එලකිරියට සමු දෙමි,.! Hacker V

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
දැක්කද උබ තව අව්රුද්දකින් GTR එකක් ගන්ඩ අදිශ්ඨාන කරා ගත්තෙත් ඔහොම දෙයක් වෙච්ච නිසානෙ

GTR කියන්නෙ මොකද්ද බන්? :nerd: අර කාර් එකද? :rofl::rofl:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ ගියාද බන්?
    ඕවා ගනන් ගන්න එපා බන් යන්න එපා..
    මමත් ලීබඩු ගැන කිරියෙ එවුන්ට කියලා දෙන්න ගිහින්,,, "දර පලන එකා, ලී මදින එකා, වඩුවා, මම හෙන බිස්නස් කාරයා කියලා හිතන් ඉන්නේ" වගේ ලෝකේ නැති කතා අහගත්තා බන්..

    මමත් එදා යනවමයි කියලා හිතුවේ නමුත් ගියේ නෑ..
    කිරියෙන් ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න පුලුවන්..
    කිරිය දාලා යනවනම් අපි අපිටම කරගන්න අපරාදයක් වගෙයි මට හිතෙන්නේ..

    මගෙනුත් මගේ විශයන් සම්බන්දව උදව් ඉල්ලලා පී.එම් එනවා..
    මන් ඒ එවන අයගේ ප්‍රොෆයිල් එකවත් බලන්නේ නැතුව රිප්ලයි කරන්නේ..

    උන්ට අපිව පේන්නෙත් නෑ අපිට උන්ව පේන්නෙත් නෑ.. නික් නේම් එකක් විතරනේ..
    අපිට ලාබ ප්‍රයෝජනයක් නෑනේ බන්.. පින් තකා උදව් කරපන්..

    අහ් මන් බුද්ද දර්මය ගැන දාන ත්‍රේඩ් වලත් මගේ රෙප් කපලා තිබ්බා..
    ඉතින් හිතපන්කෝ කිරියේ මොනවගේ මනසික ලෙඩ්ඩු ටිකකුත් ඉන්නවද කියලා..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    owa ohoma thama bn
    ape unta wadagath wei kiyala unta ona song wala chord hadanawa bn dawasama dala.hospital gihin awa gaman mahansi pattakata dala
    song eka illapu ekawath dammata passe comment ekak dan na
    owata hita ridilama dan ganak na
    mata hithunoth witarak danawa
    eka rep ekakwat a mahansiyata a thread ekata mata me wenakan hambela na.owa ohoma thamai bn
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සහෝදරයා,

    කිරියෙ ත්‍රෙඩ් එකකට හරිහමන් උත්තරයක් දෙන්න පුළුවන් මානසිකත්වයකින් නෙවෙයි මම මේ දවස් වල ඉන්නෙ.. ඒත් කිරියට මොකක් හරි හොඳ දෙයක් දායාද කරන්න උත්සාහ කරපු පපුව හොඳ එකෙක් කළකිරිලා මේක දාලා යන්න හදන තැනකට ඇවිත් කියල දැනුන නිසයි මේ ටික හරි පුළුවන් විදියට කියල යන්න ආවේ...

