එල කතාවක්....

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    ජැන්ඩියට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක් එළදෙනෙක් එක්ක තරු පහේ බාර් එකකට ගොඩ උනා.

    "මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පොක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?"

    "මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව....

    තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය...

    "කීයද ගාන....?"

    "රු. 62,800/= යි..." සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800 ක් මේසේ උඩ තිබ්බ....

    "බැලන්ස් එක ඔයා තියගන්න....."

    දවස් කීපයකට පසුව නැවතත් ඒ ජෝඩූව ආවා...

    "මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි, බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි..... ඔයාට මොනවද ඩාලිං....?"

    "මටත් එකෙන්ම දෙන්න මෙයා...."

    බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්....

    "සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?"

    "ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් නෑ.. අයියෝ ගන්න..."

    වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල....

    "රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...."

    අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!@#****.

    "සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?"

    "ඒක ටිකක් ළොකු කතාවක් ළං වෙනව කියන්න.. මට රස්සාවකුත් නැතුව, කෙල්ලෙකුත් නැතුව, සල්ලිත් නැතුව ජීවීතේ එපාවෙලා බම්බ ආවා කෝච්චියට බෙල්ල තියන්න... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත...."

    "නෑ...? කවුද...? පොලිසීයෙන්ද...?"

    "නෑ අයිසෙ.. පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ...ලස්සනම ලස්සන සුරංගනාවියක්..."

    "එයා කිව්ව වරම් තුනක් දෙන්නම් කියල. මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්, හරි රොස්මිඩ් ප්ලේස් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව. දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා..."

    "ඉතින් .... ඉතින් සර් මොනවද ඉල්ලුවේ....."

    "මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්‍ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා..."

    "ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....?

    "ඊලඟ වරමට මම සුරංගනාවීගෙන් ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්....."

    අවවාදය :-
    දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන කොට නියමාකාරයෙන් ඉල්ලන්න පරිස්සම්වෙන්න.....




    Honda nam ithin REP denna
    ...:nerd::nerd:

    REPOST nam srry wenna..
     
    • Like
    Reactions: rombo