එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මටත් හිතුන දෙයක් උඹ දාලා තියෙනවා..
    එන්ජින් කාපු එකෙක්ටනන් අවුරුදු 15-20 පාවිච්චි කරපු එකක් අවුලක් නැහැ. ඒත් පළවෙනි පාරට අලුතින්ම ණය වෙලා ලීස් දාලා ගන්න එකෙක්ට වාහනේ දවසක් දෙකක් පාරෙ නැවතුනාම වාහන සංහතියම එපා වෙයි...
    :yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් වාහනයක් අරන් ඔය කියන ඉන්ශුවරන්ස්, රනින් ෙරපයාර්ස් කරන්න බැරිනන් වාහනයක් ගන්න එෙක් ෙත්රැමක් නෑ.... නිකන් හිටියනන් හරි...

    එහෙම උනුත් ඉන්නව . වාහන ගන්න උන්ට කිව්වෙ .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තම තමන්ගේ අවශයාතා අනුව මේක වෙනස් වෙනවා. පොඩි පවුලකට ගන්න පලවෙනි වාහනේ හෑටියට ඉන්දියන් කාර් එකක් හොදයි. නමුත් වෑඩිපුර ඉඩකඩක් ඕනේ නම්, ආරක්ශාව ගෑන හිතනවා නම්, ජපන් වාහනයකට යන්න පුලුවන්.

    එන්ජින් රෙපෙයාර් එකක් ආවේ නෑත්නම් ඉන්දියන් ඒවාගෙයි, පරණ ජපන් ඒවාගේ එන අනිත් රෙපෙයාර් වෙනසක් නෑ. ෂොක්, රෑක් එන්ඩ්, වගේ ඒවා එකම කාලයකදී මාරු කරන්න වෙනවා.

    මෙතන ප්‍රශ්නේ වෙන්නේ එන්ජින් එක. මොකද වාහනය හරියට නඩත්තු කරලා නෑත්නම්, වෙන වෙන රෙපෙයාර් එන්න පුලුවන්, ඉන්ජින් ලෙඩ නම් එනවා හරිම අඩුයි. පරන ඒවාගේ හුගක් වෙලාවට කේස් වෙන්නේ රේඩියෙටර් වගේ ඒවා.

    අනික තමා මීටරේ කරකවලා තියෙන එක. ඈත්තටම ලක්ශ 3-4 දුවලා ඒත් මීටරේ තාම 50000. දහ දෙනෙක් විතර පාවිච්චි කරලා ඒත් තවම 1 ඔනර්.

    මේවා බෑලුවම වාහන ගෑන දන්නේ නෑති අතේ සල්ලි අඩු කෙනෙක් පලවෙනි වාහනේ හෑටියට ඈල්ටෝ එකක් ගන්න එක හොදයි. හෑබෑයි කිවිඩ් වගේ ඒවා ගේ නම් පෑත්තට්වත් යන්න එපා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලෙඩ වාහන ගත්තට අපි පලියෑ...
    පරණ ජපන් එකක් අරන් 100 කි.මි වගේ ගියා වගේ නෙවෙයි ඇල්ටෝ එකේ ගියාම.
    අනික ඕන වෙලාවට 120 ට වත් අඩුම යන්න පුලිවන් වෙන්න එපැයි... කතරගම පැත්තේ ට්‍රිප් ගියාම...:P

    ඔය ලිමිටේශන් දැනගෙන වාහනේ ගන්නනේ තියෙන්නේ.. බොරුවට අඩන්නේ නැතුව

    බොරුවට නෙමේ ඇත්තටම නේ අඩන්න වෙන්නෙ. හොදට වාහන ගැන දන්න අය මේකෙ ත්‍රෙඩ් දාගෙන දගලනවායැ ජපනෙක්ද ඉන්දියන් එකක්ද ගන්ඩ ඕන කියල. චූට්ටිවෙලාවකට 120ට යන්ඩ කියලා මරාලයක් ගත්තාම ඇඩෙන්නෙ නැතිවයෑ මොකෝ වාහන ගැන දන්න අය මේකෙ අහන් දගලනවායැ. දන්නෙ නැති අයට ලඩියක් සෙට් වුනාම ඒ මිනිහා ලීස් ගෙවන්ඩත් ඕන ගරාජ් වලට ගෙවන්ඩත් ඕනනේ එහෙම දගලන්ඩ ඕන 100ට යන්ඩද:rofl: ලෙඩක් නැතිව දුවන්ඩ වාහනයක් ගන්ඩනේ ඕන ගොඩක් අයට:oo: ජපන්ම ඕන අය ඒව ගනී
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලන්කාවෙ ඉන්දියන් වාහන ගන්න ගන්න එකා මැරෙන්නෙ නෑ බන් .:rofl::rofl::rofl:. මන් කිව්වෙ අමාරුවෙන් පලවෙනි වාහනේ ගන්න හදන උන් මිස වාහන පැදල කාපර් වෙච්ච උන් ගැන නෙමෙයි

