එදා_තමුසෙලා කොහෙද හිටියෙ - සුසිල් බැසිල්

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    එදා_තමුසෙලා කොහෙද හිටියෙ - සුසිල් බැසිල්

    ‘එදා තමුසෙලා කොහෙද හිටියෙ?' - සුසිල් බැසිල්ගෙන් විමසයි!
    susil_basil_exclusive.jpg

    ‘නිකං ගොන් පාට් දාන්ඩ එන්ඩ එපා අපිට. හොරකං කරල හොරකං කරල ආණ්ඩුවට කෙලවල දැන් එනව ඒව අපේ පිට දාන්ඩ. මෙච්චර කල් අපිත් ඉවසන් හිටිය. තමුසෙ හිතුවෙ අපි පොන්නයො කියලද? මේක අහගන්නව හලෝ. මට මේ උලව් ඇමති කම නැතිවුනොත් මම හෙට ඉදන් කෝට් බෑය දාගෙන ආයිත් උසාවි යනව. තමුසෙ මොනව කරන්ඩද? තමුසෙට පුළුවන් ආයිත් ඇමරිකාවට පැනල යන්ඩ විතරයි. එකක් මතක තියාගන්නව. අපි ආයිත් තමුසෙලගෙ බොරු පාට් වලට බය වෙන්නෑ කියල' යනුවෙන් බල ශක්ති සහ පරිසර අමාත්‍ය එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාට ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දින කීපයකට පසු මුව නොසෑහෙන සේ බැණ වැදී ඇත.

    සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට එසේ බැණ වැදී ඇත්තේ ඔහු, ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශයකට දුරකතනයෙන් බැණ වැදීමට පටන් ගත් අවස්ථාවේදීය.

    ‘පසුබෑමක් තියෙනවා. නමුත් ජයග්‍රහණය කරනවා' යනුවෙන් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් ඌව පළාත් සභාවේ ඡන්ද ප්‍රතිඵලය සමාලෝචනය කරමින් මාධ්‍යයන් වෙත දැක්වූ අදහස් සම්බන්ධයෙන් එසේ බැසිල් අමාත්‍යවරයා කෝපයට පත්වී දුරකතන ඇමතුමක් දී තිබේ.

    සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙම අවස්ථාවේ සිට ඇත්තේ තමන්ගේ නිවසේ අය හා හිතවතුන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. බැසිල් අමාත්‍යවරයාගේ තර්ජනයෙන් උන්හිටි තැන් අමතක වී ඇති ප්‍රේමජයන්ත අමාත්‍යවරයා නිවස දෙක වන ලෙස කෑ ගසමින් ‘තමුසෙල 2005 කොහේද හිටියෙ? අයිසෙ අපි තමයි පක්ෂෙ බලයට ගේන්න ගුටි කෑවෙ. වෙඩි කෑවෙ. ජීවිත පූජා කලේ. තමුසෙල මොනවද කලේ. තමුසෙල කලේ ඇමරිකාවෙ ඉදන් පැරිෂුට් එකෙන් අරලියගහ මන්දිරයට බැහැල ලවක් දෙවක් නැතුව හොරකම් කරපු එක විතරයි. තමුසෙල ආණ්ඩුවත් කෑව. පක්ෂෙත් කෑව ඕයි. තමුසෙලගෙ කුප්ප වැඩ නිසා අපිටවත් පාරෙ බැහැල යන්ඩ නෑ. මේ හැම එකෙන්ම කෙල වෙන්නෙ එදා ඉදල දුක් විදපු සැබෑ ශ්‍රී ලංකා කාරයින්ට. කෙල වුනහම තමුසෙල ඇමරිකාවට මාරු වෙයි. ආයිත් යූඑන්පී කාරයින්ගෙන් ගුටි කන්න වෙන්නෙ අසරණ ශ්‍රී ලංකා කාරයින්ට' යනුවෙන් පවසා ඇත. දැඩිලෙස කෝපයට පත්වී සිටි ප්‍රේමජයන්ත අමාත්‍යවරයා හෘද රෝගියෙකු බැවින් ඔහු අස්වැසීමට පවුලේ උදවියට මහත් වෙහෙසක් ගැනීමට සිදුවී ඇත. නිවසේ රැස්ව සිටි හිතවතුන් තුෂ්නිම්භූතව ගල් ගැසී සංවාදය අසා සිට ඇත.

