බොලව් යක්ඛයිනේ මම ගෙදර ආවා.. මම වෙනුවෙන් කමෙන්ට් කරපු උබල හැමෝටම ගොඩක් ස්තුතියි..

මේ යටින් දාන්නෙ උපුටාගත් ලිපියක් කතෘ දන්නෙ නෑ සමාවෙන්ඩ.
කොරෝන ප්‍රතිකාර මද්යස්ථානයක් දින 14ක්
මෙම ලිපියේ අරමුණ දින 14ක් කොරෝන රෝගියකු ලෙස ප්‍රතිකාර මද්යස්තන්යේදී ලැබූ අත් දැකීම ඔබ සැම සමග බෙදා ගැනීම විනා
රජය ,කොරෝන මර්දන ඒකකය ,ආරක්ෂක අංශ හෝ සෞක්‍ය අංශය හෝ පවත්නා ක්‍රම වේදය විවේචනය කිරීම හෝ අඩුපාඩු පෙන්වා දීම නොවන බව කරුණාවෙන් සලකන්න ...
නත්තල් දින ඇතිවූ සෙම්ප්‍රතිශ්‍ය තත්වයක් සහ හිසේරදයක් නිසා රැකියාවට නොයා ගෙදර ස්වයන් නිරෝදයනකට පත් වෙන්නේ මගේ කැමත්තෙන්....ක්‍රමයෙන් වැඩි වූ කොන්දේ අමාරුව කකුල් වල මස්පිඩු වේදනාව ..උගුරේ දැවිල්ල සහ සුළු කැස්ස ඇග සිතල කිරීම ඇස යටින් ඇතිඋන දැවිල්ල .සහ වැසිකිලි යාමේදී බඩ බුරුල් වී යාම වගේ රෝග ලක්ෂණ නිසාත්
පැනඩෝල් සහ පස්පංගුව මගින් සුව නොවූ නිසාත් 28 දින වෛද්‍යවරයෙකු හමු වී සියලුම රෝග ලක්ෂණ දැන්වා ප්‍රතිකාර ලබා ගන්න ලදී...උගුරේ දැවිල්ල සේම ගතිය සහ සෙම්ප්‍රතිශ්‍ය ගතිය අඩු නොවූ බැවින් .ජනවාරි පළවෙනිදා පුද්ගලික රෝහලකින්
(මම රජයේ PHI මහත්වරු කරන තැනකින් කලේ )PCR එකක් කරගන්නේ මගේ කැමැත්තෙන් ...පසුදා උදැසන
(මට ආවේ දවස් 5කට පස්සෙ ) 06.00 රෝහලෙන් කොරෝන අසාදිත බවට දැනුම් දීමත් සමග වාර්තාව email එක මගින් මා අතට පත් වෙනවා ...ඒ සමගම මහර සෞක්‍ය වෛද්‍ය නිලදාරී තුමා දැනුවත් කිරීමත් සමග උදේ 9 වෙනකොට PHI මහතා ගෙදරට පැමිණ නිවාස නිරෝදයනයට ලක් කරනු ලැබුවා..බිරිද සහ දුව PCR පරීක්ෂණය සදහ පුද්ගලික රෝහල වෙත් යොමු කරන්නේ ප්‍රතිපල ඉක්මනින් ලැබෙන නිසා...සවස 6 (
මම දවල් 2ට )වෙනකොට ගිලන්රතයක් මගින් කොරෝන ප්‍රතිකාර මද්‍යස්ථානය වෙත පිටත්වන මා ඇතුළු 6
(9 )දෙනෙක් ගිලන් රථයේන්
රත්‍රි 10.30ට
(පස්වරු 7.30 )පමණ බින්ගිරිය කොරෝන ප්‍රතිකාර මද්යස්ථානයට පැමිණෙනවා
සම්පුර්න් ආවරණය කරපු නිවසක් තුල විදුරු කව්ලුවක් ලග සිටින හෙද නිලදාරීන් කුඩා ශබ්ද විකාශන පද්දතියක් මයික් එකක් එකක් සවි කල කුටියක් තුලට රෝගීන් පෝලිමේ ගෙන්වාගෙන විස්තර ලබගෙන ලියාපදිංචය සිදු කිරීමෙන් අනතුරුව එළියේ මේසය උඩ ඇති බෙහෙත් කවරයක් රැගෙන ගොස් දින 14 ම පානය කරන ලෙස දැනුම් දෙනවා (විටමින් C ,සහ T අකුර සදහන් කල කවර දෙකක් )ඉතාම වේහෙසට පත් වී සිටි අප 6 දෙනාට බෙදාගෙන කෑම සදහා කෑම පැකට් 3ක් ලැබෙන්නේ කෑම අවසන් වී ඇති බැවින්(
