අැය කොළඹ දේවි බාලික විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිමෙන් පසු 2014.03.23 වන දින උසස් අධ්‍යාපනය සදහා සබරගමුව (බෙලිහුල්ඔය) විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයට ඇතුළත් වී ඇත. සිය එකම දියණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් හඩා වැළපෙමින් මව වන වසන්තා පද්මිණී ඇල්විටිගල මහත්මිය මෙසේ පවසන්නට විය.
මියගොස් ඇත්තේ එකම දරැවාය. මියගිය දුවත් මමත් පමණයි අප නිවසේ ජීවත් වුයේ. මෙසේ සිටියදී දුව පසුගිය වසරේ මාර්තු මස සබරගමුව විශ්ව විද්‍යාලයට තේරැණා. තේරී එහි ගියවිට දුවට දරැණු ලෙස එම සරසවියේ සිසු සිසුවියන් නවක වදයට ලක්කරලා තිබුණා.
මේ නිසා දුව යම් මානසික රෝගී තත්වයකට පත්වෙලා සිටියා. මේ නිසා මම දුවව නිවසට රැගෙන ආවා. අනතුරැව දුවව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවා. එම වෛද්‍යවරයා දුවට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඉන්පසු දුවට නියම කර තිබු බෙහෙත් ද රැගෙන නැවතත් සරසවියට ගියා. එහිදීත් නැවත නැවතත් දුවව නවක වදයට ලක්වෙලා තිබුණා.
මෙය ඉවසන්න නොහැකිව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දුව බෙහෙත් පෙති 18 ක් එකවර පානය කර ජීවිතය නැති කර ගන්නත් හදලා තියනවා. පසුව බලංගොඩ රෝහලට ඇතුළත් කර දින ගණනාවක් ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත නිවසට පැමිණ ටික දිනක් සිට නැවත සරසවියට ගියා. එහි සිසු සිසුවියන් නැවතත් නවක වදය දරැණු විදියට ලබා දී තිබෙනවා. මේ නිසාම දුව ගෙදරට වී සිටියා. මෙසේ සිටියදි ලබන මාර්තු වල නැවත සරසවියට යාමට තිබුණත් දෙන නවක වදය නිසා සරසවියට යාමට ලොකු බියකින් සිටියා.