    එහෙනං:rofl: ලංකාවෙ ඉන්දියන් වාහන තියෙන තරමේ හැටියට මිනිස්සු හෙන ගොඩක් මැරිලා තියෙන්ඩ ඕන:baffled:

    ඒ ඉන්දියන් වාහන වල ලිමිට් එක දැනන් පදින්ඩ ඕන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තම තමන්ගේ අවශයාතා අනුව මේක වෙනස් වෙනවා. පොඩි පවුලකට ගන්න පලවෙනි වාහනේ හෑටියට ඉන්දියන් කාර් එකක් හොදයි. නමුත් වෑඩිපුර ඉඩකඩක් ඕනේ නම්, ආරක්ශාව ගෑන හිතනවා නම්, ජපන් වාහනයකට යන්න පුලුවන්.


    මේවා බෑලුවම වාහන ගෑන දන්නේ නෑති අතේ සල්ලි අඩු කෙනෙක් පලවෙනි වාහනේ හෑටියට ඈල්ටෝ එකක් ගන්න එක හොදයි. හෑබෑයි කිවිඩ් වගේ ඒවා ගේ නම් පෑත්තට්වත් යන්න එපා

    :yes:මේක තමා මාත් කියන්නෙ
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේක මගේ අදහසක් විතරයි කියල මුලින්ම පටන් ගන්නම් .

    මේ දවස් ටිකේම ගොඩක් උන් මේකෙ වාහන ගන්න ත්‍රෙඩ් දාල තිබුන . ලීසින් කරල වාරිකේ කොහොම වෙයිද ඩවුන් පේමන්ට් කොහොමද වගේ.

    සමහර නූල් කියවනකොට තේරෙනව මූ මේක පට්ටම අමාරුවෙන් ගෙවාගෙන යන්න ගන්නෙ කියල .ඉතින් මට හිතෙන දේවල් ටිකක් කියන්න හිතුන .

    පලවෙනි දේ මේකෙ කවුරුත් ඇල්ටො එකක් ගන්න අහන්නෙ නෑ .(මට ඇල්ටො එකක් නැත :dull::dull:)මොකද කිරියෙ ඉන්න බහුස්‍රැතයින් ජපන් වාහන පමනක් ගන්න උපදෙස් දෙන බව දන්න නිසා .(සමහර උපදෙස් දෙන උන්ට ජපන් බයික් එකක් වත් නැත)
    අමාරුවෙන් ඩවුන් පේමන්ට් දාගෙන අම්බානෙකට ලීස් කරන්න යන එකාව ඇල්ටො ,ඉයෝන් වගේ ඒව ගන්න එපා ජපන් පාවිච්චි කරපු එකක් හරි ගනින් කියන එක මට නම් දැනෙන විදිහට මහ අපත වැඩක් .

    මොකද ඔය විදිහට අමාරුවෙන් කාර් එකක් ගන්න එකා ඒ ගන්නෙ උගෙ පවුලෙම හරි උගෙ හරි පලවෙනි වාහනේ වෙන්න පුලුවන් . ඉතින් ඕක අරන් පදිනකොට සද්දෙ වෙනසක් වත් අදුරගෙන ලෙඩක් එනකොටම තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන් .එහෙම වෙලා ලෙඩ වැඩිවෙලා අර පරන වාහනෙත් අරන් ගරාජ් ගානෙ රස්තියාදු වෙවී ඒවටත් වියදම් කරගෙන ලීසිනුත් ගෙවන තත්වෙට පත් කරන්න එපා .ඊට වැඩිය ඌට අලුත් ඉන්දියන් එකක් අරන් අවුරුදු 2ක් පැදපන් කියන එක මටනම් හිතෙන්නෙ ලොකු උදව්වක් වෙයි . (ඇල්ටො එක උදාහරෙනට ගන්නෙ ගොඩක් හොද පලවෙනි වාහනයක් නිසා )

    ඊලන්ගට දකින දේ තමයි වාහනයක් ගැන අහුවහම තවල් ලක්ශ දෙකතුනක් දාල අර වාහනේ ගනින්කො කියන එක . මනුස්සයෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්නෙ ඌට කරන්න පුලුවන් උපරිම වියදම හිතාගෙන . තව දුරටත් ඌව වෙනදේකට පොලබවනව කියන්නෙ ඌ උනත් බලනව ඔව් නේද යකෝ කියල කොහොම හරි සල්ලි හොයාගන්න . ඒත් අන්තිමට ඌට වෙන්නෙත් කන්නෙ බොන්නෙ අදින්නෙ නැතුව වාහනේ නඩත්තු කරන්න .:dull::dull::dull::dull:, ඒ නිසා ඌ අහන වාහනේ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන එක වෙනම දෙයක් .ඕකෙ ඉඩ නෑ පෙනුම හරි නෑ අරක ගනින් කියන එක නම් පව් වැඩක් .

    ඊලන්ගට කාර් ගන්න හදන උන්ට කියන්නෙ . වාහනේ කියන්නෙ ජීවිතේම නෙමෙයි . අම්මට තාත්තට ,ගෑනිට ලමයින්ට සලකන්න ඕන . ඒ නිසා පරන 110 එකකට වියදම් කරන්න පුලුවන් එකා ඒක ගන්නෙ නැතුව වැගන් R වලට යන්න එපා . (හයර් දුවන්න නෙමෙයිනම් ). බොරු වියදමක් විතරයි . පස්සෙ අරක විකුන විකුන අප්ඩේට් වෙන එක වෙනම කතාවක් .

    අනික වාහනේ අරගෙන ලීසින් ගෙවනවට අමතරව තව වැඩ ගොඩක් තියනව . ලයිසන් කරන්න ඕන,ඉන්ෂුවරන්ස් කරන්න ඕන ,තෙල් ගහන්න ඕන , සර්විස් කරන්න ඕන ඔයිල් මාරු කරන්න ඕන ,හෝදන්න ඕන ,ඉටීරියර් ක්ලීන් කරන්න ඕන ,ගෙදරට කන්න දෙන්න ඕන ,ඔය වාහනේ යන ගමනකදි කන්න බොන්න ඕන ,ඔය වගේ වැඩ කෝටියයි . ඉතින් තමන්ගෙ ආදායමත් බලල යන්න පුලුවන් උපරිම යන්නෙ නැතුව ඊට ස්තාන දෙකක් වගේ අඩු එකකට යන එක තමා අද රටේ ආර්තිකේ එක්ක කරන්න තියන හොදම දේ .

    ප්‍රදානම දේ පලවෙනි වාහනේ නම් ,වාහන ගැන ලොකු දැනුමකුත් නැත්තම් ඉන්දියන් හරි අලුත් එකකට යන එක තමා හොද . කිරියෙ කියන කියන විදිහට තව ලක්ශ 2ක් දාල අරක ගනින්කො කියන ඒවට නම් අහුවෙන්න එපා


    :yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගන්න මිනිස්සුන්ගේ රුචි අරුචිකම් මත තමා බන්
    මට ජපන් වත් සෙට් වෙන්නේ නෑ මන් කැමති යුරෝ ඇමරිකන් වාහන වලට තමයි
    එත් තියෙන්නේ තාම තාත්ත ගත්ත ඩීසල් ඉන්දියන් වීල් එක
    ගන්න මනුස්සය තමන්ගේ තරම දැනගෙන ඕන වාහනයක් හොඳට හොයල බලල ගත්තහම ඉවරයි
    එළකිරියේ ගොඩක් අය උපදෙස් දෙන්නේ quality over quantity කියන තියරියේ ඉඳල මන් හිතන්නේ.
    එකේ වැරද්දක් නෑ ඉතින්.
    ඉන්දියන් බදු ගණන් අඩු හැමතනම් තිබ්බට කොලිටිය මදි .
    ගොඩක්ම යන්නන් වාලේ වාහන ගන්න තව කෙනෙක් කියන හින්ද ඒ වාහනයක්ම ගන්නවා කියල වෙනස් වෙනවනම් ඒ මනුස්සයගේ මෝඩකම
    කොමන් සෙන්ස් වත් තියෙන්නේ එපාය දෙයක් තෙර්ම්ගන්න
    ඒ වගේම තමන් ඊළඟට කරන දේ ගැන (වාහන විතරක් නෙමේ) හොඳ දැනුමක් ලබාගෙන ඉන්න ඕනා.
    දන්නේ නැත්තන් දන්නා කෙනෙක්ගෙන් හරි අහල ඉගෙන හරි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය මොනවත් නෑ බස් එකේ පලයල්ලා මේ අපි වගේ :yes: කිසි කරදරයක් නෑ ඉඳගෙන පාරේ යන නංගිලා දිහා බල බල යන්නයි තියෙන්නේ වියදමත් අඩුයි කරදරත් අඩුයි හිතත් නිදහස් :yes:
    #කාර්ගන්නසල්ලිනැතිකමටකියනසිතනිවනකතා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඇල්ටො එකකුත් ලක්ශ 20ක් විතර වෙනව නේද.? :eek:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,729
    113
    ලන්කාවෙ ඉන්දියන් වාහන ගන්න ගන්න එකා මැරෙන්නෙ නෑ බන් .:rofl::rofl::rofl:. මන් කිව්වෙ අමාරුවෙන් පලවෙනි වාහනේ ගන්න හදන උන් මිස වාහන පැදල කාපර් වෙච්ච උන් ගැන නෙමෙයි

    hama ekama marenne na thama. sapa pahasuwa athin ehema unath japan wahana godak hondaine. wahana wala leda enawa ewa hada ganna one.