නැ ඔය බයිලා ගැන නෙමෙයි මන් කිව්වේ. මේක ප්රජාතන්ත්රවාදී රටක්. රටේ නීතියක් තියෙනවා.
මේ 3 වෙනි පාර අහන්නේ, මේ මරන තර්ජනයක්ද නැත්තම් physically මට harm කරනව කියලද අදහස් කරේ නැත්තම් වෙන දෙයක්ද?
කෙනෙක්ව හෝ අදහසක් නවත්තන්න කියල හිතාගෙන ඒ කෙනාගෙ හුස්මට බාධා කරනවා කියන්නෙ මහම අනුවණ වැඩක් මචන්. මොකද උඹ හිතපන්කො යහපත් - අංගුලිමාල කියල. බුදු හාමුදුරුවො ඒ එන්ටිටි එක ඝාතනය කළාද?නාලාගිරිව ඝාතනය කළාද? ජේසුස් පව්කාර ස්ත්රියව ඝාතනය කළාද? එහෙම වුණොත් ඒ එන්ටිටි එක ඇත්ත දැනගන්නෙ කවදද? හැමදාම එකම රවුමෙ සංසාරෙ යනවා. වෙනස්වීමට කෝ ඉඩක්? ආවස්ථිතිය කඩන්නෙ කොහොමද?සාවුල් කොහොමද පාවුලු කරවන්නෙ? එන්ටිටි එක ගැන අවබෝදයක් නැති වුන් තමයි ඒ භෞතික ශරීරයට හානි කරවන්නෙ. ඒත්, පුළුවන් නම්, ඇත්ත පෙන්නන්න. බුදු රජානන් වහන්සේ කළා වගේ... ජේසුස් වහන්සේ කළා වගේ...... මගෙ වයිෆ් මට නැති වුණේ මම මේ නාම රූප වලින් කරපු දේකට නෙමෙයි මචන්. උඹට තේරෙනවද මම ඒ නිසා විඳින අපහසුව? මම සංසාරෙ කරපු ගොන් අමන කමක ප්රථිපලයක් ඒක. ඉතින් මම එහෙම වැරදි කරගන්න උත්සාහ ගන්නෙ නැහැ මචන්. හැබැයි තව එන්ටිටියකට එලියක් වෙන්න පුළුවන් නම්.................
මට උඹ එක්ක පෞද්ගලික තරහවක් නැහැ මචන්. ලංකාවෙ මිනිස්සුන්ව බේරගන්න බැරි පිළිකාවක් බන් මේ මාතෘකාව. ඒ කියන්නෙ අපේ බහුතරයකට - සම්මේ සත්තා උම්මත්තකා කියන කාරණාව ගැන අවබෝදය අල්පයි. ඒ කියන්නෙ මචන් තමන්ගෙ මානසික සෞඛ්යය ගැන තේරුම් අරගෙන තියෙන ප්රමාණය, ඒක බිඳිලාද? ඔය වගේ කාරණා ගැන අදහසක් නැහැ. ඒ හින්ද ජීවිත ගානක් අද හුස්ම ගත්තට ජීවත් වෙන්නෙ නැහැ මචන්. කර්මයට අමතරව තව නියාම ධර්ම 4ක් තියෙනවනෙ මචන්. ඉතින් අපි ඒව අඳුනගෙන සමහර තැන් වලදි ඒවට බෙහෙත් දෙන්න, කතා කරන්න ඕනෙ. හැබැයි අපේ එවුන් පිරිසක් බිහි වෙනවා අර අසරණ වෙච්ච මිනිහව මරාගෙන කන්න. අර මිනිහගෙ වේදනාව සල්ලි උල්පතක් කරගන්න. අන්න එහෙම එවුන් ගැන මිනිස්සුන්ව දැනුවත් කරලා මිනිස් ජීවිත අපේ ලංකාවෙ ලස්සන කරන්න ඕන හින්දයි මම මෙහෙම කියන්නෙ මචන්.
මා එක්ක තරහ වෙන්න එපා. මිනිස්සුන්ව හූරන් කනවා බන් ඔය යක්කු කතා කියල. පව් බන් ඒ මිනිස්සු. උන්ට ඒකෙන් යහපතක් වෙන්නෙ නැහැ. සමහර තත්ව තියෙනවා උපදේශනයකින් ගොඩ දාන්න පුළුවන්. ඒත්, සමහර කාරණා වලදි උඩු දුවල බ්රේන් නියුරෝන්ස් ඩැමේජ් වෙන්න කලින් බෙහෙත් කරන්නම ඕන. නැත්තන් ඒ මිනිස්සු පාරවල් වල ඉන්නෙ කුණු එකතු කර කර, තනියම කියව කියව. අන්තිමේ කවුරුත් අත අරිනවා ඒ මින්ස්සුන්ව.... කවදද ඒ මිනිස්සු බන පදයක් අහල තේරුම් ගන්නෙ? කවදද ඒ මිනිස්සුත් සසර අවබෝද කරගෙන එතෙර වීමක් ගැන අවබෝද කරගන්නෙ බිඳුනු මනසකින්.....
මේ කාරණා ටිකක් ලොකුයි මචන්. ඒකයි උඹට මේ ගැන පැහැදිලි කරන්න නෑ කියල හිතුවෙ. මොකද එහෙම වුණොත් කතාව දිග් ගැස්සෙනවනෙහ්.