එහෙනං අපි නිවන් දකිමු

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
එහෙනං අපි නිවන් දකිමු

නිවන යනු කුමක්ද? නිවන යනු නිවීමයි. ඒ කියන්නේ සිතේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ඇතිවන දැවීම නිවාදැමීමයි. නිවන් දැකීමට කළ යුත්තේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් හදාගන්නා ආස්වාදය නැති කිරීමයි. අපි ඇසින් රූප බලන විට, කනින් ශබ්ද අහන විට, වෙන වෙනම රූප මාත්‍ර කොටස් එකතු කරගෙන, ඉන්පසු එයින් සංකාරයක් ගොඩනඟා ගන්නවා. මේ සංකාරය පියවර ගණනාවකින් විඥ්ඥානය බවට පත් වෙනවා. ඉන්පසු මේවා සැප, දුක්, උපේක්ෂා වේදනා ලෙස වෙන් කරගන්නවා, පැරණි මතකයන් උපයෝගී කරගෙන. මේ වේදනාවේ ඉන්පසු රාග, ද්වේශ හෝ මෝහ ලෙස අවිද්‍යාවෙන් ඇලෙනවා. ආස්වාදය හටගන්නේ මේ අවිද්‍යාවෙන් වේදනාවට ඇලීමෙන් තමයි. මේ ආස්වාදය තමයි ආර්ය සාසනයේ දුක්ඛය ලෙස හඳුන්වන්නේ. නිවන් දැකීමට කළ යුත්තේ මේ ආස්වාදය නැති කිරීමයි. ඒ සඳහා අවිද්‍යාව ප්‍රහානය කරනවා. අවිද්‍යාව කියන්නේ ලෝකය සාරයි, කැමැත්ත ඉෂ්ඨ කරනවා වගේ දෘෂ්ඨීන්. මේ අවිද්‍යාව නැතිකිරීමට ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකිය යුතුයි. මේ විදියට විදර්ශනා කරන විට ටිකින් ටික මාර්ගඵල ලබල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. :yes:

4.jpg

නිවන් දැකීමට අවශ්‍ය යැයි ඔබට හිතෙන සියළු දෑ, ප්‍රශ්න, සැඟවුණු කරුණු ආදිය මෙහි පළකරන්න.
 
Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිවන කියන්නෙ නිබ්බාන කියන මාගධී වචනයට සිංහල භාශාවෙන් ව්‍යවහාර කරන වචනය.නමුත් නිවන කියන වචනයෙන් නිබ්බාන කියන වචනයෙ අර්ථය සම්පූර්නයෙන්ම පහදන්න බෑ.නිබ්බාන කියන්නෙ රාග , ද්වේශ, මෝහ කියන බැමි වලින් මිදී නිදහස් වීම කියන අර්ථය.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    නිවන යනු සියලු ආශාවන් අත්හරීම නම්, කෙනෙකු සියලුම ආශාවන් අත්හැරියවිට ඉතිරිවන්නේ එක ආශාවක් පමණි. ඒ නිවන අවබෝධ කරගැනීමේ ආශාවයි, ඒ කියන්නේ අන්තිමට නිවන් දැකීමේ ආශාව අත්හැරිය විට නිවනට පිවිසේ.

    මට හිතුන දෙයක් කිව්වේ.. :)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිවන යනු සියලු ආශාවන් අත්හරීම නම්, කෙනෙකු සියලුම ආශාවන් අත්හැරියවිට ඉතිරිවන්නේ එක ආශාවක් පමණි. ඒ නිවන අවබෝධ කරගැනීමේ ආශාවයි, ඒ කියන්නේ අන්තිමට නිවන් දැකීමේ ආශාව අත්හැරිය විට නිවනට පිවිසේ.

    මට හිතුන දෙයක් කිව්වේ.. :)

    ඔව්. නිවන් දකින තක් ඔහුට නිවන් දැකීම සඳහා ඡන්දයක්, චිත්තයක්, විරියක්, විමන්සාවක් අවශ්‍යයි. නමුත් නිවන් දැකීමෙන් පසු එයද දුරුවී යයි.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Good Post. භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්. මාර්ගපල ලැබෙනවා කියන්නේ මොකක්ද පැවිදි අයට.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Good Post. භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්. මාර්ගපල ලැබෙනවා කියන්නේ මොකක්ද පැවිදි අයට.

    " භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්"
    සෝතාපන්න වෙන්න නම් (මාර්ගයට පිවිසෙන්න ) බණ අහන්නම වෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් විසින් පමණක් මේ නිවන් මග තේරුම් ගන්න බෑ. එහෙම කරන්න පුළුවන් පසේ බුදු කෙනෙකුට හෝ සම්මා සම්බුදු කෙනෙක්ට පමණයි. ඒ අය ඒ සඳහා බොහෝ කල් පාරමිතා පුරලා තියෙන නිසා තමයි එහෙම තනියෙන් අවබෝධ කරගන්න පුළුවන්.
    "මාර්ගපල ලැබෙනවා කියන්නේ මොකක්ද පැවිදි අයට"
    සෝතාපන්න වීමෙන් පසුව අනෙක් මාර්ග ඵල ලැබීමට නම් භාවනාව උපයෝගී කරගන්න පුළුවන්. ඒ සඳහා ආර්ය ධ්‍යාන වැඩීම සිදු කරනවා. ආර්ය ධ්‍යාන වඩන විට අනෙක් මාර්ග ඵල ලබලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    ඒ සඳහා ආර්ය ධ්‍යාන වැඩීම සිදු කරනවා. ආර්ය ධ්‍යාන වඩන විට අනෙක් මාර්ග ඵල ලබලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්.

    නිබ්බාන වීම උදෙසා අනුගමනය කලයුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාල මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයක් දක්වා නෑ.ආර්‍ය මාර්ගය අනුගමනය කරන විට ආර්‍ය ධ්‍යාන ඉබේම පූර්ණය වෙනව. ඒ සඳහා වෙනම උත්සාහ කළ යුතු නෑ.කළ යුතු එකම දෙය ආනපාන සති සමාධිය වැඩීමයි.ආනපාන සති සමාධිය වැඩෙන විට අනෙක් සියල්ලම ඉබේ පූර්ණය වෙනව.

    (බුදුරජානන් වහන්සේ විසින් මුල් කාලයේදී දේශනා කල සූත්‍ර වලදී ආර්‍ය ධ්‍යාන ලබා මගඵල ලබන ආකාරය දේශනා කලද පසු කාලීනව දේශනා කලේ ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයකින් තොරව නිවන් දකින ක්‍රමය වන සතර සතිපට්ඨානයයි )
     
    "ආර්‍ය මාර්ගය අනුගමනය කරන විට ආර්‍ය ධ්‍යාන ඉබේම පූර්ණය වෙනව"
    ඔව්. ඒකම තමයි මාත් කියන්නේ. ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස නැවත නැවත දකිමින් ඉන්න කෙනා තුල කාලයක් යන විට නිකම්ම ආර්ය දැහැන් පූර්නය වෙනවා.

    "ආනපාන සති සමාධිය වැඩෙන විට අනෙක් සියල්ලම ඉබේ පූර්ණය වෙනව."
    ඔබ කියන ආනාපානාසතිය විස්තර කරන්න.

    "බුදුරජානන් වහන්සේ විසින් මුල් කාලයේදී දේශනා කල සූත්‍ර වලදී ආර්‍ය ධ්‍යාන ලබා මගඵල ලබන ආකාරය දේශනා කලද පසු කාලීනව දේශනා කලේ ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයකින් තොරව නිවන් දකින ක්‍රමය වන සතර සතිපට්ඨානයයි"
    බුදුවරු කියන්නේ කලින් එකක් කියලා පසුව තව එකක් කියන අය නෙවෙයි.
     
    • Like
    Reactions: hiphoprock

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Good Post. භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්. මාර්ගපල ලැබෙනවා කියන්නේ මොකක්ද පැවිදි අයට.

    මේ කාලයේ නම් භාවනාවෙන් තොර නිවනක් නෑ මචං....
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    " භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්"
    සෝතාපන්න වෙන්න නම් (මාර්ගයට පිවිසෙන්න ) බණ අහන්නම වෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් විසින් පමණක් මේ නිවන් මග තේරුම් ගන්න බෑ. එහෙම කරන්න පුළුවන් පසේ බුදු කෙනෙකුට හෝ සම්මා සම්බුදු කෙනෙක්ට පමණයි. ඒ අය ඒ සඳහා බොහෝ කල් පාරමිතා පුරලා තියෙන නිසා තමයි එහෙම තනියෙන් අවබෝධ කරගන්න පුළුවන්.
    "මාර්ගපල ලැබෙනවා කියන්නේ මොකක්ද පැවිදි අයට"
    සෝතාපන්න වීමෙන් පසුව අනෙක් මාර්ග ඵල ලැබීමට නම් භාවනාව උපයෝගී කරගන්න පුළුවන්. ඒ සඳහා ආර්ය ධ්‍යාන වැඩීම සිදු කරනවා. ආර්ය ධ්‍යාන වඩන විට අනෙක් මාර්ග ඵල ලබලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්.

