එහෙමද බුද්ධ පුත්‍රයෙක් හැසිරෙන්නේ??

එහෙමද බුද්ධ පුත්‍රයෙක් හැසිරෙන්නේ??

600458_456683731068160_1697862801_n.jpg


2013.02.12 වන දින T.N.L. ආයතනයේ පැවැත්වුණු සාකච්ඡාවේදී මාධ්‍ය වේදියෙකු යැයි කියන රිස්වි මහරූෆ් නැමැත්තා කියු එක් දෙයක් නිසා මෙසේ ලියමි. “ඔබ බුද්ධ පුත්‍රයෙකු විදිහට කතා කළ ආකාරය දැක්කාම අපි කම්පනයට පත් වුණා. එහෙමද බුද්ධ පුත්‍රයෙක් හැසිරෙන්නේ“ යි ඔහු අපේ ඥාණසාර හිමියන්ට කීවේය.
අපේ බුද්ධ පුත්‍රයෙකු ගේ හැසිරීමත් වගකීමත් ගැන කතා කරන්නට තරම් අවබෝධයක් දැනුමක් ඔවුන් සතුව නැති බව දනිමි. එහෙත් ඉන් පෙර බොදු බල සේනා වැඩ සටහනේදී සිංහල යැයි කියූ ප්‍රේක්ෂකයෙකුද කතා කර ස්වාමින් වහන්සේලාගේ හැසිරීම ගැන මෙවැනිම අමන අදහසක් ඉදිරිපත් කළ බව මට මතකය. එනිසා මේ ටික කිව යුතුමය.
අතීතයේ පටන්ම මේ රටේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා කළේ ධර්මාවබෝධය කරමින් නිවන සොයා යාම පමණක් නොවේ. අපේ ගුරු දේවතාවුන් වහන්සේලා වූයේද, අපට මග පෙන්වූයේද, සිංහල ජාතියේ ආරක්ෂකයින් වූයේද උන් වහන්සේලාය.
අතීතයේ පටන්ම රජුන් තැනුවේත් රජුන් රැක්කේත් ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වූ බුද්ධ පුත්‍රයින් වහන්සේලා විසිනි. දුටු ගැමුණු රජතුමා යුධයට යද්දී රැක ගත්තේද පලාගොස් සැගව සිටි වලගම්බා රජු පිණ්ඩපාතයෙන් පෝෂණය කලේද භික්ෂුන්ය.
ඉංග්‍රිසින් ලංකාව යටත් කරගත් කල මෙරට නිදහස වෙනුවෙන් පෙරමුණ ගත්තේද අපේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාය.
ඒ යුගයේදි සතුරා පරාජය කිරීමේ උපක්‍රම සාකච්ඡා වූයේ ගමේ පන්සලේය. එහිදී සිංහලයාට නිදහසට මග පෙන්වූයේ අපේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාය.
වාරියපොල සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, කුඩාපොල හිමි, ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ආදී බුද්ධ පුත්‍රයින් මේ රටේ නිදහස වෙනුවෙන් ඉදිරිපත් වූහ. දිවි පරදුවට තැබූහ.
වාරියපොල සුමංගල හිමියෝ ඉංග්‍රිසින්ගේ වෙඩි උණ්ඩය ඉදිරියේ ඉංග්‍රීසි කොඩිය බිම හෙලා අපේ ජාතික කොඩිය එසවූහ. ඒ අවධියේදී බුද්ධ පුත්‍රයින් මේ අයුරින් හැසිරීම හරිදැයි කිසිවෙකු ප්‍රශ්න කළේ නැත. උන්වහන්සේ එය කළේ මේ රටේ අභිමානය වෙනුවෙනි. සිංහල ජාතිය වෙනුවෙනි. ඒ බව එදා සිංහලයෝ තේරුම් ගත්හ.
මුසල්මානුවෝ මෙය තේරුම් ගත්තද නොගත්තද අපට කමක් නැත. අප කළ යුත්තේ මේ ටික අපේ සිංහලයින්ට පැහැදිලි කර දීමය.
අද අපේ ඥාණසාර හිමියන් ඇතුළු මේ ජාතික ව්‍යාපාරයේ හිමිවරු ඉදිරියට පැමිණ ඇත්තේද එදා කුඩාපොල හිමියන් අතින් ඉටු වුණු ජාතික මෙහෙවර උදෙසාය. බුදු දහම හා සිංහල ජාතිය රැක ගන්නටය. අප වෙනුවෙන් අභීතව පෙරට එන උන් වහන්සේලාගේ ගමනට ශක්තියක් වීම සිංහල අපගේ යුතුකමය. ඒ යුතුකම ඉටු නොකර අපගේම අය කරන්නේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා හැසිරෙන ආකාරය ගැන ප්‍රශ්න නැගීමය. බලය වෙනුවෙන් නිර්ලජ්ජිතව බෙරිහන් තලන දඹර අමිල වැනි චීවර ධාරීන් සිටියදී අප වෙනුවෙන් ජීවිතය නොතකා හඞ නගන අපේ උතුම් බුද්ධ පුත්‍රයින් වහන්සේලා ගැන එබදු අමන කතා කියන්නට අපේම අය ඉදිරිපත් වීම සැබවින්ම ශෝක ජනකය :no::no::no::no:
 
