එන්න විශ්ව අහස දකින්න ..!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එන්න විශ්ව අහස දකින්න ..!

    image003.jpg

    ලොව පැරණිතම ඉතිහාසයකට හිමිකම් කියන රටවල් අතර චීනය ප්‍රමුඛ වේ.. මේ නිසාම ලොව මුල් වරට මුදල් නෝට්ටු භාවිත කිරීමේ ගෞරවය හිමිවන්නේද චීනයටය. හත්වන සියවසේදී ආරම්භ වූ මෙමෙ මුදල් නෝට්ටු භාවිතය ප්‍රචලිත වී ඇත්තේ 11 වන සියවසට පසුවය..






    sahara-dust-storm.jpg

    වාර්ෂිකව දූවිලි ටොන් මිලියන 27ක් පමණ අමේසන් මතට පතිත කරන්නේ සහරාය. එනම් සහරා කාන්තාරයේ දූවිලි උඩු සුළඟ හා මුසු වී කි.මී.4800කට වැඩි දුරක් ගමන් කර ඇමේසන් වනය සාරවත් කරන නිසාය..





    421px-Ignaz_Semmelweis_1857_with_signature.jpg

    අත් සේදීමෙන් රෝග ව්‍යාප්තිය වැළැක්විය හැකි බවට 1864 දී මුල් වරට සොයා ගත් ඉග්නස් සොම්මේවයිස් නම් වෛද්‍යවරයා උමතු අදහස් ප්‍රකාශ කරන්නේ යැයි සිතා ඔහු මානසික රෝහලකට දමා ඇත..





    funny-football-moments-2015-fail1.jpg

    ක්‍රීඩා ලෝලීන් වැඩිපුරම ළෙන්ගතු ක්‍රීඩාව වන්නේ පාපන්දුය. මන්දයත් ලොව වැඩිම ක්‍රීඩා ලෝලීන් පිරිසක් සිටින ක්‍රීඩාව පාපන්දු වන නිසාය..





    mars_2445397b.jpg

    සෞරග්‍රහ මණ්ඩලයේ ඇති එක් ග්‍රහලෝකයක් හැර අනෙක් සියල්ල භ්‍රමණය වන්නේ ඔරලෝසුවේ කටු කරකැවෙන දිශාවටය. නමුත් සිකුරු පමණක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ. ඒ යම් කලෙක සිකුරු මතට විශාල ග්‍රාහක කැබැල්ලක් පතිතව එය සිකුරු තුළට කිඳා බැස ග්‍රහලෝකයේ මුල් පිහිටීමෙන් 180%ක් අනෙක් අතට හැරුණු නිසා බව යැයි සැලකේ..





    qDZiS.jpg

    වැඩුණු නිල් තල්මසෙකුගේ හදවත වොක්ස් වැගන් බීට්ල් මොටර් රථයක් තරම් විශාල අතර එහි රුධිර නාලිකා හරහා මිනිසකුට පිහිනා යෑමට තරම් ඉඩ ඇත..





    antarctica.jpg

    උෂ්ණ හා ශීත කාන්තාර ලෙස දෙවර්ගයකි. මේ නිසා ලොව විශාලතම කාන්තාරයට හිමිකම් කියනු ලබන්නේ ඇන්ටාක්ටිකාවය...





    baseball.png

    පෘථිවියේ ඇති පරමාණු අතර අවකාශයක් කියා දෙයක් නොතිබී නම් පෘථිවියේ විශාලත්වය බේස් බෝලයක් තරම් කුඩා වීමට ඉඩ තිබිණි...