    ටික වේලාවකින් කෝපය සංසිදවා ගෙන ඇති ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ජනාධිපතිවරයා අමතා ඇත. ‘සර් මට බැසිල් ඇමතිතුමා බණින්න ආවා. මටත් තදවුනා. මමත් කෑ ගැහුවා. මට කරන්න දෙයක් නෑ. මං ගෞරව කරන්නෙ ඔබ තුමාට විතරයි. අපි ඔබතුමා එක්ක හැමදාම ඉන්නව' යනුවෙන් පවසද්දී සාවදානව අසා සිටි ජනාධිපතිවරයා අවසානයේ කියා ඇත්තේ ‘සුසිල් තනියමද ඉන්නෙ? ඔයා බැනපු එක කාටවත් ඇහුන්නෑ නේද? මේවා මීඩියාවල යන්න දෙන්න එපා. අපි කතා කරල විසදගම්මු. කලබල නොවී ඉන්න' කියාය. කෙසේ වෙතත් අප වෙත වාර්තාවන ආකාරයට මෙම අවස්ථාවේදී බැසිල් අමාත්‍යවරයා සිට ඇත්තේ ජනාධිපතිවරයා සමගය.

    කෙසේ වෙතත් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ශ්‍රීලනිප ජේෂ්ඨ ඇමතිවරුන්ට මෙම සිද්ධිය පවසා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (25) කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටවූ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බැසිල් අමාත්‍යවරයා විසින් විවෘත කිරීමේ උත්සවය සියළුම ජේෂ්ඨ අමාත්‍යවරුන් වර්ජනය කොට තිබේ. මේ බව නොදැන එහි පැමිණි ෆවුසි අමාත්‍යවරයාද ටික වේලාවකින් එම ස්ථානයෙන් පිටවී ගොස් ඇත.


    Source": http://sinhala.lankanewsweb.net/exclusive/13920-2014-09-26-10-37-54

    More... සුසිල් - බැසිල් ගැටුම දුරදිග යයි !
    https://sinhala.srilankamirror.com/index.php/news/21098-susil-basil-clash-worsened

    මේ සිද්දිය ඇත්තක්ද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    සීමාව ඉක්මවූ මන්ත්‍රීවරයෙක් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව තුළදී සරම උස්සයි

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වලු
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    එදා තමුසෙලා කොහේද හිටියේ....?
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අපිටත් අහන්න තියෙන්නෙ එක තමයි....​
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රජකම් කෙරුවත් කළකම් පලදේ




































    ඉදිරියේදී ලංකාවට වෑන් වැඩිපුර ආනයනය කෙරෙනු ඇත
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    එදා තමුසෙලා කොහේද හිටියේ....?
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අපිටත් අහන්න තියෙන්නෙ එක තමයි....​

    කිවුවත් වගේ ඒක නම් ඇත්ත බන්
    මුන් නිකන් පැරෂුට් කාරයෝ වගේ උඩින් බැහැපු උන් නේ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Oya scene eke aththa naththa danne na.
    Eth meke kiyapu dewal aththa.mahinda kohewath nathi unwa genawa parlimenthuwata.
    Anduwa nathi una dawasata oya ekekwath hoyaganna nathi wenawa.:yes:
    Mahindatath ekama thamai.bale thiyenakan boru karala hoda hitha gani hamogema.bale nathi unama mahinda rajapaksha namath ballata yanawa:yes:
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එදා තමුසෙලා කොහේද හිටියේ....?
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අපිටත් අහන්න තියෙන්නෙ එක තමයි....​

    අබසරණයි එහෙනම් ! මූටත් !

    දැන් ඉතින් සුසිල් ගේත් file පනී !​
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන පසුබැමක්ද? ඔන්න පුන්නක්කු මිලත් අඩු කරලා සහන රැසක් දිලා තියෙන්නේ ඡහමනයා ආන්ඩුව සමගයි.