meka Indian vs Japanese thread ekak welauba kiyapu dewal wedak wenne ne.



මන් මේකෙ කොහෙවත් කිව්වෙ නෑ ජපන් ගන්න එපා කියල . එත් ඔක්කොටම රිදිල
meka Indian vs Japanese thread ekak welauba kiyapu dewal wedak wenne ne.



මටත් හිතුන දෙයක් උඹ දාලා තියෙනවා..
එන්ජින් කාපු එකෙක්ටනන් අවුරුදු 15-20 පාවිච්චි කරපු එකක් අවුලක් නැහැ. ඒත් පළවෙනි පාරට අලුතින්ම ණය වෙලා ලීස් දාලා ගන්න එකෙක්ට වාහනේ දවසක් දෙකක් පාරෙ නැවතුනාම වාහන සංහතියම එපා වෙයි...


ඉතින් වාහනයක් අරන් ඔය කියන ඉන්ශුවරන්ස්, රනින් ෙරපයාර්ස් කරන්න බැරිනන් වාහනයක් ගන්න එෙක් ෙත්රැමක් නෑ.... නිකන් හිටියනන් හරි...

bump!
100% true story!
some elakiriyans horata cycle eke lease eka gewanneth puka mirikagena, but denne 1000 talks & japan wahana gana![]()




You have given out too much Reputation in the last 24 hours, try again later.bump

ලෙඩ වාහන ගත්තට අපි පලියෑ...
පරණ ජපන් එකක් අරන් 100 කි.මි වගේ ගියා වගේ නෙවෙයි ඇල්ටෝ එකේ ගියාම.
අනික ඕන වෙලාවට 120 ට වත් අඩුම යන්න පුලිවන් වෙන්න එපැයි... කතරගම පැත්තේ ට්‍රිප් ගියාම...
ඔය ලිමිටේශන් දැනගෙන වාහනේ ගන්නනේ තියෙන්නේ.. බොරුවට අඩන්නේ නැතුව
ලෙඩක් නැතිව දුවන්ඩ වාහනයක් ගන්ඩනේ ඕන ගොඩක් අයට
ජපන්ම ඕන අය ඒව ගනීලන්කාවෙ ඉන්දියන් වාහන ගන්න ගන්න එකා මැරෙන්නෙ නෑ බන් .. මන් කිව්වෙ අමාරුවෙන් පලවෙනි වාහනේ ගන්න හදන උන් මිස වාහන පැදල කාපර් වෙච්ච උන් ගැන නෙමෙයි
ලංකාවෙ ඉන්දියන් වාහන තියෙන තරමේ හැටියට මිනිස්සු හෙන ගොඩක් මැරිලා තියෙන්ඩ ඕන
meka Indian vs Japanese thread ekak welauba kiyapu dewal wedak wenne ne.

තම තමන්ගේ අවශයාතා අනුව මේක වෙනස් වෙනවා. පොඩි පවුලකට ගන්න පලවෙනි වාහනේ හෑටියට ඉන්දියන් කාර් එකක් හොදයි. නමුත් වෑඩිපුර ඉඩකඩක් ඕනේ නම්, ආරක්ශාව ගෑන හිතනවා නම්, ජපන් වාහනයකට යන්න පුලුවන්.
මේවා බෑලුවම වාහන ගෑන දන්නේ නෑති අතේ සල්ලි අඩු කෙනෙක් පලවෙනි වාහනේ හෑටියට ඈල්ටෝ එකක් ගන්න එක හොදයි. හෑබෑයි කිවිඩ් වගේ ඒවා ගේ නම් පෑත්තට්වත් යන්න එපා
මේක තමා මාත් කියන්නෙIndian Alto, Kwid wala safety adui ban Japan wagonR ekatath wada eka nisa recommend karanna baha katawath![]()


