වැරදියි..
මේ සයිට් එකේ නිදහස වැඩි නිසා..
නෑ.. පැහැදිලිවම නෑ..
ඔව් අනිවාර්යයෙන්ම. ඒත් උත්තර දෙන විදිය අවස්ථානුකූලව වෙනස් වෙනවා. සමහර වෙලාවල් වලදී වචනයෙන්. තවත් සමහර වෙලාවල් වලදී ක්‍රියාවෙන්..
මොනව වෙන්නද??
[/SIZE]
මෙහෙම දෙයකුත් මට හිතෙනවා.
අපි කරන්නෙ මොකක්ද? වැරැද්දක් දැක්කම ඒක වැරදියි කියල පෙන්නල දෙන එක විතරයි නේද?? ඒ වැරැද්ද ආයිත් වෙන එක වළක්වාගන්න ඕනි විධි ක්‍රම ගැන කීයෙන් කී දෙනා ද කථා කරන්නේ. මේක එළකිරි කියන සයිට් එකට විතරක් ආවේණික දෙයක් නෙවී. හැම තැනම වෙන දෙයක්.
නිකමට කල්පනා කරල බලන්න, ජීටී කියන්නෙත් මනුස්සයෙක්. ඉතිං එයාට පුළුවන් වෙයිද විසිහතර පැයේ ම මේක දිහා බලාගෙන ඉන්න?? එයාට වෙන වැඩ නැතුව ඇතිද?
ඒ වගේම ජීටී තමයි මේ සයිට් එකේ ඇඩ්මින්, එයා තමයි මේව බලාගන්න ඕනි කියල අපි අත් දෙක පිහදාගන්න එක හරිද???
අනිත් එක ජීටී තනියම තීරණයක් ගත්තොත් සමහර විට ඒ තීරණයේ සුළු සුළු අඩුපාඩුකම් තියෙන්නත් පුළුවන්. ඒත් යෝජනා ගොඩාක් අතරින් එකක් තෝරගත්තොත් ඒක වැරදීමට තියෙන සම්භාවිතාව අඩුයි නේද??
ඉතිං මට හිතෙන්නෙ අපි අපේ අදහසුත් (මේ තත්වය වලක්වන්න කරන්න හොඳයි කියල අපිට හිතෙන දේ) මෙතන දාමු. මම හිතන්නෙ ඒක ජීටී ට වගේම මේ සයිට් එකේ උන්නතියටත් හේතුවක් වෙයි. මම තේරුම්ගත්තු දෙයක් තමයි ජීටී කියන්නෙ නිහතමානී මනුස්සයෙක් කියන එක. අපේ යෝජනා අතරෙ හොඳ යෝජනා තිබුණොත් එයා ඒව පිළිගනී අනිවාර්යයෙන්ම.
මොකද කියන්නෙ. මේ තත්වය වලක්වාගන්න ගත යුතු යැයි අපිට හිතෙන ක්‍රියාමාර්ගත් මෙතන පෝස්ට් කරමුද??
ඔන්න මම ම පටන්ගන්නම්.
- මේ සයිට් එකේ රූල්ස් ගැන හැම සාමාජිකයෙක් ම (අළුත් වේවා, සීනියර් වේවා, සීමනියර් වේවා) නැවත දැනුවත් කිරීමේ වැඩසටහනක් පටන් ගන්න ඕනි.
- අපේ රෙප් පොයින්ට් ගාණට අමතරව අපි කරපු සක්කිලි වැඩ වලට (වචනේ සැර වැඩිද මන්දා) හම්බවුණු ලකුණු ගාණත් හැමෝටම පෙන්නන විදියට වෙනස් වෙන්න ඕනි. කී පාරක් වෝනින් ලැබිල තියෙනවද, කී පාරක් බෑන් වෙලා තියෙනවද කියන එක පේන්න තිබුණම ඕනි චන්ඩියෙක් දෙපාරක් හිතනවා බුල කෙලින්න කලින්. එතකොට කාගෙ කාගෙත් චරිත සහතිකේ කාට කාටත් එළිපිටම බලා ගන්න පුළුවන්.
- සුළු වැරදි, බරපතල වැරදි විදියට වර්ග දෙකක් තියෙන්න ඕනි වෙන් කරලා. බරපතල වැරැද්දක් කරපු ගමන් ඌව බෑන් කරලා දාන්න ඕනි සතියකට දෙකකට. ෆේක් අයිඩී හදාගෙන ආවොත් උගේ ඇත්ත අයිඩී එකත් එක්කම සදහටම බෑන් කරන්න ඕනි කාල වරෙන් කියල. සුළු වැරදි වලට මුලින්ම අවවාද කරනවා. දෙවෙනි පාර අවවාද කරන්නෙ බෑන් කරලා.
මගේ මේ යෝජනා වල වැරදි ඇති. එන්න අපි සාකච්ඡා කරමු!!


agree



