එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    OK
    2.gif

    කැ# මිනිස්සු :angry:

    :(:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලාංකේය ගීත කලාවේ , සම්භාව්‍ය ගීය සහ ජනප්‍රිය ගීය අතර පාලමක් බඳු වූ අසහාය ගී පද රචක , නිවේදක , ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්, ජීවත්ව උන්නා නම් , අද දිනට වසර 68 ක් සපුරයි. අද ඔහුගේ උපන්දිනයයි..
    වයස අවුරුදු 42 වැනි කෙටි ජීවිත කාලය තුල ඔහු පබැඳි ගීත හරහා ආක්‍රමණය නොකළ , කතා නොකළ මාතෘකාවක් නැති තරම්ය. ඒවාට වස්තු බීජය වන්නේ එදිනෙදා වටාපිටාවේ , පරිසරයේ, වස්තුන් සහ සිදුවීම් ද ,මිනිස් සන්තානයේ උපදින අනේකවිධ භාවයන් හා ඒවායේ පෘතග්ජන හැසිරීම් අමුද්‍රව්‍ය කොටගනිමින්, සමාජයේ විවිධ ස්ථරයන් නියෝජනය කල අප සහ අප අවට වෙසෙන සාමාන්‍ය මිනිසුන්ගේ දුක හා සතුට අතර දෝලනය වෙන අනෙක විධ කථාන්දරයි....
    එක්කෝ ඉමක් කොනක් මිලක් නොමැති අම්මාගේ , තාත්තාගේ ආදරයයි, සහෝදර ප්‍රේමයයි..මේ හැම ආකාරයේම බැඳිමක් ම , අපේ ජිවිත හා නිබඳවම ඇලී ඇලී අපව වරෙක සන්තුෂ්ටියටද සන්තාපයටද පත් කරයි...ඒ හැම සියුම් සිතිවිලි මාත්‍රයකම ඉතා කුඩා වෙනස්වීමක්, ගීයක අර්ථය හෝ රසය වඩා උද්දීපනය කර පෙන්වීම කෙරෙහි හසුරුවාගත් අයුරු ඔහුගේ ගීත , විශේෂයෙන් ප්‍රේම ගීත වල දක්නට ලැබුණු වාර අනන්තයි......මදකට සිතුවොත් ඔහු මේ කියන්න උතසහ කලේ කුමක්ද?
    "ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදී...මම මගේ සෙවනැල්ලෙන් මිදී" ?
    "මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු..රහස් අහස්තයට පවරා" ?
    මේ සුන්දර , නිහතමානි, කුඩා මිනිසා අද ජීවතුන් අතර නැහැ..එහෙත් ඔහු පබැඳු ගීත නිර්මාණ අදටත් ජීවතුන් අතර පන ගසමින් ,අලුත් වෙමින් යුග යුග ගණන් අප දෙසවන් සනහනවා..එම ගීත අප ආනන්දයෙන් ආනන්දය කරා ද ඉන් නොනැවතී ආකල්ප , වටිනාකම්, ප්‍රඥ්යාව සංවර්ධනය කරාද රැගෙන ගියා..
    ඔහුගේ 68 වන ජන්ම දිනයේ මේ කුඩා සටහන තබන්නට සිතුනේ එතුමන් හෙළ ගීත ක්ෂේත්‍රයට ඉතා කෙටි කලක් තුල කරන ලද අති විශිෂ්ඨ මෙහෙය සිහිපත් කරමින්..
    අද ජූනි 03
    "ඔබෙ දෙතොල් පෙති ලිහුණු" "මිහිරැති වසන්ත කාලේ" දවසක "තනි තරුව"ක් තිබුණු "සඳ කැන් වැටුණු" රාත්‍රිය මතකද ..
    "අපි හැඟුම් වලට ඉඩ" දුන් "ආදර ගඟුල" ගැන "අකුරු සතරකින්" කෙසේනම් කියන්නද ...එහෙත් අවසානේ "සමනල සමනලියන් මැද්දේ"
    "ඈත රන් විමනක" "ඔබ දේදුන්නක්" වුණා .."
    "රටකින් එහා" සිට "සිතින් මා නොසැලී" "මේ නගරයේ" දී "තරු අත් අකුරින්" ලියමි.
    නුඹ
    "හෙට දවසෙත්" "මට වාසනා"
    (අදට යෙදෙන ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයාගේ ජන්ම දිනය වෙනුවෙනි )

    10425846_907674299295734_1591290959196079710_n.jpg



    "දයාබර ප්‍රේම්...ඔබට සුබ උපන්දිනයක් වේවා" !!!
    -----------------------------------------------------------
    ප්‍රේම ගීතය තුල රජ කල ප්‍රේම් ගේ වෙනස්ම වූ තේමාවක් රැගත් මේ ගීය මට නම් ඉතා සංවේදී කතා පුවතක්..අතිශය අවධානම් සහිත රැකියාවක් වූ මුතු කැඩීමේ කර්මාන්තයේ යෙදී දැඩි ජීවන අරගලයක යෙදෙන අපේම මිනිසුන් දෙදෙනෙකුගේ දෙබසක් තමයි මේ ගීයෙන් කියවෙන්නේ... (ඔවුන් දෙමස්සිනාල) පණ නල කොයි වේලේ නැසී යයිදෝ සැකයෙන් යුතුව ගැහෙන ඔවුන්ගේ හදවත් සලිත වන රාවයයි ඔහුගේ පෑන් තුඩ අග ගැටි ගැටි මේ අපුරු ගී පද එක්කෝ ඔහුගේ ලේන්සුවක , බස් ටිකට් එකක, සර්වියට් එකක් , බිත්තියක හෝ , මේසයක් පුටුවක් පොතක් කොලයක් නැති තැනක ලියවෙන්නට ඇත්තේ... ඔහුගේ අනිකුත් බෝහෝ ගීත ලියවුනු ආකාරයටම...
    ඕ... මස්සිනේ...
    ඕ... මස්සිනේ...
    ගැඹුරු මුහුදු පතුළෙ ගිළී
    මුතුපර සොයනෙමි කිමිඳී
    ජීවිතයම නුඹේ අතේ
    කඹේ තදින් අල්ලාගන්නේ
    ඕ... මස්සිනේ...
    ඕ... මස්සිනේ...
    ඔරුවේ කොන මුහුදු පතුළ...//
    අඹු දරුවන් නුඹටම බාරයි
    මස්සිනේ...
    මඟ හිඳිනා දිය රකුසන්
    නැගණියගේ සුසුමට බාරයි
    මස්සිනේ....
    නැංගුරමේ බැමි මැදෙනා...//
    හඬ නොඇසෙන් ගැඹුරට මුහුදේ
    මස්සිනේ...
    දිය ගැඹරේ හද ගැහෙනා
    හඬ ඇසියන් දෑතට මාගේ...
    මස්සිනේ...
    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
    යුග ගායනය: වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කමක් නෑ සහෝ තව පරණ කෙනෙක්ව මේ සතිය ඇතුලත වැඩේට සම්බන්ධ කර ගමු.
    ලාහට ගෙම්බො එක්කහු කරනව ම තමා මේ වැඩේ....
    හැකත් නෑ කියහං කෝ....ඥාතියෙකුට හාට් ඇටෑක් එකක් කියල ඌ ඉස්පිරිතාලෙ ගිහින්....:eek::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලාංකේය ගීත කලාවේ , සම්භාව්‍ය ගීය සහ ජනප්‍රිය ගීය අතර පාලමක් බඳු වූ අසහාය ගී පද රචක , නිවේදක , ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්, ජීවත්ව උන්නා නම් , අද දිනට වසර 68 ක් සපුරයි.

    ...................
    ...................
    ...................
    ...................

    යුග ගායනය: වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය



    ජීවත් වෙලා හිිටියනම් තාම සක්‍රීයව දායකත්වය ලබාදෙයි :( ගීත රසිකයන්ගේ අවාසනාව තමයි ඉතිං. ලෝකයේ සමහර වෙනස් මිනිස්සු වැඩි කාලයක් ජීවත් වෙලා නෑ. ඇලන්ටියුරින්, ඇඩා ඔගස්ටා වෙගේ අයගේ පවා ජීවිත ගමන අකාලයේ නතර වුනේ නැත්තං මේ ලෝකේ වෙනස් වෙන්න තිබුනා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලාහට ගෙම්බො එක්කහු කරනව ම තමා මේ වැඩේ....
    හැකත් නෑ කියහං කෝ....ඥාතියෙකුට හාට් ඇටෑක් එකක් කියල ඌ ඉස්පිරිතාලෙ ගිහින්....:eek::sorry:

    :( ප්‍රෝග්‍රෑම් එක කරන්න එයි සහෝ. ඇත්තටම හාට් ඇටෑක්ද දන්නෙ නෑනේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලාහට ගෙම්බො එක්කහු කරනව ම තමා මේ වැඩේ....
    හැකත් නෑ කියහං කෝ....ඥාතියෙකුට හාට් ඇටෑක් එකක් කියල ඌ ඉස්පිරිතාලෙ ගිහින්....:eek::sorry:

    හැක බදුල්ලෙ ඉදන් අවිල්ලද ??
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියෝවෙන් පස්සෙම ස්කයිප් අද ලොග් උනේ
    avatar104483_1.gif

    අප්ඩේට් කරනවා කරනවා මූ ඉවරයක් නෑ
    තාම මග මම 10මින් අප්ඩේට් :sorry::sorry::sorry:

    හෆොයි