එළකිරි ධහම් සභාව....

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113

    ඔය මන් දාලා තියන එලකිරි ලින්ක් එකේ මරණය කියන එක අහන්න
    එකේ කියන විදිහට නම් හමුදුරුවන් දේශනා කරන්නේ දෙවි කෙනෙක් ගැනනන් නෙමේ බං
    අහල බලපන්කො පොඩ්ඩක් :yes:

    ප.ලී - හාමුදුරුවෝ කියන්නේ සුගති දුගති දෙකටම යන්න තරම් කර්ම ශක්තියක් නැති අය ගන්දබ්බ යයි කියන අන්තර්භව තත්වයට පත්වෙනවා මේක වෙන්නෙ කොහොමද?

    එක්කො මනුස්සයෙක් සුගතියේ ඉපදෙන්න ඔනි නැත්තන් දුගතියේ ඉපදෙන්න ඔනි.. මෙහෙම අන්තර්භව තත්වයකට යන්නෙ කොහොමද? මට එතන හෙන අවුල්.. :baffled:


    මටනම් හිතෙන්නේ අන්තරභාවයක් කියල එකක් නෑ, දැන් ඔය ගොඩක් අපි අහන පුනර්භව කතා වල කියන මම පාවී පාවී වගේ ඉදල එක පාරටම මේ අම්ම ගාවට ඇදිල අව වගේ කතා කියන්නේ, මට හිතෙන්නේ අනිවාර්යෙන් ඒ පරදත්තුප ජීවී ප්‍රේත කොට්ටසේ ඉදල පින් සම්පුර්ණ උනාම මවු කුසකට එන කට්ටිය, ඒ කියන්නේ පරදත්තුප ජීවී ප්රේතන මැරිලා ඉගාව චිත්තක්ෂණයේ පව් කුසේ පිළිසිද ගන්නවා.


    බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ 31 ලෝක ධාතුවක් ගැන විතරනේ, ප්‍රේත අපායේ ඉන්න පරදත්තුප ජීවින් පින් බලාපොරොත්තුවෙන් ඉන්න කොටසක්, එයාලට පින් ලැබුනම දිවය සමාන සැප ලැබෙනවා කියල බිම්බිසාර රජ්ජුරුවන්ගේ කතාවේ තියෙනවනේ.
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    බණ අහන්න පුරුදු උනෙත් එලකිරි එකේ උබලෑ ත්‍රෙඩ් දැකලා. උබලට පින්. ඉස්සර නිදාගනිද්දි වෙන විකාර හිත හිත නින්ද ගියේ, දැන් බණක් අහනවා. හිතත් මාර විදිහට තැන්පත් වෙනවා මූඩ් අප්සට් ගහලා ඉන්න වෙලාවල් වලදී එහෙම. :yes: :yes: :love: :love:
     
    • Like
    Reactions: NK123

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113
    බණ අහන්න පුරුදු උනෙත් එලකිරි එකේ උබලෑ ත්‍රෙඩ් දැකලා. උබලට පින්. ඉස්සර නිදාගනිද්දි වෙන විකාර හිත හිත නින්ද ගියේ, දැන් බණක් අහනවා. හිතත් මාර විදිහට තැන්පත් වෙනවා මූඩ් අප්සට් ගහලා ඉන්න වෙලාවල් වලදී එහෙම. :yes: :yes: :love: :love:

    ඉන්න ගමන් මේ ටික හිමිහිට අහපන්...

    https://www.youtube.com/playlist?list=PLpX7GPZh61VgX1MPx1OwYR1-Y-KaY7yzT

    ඊට පස්සේ මේකේ ඒවා අහපන්...
    https://www.youtube.com/channel/UCTbr_AMrXjY8pAyp3EbhR_Q

    ඒ ගමන් භාවනාව පොඩියට පටන් ගනින්, මයිත්‍රී භාවනාව නිකන් ඉන්න වෙලාවට කරපන්.. පාරේ පයින් යනකොට උනත් කර කර පලයන්.
    නිස්සරණ වනෙ ඉන්න හාමුදුරුවරු භාවනාව උගන්නනවා.. ඒවාට සහබාගී වෙයන්.
     