අපි 48 දෙනෙක් අරන් ගියා අපි යනකොටත් කෑම ඉවර වෙලා. ඒත් ඒ අය පැය1 1/2 විතර ගියාට පස්සෙ කෑම හදල පාර්සල් එව්වා ) .. .වාට්ටුවේ අංකය සදහන් කර වාට්ටුවට යන ලෙස හෙද නිලදාරීන් දැනුම් දෙනවා .... .එතන සිට අපගේ උදව්වට පැමිණෙන්නේ කලින් මෙම ස්ථානයට් පැමිණි ප්‍රතිකාර ලබන රෝගීන් පමණයි...ඉතාමත් උනන්දුවෙන් ඔව්න් විසින් අපව අදාල වාට්ටුව වෙත් රැගෙන ගොස් වාට්ටු වේ ඉන්න ලීඩර්ට බර දෙනවා ( ඔහු සීනියර් කොරෝන රෝගියෙක්) වාට්ටු කීවට මේක බින්ගිරිය ගුරු අබ්යස විද්‍යාලයේ නේවාසිකාගාරය එක කාමරයක දෙදෙනෙකුට ඉන්න හැකියාව පවතිනව ඇදක් ලොකර් එකක් සහ කුඩා මේසයක් එක රෝගියෙකුට හිමි වෙනවා බොහෝ දෙනෙකු රෝහලකට යනවා කියා හිතෙගෙන් හිටපු සිහිනය කඩ වැටි මානසික ඇදවටිමකට ලක් වෙනවා ...මෙම වාට්ටු තුලට කිසිම රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයෙක් පැමිණෙන්නේ නැත හැම වට්ටුවකටම ලිඩර් කෙනෙක් සිටින අතර ප්‍රතිකාර මද්යස්ථානයේ සිටින හෙද නිලදාරීන් සහ යුද හමුදා සාමාජිකයින් සමග සම්බන්දිකරණය වෙමින් එම වටුටුවේ සිටින සියලුම රෝගින්ට් අවශ්‍ය අහාර මුක අවර්ණ නානකාමර වැසිකිලි පිරිසිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සේම අලුතින් පැමිණෙන රෝගීන්ට අවශ්‍ය කාමර පහසුකම් සැලසීමද ඔහුගේ වගකීම වෙයි...වාට්ටු සහ නානකාමර වැසිකිලි මෙන්ම අවට පරිසරයද රෝගීන් විසින්ම පිරිසිදු කරගැනීම සිදු කරගනු ලබයි ...විවිද ජන කොට්ටාශ වලට අයත් විවිද ආගම අදහන විවිද රැකියාවන් වල නියුතු අවරුදු 6යේ7ත් සිට අවරුදු 70, 80 දක්වා සියලුම දෙන ඉතාමත් සාමකාමිව වාට්ටු තුල කාලය ගත කරන අතරතුර සමාජයට පිළිලයක් වූ කුඩු කාරයින් සහ විවිද මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයිද මේ අතර සිටිති..මද්යස්ථානයේ ආරක්ෂාවට යුදහමුදාව යොදවා තිබුනද ඇතුලත් නොමැති මත් ද්‍රව්‍යක් නොමැත අදික මිල ගණන් වලට විකිනෙන බිඩි සිකරට් බුලත් විට නිසා වියාපාරය කරමින්ලාභ ලබන පුද්ගලයින්ගෙන්ද අඩුවක් නොමැත බිඩියක මිල රු 100/=වන අතර සිගරටුවක් රු 300/= මුදලකට අලෙවි වෙයි...