මේක මගේ අදහසක් විතරයි කියල මුලින්ම පටන් ගන්නම් .
මේ දවස් ටිකේම ගොඩක් උන් මේකෙ වාහන ගන්න ත්‍රෙඩ් දාල තිබුන . ලීසින් කරල වාරිකේ කොහොම වෙයිද ඩවුන් පේමන්ට් කොහොමද වගේ.
සමහර නූල් කියවනකොට තේරෙනව මූ මේක පට්ටම අමාරුවෙන් ගෙවාගෙන යන්න ගන්නෙ කියල .ඉතින් මට හිතෙන දේවල් ටිකක් කියන්න හිතුන .
පලවෙනි දේ මේකෙ කවුරුත් ඇල්ටො එකක් ගන්න අහන්නෙ නෑ .(මට ඇල්ටො එකක් නැත)මොකද කිරියෙ ඉන්න බහුස්‍රැතයින් ජපන් වාහන පමනක් ගන්න උපදෙස් දෙන බව දන්න නිසා .(සමහර උපදෙස් දෙන උන්ට ජපන් බයික් එකක් වත් නැත)
අමාරුවෙන් ඩවුන් පේමන්ට් දාගෙන අම්බානෙකට ලීස් කරන්න යන එකාව ඇල්ටො ,ඉයෝන් වගේ ඒව ගන්න එපා ජපන් පාවිච්චි කරපු එකක් හරි ගනින් කියන එක මට නම් දැනෙන විදිහට මහ අපත වැඩක් .
මොකද ඔය විදිහට අමාරුවෙන් කාර් එකක් ගන්න එකා ඒ ගන්නෙ උගෙ පවුලෙම හරි උගෙ හරි පලවෙනි වාහනේ වෙන්න පුලුවන් . ඉතින් ඕක අරන් පදිනකොට සද්දෙ වෙනසක් වත් අදුරගෙන ලෙඩක් එනකොටම තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන් .එහෙම වෙලා ලෙඩ වැඩිවෙලා අර පරන වාහනෙත් අරන් ගරාජ් ගානෙ රස්තියාදු වෙවී ඒවටත් වියදම් කරගෙන ලීසිනුත් ගෙවන තත්වෙට පත් කරන්න එපා .ඊට වැඩිය ඌට අලුත් ඉන්දියන් එකක් අරන් අවුරුදු 2ක් පැදපන් කියන එක මටනම් හිතෙන්නෙ ලොකු උදව්වක් වෙයි . (ඇල්ටො එක උදාහරෙනට ගන්නෙ ගොඩක් හොද පලවෙනි වාහනයක් නිසා )
ඊලන්ගට දකින දේ තමයි වාහනයක් ගැන අහුවහම තවල් ලක්ශ දෙකතුනක් දාල අර වාහනේ ගනින්කො කියන එක . මනුස්සයෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්නෙ ඌට කරන්න පුලුවන් උපරිම වියදම හිතාගෙන . තව දුරටත් ඌව වෙනදේකට පොලබවනව කියන්නෙ ඌ උනත් බලනව ඔව් නේද යකෝ කියල කොහොම හරි සල්ලි හොයාගන්න . ඒත් අන්තිමට ඌට වෙන්නෙත් කන්නෙ බොන්නෙ අදින්නෙ නැතුව වාහනේ නඩත්තු කරන්න ., ඒ නිසා ඌ අහන වාහනේ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන එක වෙනම දෙයක් .ඕකෙ ඉඩ නෑ පෙනුම හරි නෑ අරක ගනින් කියන එක නම් පව් වැඩක් .
ඊලන්ගට කාර් ගන්න හදන උන්ට කියන්නෙ . වාහනේ කියන්නෙ ජීවිතේම නෙමෙයි . අම්මට තාත්තට ,ගෑනිට ලමයින්ට සලකන්න ඕන . ඒ නිසා පරන 110 එකකට වියදම් කරන්න පුලුවන් එකා ඒක ගන්නෙ නැතුව වැගන් R වලට යන්න එපා . (හයර් දුවන්න නෙමෙයිනම් ). බොරු වියදමක් විතරයි . පස්සෙ අරක විකුන විකුන අප්ඩේට් වෙන එක වෙනම කතාවක් .
අනික වාහනේ අරගෙන ලීසින් ගෙවනවට අමතරව තව වැඩ ගොඩක් තියනව . ලයිසන් කරන්න ඕන,ඉන්ෂුවරන්ස් කරන්න ඕන ,තෙල් ගහන්න ඕන , සර්විස් කරන්න ඕන ඔයිල් මාරු කරන්න ඕන ,හෝදන්න ඕන ,ඉටීරියර් ක්ලීන් කරන්න ඕන ,ගෙදරට කන්න දෙන්න ඕන ,ඔය වාහනේ යන ගමනකදි කන්න බොන්න ඕන ,ඔය වගේ වැඩ කෝටියයි . ඉතින් තමන්ගෙ ආදායමත් බලල යන්න පුලුවන් උපරිම යන්නෙ නැතුව ඊට ස්තාන දෙකක් වගේ අඩු එකකට යන එක තමා අද රටේ ආර්තිකේ එක්ක කරන්න තියන හොදම දේ .
ප්‍රදානම දේ පලවෙනි වාහනේ නම් ,වාහන ගැන ලොකු දැනුමකුත් නැත්තම් ඉන්දියන් හරි අලුත් එකකට යන එක තමා හොද . කිරියෙ කියන කියන විදිහට තව ලක්ශ 2ක් දාල අරක ගනින්කො කියන ඒවට නම් අහුවෙන්න එපා





කිසි කරදරයක් නෑ ඉඳගෙන පාරේ යන නංගිලා දිහා බල බල යන්නයි තියෙන්නේ වියදමත් අඩුයි කරදරත් අඩුයි හිතත් නිදහස්
bike ekakata wada nam Alto safe ne![]()
ලන්කාවෙ ඉන්දියන් වාහන ගන්න ගන්න එකා මැරෙන්නෙ නෑ බන් .. මන් කිව්වෙ අමාරුවෙන් පලවෙනි වාහනේ ගන්න හදන උන් මිස වාහන පැදල කාපර් වෙච්ච උන් ගැන නෙමෙයි