    facebook-in-prison-300x200.jpg

    සිරගත කළ නොහැකි එකම අවකාශය සයිබර් අවකාශය බව නෝර්වේ යළිත් සනාථ කර සිටී.. නෝර්වේ වල සෑම සිරකරුවකුටම තම කූඩුව තුළ සිටම අන්තර්ජාල භාවිතයට පහසුකම් ඇත..:P





    luwak-eating-coffee-beans.jpg

    ලුවෑන් කෝපි කිලෝවක මිල රු.ලක්ෂයක් වන්නේ ලොව මිල අධිකම කෝපි වර්ගය ලුවැන් වන නිසාය. මෙමෙ ලුවැන් කෝපි නිපදවන්නේ උරුලෑවන් කෝපි ඇට අනුභව කිරීමෙන් පසු පහ කරන මළෙහි ඇති මද ලෙස ජීර්ණය වූ කෝපි ඇට වලිනි..:baffled:





    gold%20bar.jpg

    පෘථිවියේ මෙතෙක් කණින ලද රත්තරං සියල්ල එකතු කර ඝනකයක් සෑදුවහොත් එහෙ දිග පළල හා උස දළ වශයෙන් මීටර් 20x20x20ක් පමණ වනු ඇත..





    iStock_000013644766Large_sm.jpg

    මැක්කා කුඩා වුවද පුදුම ශක්තියක් ඇති සතෙකි..
    ඌ පනින විට ඇති කර ගන්නා ත්වරණය රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කරන විට ඇති කර ගන්නා ත්වරණය මෙන් 20 ගුණයක් විශාලය..:oo:





    7df9d848b6870b9e678ebf14a44e97e55e7b8dc3c65b51ab2ba5dec6eb7e2dd6.jpg

    ලෝකයේ මේ මොහොතේ ජීවත් වන මිලියන 54ක පිරිසක් ඉදිරි මාස 12 ඇතුළත මිය යෑමට නියමිත අය වෙති..:(





    11355873_710330599095110_2052708801_n.jpg

    මීට වසර 300කට පෙරද බත්කූරන්ගේ ඥාතීන් ජීවත්ව ඇති බව විද්‍යාඥයෝ සොයාගෙන තිබේ.. විශේෂත්වය නම් ඔවුන් ප්‍රමාණයෙන් විශාල කුරුල්ලන් බඳු වීමය..
    (නිකමට වගේ ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ බත්කූරා කියල ගැහැව්වාම "Riceකූරා" කියල ආව කියහංකෝ..:rofl:)



    මමනම් පත්තරේ දිග ඇරගෙන ටයිප් කරගෙන ගියා විතරයි.. මේව හොයල දාපු කෙනාට තමයි ස්තූති කරන්න ඕනේ.. අනුන්ගෙ එකක් නිසා මැදින් පැනල කොලොප්පන් කරන්නෙ නැතුව දිගටම දැම්ම...:P

    උපුටා ගැනීම: දිවයින ඉරිදා සංග්‍රහය "දියග" අතිරේකය
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    එල මචං තෑන්ක්ස්.:yes::yes::yes:
    එලකිරියෙ මැක්කෙක් නැත.බැරිවෙලාවත් මැක්කෙක් හිටියානම්.මැක්කා කලුපාටයි.මැක්කා කුඩා සතෙකි......මැක්කා......මැක්කා.....
    .
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool:

    එල මචං තෑන්ක්ස්.:yes::yes::yes:
    එලකිරියෙ මැක්කෙක් නැත.බැරිවෙලාවත් මැක්කෙක් හිටියානම්.මැක්කා කලුපාටයි.මැක්කා කුඩා සතෙකි......මැක්කා......මැක්කා......

    :rofl::rofl:
    පණුවෝ, කබරයෝ, කිඹුලෙක් එහෙමත් මේකෙ ඉන්නව දැකල තියෙනවා.. හැබැයි මැක්කෙක් නම් දැක්කෙ නෑ...:P


    11.gif



    ;);)

    TFS machan
    rep

    11.gif
    Elaz...:D



    :cool::cool:

    පට්ට :D

    ස්තූතියි..:)

     
    • Like
    Reactions: Amila llll