බුලත් විටක් රු රු 500/= 1000/= වත් සොයාගැනීමට නොහැකිව වාට්ටු පුරා සැරිසරන පුද්ගලයින් දැකගත් හැකි විය .අගලක් පමණ කුඩා දුන්කොල කැබැල්ලක් රු 200/=මිලකට අලෙවි වෙයි... ...කිසිවක්.සොයගැහැනිමට නොහැකි වූ විට තේකොල කොත්තමල්ලි ,පස්පංගුව සුරුට්ටු මෙන් ඔතා පානය කිරීම සාමාන්‍ය සිදුවීමකි සමහර වාට්ටු නායකයින් අහාර පාර්සල් වැඩි පුර ලබාගෙන විකුණු අවස්ථා සේම අලුතින් පැමිණි රෝගීන්ට ඉඩ පහසුකම් නොමැති බව කියා කාමර රු 2000/= 1000/=ට විකුණු අවස්ථාද අසන්නට ලැබුණි...මද්යස්ථානයේ ඇති වැසිකිලි පද්දතිය පිරි ඉතිරි යාම හේතුවෙන් ඇති වන දුගදින් න්සියාලු දෙනාම දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.වැසි දින වල අපද්‍රව්‍ය සේදී ප්‍රදාන කාණු පද්දතියට එකතු වී ගලා බසින්නේ නගරයේ ප්‍රදාන වැසිජල කණු පද්දතියට නම් සිදුවන හානිය සිතාගත් නොහැක ...මද්යස්ථානයේ සිටින රෝගීන් කාලය ගත කිරීම සදහා විවිද ක්‍රීඩාවල නිරත් වන අතර කැරම් ,දම් සහ කාඩ් ක්‍රීඩා ප්‍රදාන තැනක් ගනී.. කුඩා ඉඩක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත් වීමත් දකින්නට ලැබුණි.....රාත්‍රී කාලයේ සංගීත සජ්ජයන් නැතුව නොවේ...ප්‍රතිකාර මද්යස්ථානයේ සිටින බොහෝ දෙනෙක් රාත්‍රී නින්දට යන්නේ පාන්දර 2.30 ට පමණ වන අතර ඒ වන තෙක් විවිද ක්‍රීඩාවල යෙදීම රුපවාහිනිය නැරබිම සේම සතුටු සාමිචියේ යෙදීමද සාමය සිදුවීමකි උදෑසන තේ පානය සදහ 6.30වෙන විට අවදි වීම සාමාන්‍ය දෙයකි මද්යස්ථානයේ උදැසන තේ පානය 6.30 ට පමණ ලැබෙන අතර 8.00ට පමණ උදසන් ආහාරය ත් උදේ 10.30ට කිරි තේ එකක් සමග බිස්කට් ලැබෙන අතර දහවල් 1.30 වන විට දිව ආහාරය සහ අතුරුපසක් ලැබේ සවස 3.30ට කිරි තේ සමග බිස්කට් ලැබෙන අතර සවස 5.00ට කොත්තමල්ලි එකක් ලැබේ රාත්‍රී ආහාරය රාත්‍රී 7.30ට පමණ ලබා දෙයි තේ ලබා ගැනීම පිනිස් පෝලිමේ යාම සියලු දෙන විසින්ම කල් යුතුයි..තමන්ගේ ප්‍රමාණයට වඩා තේ සහ බිස්කට් ලබාගන්න පුද්ගලයින් නිසා පෝලිමේ අවසානයේ සිටින අයට තේ සහ බිස්කට් නොලැබිම සාමාන්‍ය සිදු වීමකි..කොත්තමල්ලි නම් සැමදාම ඉතුරුවිමසාමාන්ය සිදුවීමකි..