දැන් සමාජයේ තියෙන ඝෝටාට සම්භන්ධ ප්රබල කරුණු කීපයක් ගැන මං දකින විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..
1) මේ 225ම එපා :- මේක මං හිතන්නේ මංගල පල කරපු දෙයක්.. මොකද අපි දන්නවා රනිල්ට බෑ , මහින්ද හොරා , වගේ points සමාජයේ පතිරුවෙත් මංගල. මොකද UNP එකට ප්රභාකරන් ඉල්ලුවත් වැටෙන චන්ද ලක්ෂ 20,30ක් තියෙනවා.. මේ 225ම එපා seen එක නිසා හුගක් සිංහල චන්ද වැටෙන එක නවතිනවා. එතකොට මුස්ලිම් දෙමල චන්ද තව ලක්ෂ 30ක් විතර හදාගත්තම UNP දිනුම්.එක තමා මෙච්චර මිනිස්සු එපා කියද්දීත් මුස්ලිම් ඇමතිලාව ආයි පත් කලේ.සිංහල චන්ද ඕනේ නම් උන් ඔය වගේ දෙයක් කරන්නේ නෑ .
2) ඝෝටගේ වටේ ඉන්න එවුන් හොද නෑ :- පළවෙන් කාරණය, මේක ජනාධිපතිවරණයක්, මේකෙදි එක්කෙනයි, වටේ ඉන්න අකමැති නම් ඒක පාර්ලිමේන්තු මැතිවරනේදී තීරණය කරන්න. 2015ත් මහින්දව පරාද කරනවට වඩා මිනිස්සුන්ට ඕන උනේ වටේ ඉන්න එවුන්ට return එකක් දෙන්න.එකේ ප්රතිපල තාම අපි දකිනවනේ.

අනික ඔය කියන කසඩ දේශපාලකයන් හැම අපේක්ෂකයා වටේ ම ඉන්නවා.දැන් කියන්න එපා නාගා එහෙම නෑ කියලා .

මොකද නාගට තාම දේශපාලන පක්ෂයක් නෑ .දැන් ලියාපදිංචි කරන්නත් බෑ .එහෙනම් ප්රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙන්න ඕනේ.එතකොට ඉතින් ආයි මේ ප්රශ්නෙම තමා .
3)පවුල් පාලනය නවත්තන ඕනේ

:- ඇයි පවුල් පාලනය එපා කියන්නේ. ඇමරිකාවේ බුෂ්ලා දෙන්නෙක් පාලනය කලා . ඒ මිනිස්සු පවුල් පාලනයක් එපා කිව්වද? හිලරි ක්ලින්ටන් දේශපාලනේට ආවා . මිනිස්සු පවුල් පාලනයක් ගැන කිව්වා ද? පුද්ගලයා දක්ෂයෙක් නම්, තමන්ගේ කෙනෙක් දේශපාලනේ කරපු එක කොහොමද නුසුදුසු කමක් වෙන්නේ?
4)ඝෝටා දරදඩු වැඩි :- මන් නම් කියන්නේ ඒක තමා ඝෝටාට තියෙන ලොකුම සුදුසුකම.රාජ්ය ආයතනයක finger print machine එකක් set කරන්න බෑ උද්ඝෝෂණ. දඩ ගහන්න බෑ bus strike . මේවා නවත්තන්න නම් කොන්ද පණ තියෙන එකෙක් එන්න ඕනේ. පිටකොටුවේ තියෙන අනවසර කඩ අයින් කරලා ඝෝටා පෙන්නලා තියෙනවා මිනිහා චන්ද බලන් වැඩ කරන එකෙක් නෙමේ කියලා .
5)අපි පොදු විකල්පේ

:- පොදු විකල්පේ කියන්නේ කවුද? නාගා,රොහාන්, JVP . මෙතනින් JVP එර අනිත් එවුන් එකෙක් ගැන වත් අපේ ගමේ එවුන් දන්නේ නෑ . මොකද උන් දේශපාලනේ කරන්නේ FB එකේ විතරක් නිසා. තාම හරි පක්ෂයක් නෑ , ගමකට ගිහිල්ලා නෑ , ඇත්තටම බැලුවම මෙයාල චන්දෙ ඉල්ලනවද කියන එකත් තාම confirm නෑ .


එතකොට JVP එක. JVP එකේ අපේක්ෂකයා විදියට බොහෝදුරට එන්නේ හිටපු විගනකධිපති


. මනුස්සයාගේ කියන්න තරං වැරද්දක් දැනට නෑ . හැබැයි JVP එකේ චන්ද පදනම තියෙන්නේ ලක්ෂ 6ක් වගේ.තව අලුත් චන්ද ලක්ෂ 4ක් හැදුනත් ලක්ෂ 10ට වඩා ගන්න බෑ . ඒවත් බොහෝදුරට සිංහල චන්ද. එහෙම වුනොත් ඒක බලපාන්නේ සිංහල චන්ද මත පදනම් වුනු අපේක්ෂකයාට. ඒ කියන්නේ ඝෝටාට. එහෙම උනොත් ආයි රනිල් අගමැති



.
මේ සේරම මං දකින විදිය.මේක වැරදි වෙන්න පුළුවන්. සංවාදයට විවුර්තයි .