  • Like
Reactions: caps and BonziBUDDY

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    220px-Venerable_Migettuwatte_Gunananda_Thera_(1823-1890).jpg



    යකෝ ජාතියට දහමට අවැඩක් වෙනකොට බේරගන්න නැගීසිටින්න ඉන්නෙ සංඝයාවහන්සේල තමයි.ඒ වටා තමයි ජනයා එක් රැස් වෙන්නෙත

    එහෙම
    නැතුව උලම එනවයැ ඕව කරන්න. මට තියෙන පුදුමෙ මිනිස්සු මේව දැක දැකත් තව තවත් මේවට බණින එකයි. අනේ මන්ද.
    ෂික් එදා හාමුදුරුේ උලමා වරුන්ට උන්ගෙ ොත දිගඇරල මිනීමරණ.සැගවී සිට පහරදෙන. ගහන වාක්‍ය ටික පෙන්නුවනම් ඔකුන්ට කටඋත්තර නැති වෙනව . අපරාදෙ

     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනිවා මෙහෙම තමයි හැසිරෙන්න ඕන.මොකද උන්වහන්සෙලා එක එක උලමුන්ට ඕන විදිහට හැසිරෙන ගොබ්බ දේශපාළුවො වගෙ නිවට වෙලා බෑ කියලා තේරුම් අරන් ඉන්නෙ.
    එදා කුඩාපොල හාමුදුරුවො,වාරියපොල හාමුදුරුවො වගෙ අය නිසයි මේ රටේ මිනිස්සු ඉදිරියට ආවෙ.
    රිස්වි මහරුෆ් කියන්නෙ මහලොකු මාධ්‍යවේදියෙක් නම් සාදුලට බණ කියන එක නවත්තලා ...මේ උලමා කල්ලිය කරන වරද වරදක් වගෙ දකින්න ඕන.
    එහෙමම කරයි කට්ටිය..
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Salli walata nawena minissu hamuduruwaru gana boru katha pathurawala apahasa karana eka ada kaale saamanya deyak. A wage kaalakanni hitanne salli gana witarai
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි



    සතුරුව පෙරමුණට එතොත්
    අර මහමෙර සමඟ වුවත්
    සතුරු වෙයන් පුතේ නුඹත්
    ඒකයි හරි වීරකමත්



    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරි කොට සිතතොත්
    උඹයි මගේ පුතා සමත්



    කුල බේදය ලියලන්නේ
    ජාතික බැමි පුපුරන්නේ
    මේ රට මේ විපතින්නේ
    උඹ ද පුතේ ගලවන්නේ



    එස්. මහින්ද හිමි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් බැලුවා ඒ වැඩසටහන... එත් එක්කම විමලජෝති නායක හාමුදුරුවෝ එයාට තේරුම් කරලා දුන්නා, අතීතයේදීත් මේ වගේ හාමුදුරුවරු තමයි රට, ජාතිය වෙනුවෙන් නැගී සිටියේ කියලා...

    සහෝ... පොඩ්ඩක් FONT එක ලොකු කරලා දැම්මොත් හොදයි වගේ...

    ත්‍රෙඩ් එක උඩට ..
     
    • Like
    Reactions: uditha2sanjaya

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    අපොයි ඔව්...මීට කලින් ඉතිහාසයේ හාමුදුරුවරු සුද්දෝ ඉස්සරහා සුද්දන්ගේ කොඩි බිම දාලා පෑගුවා..
     
    • Like
    Reactions: uditha2sanjaya