි. ඊට අමතරව කුඩා කඳවුරු ලෙසින් අලිමංකඩ, පේදුරු තුඩුව, තොණ්ඩමනාරු, සහ වැල්වැටිතුරෙයි යන කඳවුරු ක්‍රියාත්මක වුණා. නමුත් තිම්පු සාම සාකච්ඡා ක්‍රියාත්මක වුණු කාල සමය තුළ ලංකා හමුදාවන්ට කඳවුරුවලට වී සිටීමට සිදු වුණා. එසේම L.T.T.E සංවිධානය සමග යළි එදිරිවාදිකම් ඇතිවන ආකාරයේ ක්‍රියා සිදු කිරීම තහනම් වුණා.
නමුත් එම කාල සමය තුළ ක්‍රියාත්මක වුණු L.T.T.E ත්රස්තවාදීන් යාපන අර්ධද්වීපය තුළ තිබුණු හමුදා කඳවුරු වටා බංකර ඉදිකළේ හමුදා භටයන් කඳවුරුවලම කොටු කරමින්. ඒ අනුව 1985 තිම්පු සාම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වුණේ යාපනය අර්ධද්වීපය තුළ L.T.T.E ත්රස්තවාදීන්ගේ බලය ව්‍යාප්ත වීම යි.
ත්රස්තවාදීන්ගේ බලය බිඳීම සඳහා මෙහෙයුමක් ඇරඹෙයි
1987 වසර වන විට L.T.T.E ත්රස්තවාදීන් යාපනය අර්ධද්වීපය තුළ වඩාත් බලවත්ව සිටියා. එදා ඔවුන්ගේ බලය බිඳීම සඳහා යම් ක්‍රියාන්විතයක් සිදු කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වුණා. එම අවධිය වන විට යුද හමුදාපතිවරයා ලෙසින් කටයුතු කළ සිරිල් රණතුංග යි.
යාපනයේ වඩමාරච්චි ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වුණු ක්‍රියාන්විතය මෙහෙයවීමේ වගකීම භාර වුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, සහ ජෙරී ද සිල්වා යන නිලධාරින් තිදෙනාට යි.
ඩෙන්සිල් කොබ්බෑකඩුව (Daily News)
ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු කණ්ඩායම්
වඩමාරච්චි ක්‍රියාන්විතය සඳහා එකතු වුණු වන්නි බලසේනාවට අණ දීම පැවරුණේ බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුවට යි. එම වන්නි බලසේනාව යටතේ 3 වන ගජබා බලඇණිය සහ 3 වන පාබල බලඇණිය සටනට එකතු වුණා. එහිදී ලුතිනන් කර්නල් සතිස් ජයසුන්දර විසින් 3 වන ගජබා බලඇණිය සඳහා අණදෙන විට ලුතිනන් කර්නල් නාරද වික්‍රමරත්න විසින් 3 වන පාබල බලඇණිය සඳහා අණ දුන්නා. එසේම බ්‍රිගේඩියර් විජය විමලරත්න යටතේ සටන් බිමට පිවිසි සේනාව හඳුන්වනු ලැබුවේ යාපනය බලසේනාව නමින්.
එම සේනාව සඳහා 1 වන ගජබා බලඇණිය සහ 1 වන ගැමුණු හේවා බලඇණිය ඇතුළත් වුණා. එහි දී මේජර් විපුල් බොතේජු පළමු වන ගැමුණු හේවා බලඇණියට අණ ලබාදුන්නා. ඊට අමතරව යාපනය පුරා විහිදී සිටි අනිකුත් භට පිරිස්වලට බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා විසින් අණ දුන්නා.
ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු සෙබලුන් (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)
ක්‍රියාන්විතයේ සැලසුම
1987 වසරේ මැයි 26 වැනිදා ආරම්භ වුණු වඩමාරච්චි ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු විජය විමලරත්න ප්රමුඛ යාපනය බලසේනාවට පැවරුණු වගකීම වුණේ මුහුදුබඩ ප්‍රදේශය ඔස්සේ වැල්වැටිතුරය හරහා පේදුරු තුඩුවට ගමන් කිරීම යි. එසේම ඩෙන්සිල් කොබ්බෑකඩුව යටතේ ක්‍රියාත්මක වුණු බලසේනාවට පැවරුණු වගකීම වුණේ නෙල්ලිඅඩි හරහා වැටී තිබුණු මාර්ගය ඔස්සේ මලල්කාඩු වෙරළ දක්වා ගමන් කිරීම යි. ඊට අමතරව කමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා භටපිරිස් හෙලිකොප්ටර්වලින් සටනට එකතු වුණේ අවශ්‍ය භූමි ප්‍රමාණ ආවරණය කිරීම සඳහා යි. ඒ අතරතුර බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා යාපනය අර්ධද්වීපය පුරා විසිරී සිටි අනිකුත් භට පිරිස්වලට නායකත්වය ලබාදුන්නා.