(ආහාර පාර්සල් වශයෙන් ලැබෙන අතර ඒ ගැන හොදක් කියන කිසිම කෙනෙක් දක්නට නොලැබිණි රෝග ලක්ෂණයක් වන රස නොදනිම ගද සුවද නොදනිම එයට හේතුව ලෙස සිතිය හැක ) බිමට අවශ්‍ය ජලය ලීටර් 5 වතුර කෑන් හෝ ෆිල්ටර් කරන ලද ජලය මද්‍යස්ථානය විසින් සපයයි...උදේ පාන්දර සිට රාත්‍රී නින්දට යනතුරු ක්‍රියාත්මක බොයිලේරුව නිසා ඕනෑම අවස්ථාවක උණු වතුර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති අතර තුන් වෙලාම අහර වශයෙන් බත් පමණක් ලබා දීම සිදු කරයි... උදේට රතු බත් සහ කිරිබත් ද සමහර දින වලට ලබා දෙයි.. දින 14 ක් කාලය පුරාවට අවස්ථා තුනකදී වෛද් වරයා විසින් රෝගීන් ආරක්ෂක කුටියට කැදවා රෝග විස්තර විමසන් අතර මද්යස්ථානයට පැමිණි දිනයේ හෝ පසු දිනයේදී,නැවත සතියකින් හා 12වන දිනයේ එසේ පරික්ෂ කරනු ලබයි අවසන් පරික්ෂාවේදී කිසිම් රෝග ලක්ෂණයක් නොමැති රෝගීන්ට ගෙදර යාමට හැකි දිනය දැනුම් දෙනු ලබයි..ඕනෑම අවස්ථාවක තමන්ට් ඇති රෝගී තත්වයක් හෙද නිලදරින්ට හෝ වෛද් වරයා දැනුම් දීමට හැකියාව ඇත .අවසන් පරික්ෂාවේදී කිසිම රෝගියෙක් කිසිම රෝග ලක්ෂණයක් නැති බව පැවසීම සාමාන්‍ය සිදුවීමකි හේතුව රෝග ලක්ෂණයක් ඇති බව පැවසුවහොත් තවත් දින 3ක් අමතරව ප්‍රතිකාර මද්යස්ථානයේ රදවා ගන්න බැවින්....මෙම මද්යස්ථානයේ හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින් කිසියම් රෝග ලක්ෂණයක් ඇති රෝගියකු හමුවහොතින් කිහිප විටක් පරික්ෂ කර ඉරණවිල ප්‍රතිකාර මද්‍යස්ථානය වෙත් මාරු කර යවනු ලබයි.... ප්‍රතිකාර මද්යස්ථානයෙන් රෝගය සුව වී ගෙදර යන පිරිස විෂබීජ හරණය කිරීමක් සිදු නොවන අතර බොහෝ විට සිදු වන්නේ බස් රථයක් මගින් සියලු දෙනාම රැගෙන ගොස් කොලබ දිස්ත්‍රික්කයට අයත් පිරිස මාලිගාවත්ත ප්රදේශයෙත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පිරිස ගම්පහ ප්‍රදේශයේත් බස්සවා පොදු ප්‍රවාහන සේවයකින් නිවාස බල යාමට අවස්ථාව උද කර ලීමයි....ගිලන් රථ මගින් යන අය කෙලින්ම නිවසටම ගෙන ගොස් බස්සනු ලැබේ.....අවසන් වශයෙන් කිව යුත්තේ හිතන තරම් කොරෝන යකා කළු නොවන බවත් මාද්‍ය මගින් මෙම රෝගය පිලිබදව අනිසි බියක් ජනතාව වෙත පටවා ඇති බවකි.... කෙසේ වෙතත් ඔබගේ පව්ලේ සාමාජිකයින් ආරක්ෂා කරගැනීම ඔබගේ වගකීම් බැවින් සෞක්‍ය අංශ වල උපදෙස් පිළිපැදීම ඔබගේ යුතුකමකි....රෝගය ගැන අනවශ්‍ය බියක් ඇත කරගැනීම අවශ්‍ය නැත...සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයක් පමණි බොහෝ දෙනකු රෝගියකු වන්නේPCR පරීක්ෂණයකින් මිස රෝග ලක්ෂණවලින් නොවේ.....ප්‍රතිකාර මද්යස්ථානයේ සිටි අයගෙන් 90%තම කිසිම රෝග ලක්ෂණයක් නොතිබූ අතර PCR පරීක්ෂණය මගින් ඔව්න් රෝගීන් බවට පත් වී තිබුණි....දින 14ක් පුරාවට මගේ දුව සමග රෝහලේ කොරෝනා වාට්ටුවක සිටි බිරිදගේ PCR පරීක්ෂණ තුනම් නෙගෙටිව් වීමෙන් පැහැදිලි වන්නේ කොතරම් පරිස්සම් උනත් හැදෙන කෙනාට හැදෙනවා නැති කෙනාට හැදෙන්නේ නැති බවයි දින 14ක් රජයේ වියදමින් සහ නෑදෑ හිත මිතුරන්ගේ උදව් උපකාර මැද ගත්කල දින 14ක් නිවාඩුව අවසන්ව තවත් දින 14ක් නිරෝදයනය වන්නේ බිරිදට කොරෝන අසාදනය වී නොමැති උවත් අසදිත් රෝගීන් සමග දින 14 ක් IDH රෝහලේ ගත කල ගත කල හේතුවෙනි ..දින 14 අවසානයේ තවත් PCR පරීක්ෂාවකින් පසු සුපුරුදු ලෙස සාමාන්‍ය පුරවැසියකු ලෙස රැකියාවට යාමට ඇයටද රැකියාවට යාමට අවස්ථාව හිමි වනු ඇත ....අවසන් වශයෙන් කිව යුත්තේ මෙමෙ ලිපිය මා ලද අත්දැකීම ඔබ සියලු දෙන සමග බෙදාගැනීම් පමණක් බවත් රජය ,කොරෝන මර්දන ඒකකය ,ආරක්ෂක අංශ හෝ සෞක්‍ය අංශය හෝ පවත්නා ක්‍රම වේදය විවේචනය කිරීම හෝ අඩුපාඩු පෙන්වා දීම නොවන බව කරුණාවෙන් සලකන්න ...
පලි.
අපිටනම් කෑම සාමාන්‍ය මට්ටමේ හොදට මාතර බත්කඩේ වගේ හම්බුනා.මම පල්ලෙහා ෆොටෝ දාන්නම්.ටොයිලට් නම් අන්තිමයි. ඒත් අපි ගිය දවසට පහුවෙනිදා ඒටික පාවිච්චි කරන්න පුලුවන් මට්ටමට සුද්ද කරගත්ත.කෑම වෙලාවටම හම්බුනා කවදාවත් පරක්කු උනේ නෑ. මම නම් දීපු බෙහෙත් බිව්වෙ නෑ. නිකන් උනුවතුර බිබි හිටිය . මම ගෙදරින් දෙහිකොල බෙලිකොල අරව මේව අරන් ගියා. ඒටිකෙන් නිතරම ස්ටීම් කලා.ඇතුලට යන පලවෙනි දවසේ ආමී එකෙන් වගේ චෙක් කරනව.උනුවතුර බෝතල් ඇරල බලනව. කොත්තමල්ලි කුඩු හලල හොදට බලනව දුම්කොල කුඩුද කියල.යන්න කලින් ඔක්කොමලව එකතු කලේ මොරටුවෙ තැනකට.එතනදි බිස්කට් එකයි වතුර බෝතලයයි කිරි පැකට් එකයි දුන්න යනකන්.මොරටුවෙ ඉදල බින්ගිරියට යනකන්ම ආමි එකේ වෑන් එකක් අපි ඉස්සරහින් පාරේ ඉඩ හදාගෙන ගියා.
බිංගිරියෙදි එයාලා අපි වෙනුවෙන් ස්ංගීත ප්රසන්ගෙකුත් තිබ්බ.
හොද අත්දැකීමක් ජීවිතේට.ඒත් ඔෆිස් එකේ පඩි මතක් වෙනකොට තමයි ඇඩෙන්නේ.
මොනව උනත් මාත් එක්ක හිටිය උබලට ගොඩක් ස්තුතියි..