    • Like
    Reactions: jayalathjayath

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සබඳ,

    ඔබ අප සැවොම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් සත්වයෝ වෙමු. වෙනත් අයුරකින් කීවොත් ‘ජීවිතයේ යථාර්ථය පිළිබඳ යථා අවබෝධයක් නැතිකමින් උපන්’ ජීවීන් වෙමු. එම අවිද්‍යාව කෙතරම් බරපතළ ද යත්, අපි හැමෝම තම තමන් ගැන බොහෝ දේ දන්නා, වැටහෙන අය ලෙස සිතා සිටිමු. එනිසා ම අපට පේන දේවල් පිළිබඳ ව ද ‘අසවලා මෙසේ කළා. ඒ නිසා ඔහු මෙහෙම කෙනෙක්’ කියා වහා නිගමනයන්ට එළඹෙමු. සැබැවින්ම අපේ නිගමනවල ප්‍රමිතිය කුමක් ද?

    ජීවිතය අවිද්‍යාවෙන් හටගත් දෙයක් නිසා, ‘ඔබ’ ගැන මම මෙසේ කල්පනා කරමි. එනම්, ඔබ මා ඉදිරියේ අවිද්‍යා පින්සලෙන් අඳින ලද සිතුවමකි. කලින් කලට ‘ඔබ’ ගැන මසිතේ උපදින සංඥාවට අනුව ඔබ පිළිබඳ සිතුවම වෙනස් වෙයි. මා තුළ කලින් කලට උපදින දෘෂ්ඨි ද ‘ඔබ’ හොඳ හෝ නරක හෝ උතුම් හෝ පහත් හෝ කෙනෙකු ලෙස නිගමනය කිරීමට හේතු වේ. ඔබේ රූපය කෙසේ ඇන්දත්, ඔබ ද කාලය ගතවෙද්දී වෙනස් වෙයි. මම ද වෙනස් වෙමි. එනිසා, කාලය ගත වන විට පෙර සිතුවම් කළ රුව මැකී යයි. වෙනත් රුවක් ඇඳෙයි.

    මේ සිත මායාකරුවෙකි. විඤ්ඤාණය නමැති මායාකරුවාගේ සහයෙන් උපදින විඳීම්, හඳුනාගැනීම්, චේතනා ආදී සියල්ල ඒ මායාවේ ම අන් වේශයකි. ඔබ ගැන මසිතේ මැවෙන අදහස්, තර්ක, විතර්ක, තින්දු-තීරණ, බලාපොරොත්තු ආදී සෑම රටාවක් ම ඒ මායාව විසින් ස්පර්ශ කරයි. විටෙක සිතෙහි ඔබ ගැන මැවෙන රටාව මා මුවගට සතුටු සිනා කැන්දන මුත් විටෙක ශෝක, භය, සැක, සන්තාප, සුසුම් උපදවයි. එවිට ‘ඔබ මෙහෙම කෙනෙක්’ කියා ඒ ඔබේ සිතුවම මහත් ආවේගයකින් ම ඇඳෙයි.

    ආශාව, තරහ, ඉරිසියාව, මාන්නය, අප්‍රසාදය, තරඟය, තත්ත්වය, නම්බුව, ප්‍රිය බව, සෙනෙහස, අනුකම්පාව, සමාව දීම, ඉවසීම, මධ්‍යස්ථ වීම, අනුමෝදන් වීම ඈ මෙකී – නොකී කුසලාකුසල පාර්ශ්වික සෑම හැඟීමක් ම තවමත් තෘෂ්ණාවෙන් – අවිද්‍යාවෙන් උපන් මා තුළ දෝලනය වෙයි. ඔබ ගැන ද මා සිතන්නේ මෙබඳු චෛතසික පසුබිමක සිට ය. කෙලෙස්වලින් නිදහස් නො වී ම ඔබ ගැන සිතන මට “ඉධමේව සච්චං” මෙය ම යි සත්‍යය. “මෝඝමඤ්ඤං” අන් සියල්ල බොරු ය, හිස් ය කියා ම සිතෙයි. එනම් මා ඔබ ගැන සිතන අයුර ම හරි යැයි සිතෙයි.

