------
Post added on Apr 12, 2021 at 11:46 AM
පළවෙනි CTB බස් එක 
------
Post added on Apr 15, 2021 at 10:38 AM
50, 60 දශක වල රාඡ්‍ය ආයතන හා පැරණි නිවෙස් වල සුලබව දකින්න ලැබුණු ඡායාරුපයකි
------
Post added on Apr 17, 2021 at 12:28 PM
බ්‍රෙන්ඩා ස්පෙන්සර් මෙලොව එලිය දකින්නේ 1962 වසරේ අප්‍රේල් මස 3 වනදාය.කලකට පසු සිදුවුන දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පසුව ඇය තම පියාගේ භාරකාරත්වය යටතේ හැදී වැඩෙමින් සිටියාය.
පාසලේදී ඇය ඉගෙනුමට සමර්ථ බවක් නොපෙන්නුවාය.1978 වසරේදී පමන සිදුකල වෛද්‍ය නිගමනයකට අනුව ඇයට විශාද තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලැබිය යුතු බවට තීරණයක් ලැබුනා වුවද ඇයගේ පියා විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි...
1978 වසරේ තමන්ට නත්තල් ත්‍යාගයක් ලෙස රේඩියෝ යන්ත්‍රයක් ලබාදෙන මෙන් බ්‍රෙන්ඩා තම පියාගෙන් ඉල්ලා සිටින මුත් ඇයට ත්‍යාගයක් ලෙස ලැබෙන්නේ දුරේක්ෂයක් සහිත 0.22 ආමානයේ රයිෆලයක් සහ එම උණ්ඩ 500 කි.
1979 වසරේ ජනවාරි මස 29 දා සඳුදා දිනයකි..බ්‍රෙන්ඩාගේ නිවස ඉදිරිපසින් වූ මහාමාර්ගයට එපිටින් වූ ග්‍රෝවර් ක්ලෙව්ලන්ඩ් මූලික පාසලට සිසු සිසුවියන් පැමිණෙමින් තිබුනි.පාසලේ විදුහල්පති වරයාද ප්‍රධාන දොරටුව අසලට වී සිට ඇත.
ඒ අවස්ථාවෙි බ්‍රෙන්ඩාගේ නිවස තුල සිට පාසැල දෙසට වෙඩි පහරවල් නිකුත් වන්නට පටන් ගති...දරුවන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් කටයුතු කල විදුහල්පති වරයා සහ පාසලේ වැඩිහිටි සේවකයෙකු වෙඩි පහරවල් වලට ලක්ව මරණයට පත්ව ,සිසු සිසුවියන් අටදෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූහ.වහා ක්‍රියාත්මක වූ පොලීසිය ඇගේ නිවස සහ පාසල අතර මාවතේ කසල ප්‍රවාහන රථයක් නවතා ආවරනයක් සලසා තිබේ.
මෙම සිදුවීම අතර තුර බ්‍රෙන්ඩාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාගත් ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු,වෙඩි තැබීමට හේතුව කුමක්දැයි විමසා තිබෙි.එවිට බ්‍රෙන්ඩාගේ පිලිතුර වී ඇත්තේ "I dont like Mondays" යනුවෙනි.
පොලිස් මැදිහත්කරුවන් පැය කිහිපයක්ම ඇය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඇය යටත් වීමට එකඟතාවය පලකලේ බර්ගර් කිංග් අවන්හලකින් ආහාර වෙිලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමිනි...
නිවසට ඇතුලු වූ පොලිස් නිලධාරීන්ට දක්නට ලැබෙන්නේ සැමතැනකම විසිරුණු හිස් මත්පැන් බෝතල්ය..කෙසේවෙතත් කල රුධිර පරීක්ෂණ වලදී ඇය මත්පැන් පානය නොකර ඇති බව හෙලිදරව් විය...
බ්‍රෙන්ඩා ස්පෙන්සර් හට වයස 18 සම්පූර්ණ වූ 1980 වසරේදී ඇයට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් සහ මානසික ප්‍රතිකාර නියමවිය..ඇය අපස්මාර තත්වයයකින් පෙලෙමින් සිටි බවද හෙලිදරව් වන්නේ එම අවස්ථාවෙිදීය.59 වන වියේ සිටින බ්‍රෙන්ඩා ස්පෙන්සර් තවමත් ඇයගේ සිරගත ජීවිතය අත්විඳිමින් සිටින්නීය..
------
Post added on Apr 18, 2021 at 1:19 PM