    මචෝ.. මමත් ඔයාගෙ Webnar thread එක දැක්කා.. හොඳ වැඩක් කරන්න ඔයා පටන් අරන් තිබුණෙ.. වැලේ වැල් නැතුව ගෙදරට වෙලා චාටරේ කන උන්ට, තනි පඩියෙන් ජීවිතේ ගැටගහගන්න බැරුව දඟලන මම වගේ උන්ට කීයක් හරි හොයාගන්න උදවු කරන්නයි උඹ උත්සාහ කරලා තිබුණේ.. ඒත් මචං මම හිතන්නෙ උඹ යථාර්තය තේරුම් අරන් නෑ වගේ.. කිරිය වගේ Social Forum එකක විවිධාකාර මිනිස්සු ඉන්නවා.. සමහරු දේශපාලන මත වපුරන්න මේකට එනවා.. සමහරු කාන්සිය නිවාගන්න, අළුතෙන් දෙයක් ඉගෙනගන්න වගේ දේවල් වලට මේකට එනවා.. තවත් සමහරු ජාතකේ තියෙන වැරැදි නිසා තියෙන මානසික අසහනය සමනය කරගන්න මේකට එනවා... ඒ වගේම තවත් කොටසක් තමුන් දන්න දෙයක් බෙදාහදාගන්න, සමාජයට යහපතක් කරන්න වගේ සද් භාවයෙන් මේකට එනවා.. ඉතිං කිරිය විෂමාකාර තැනක්... එතනදි අපි දාන පෝස්ට් එකකට හෝ ත්‍රෙඩ් එකකට හොඳ වගේම නරකත් ලැබෙනවා.. ඒක එක එක සාමාජිකයා ඒ දේ ග්‍රහණය කරගන්න විදිය මත, එක එකාගෙ හැදියාව මත වෙනස් වෙනවා...

    ඉතිං ඔයා පටන් ගත්තු වැඩේ ගැන කථා කරොත් මම හිතන්නෙ ඔයාට ස්වභාවධර්මයෙන් ම අවස්ථාවක් ලබාදීල තියෙනවා ෆොරෙක්ස් ගැන අවංකවම ඉගෙනගන්න ඕනි උන් (අපේ භාෂාවෙන් කිවුවොත් භක්තියෙන් ඉන්න උන්) අනිත් අයගෙන් වෙන්කර ගන්න.. මම හිතන්නෙ ඇත්තටම ෆොරෙක්ස් ගැන ඉගෙනගන්න ඕනි එකෙක් ඉන්නව නම් උඹ දවසක් නෙවෙයි සතියක් එන්න පරක්කු උණත් උඹ එනකම් බලන් ඉඳියි.. අන්න ඒ වගේ උන්ට කියල දියං.. උන් උඹ උගන්නන හැම දෙයක්ම ඉගෙන ගනියි.. ඒ වගේම උඹ තමයි උන්ට ඉගැන්නුවේ කියන දෙයත් උන්ගෙ පපු වල තියෙයි..

    ඉතිං මම නම් හිතන්නෙ (සහ උඹට ඉතා ඔනෑකමින් කියන්නෙ) පටන්ගත්තු වැඩේ මඟ නවත්තන්න එපා.. රෙප් කැපුවට, කුණුහරුපෙන් බැණ්නට සත පහකට ගනන් ගන්න එපා.. රෙප් කන්නද බං?? කුණුහරුප කිවුවට ඇඟේ වදිනවද??

    අනගාරික ධර්මපාලතුමාත් (මට මතක විදියට) කියල තියෙනවලු නේ ලංකාවෙ වැඩ කරන්න ඕනි නම් බැණුම් අහන්න පුළුවන්කම තියෙන්න ඔනි කියල..

    ඉතිං උඹ පටන්ගත්තු දේ උඹ කරගෙන පලයං.. සමහර විට අද උඹට බණින උන් අන්තිමට වෙනත් ID වලින් ආයිමත් උඹේ පස්සෙන් එයි.. සැලෙන්න එපා.. උඹ හොඳ කරොත් උඹට හොඳ ආපස්සට ලැබෙයි.. උඹට වරදින එකක් නෑ.. කිරිය දාලා යන්නවත්, පටන් ගත්තු හොඳ අතරමග නවත්වන්න වත් යන්න එපා..

    ජය වේවා!! :)
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,741
    2,787
    113
    machan umba meka atha eriyoth dinanne meka nawaththanna weda karapu un. Umbe weda walata paduwak nowenna meka digatama karagena yamu machan. Apith balan innawa umba weda patan gannakal apahu.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඕව ඔහොම තමයි මචන්.. මම මේකේ ඔය වගේ සිද්දි ඕනි තරම් දැකල තියනවා.. ඕකට අකුල් හෙලන්නේ වෙන කවුරුවත් නෙවෙයි මචන් ඔකෙන්ම හම්බකරගෙන ඉන්න එවුන්මයි.. උදාහරණයක් විදියට forex ත්‍රෙඩ් විනාස කරන්නේ forex ගැන දෙයක් දන්නා, එකෙන් හම්බකරන, වෙන එකෙක් ඉගෙනගනියි කියල ඉරිසියා කරන උන් ටික දෙනෙක්.. දන්න දෙයක් කියල දෙන්න කැමති උන් නැතුවම නෙවෙයි.. උබත් එහෙම එකෙක්නෙ.. කාලකන්නි ටිකකුත් ඉන්නවා.. මීට කලින් odesk ගැන, fiverr ගැන ත්‍රෙඩ් දාපු අය, SEO උගන්නපු අය, තව තව දේවල් කියල දෙන්න හදපු අය කී දෙනෙක් ඔහොම කෙලවගත්ත ද.. ඕක තමයි මේ ජාතියේ හැටි.. තමන් ඉහලට යන්නේ නැත්නම් වෙන එකෙක් යන්නත් බෑ.. අමාරුවෙන් හරි ගිය එකෙක් ඉන්නවා නම් ඌ උඩ ඉදන් පයින් ගහනවා පහල ඉදන් යන උන්ට..

    උබ මේ වැඩේ පටන් ගද්දි මට හිතුන උබටත් අනිත් උන්ට උන දේම වෙයි කියල.. එත් මම කිවේ නැත්තේ උබ හෙන උනන්දුවකින් කොල්ලො ටිකට කියල දුන්න නිසා.. මොනවා උනත් හැමෝටම දැන් සැහෙන්න පාඩුයි.. මටත් පාඩුයි.. හොද දෙයක් කරද්දී කෙලවන්න බලාගෙන ඉන්න උන් තමයි වැඩි.. සාමාන්‍ය ජිවිතේ එහෙම කරන්න ඉන්න උන්ට වඩා මේ වගේ සයිට් එකක එහෙම උන් වැඩියි..

    මාසේ අන්තිම නිසා data ඉවරයි.. ඒ නිසා webinar එකේ video එක බලන්නම් කියල ආව වෙලාවේ තමයි මේක දැක්කේ.. මේකේ දෙයක් කියල දෙනවා නම් බැනුම් අනිවාර්යයි මචන්.. ගොඩක් උන් හැලෙන්නේ එකයි.. කව්ද කැමති බැනුම් අහන්න නේද.. පුළුවන් නම් වැඩේ නවත්තන්නේ නැතුව කරපන්.. එත් උබට බල කරන්න අපිට අයිතියක් නෑනේ.. කියල දීපු දේවල් වලට thanks මචන්.. බුරන බල්ලෝ හැමෝටම ගල් ගහන්න නතර උනොත් ගමන යන්න වෙන්නේ නෑ..

    well said rep +
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගෙන් අලාභයක් උබලට උනා නම් කියපල්ලා ,ගාන ගැන ප්‍රශ්නයක් නෑ,. අලාබේ මොකද්ද ,එකට උබලට කියක් ඕනද කියපල්ලා, මම ගෙවන්න ලෑස්තියි.:)
    උබ මට සෑහෙන ණයයි, ඔව්. මේකට උබේ ඩීටේල්ස් මේල් කරහන් [ [email protected] ] තව අවුරුද්දක් ඇතුලත මගේ පාඩුව නොගෙවුවොත් බලාගනින්. මන් එන්නෙ CBR එකේ. දිනේ 01/10/2016..:dull::dull:
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Danata awrudu 3 kata issara forex karala anagena epa wela hitapu mata ubage Thread eka nisa ayeth unanduwak awa try karala balanna.

    sad you are leaving EK.

    methana huga denek uben illanawa inna kiyala. inna hoo yana eka ubage aythiyak.
    Namuth ubage udaw balaporotthu wena hugak EK wala innawa. Mee ganath hithala theeranayak ganna.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;19038948 said:
    බට වෙච්ච දේ මොකද්ද කියල දන්නේ නැ .එත් එලකිරිය ඔහොම තමයි .හොද වගේම ගල්මුල් එනවා මොනව කලත් .අනික එලකිරිය තමන්ගේ ජීවිතේ කියල හිතන්න එපා .බුකියේ ඉන්න උන්ටත් වෙලා තියෙන්නේ ඕක .