    එසේ නමුත්, මාගේ මේ තීරණවලට අතීත ජීවිත දැකීමේ නුවණ හෝ ඔබේ සමස්ත කර්ම විපාක පිළිබඳ යථාභූත ඤාණය හෝ ඔබේ කෙලෙස්වල ස්වභාවය දැකීමේ නුවණ හෝ ඉන්ද්‍රිය ධර්මවල දුබල ප්‍රබල භාවයන් දකින නුවණ හෝ චුතිය උපත දකින නුවණ හෝ ඔබේ ධාතු ස්වභාවය දකින නුවණ හෝ පදනම් ව නැත. සබඳ එනිසා….. මා දුටු සිතුවම පිළිබඳ කුමක් කියම් ද? කුමක් සිතම් ද?

    ඒ සියලු ඤාණ තිබූ උත්තමයන් වහන්සේ මෙසේ වදාළෝ: ‘අචින්ති තම්පි භවති’ (නොසිතූ දෙයක් ම සිදු වේ) ‘චින්ති තම්පි විනස්සති’ (සිතූ දේ වැනසේ) එනම්, පරම අහිංසක – අහිංසකයන්, මිනීමරු අංගුලිමාලයෙක් විය! ඒ අංගුලිමාල නම් රෞද්‍රයා, උත්තම මුනිවරයෙක් ව සසරින් ද එතෙර විය!

    එකට ම වළලු වෙළඳාම් කළ ප්‍රිය මිතුරා, ජන්මාන්තර වෛරක්කාරයෙක් බවට පත් විය.! ඒ වෛරය නිසා කල්ප ගණනක් පුරා පළිගනිමින් පසුපස ආ දේවදත්ත මහත් ශ්‍රද්ධාවෙන් බුදු සසුනේ පැවිදි විය! ඍද්ධි බල පවා උපදවා ගත්, ධර්ම කථික දෙව්දත් යළිත් වෛරී ව ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ඝාතනයට තැත් කළේ, තවත් නිරයගාමී බොහෝ පව් කළේ ය! මේ බුදු සසුන පුරාත්, මතුත් බෝසතුන්ගේ සතුරා ලෙස සියලු ගර්හාවට බඳුන් වූ දෙව්දත් පොළොව පලා නිරයට බැසගත් මුත් අවසන බුදුන් සරණ ගිය පින් බලෙන් බලවත් ව නිරයෙන් ගොඩ යන කලට දෙව් මිනිසුන් පාමුල වැටී වඳින වැඳුමෙන් සිරිපා පිසින පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වන්නේ ය!

    චෝරඝාතක – තම්බදාඨික අවසන් මොහොතේ පිදූ දන් බෙලෙන් සද්ධානුසාරී ව තුසිතයේ උපන්නේ ය.

    මුගලන් මුනිඳුන් කාමයෙන් පෙළඹවීමට තැත් කළ පුරුෂධූර්ත වූ විමලා නම් ගණිකාව, නිෂ්කාමී වදනින් දමනය වී අරහත්වයට පත්ව ස්ත්‍රීත්වය ද ඉක්මවා ගියා ය!

    දුටු දුටු දේ ම සිදු නො වේ. ‘ඔබත්’ වෙනස් වේ. ‘මමත්’ වෙනස් වන්නෙක් වෙමි.