    සෝතාපන්න වෙන්න ගිහියෙක් විදිහට පුලුවන්ද? නැත්තම් පැවිදි විය යුතුද? පාරමිතාවක් පුරලා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? මාර්ග පල ලබිමෙන් පසුව(උදාහරණයක් විදිහට මෙම ආත්මයේදී) මරණයට පත්වුවහොත් ඊළඟ ආත්මයේ සිට එය දියුණු කල හැකිද?. මේ කාලයේ ඇතැම් පැවිදි අය මාර්ග පල ලැබී තියෙනවා පවසනවා (පැවිදි). මාර්ග පල ලැබී ඇතැයි හඳුනාගන්නේ කෙසේද? තමාට හෝ අන් අයට? Thank you
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹ පොන්නයෙක් වෙයන්. එතකොට ඔය රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ආස්වාදය එන්නේ නැහැ. සිං ගාලා නිවන් දකින්න පුළුවන්.:lol::lol:

    අනේ මෝඩයෝ රාගය, ආදරය, සෙනෙහස , මෝල් කලන්තය etc....... මේවා නැත්නම් මිනිසා වද වෙලා ඇති මේ වෙන කොටත්. :rofl::rofl::rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    නිබ්බාන වීම උදෙසා අනුගමනය කලයුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාල මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයක් දක්වා නෑ.ආර්‍ය මාර්ගය අනුගමනය කරන විට ආර්‍ය ධ්‍යාන ඉබේම පූර්ණය වෙනව. ඒ සඳහා වෙනම උත්සාහ කළ යුතු නෑ.කළ යුතු එකම දෙය ආනපාන සති සමාධිය වැඩීමයි.ආනපාන සති සමාධිය වැඩෙන විට අනෙක් සියල්ලම ඉබේ පූර්ණය වෙනව.

    (බුදුරජානන් වහන්සේ විසින් මුල් කාලයේදී දේශනා කල සූත්‍ර වලදී ආර්‍ය ධ්‍යාන ලබා මගඵල ලබන ආකාරය දේශනා කලද පසු කාලීනව දේශනා කලේ ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයකින් තොරව නිවන් දකින ක්‍රමය වන සතර සතිපට්ඨානයයි )

    සතර සතිපට්ඨානයයි, ආනාපාන සමාධියයි අතර සම්බන්ධය මොකක්ද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    සෝතාපන්න වෙන්න ගිහියෙක් විදිහට පුලුවන්ද? නැත්තම් පැවිදි විය යුතුද? පාරමිතාවක් පුරලා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? මාර්ග පල ලබිමෙන් පසුව(උදාහරණයක් විදිහට මෙම ආත්මයේදී) මරණයට පත්වුවහොත් ඊළඟ ආත්මයේ සිට එය දියුණු කල හැකිද?. මේ කාලයේ ඇතැම් පැවිදි අය මාර්ග පල ලැබී තියෙනවා පවසනවා (පැවිදි). මාර්ග පල ලැබී ඇතැයි හඳුනාගන්නේ කෙසේද? තමාට හෝ අන් අයට? Thank you

    1-සෝතාපන්න වෙන්න ගිහියෙක් විදිහට පුලුවන්ද?
    ඔවු අනේපිඩු තුමා සෝතාපන්න වුණා.​
    2- කලින් ආත්මයේ නිවන් අවබෝධ කරගන්න පින් දහම් කරලා හා කැපවීමෙන් භාවනා කරලා තියෙන්න ඕන. එතකොට මේ ආත්මයේ ඉක්මණින්ම නිවන් අවබෝධ කරගන්න පුලුවන්. ඒකට තමයි හේතු සම්පත්තිය කියන්නේ.
    3-තුන් වෙනි ප්‍රශ්නෙට නම් මම හරියට උත්තරයක් දන්නේ නෑ. මම හිතන විදිහට ඔය මාර්ගඵලයක් ලැබුණම විශේෂ දෙයක් මානසිකව සිදු වෙනවා. (එකපාරටම) ඒ අනුව ගුරු උපදේශනයෙන් හොයාගන්න පුලුවන් ඇති. (මම හරියටම දන්නේ නෑ ඒ සම්බන්ධයෙන්. )
     
    • Like
    Reactions: hiphoprock

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සෝතාපන්න වෙන්න ගිහියෙක් විදිහට පුලුවන්ද? නැත්තම් පැවිදි විය යුතුද? පාරමිතාවක් පුරලා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? මාර්ග පල ලබිමෙන් පසුව(උදාහරණයක් විදිහට මෙම ආත්මයේදී) මරණයට පත්වුවහොත් ඊළඟ ආත්මයේ සිට එය දියුණු කල හැකිද?. මේ කාලයේ ඇතැම් පැවිදි අය මාර්ග පල ලැබී තියෙනවා පවසනවා (පැවිදි). මාර්ග පල ලැබී ඇතැයි හඳුනාගන්නේ කෙසේද? තමාට හෝ අන් අයට? Thank you

    "සෝතාපන්න වෙන්න ගිහියෙක් විදිහට පුලුවන්ද? "
    පුළුවන්.

    "පාරමිතාවක් පුරලා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?"
    පාරමිතාවක් ගැන ලොකුවට කතා කරන්න ඕනේ නෑ. බුදුන් කියන දහම තේරෙනවනම් මාර්ගය වැඩෙනවනම් ඒ පුද්ගලයට පාරමිතා තියෙනවා.

    "මාර්ග පල ලබිමෙන් පසුව(උදාහරණයක් විදිහට මෙම ආත්මයේදී) මරණයට පත්වුවහොත් ඊළඟ ආත්මයේ සිට එය දියුණු කල හැකිද?"
    ඔව්. මාර්ග ඵල ලාභියෙක්ගේ මාර්ගඵල ඥානය ඊලඟ භවයටත් ගමන් කරනවා.

    "මාර්ග පල ලැබී ඇතැයි හඳුනාගන්නේ කෙසේද? තමාට හෝ අන් අයට?"
    මාර්ග ඵල ඇත්දැයි බැලීමට, තමන්ට දුරු වී ඇති දස සංයෝජනා මොනවද කියලා ගලපලා බලන්න ඕනේ.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    සෝතාපන්න අවස්ථාවේ සිට මාර්ග පලයක් ලබාගැනීමට හෝ නිවන අවබෝධ කරා ගැනීම එක ආත්මයකදී සිදු කල හැකිද? ඒ සඳහා ආත්ම ගණන් ධර්මය අවබෝධ කර ගත යුතුද? බොහෝ අය වයසට ගියවිට ධර්මය අවබෝධ කර ගැනීමට පෙලඹෙයි බණ ඇසීම/ පන්සල් යෑම වැනි කටයුතු වලින්. එසේ කිරීමෙන් මාර්ග පල හෝ නිවන අවබෝධ කරා ගත හැකිද(සාමාන්‍ය ගිහියෙකු සේ අවුරුදු 45ක් හෝ ඊට වැඩි ගණනක් ජීවත්ව)? පෙර ආත්මබවයන්ගේ පින හෝ අකුසල් ඒ සඳහා බලපානවද?(නිවන අවබෝධ කර ගැනීම සඳහා)
     
    • Like
    Reactions: Sexy Somapala

    "සෝතාපන්න අවස්ථාවේ සිට මාර්ග පලයක් ලබාගැනීමට හෝ නිවන අවබෝධ කරා ගැනීම එක ආත්මයකදී සිදු කල හැකිද?"

    උත්සහයක් තියෙනවනම්බැරි කමක් නෑ.

    "බොහෝ අය වයසට ගියවිට ධර්මය අවබෝධ කර ගැනීමට පෙලඹෙයි බණ ඇසීම/ පන්සල් යෑම වැනි කටයුතු වලින්. එසේ කිරීමෙන් මාර්ග පල හෝ නිවන අවබෝධ කරා ගත හැකිද"
    හොඳම දේ වයසට යනකන් ඉන්නේ නැතුව කලින්ම ධර්මය අවබෝධ කිරීමට යොමුවීම.

    "පෙර ආත්මබවයන්ගේ පින හෝ අකුසල් ඒ සඳහා බලපානවද?(නිවන අවබෝධ කර ගැනීම සඳහා)"
    ඒක එච්චර හිතන්න එපා. මේ බුද්ධෝත්පාද කාලේ මාර්ගය වඩලා බලන්න. වැඩෙනවනං වැඩෙයි. හැබැයි මාර්ගය වැඩුනේ නැතත් සද්ධර්මය අනුගමනය කිරීමට උත්සහා කිරීමෙන් කොහොමත් අහිතක් වෙන්නේ නෑ.