    රේප් දෙනවා වගේම කපන උනුත් ඉන්නවා කිසිම හේතුවක් නැතිව .ලගකදී මම එකෙක්ට රේප් දුන්න කියලමගේ රේප් කපල තිබ්බ:lol::lol::rofl:

    රේප් තිබ්බ කියල කදෙන බඩු ගන්න පුලුවන්ද ?ඕක තිබ්බත් නැතත් එකයි :lol:

    මෙටික කිව්වේ උබට ඉන්න කියලවත් යන්න කියලවත් නෙමේ .උබ හිටියත් නැතත් මේකේ උන්ට වෙනසක් නැ .

    උබ මොකෙක්ට හරි දැනුමෙන් හරි පොස්ට් එකකින් හරි උදව් කරනවා කියල සතුටු වෙයන් වෙන රේප් හෝ ලාබ ප්‍රයෝජන බලන්නේ නැතිව .

    තීරණේ උබේ අතේ ..:)

    නැත්තන් වෙන එකවුන්ට් එකක් හදන වර :P


    එහෙම කියන්න එපා මචන්. දැන් REP claim කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදාගෙන යනවලු GTRZ අය්යා. ඊට පස්සේ 1 REP == Rs. 1 විදියට ඕනෙම star points authorized agent කෙනෙක් ගාවට ගිහින් සල්ලි අරගන්න පුළුවන්.

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    එහෙම කියන්න එපා මචන්. දැන් REP claim කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදාගෙන යනවලු GTRZ අය්යා. ඊට පස්සේ 1 REP == Rs. 1 විදියට ඕනෙම star points authorized agent කෙනෙක් ගාවට ගිහින් සල්ලි අරගන්න පුළුවන්.

    එතකොට රතු වෙච්ච උන් star points authorized agent කෙනෙක් ගාවට ගිහින් ගෙවන්න ඕනෙද..:baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    එහෙම කියන්න එපා මචන්. දැන් REP claim කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදාගෙන යනවලු GTRZ අය්යා. ඊට පස්සේ 1 REP == Rs. 1 විදියට ඕනෙම star points authorized agent කෙනෙක් ගාවට ගිහින් සල්ලි අරගන්න පුළුවන්.


    එතකොට රතු වෙච්ච උන් star points authorized agent කෙනෙක් ගාවට ගිහින් ගෙවන්න ඕනෙද..:baffled:

    ගෙවා ගන්න බැරි නං ඒ හිලව්වට වෙන මොනා හරි දෙන්න ඕනේ විදිහට වැඩපිළිවෙල හදනවා ලු :oo:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ගෙවා ගන්න බැරි නං ඒ හිලව්වට වෙන මොනා හරි දෙන්න ඕනේ විදිහට වැඩපිළිවෙල හදනවා ලු :oo:

    ජේසන්ට නම් පොට් එකෙන් පාර්ක් කරන්න විතරයි තියෙන්නෙ, බල්ලෝන්ට නැවෙන්න දේකුත් නැහැ නෙ:lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,741
    2,787
    113
    අන්තිමට Hacker-V ගේ එළකිරියේ උන්ට ෆොරෙක්ස් ගොඩ දාන්න හදපු උත්සාහය නවත්තන්න හදපු උන් දිනුම්. Hacker ගෙන් ඉගෙන ගෙන ගොඩ යන්න ට්‍රයි කරපු අපි පරාදයි. :no::no:

    එපා වෙලා තිබුන ෆොරෙක්ස් ආපහු කරන්න ඔන කියල දැනුනේ උඹේ ත්‍රෙඩ් එක නිසා. උඹ වෙබිනර් වලින් කොල්ලෝ ගොඩ දාවි කියලා විශ්වාසෙ තිබුනා. පුලුවනම් ආපහු කිරියට වරෙන් මචන්.