ක්‍රියාන්විත සාර්ථක වෙයි
ක්‍රියාන්විතයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කොටි ත්රස්තවාදීන්ගෙන් දරුණු ප්‍රහාර එල්ල වුණු නිසා සැලකිය යුතු සෙබලුන් පිරිසක් තුවාල ලැබුවා. නමුත් ඉන් නොසැලුණු ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න සිය භට පිරිස් සමගින් අඛණ්ඩව ක්‍රියාන්විත කටයුතු සිදු කරනු ලැබුවා. හමුදා සෙබලුන් නොසැලෙමින් සිදුකළ මෙහෙයුම් නිසා මැයි 30 වැනිදා වන විට ත්රස්තවාදීන්ට බරපතළ හානි සිදුව තිබුණා. එම අවස්ථාව වන විට යුද හමුදා භට පිරිස් එල්ල කළ ප්රහාරයන් හමුවේ අඩපණව සිටි කොටි ත්රස්තවාදීන් පරාජය අභියස සිටියා.
උතුරේ කොටි ත්රස්තවාදීන් අසීරු අඩියකට පත්ව සිටි අවස්ථාවේ සිය රුදුරු ගතිගුණ පෙන්නුම් කළ නැගෙනහිර ත්රස්තවාදීන් අම්පාර අරන්තලාවේ දී බසයක් නතර කර භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළේ 1987 වසරේ ජූනි 2 වැනිදා යි. ඒ වන විට සිය නායකයා සතුරන් අතට පත්වීමේ අවදානමක් තිබුණු නිසා කොටි ත්රස්තවාදීන්ගේ අරමුණ වුණේ අනිකුත් ප්‍රදේශවල දී විනාශකාරී ක්‍රියා සිදුකරමින් උතුරේ සිදුවන ක්‍රියාන්විතයන් අඩපණ කිරීම යි.
අරන්තලාව ඝාතනය 1987 වසරේ ජූනි 2
ඉන්දියාව ප්රභාකරන්ගේ පිහිටට එයි
L.T.T.E සංවිධානය ක්‍රමයෙන් පරාජයට පත්වෙමින් තිබුණු අවස්ථාවේ ඔවුන්ට සහාය දීම සඳහා අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් වුණා. එදා යාපනයේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැති බව පවසමින් ඔවුන් පාන්, පරිප්පු, හාල්, ළූණු, එළවළු, කිරි, ලාම්පු තෙල්, සහ ගිනි පෙට්ටි පුරවාගත් බෝට්ටු 19ක් තමිල්නාඩුවේ රාමේෂ්වරම් සිට ලංකාවට එවනු ලැබුවා. රතුකුරුස කොඩි ඔසවා තිබුණු එම බෝට්ටුවල පත්‍ර කලාවේදීන් ද සිටි බව සඳහන් වුණා. නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටුවලට ලංකා මුහුදු සීමාව පසුකිරීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. එය ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෑල්ලුවට ලක්කිරීමක් ලෙස සලකා උරණ වුණු ඉන්දීය රජය පසු දින හිතුවක්කාර ක්‍රියාවක් සිදු කළා.
ලංකාවට පැමිණි ඉන්දීය යාත්‍රා (රාවය)
යාපනයට ගුවනින් පරිප්පු දමයි
1987 වසරේ ජූනි 4 වැනිදා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එහි සඳහන් වුණේ යාපනයේ ජනතාවට ගුවනින් සහනාධාර ලබාදෙන බව යි. බැංගලෝරයෙන් පිටත් වුණු, ආහාර රැගත් ඇන්ටනෝව් 32 ගුවන් යානා 5ක්, මිරාජ් ප්‍රහාරක යානා හතරක ආධාරය ද සමගින් ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කළා. එහි දී ඉන්දියාව නිවේදනය කළේ ඔවුන්ගේ ගුවන් යානාවලට වෙඩි තැබීමක් සිදු කළොත් පෙරළා වෙඩි තැබීමට පසුබට නොවන බව යි. එම අවස්ථාවේ දී අධික ලෙස කෝපයට පත් වුණු ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි පවසා සිටියේ ‘යාපන කලපුවට වැටුණු ඉන්දියන් කෑම කපුටන් විසින් කා දැමුණු බව’ යි.

Last edited: