එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    jCNvIS1.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    BREAKING TEAM NEWS - විරාත් කෝලි හඬා වැටේ
    කොරිඩෝව දිගේ ඇවිදගෙන ආ යමෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ හොටෙල් කාමරයේ දොරට වරක් දෙවරක් තට්ටු කලහ. මැතිව්ස් සිටියේ අයිපොඩ් එකෙන් ළහිරු පෙරේරාගේ මොට්ටු සිංදුව අහන ගමන් හයිද්‍රාබාද් හංඳියේ සුමනක්කගේ කඩෙන් උණු උණුවේම මිලට ගත් මුරුක්කු ටිකක් හපන ගමන්ය. යාන්තමට දොරට තට්ටු කරන හඬ ඇන්ජිට ඇසුණි.
    “වරෙං හු *** ඇතුලට“
    නිතර ලංකාවට පැමිණ ලංකාවේ එක එක බලු කොල්ලන්ගෙන් කට කැඩෙන කතා අසා පුරුදු කෝලිට මැද වචනය නොතේරුණත් මුල සහ අග වචන දෙක ලාවට තේරුණ නිසා දොරේ අගුල ඇරගෙන කාමරය ඇතුලට රිංගා ගත්හ. කාමරය තුලට පැමිණියේ කෝලි බව දුටු ඇන්ජිට ප්‍රශ්නාර්ථ ලකුණු ගණනාවක් එක්වර මතුවෙන්නට විය. කෝලි සිටියේ දැඩි ලෙස ශෝකයට පත්ව බිමබලාගත් ගමන්මය. කාමරය තුලට ආවෙත් හිමින් හිමින් අඩිය තබාය. සිහි කල්පනාවක් නැතිව මෙන් තවමත් වාඩි නොවී කාමරය තුල හිටගෙන සිටී.
    “ආ මචං...වාඩියං තුන් හතර පොලකින්“
    ඒත් කෝලි කිසිඳු හැඟීමකින් තොරව ඇන්ජිගේ ඇඳේම ස්ප්‍රීන් මෙට්ටය මත ඔහේ වාඩිවිය. තාමත් බිම බලාගත් ගමන්මය.
    “අනිවාර්යයෙන් මුගේ පවුල් ප්‍රශ්නයක් තමයි. අර නිළිය මූට බූට් එක තියලද කොහෙද. ටීම් එකේ එවුන්ට ප්‍රශ්නේ කියලා හිත හදාගන්නත් බැරුව ඇති. මොකද මූ නිලියක් දාගෙන ටීම් එකේ අනිත් එවුන්ට උඩදාගෙන ආඩම්බර පෙන්නගෙනනේ හිටියේ..අනිවා දැන් උන්ට මේවා කිව්වොත් උන් පුකෙනුත් මූට හිනාවෙයි“
    ඇන්ජිට එහෙම හිතුනා..ඒ අතරේ නිහඬව හිටපු කෝලි කතා කරන්න පටන් ගත්තා.
    “මොකක්ද බං තොපිට වෙලා තියෙන්නේ...??“
    කෝලි අහපු ප්‍රශ්නෙට ඇන්ජිගේ ඇස්දෙකෙන් ඩොලර් පැන්නා. ඇයි බොල ගහෙන් ගෙඩි එන්න වගේ මොකක්ද මූ මේ අහපු උලව් ප්‍රශ්නේ.
    “ඒ මොකක් ගැනද බං උඹ කියන්නේ..අපිට මොනවා වෙන්නද?“
    ඇන්ජි අයි පොඩ් එක පැත්තක තියලා ආනමාලු කෙහෙල් ගෙඩි දෙකක් ඇවරියකින් කඩාගෙන කෝලිට එකක් දික්කරා. කෝලි කෙහෙල් ගෙඩිය අරගෙන මොකාද වගේ ලෙල්ල එක්කම කන්න ගත්තා. ඇන්ජිට අප්පිරියාවේ බැරුව ගියා.
    “මම අහන්නේ ඇයි උඹලා ඔහොම සෙල්ලම් කරන්නේ..බලපං පලවෙනි මැච් එක 169 කින් පරාදයි..දෙවනි මැච් එක විකට් 6 කින් පරාදයි..අනික 100 ක් ගහන්න පුළුවන්කම තිබිච්ච උඹ අන්තිම ටිකේ විකාර කරලා ඒක නැති කරගත්තා..මොකක්ද උඹලට තියන ප්‍රශ්නේ“
    කෝලි අහපු ප්‍රශ්න පත්තරේට ඇන්ජිට කකා හිටපු කෙසෙල් ගෙඩියත් හිරවුණා.
    “යකෝ උඹ අහන්නේ අපේ පාලක මණ්ඩලේ එවුන්වත් අපෙන් ඇහුවේ නැති පුරස්න ටිකක්ගේ බං..“
    ඇන්ජි කින්ඩි හිනාවක් දාලා කිව්වා. කෝලියට තවත් තද වුණා ඒකට.
    “ඒක මට ප්‍රශ්නයක් තමයි යකෝ..ඇයි බොල එංගලන්තෙට ගිහින් උන්ට බඩයන්න ගැහුවා..පාකිස්ථාන් කාරයෝ ගෙන්නගෙන නැතිවෙන්න ගැහුවා..අප්‍රිකන් කාරයන්ටත් නැතිවෙන්න ගැහුවා දිනන්න බැරිවුණත් උඹලා හෙන ගේමක් දීලා උන් බලුකලා..පහුගිය මැච් 20 න් 15ක් ම තොපි දින්නා..ඒත් අපිත් එක්ක ගහන්න ඇවිත් තොපි මෙච්ච නෝන්ඩි විදියට පරාද වෙන එක මට හෙණ අවුල් යකෝ..“
    කෝලි සංඛ්‍යා ලේඛන එක්කම විශ්ලේෂණය කරද්දි ඇන්ජිට මතක්වුනේ ටෝනි ග්‍රේග් මාමා. කඳුළුත් ආවා ඇස් දෙකට.
    “එහෙම එකක් නෑ යකෝ...අපි සෙල්ලම් කරන්නේ අපිට පුළුවන් විදියට..උඹ ඒකට අවුල් ගන්න දෙයක් නෑ..තව ඉතින් අපි පරදිනවා කියන්නේ තොපිලට හොඳයිනේ යකෝ..ඇයි යකෝ අපි මේ මැච් පහම උඹලට ගැහුවානම් තොපේ ගෙවල් කුඩේ කුඩුනේ යකෝ..“
    ඇන්ජි මොනවා කිව්වත් කෝලිගේ හිත හැදුනෙම නෑ.
    “ඊයේ දෝනි මට මැසේජ් එකක් දාලා තිබුණා ලංකාවේ ස්කූල් ටීම් එකකට ගහනවද කියලා..මට හෙන විලිලැජ්ජයි ඕයි..ඌ හිතනවා ඇති උඹලා ගූ ගහගෙන පරාද වෙන්නේ මගෙත් එක්ක තියන පිට් එකට ඌව එලවලා මාව කැප්ටන් කරන්න හෙල්ප් එකට කියලා... ඒ ඇරත් අද උදේ අනුෂ්කා පැය දෙකක් විතර ෆෝන් එකෙන් කතා කරන ගමන් කතා කලේ උඹලගේ මේ මොන්ටිසෝරි ගැහිල්ල ගැන..බලපං අර සංගක්කාර අතාරින කැච් ටික..අනුෂ්කාත් මාව සැකකරනවා යකෝ..උඹලගේ වැඩ නිසා මගේ මගුලත් කැඩෙන්න යන්නේ..රෙද්ද“
    ඇන්ජි කෝලි ලඟට ඇවිත් පිටට තට්ටු කරලා සනසන්න වුනා. ඒ වෙලාවේ දොර ඇරගෙන කාමරේ ඇතුලට එන්න ආව තිසරයා කෝලි කාමරේ ඉන්නවා දැකලා අඩියට දෙකට වාෂ්ප වුණා..කෝලි අඩියට දෙකට දොර ලඟට දුවලා ගියා..
    “අඩෝ..අඩෝ තිසරයා..දුවන්න එපා මරනවා..මෙහෙ වරෙන්“
    කොරිඩෝව දිගේ දුවලා ගියපු කෝලි තිසරට තර්ජනය කරලා කතා කලා. තිසර ආපහු හැරිලා චාටර් හිනාවක් දාගෙන ඔලුව කසන ගමන් කෝලි ලඟට ආවා.
    “කොහෙද තෝ දිව්වේ?“
    “දිව්වේ නෑ මචං..පොඩි හදිස්සි වැඩක් මතක් වෙලා ගියේ..“
    තිසරයා පට්ට කෙබර හලනවා කියලා කෝලිට තේරුනා.
    “බොරු කියන්න එපා යකෝ..උඹ ඊයෙත් ගේට්ටුව ගාවදි මාව දැකලා කොකා කෝලා කරත්තෙට මුවා වෙලා මාරු වුණා..අදත් උඹ මාව ඉන්නවා දැකලා මාරු වෙන්න නේද හැදුවේ..ඇයි තොපි මට මෙහෙම කරන්නේ“
    කෝලි ඇඳේ වාඩි වෙලා ඔළුවේ අත තියාගෙන නහයෙන් අඬන්න පටන් ගත්තා. තිසරයි ඇන්ජියි මූණට මූණ බලාගත්තා.
    “උඹ වරදවා වටහාගෙන ඉන්නේ බං..එහෙම සීන් එකක් නෑ. අපි මේ ඊළඟ මැච් එකට පණ දාගෙන සෙට් වෙනවා..බොරුද බලපං..“
    ඇන්ජි කුරුටු බලි ඇඳපු කොලයක් කෝලිට පෙන්නුවා. කෝලි ඒකත් ගණන් ගත්ත පාටක් පෙන්නුවේ නෑ.
    “කමක් නෑ බං..උඹලා මට ඔහොම කරලා මාව නෝන්ඩ් කරවලා..මගේ පවුලත් කඩලා..මාව කාපල්ලා..යකෝ උඹලගෙයි අපෙයි මැච්වල නිකං යන්තං ලකුණකින් දෙකකින් වගේ නොදින්නොත් අපේ රටේ එවුන් ඒවා සිරා මැච් කියලා පිළිගන්නේ නෑ යකෝ..අඩුම ගානේ අපේ පාලක මණ්ඩලේ එවුන්වත් පිළිගන්නේ නෑ බං..කමක් නෑ තොපි ඔහොම්ම කරපං“
    එහෙම කෑගහපු කෝලි දොර ඇරගෙන යන්න ගියා. ඇන්ජියි තිසරයි ආයෙත් මූණට මූණ බලාගනිද්දි ඇන්ජි බෙල්ල ඇදකරලා තමන් කිසිම දෙයක් නොදන්න බව තිසරට කිව්වා.
     
    Status
    Not open for further replies.