    “තස්මාතිහ ආනන්ද, මා පුග්ගලේසු පමාණිකා අහුවත්ථ”
    “ආනන්ද, (බාහිරට පෙනෙන කරුණු ඔස්සේ) පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකින්න.”
    (මිගසාලා සුත්‍රය – අං.නි. 4)


    මහාමේඝ පුවත් සඟරාවෙහි පළවූ ලිපියකි
     
    • Like
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඉන්න ගමන් මේ ටික හිමිහිට අහපන්...

    https://www.youtube.com/playlist?list=PLpX7GPZh61VgX1MPx1OwYR1-Y-KaY7yzT

    ඊට පස්සේ මේකේ ඒවා අහපන්...
    https://www.youtube.com/channel/UCTbr_AMrXjY8pAyp3EbhR_Q

    ඒ ගමන් භාවනාව පොඩියට පටන් ගනින්, මයිත්‍රී භාවනාව නිකන් ඉන්න වෙලාවට කරපන්.. පාරේ පයින් යනකොට උනත් කර කර පලයන්.
    නිස්සරණ වනෙ ඉන්න හාමුදුරුවරු භාවනාව උගන්නනවා.. ඒවාට සහබාගී වෙයන්.

    තැන්ක්ස් මම මේ ටික බලන්නම්. භාවනාවනම් හරිගියේම නෑ වීර්‍ය නැද්ද මන්දා මට. ආනාපානසති කරන්න බෑ බලෙන්මයි හුස්ම ගන්නේ, අන්තිමට හුස්මගන්නත් අමාරුයි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බුදු බණ කිව්වත් නිරන්තරේ
    බුදු බණ ඇසුවත් නිරන්තරේ
    ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ



    බෝසත් ගති ගුණ පිහිටන්නේ නැති
    ගතියක් අපි හට ඇතිවද මන්දා
    මේ තරමට බුදු බණ අහණා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    තැන්ක්ස් මම මේ ටික බලන්නම්. භාවනාවනම් හරිගියේම නෑ වීර්‍ය නැද්ද මන්දා මට. ආනාපානසති කරන්න බෑ බලෙන්මයි හුස්ම ගන්නේ, අන්තිමට හුස්මගන්නත් අමාරුයි.

    උත්සාහය අත අරින්න එපා, පිම්බිම් හැකිලීම් භවනාව කරලා බලන්න.
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    උත්සාහය අත අරින්න එපා, පිම්බිම් හැකිලීම් භවනාව කරලා බලන්න.
    එක කරලා නෑ, පිම්බෙන එකයි හැකිලෙන එකයි හිතින් මෙනෙහි කරන්න නේ, ඒකත් අරක වගේනේ ටිකක්, බලෙන්ම හුස්ම ගන්නවා වගේ කියලා හිතෙනව :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113
    තැන්ක්ස් මම මේ ටික බලන්නම්. භාවනාවනම් හරිගියේම නෑ වීර්‍ය නැද්ද මන්දා මට. ආනාපානසති කරන්න බෑ බලෙන්මයි හුස්ම ගන්නේ, අන්තිමට හුස්මගන්නත් අමාරුයි.

    ඔය මොකුත් ඕනි නෑ, දවසට විනාඩි 10ක් -15ක් අරගෙන සක්මන් භාවනාව කරපන්. මාර්ච් එකේ යනවා වගේ, වම දකුණ විදිහට පලයන්. අඩි මාරු උනාට බය වෙන්න එපා, මාරු උන කියල තේරුණා ගමන් අයම හරි විදිහට ගනින්. ගේ ඇතුලෙම හරි කමක් නෑ
     
    • Like
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඔය මොකුත් ඕනි නෑ, දවසට විනාඩි 10ක් -15ක් අරගෙන සක්මන් භාවනාව කරපන්. මාර්ච් එකේ යනවා වගේ, වම දකුණ විදිහට පලයන්. අඩි මාරු උනාට බය වෙන්න එපා, මාරු උන කියල තේරුණා ගමන් අයම හරි විදිහට ගනින්. ගේ ඇතුලෙම හරි කමක් නෑ
    ඔව් එක ට්‍රයි කරලා බලන්න ඔනේ.තැන්ක්ස් :yes: :yes: