එළකිරි තනිකඩ පෙරමුණ - ස්තූති ප්‍රකාශය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි තනිකඩ පෙරමුණ - ස්තූති ප්‍රකාශය

    uc


    ජනාධිපතිවරණ සටන මේවන විට අවසන්ව ඇත. ඉතා උද්වේගකර තරගයකින් අනතුරුව එළකිරි තනිකඩ පෙරමුණට ජය ගෙන ආ ඔබ සැමට ස්තූතිය. මෙම මැතිවරණ කාල සීමාව තුල ඡන්ද ප්‍රචාරණ කටයුතු හේතුවෙන් කිසියම් එලකිරි වැසියෙකුට අපහසු තාවයක්, සිත්රිදීමක්, හෝ අකටයුත්තක් සිදුවූයේ නම් තනිකඩ පෙරමුණ වෙනුවෙන් සමාව අයදිමි. එමෙන්ම ජාතික සභාවේ නායක තුමන් වෙත ස්තූතිය පල කරන අතර ඉතා තියුනු තරගයක් අප අතර පැවතිනි. එමෙන්ම එතුමාගේ අදහස් හා එතුමාගේ කාලීන නූල් එළකිරියේ දියුනුවට ඉතාම වැදගත් වේ. එමෙන්ම අප සමග තරග කල අනෙක් පක්ෂ නායකයින් හටද මාගේ හදපිරි ස්තුතිය පලකිරීමට කැමැත්තෙමි. කිසිදු මැතිවරණ නිතී උල්ලංගනය කිරීමක් නොමැතිව උවුන් එලකිරියට ආදර්ශයක් ලබා දුනි.

    තවද තනිකඩ පෙරමුණේ මාගේ සහෘද සගයන්ට ස්තූතිය පලකිරීමට මා අවස්ථාව කර ගනිමි. මැතිවරණයට තරග කිරීමට මා තීරණය කල සැනින් මා හා එකතු වී කටයුතු
    කල රාහුල කසුන් සොයුරාටද ජූස් බන්ඩා සොයුරාටද ස්තූතිය පල කරමි. අපගේ නිර්මාණශීලි දැන්වීම් වල සැබෑ අයිති කරැවන් ඔවුන් දෙපලයි. මෙම මැතිවරණ ව්‍යපාරයට වෙනස් මුහුණුවරක් ගෙන දීමේ පුරෝගාමීන් උන එප දෙපල මම ආදරයෙන් මතක් කරමි. එමෙන්ම තනිකඩයන් වෙනුවෙන් අභීත සටනක් සිදු කල හිචචි පුතා මහතාවද එලි අසියුම් මහතාවද කටුස්සා මහතාවද ඉතික මිතික මහතාවද එක්සිකියුටර් මහතාවද ආදරයෙන් මතක් කරමි. තනිකඩයන්ගේ ඡන්ද මැෂිම බවට පත්වුයේ මොවුන්. උදේ දවල් රෑ නිදි නොමරා තනිකඩයන් වෙනුවෙන් මහගු සේවක් ඉටුකලේය. තවද නන් අයුරින් අපට උදව් උපකාර කල සැමට තනිකඩ පෙරමුණ වෙනුවෙන් ස්තූතිය පල කරමී.

    එළකිරියේ හෙට දවස වෙනුවෙන් සිදු කලයුතු නවීකරණ සිදු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වයද අප අපේක්ෂා වන්නෙමු. නොයෙත්කු බාධක මැද තනිකඩ පෙරමුණ විජයග්‍රහණ කිරීමට දායකු උනු සැමට නැවත
    වරක් මම හිස නමා ආචාර කරමි.

    ස්තූතියි,
    සඳමොල් බුවා
    පක්ෂ නායක
    එළකිරි තනිකඩ පෙරමුණ

    ජය ධරණී....!!!
    iikEMHX.png[
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නිදිමතේ ලියද්දි අපිට මේ වගේ තරගයක් සාමකාමී අයුරින් තැබීමට ස්වාධීනව කටයුතු කල ඩොඩෝ මහතාව හා සරා මෙනවිය ඉතා ගෞරවයෙන් මතක් කරනවා. තවද මෙම කාලසීමාව තුල ඉතා ස්වාධීන හා නිර්භය ලෙස තම හඩ නැංවු NK123 මහතාටද අපගේ ආචාරය පුදකර සිටිනවා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    ප්‍රථම විදෙස් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස මම අභිනව ජනාධිපති තුමාට ආරාධනා කරනවා