එදා මරණයේ දුතයක් අද ජීවිතය රකින හැටි

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    එදා මරණයේ දුතයක් අද ජීවිතය රකින හැටි

    67602039_643745242788185_2151833144200790016_n.png


    1. ඔබ අප කොයි කවුරුත් කුඩා කාලයේ ඉතා අසාවෙන් බලපු cartoon එකක් තමයි ටින් ටින් ගේ වීර ක්‍රියා.ඔබට මතකද cigars of pharaoh කතා මාලාව.
    එකේදී ටින් ටින් ට ඉන්දියාවේදී හමු වන මායාකරුවා මතකද.කටින් පිබින දුනු විදින,සතුරන් සිහි නැති කරවන,එසැනින් මරණයට පත් කරවන ඉන්දියානුවා.
    මොහු විදින්නේ කුමක් විය හැකිද

    67634981_643745252788184_845605139900268544_n.jpg


    2.16 වන ශතවර්ශයයි.යුරෝපිය ජාතින් එකිනෙකා පරයමින් නොදුටු ලෝකය ජය ගැනීමේ තරගයක නියැලුණු කාලයයි.පාප් වහන්සේ ලෝක අර්ධ ගෝලය දෙකට බෙදා Spain සහ Portugal යන ජාතීන්ට බෙදා දෙන ලදී.ඇමරිකානු මහාද්වීපය තරණය කරන ස්පග්න්යයන්ට ස්වදෙෂිකයන්ගෙන් එල්ල උනේ නොසිතු විරූ අභියෝගයක්.
    ඒ ඔවුන් සතුව තිබු අරුම පුදුම විෂ පෙවූ අවියකින්.ඉතා අලංකාර දකුණු ඇමෙරිකානු ගෙබි විශේෂයකින් සමේ තැන්පත් වී ඇති විෂ පෙරා ඊතල තුඩු වල ගල්වා සතුරන්ට පහර දුන්නා.
    විෂ ඊතල පහර කෑ යුරෝපියන් විනාඩි 4-5ක් තුල මරණයට පත් වුනේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන්.එක වරම ඇවිදීමට නොහැකිව අද වැටෙන,ක්‍රමයෙන් අතපය පන නැති වන,කෙල වක්කෙරිමින් හුස්ම අදින,දෙනවා කියා ගැනීමට නොහැකිව හඩ පිට නොවන තම මිය යන සගයා දැකීමත් ඉතා බිහිසුණු අත්දැකීමක් විය.

    67979795_643745362788173_1837577143136026624_n.jpg


    3. 1917 ජනවාරි 31.පළවෙනි ලෝක යුද්ධයේ යුද උණුසුම තදින්ම දැනුණු කාලයක්.එදින එංගලන්ත වාසීන්ට නම් අසන්න ලැබුනේ වෙනදා අහන යුධ පුවත් වලට අමතරව අමුතුම ආරයේ පුවතක් අසන්නට ලැබුනා. ඒ එවකට මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය David Lloyd George ව ඝාතනයට කුමන්ත්‍රණය සැලසුම් කල බවට සක කරමින් darby ප්‍රාන්ත වාසින් 4 දෙනෙකුත් කැබිනට් අමාත්‍යවරයෙක් වන Arthur Henderson ව සිරබාරයට ගැනීමත් සමගයි,ඔවුන් සැලසුම් කර තිබුනේ විෂ යෙදු උණ්ඩ වලින් අග්‍රාමාත්‍යවරයාව ඝාතනය කිරීමයි.

    68590299_643745412788168_6112093174967042048_n.png


    අපි මෙච්චර වෙලා කතා කරේ curare කියන විෂ ගැනයි.

    1945 දී බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෝ සමත් වෙනවා curare වලින් tubercurin නම් සංඝටකය වෙන් කර ගන්න.
    tubercurin කියන්නේ අපි අද නිර්වින්දනයේදී භාවිත කරන මාංශ පේශි ලිහිල් කරන ඖෂධ වල මුලික අවස්ථාව.1945 පසුව වෛද්‍යවරුන් tubercurin ශල්‍යකර්ම වලට යොදා ගත්තා.

    67622192_643745712788138_7121039773719855104_n.jpg


    අද අපි නිර්වින්දනයේදී භාවිතාකරන atracurium,pancuronium,mivacurium ආදී නොයෙකුත් ඖෂධ මුලිකයා tubercurin වේ.

    බලන්න එකල විෂ අද දිව ඔසුවක් වී තියන හැටි.​
     
    Last edited: