එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ ....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,877
    113
    “එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ මිය යනු ඇත” කියන මාතෘකාවත් එක්ක පහුගිය දවස් වල වේගයෙන් පැතිරුනු පණිවිඩය ඔබටත් සමහර විට ලැබෙන්න ඇති.


    ලංකාව වේගයෙන් එන්නත්කරණය කරගෙන යන මේ වගේ දවස් වල ඉහත කිව්ව පණිවිඩය වගේ එකකින් කරන්නේ සුලු පටු හානියක් නෙවෙයි. හෙට එන්නත ගන්න තියෙන කෙනෙකුට ඔහොම එකක් අද දැන ගන්න ලැබුනොත් කවුද එන්නත ගන්නේ? අපි හැම දෙයක්ම කරන්නේ අපේ පැවැත්ම (survival) තහවුරු කරගන්නයි.
    Luc Montagnier කියන්නේ කවුද?

    ඔහු ප්රංශ වෛරස් විද්යාඥයක්. HIV වෛරසය හඳුනාගැනීම වෙනුවෙන් ඔහුට 2008දී නොබෙල් ත්‍යාග්‍ය ලැබෙනවා.
    එයා මොනවද Covid-19 ගැන කිව්වේ?

    එයා කියන විදියට කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මිනිසා විසින් නිර්මාණය කළ එකක්. එය HIV වෛරසය ආශ්රිතව නිපදවූ බවක් ඔහු කියනවා. නමුත් වර්තමානයේදී මේ මතය බැහැර කල එකක්.
    තව ගෝලීය වසංගත අවස්ථාවකදී වැක්සීන් දීම භයානක වෙන්ට පුලුවන් කියලත් ඔහු කියනවා. ඒ antibody dependent enhancement නිසා සෑදෙන ප්‍රතිදේහ මඟින් වෛරසය දේහය තුළ ගුණනය වීමෙන් කියලයි ඔහු කියන්නේ.

    antibody dependent enhancement කියන්නේ මොකද්ද?

    ප්‍රතිදේහ තමයි අපේ ප්රතිශක්තිකරණ පද්ධතියට වෛරසය කවුද කියලා හඳුන්වලා දෙන්නේ. අපි එන්නත ගත්තම එන්නතේ වර්ගය කුමක් උනත් අන්තිමට වෙන්නේ කොවිඩ් වෛරසය හඳුනාගැනීමට උදව් වෙන ප්‍රතිදේහ සෑදීම. නමුත් මේ සෑම ප්‍රතිදේහයක්ම එහෙම වෛරසය හඳුනා ගන්න උදව් වන්නේ නෑ. සමහර ප්‍රතිදේහ වෛරසයට සෛල වලට ඇතුල් වන්න උදව් වෙනවා.
    antibody dependent enhancement තත්ව‍ය Covid-19 වෛරසය ආශ්රිතව සිදු වෙනවාද?
    දැනට ඇති කිසිම එන්නතකින් ඉහත කියපු දේ වෙනවා කියලා හොයාගෙන නෑ. මේ පිළිබඳ විද්‍යාඥයින් දිගටම ඇහැ ගහගෙනයි ඉන්නේ.
    එතකොට Luc Montagnier මෙහෙම කිව්වේ ඇයි?

    Luc Montagnier කාලයක පටන් වැක්සීන් විරුද්ධවාදීයෙක් (Anti-Vaxxer) සහ විද්‍යාත්මක පර්‍යේශණ සාක්ෂි නැති පදනම් විරහිත මත පලකරනවා. ඔහු මේ සියල්ලට ඔහුගේ නොබෙල් ත්‍යාගයත් ගාව ගන්න නිසා ඒ ගැන විරුද්ධත්වය පළ කරලා විද්යාඥයින් පිරිසක් 2017දී විවෘත ලිපියකුත් ලිව්වා.
    "අපට, අපගේ සම වයසේ මිතුරෙකු ඔහුගේ දැනුම් ක්ෂේත්‍රයෙන් පිටත භයානක සෞඛ්‍ය පණිවිඩ පතුරුවා හැරීම සඳහා ඔහුගේ නොබෙල් තත්වය භාවිතා කරන ආකාරය අනුමත කළ නොහැකිය."
    Anti-Vaxxer කෙනෙක් කියන්නේ කවුද?

    එන්නත් භාවිතයට එරෙහි අය පොදුවේ ඉහත නමෙන් හැඳින්වෙනවා. එන්නත් ලෝකයේ හොයා ගත්තේ කවද්ද, එදා සිටම මේ වගේ අදහස් දරන අය ලෝකයේ කණ්ඩායමක් ලෙස ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට පවා එන්නත් ලබා නොදී තමයි ඇති දැඩි කරන්නේ. වර්තමානයේ භයානක රෝග බහුතරයක් ලෝකයෙන් තුරන් වෙලා තිබෙන නිසා එන්නත් නොදී හිටියා කියලා වැඩි හානියක් වෙන එකක් නෑ කියල හිතුනත්, කලාතුරකින් මේ ලෙඩ මතු වෙන්න පුලුවන්. ඒ වෙලාවකදී එන්නතකින් වලක්වා ගත හැකිව තිබිය හැකි ලෙඩක් හැදිලා ‍මැරෙන්න වෙනවා කියන්නේ හරිම අවාසනාවන්ත සිදුවීමක්.
    ලංකාවේ පුළුල් කරන ලද ප්‍රතිශක්තිකරණ වැඩසටහන (Expanded Programme of Immunization) ගැන ඔබ දන්නවාද?
    ඔබට ඒකාලේ තිබුන බර පොත/injection පොත/CHDR (Child Health Development Record) කියන පොත මතකද? නැතිනම් ඔයාගේ බබාගේ, නැතිනම් අක්කගේ අයියගේ බබාට එකක් දීලා ඇති. ඒකේ තියෙනවා එන්නත්කරණයට වෙන්වුන පිටුවක්. තියෙනවා නම් පොඩ්ඩක් හරවලා බලන්න.

    ර‍‍ජයේ සෞඛ්‍ය පද්ධතිය හරහා මේ එන්නත්කරණ වැඩසටහන අතිසාර්ථකව දැනට වසර 30කට අධික කාලයක් තිස්සේ ලංකාවේ ක්රියාත්මක වන්නේ වැඩිම සාර්ථකත්වයකින්. එන්නත් මඟින් වලක්වා ගත හැකි භයානක රෝග රාශියක්ම දැනට අපි තුරන් කරලා ඉවරයි. මේ පොතේ සියල්ල සටහන් වෙන නිසා වැඩත් පිළිවෙලයි. ඉතින් ලංකාව දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවයට උරුමකම් කියන්නත් මේක ලොකු හේතුවක්. මේ සියල්ල ඔබේ දරුවාට ලැබෙන්නේ නොමිලයේ. හැකිනම් පුද්ගලික අංශයේ ‍ඔය කියන vaccine වල ගණං හිලව් හොයලා බලන්න.
    කෙටියෙන් කියන්න තියෙන්නේ ‍සමාජ මාධ්‍ය හරහා මේ දවස් වල පැතිරෙන සමහර පණිවිඩ පතුරුවා හරින්න කලින් දෙවරක් හිතා බලන්න. ඔබ අද වැරදි පණිවිඩයක් යවන එකෙන් හෙට තවත් අයෙක් එන්නත්කරණය මඟහැරීම නිසා ඉදිරි දවසක අවාසනාවන්ත මරණයකට පවා ‍ගොදුරු විය හැකියි.

    වගකීමෙන් යුතු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සන්නිවේදනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනයට කැපවුනු ර‍ජයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (Health Promotion Bureau) Facebook පිටුව follow කරන්න.
    වෛද්‍ය චන්දිම ජයසිංහ [29-05-2021]




    මේ වගේ මන්දමානසික ඩයල් එකක් වෙන්නෙ නැතුව මෙච්චර වෙලා ආර්ටිකල් එක කියෙව්ව නන් පහල තියෙන පේපස් ටිකත් බලන් යන්න.

    1622302436779.png


    FYI
    https://www.nature.com/articles/s41564-020-00789-5.pdf
    https://www.frontiersin.org/articles/10.3389/fimmu.2021.640093/full
    https://www.medpagetoday.com/special-reports/exclusives/91648
     

    Attachments

    • 1622302425138.png
      1622302425138.png
      31.8 KB · Views: 83
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,877
    113
    ටොන් පච ශෙයා නොකර ඉදපිය පො&න තිරිසන් අවජාතක ගු ඇන් පි තිරිසනෝ,
    ආර්ටිකල් එක කියවන්න ඩේට නැද්ද පොන්ස්ට

    අඩෝ නෝ.මම.මැරෙයිද්
    ඔව් ඉදිරියෙන් අනතුරක් වගේ නෝටිස් හරියට කියවපන් නැත්තන් කෙල වෙයි. ආර්ටිකල් එක කියවපන්.
    ------ Post added on May 29, 2021 at 9:02 PM
     
    • Love
    • Like
    Reactions: Sen-lu and Kolama

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආර්ටිකල් එක කියවන්න ඩේට නැද්ද පොන්ස්ට


    ඔව් ඉදිරියෙන් අනතුරක් වගේ නෝටිස් හරියට කියවපන් නැත්තන් කෙල වෙයි. ආර්ටිකල් එක කියවපන්.
    ------ Post added on May 29, 2021 at 9:02 PM
    කම්මැලි හිහී
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,877
    113
    මගුල් නොදා වැඩක් බලාගනින් පො*නයො උස්සන් එනව රෙද්දවල්, පො&නය..
    පොන්නය උදෙන්ම රෙවාගෙන දැන් බයිල ගහනව. තෝ වගෙ පොන්ස්ල තමා මේව ශෙයාර් කරන්නෙ පේපර් එකක් බලන්න දන්නෙ නෑ දෙයක් කියවන්න දන්නෙ නෑ සොම්බි වගේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,877
    113
    ඔන්නඔහේ පාඩුවේ ඉන්න දේනවා. 🤣🤣🤣. අද නින්ද යන එකකුත් නෑ.
    ටයිටල් එකට ඔක්කොම දාන්නත් ගිහින් අපේ අයියලගෙ කියවිල්ල දන්න නිසා මැරෙන කෑල්ල දැම්මෙ නෑ.
     
    • Like
    Reactions: kasun090354t

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එයා කියන විදියට කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මිනිසා විසින් නිර්මාණය කළ එකක්. එය HIV වෛරසය ආශ්රිතව නිපදවූ බවක් ඔහු කියනවා. නමුත් වර්තමානයේදී මේ මතය බැහැර කල එකක්.

    ඔය කතාව නම් ටිකක් අවුල් වගේ නේ.. මොකෝ චීන මේක පිටිපස්සේ නෑ කියන්න නම් ලොකු ගේමක් දෙන්න වෙනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ටයිටල් එකට ඔක්කොම දාන්නත් ගිහින් අපේ අයියලගෙ කියවිල්ල දන්න නිසා මැරෙන කෑල්ල දැම්මෙ නෑ.
    ඔයයකා කොතනදී හරි කියලා තියනවද මිනිහා vaccine කරගෙන ඉන්නේ කියලා. මන් අහපු කිසි තැනකදී උත්තර නෑ. මෙතන vaccine ගැන කිය කිය වැලලුනාට මන්දන්න හුගක් නොම්බර එකේ බයියෝ vaccine එක මග ඇරියා. ඔන්න ඔය බයට 🤣🤣🤣🤣. ඔකා විද්දා කියපු දාට දාමු හොද ත්‍රෙඩ් ටිකක් 🤣🤣🤣
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    වැදගත් පනිවිඩයක් 👍👍👍

    lankawe government vaccine course eka patta effective. oka prvt karaganna eka moda wadak. prvt gahaddi habai samaha IV wala fever enne na. covid asseth babalata dena vaccine course eka thamath adala dinetama sidda wenawa mehe nam.