එළකිරි පිං පොත.......

nuwan007lk

Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    දහස් ගණන් ලෙඩ්ඩුන්ට නිරෝගී වෙත්වා කියල හිතින් හිතලා බෙහෙත් දීපු සහ බෙහෙත් කරපු එක තමා කරගත්තු සහ කරමින් පවතින ලොකුම පිණ...

    :):):)
     
    • Like
    Reactions: LKF

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    මචන් වැදගත් වෙන්නෙ අපි දෙන දේ සතුටින් දීම මිසක් ගන්න කෙනා හිගන්නෙක් නොවීම නෙවේ නේද .

    ගොඩක් අය බස් එකට නගින මග තොටේ ඉන්න හිගන්නන්ට මොකුත් දෙන්න කැමති නෑ මොකද දැන් හිගන්නෝ හොරු කියලා.

    හිගන්නෝ හොරු වෙන්න පුළුවන්, ඒ උනාට අපි රුපියලක් හරි දෙන දේ ඇත්තටම මම මේ දෙන්නේ නැති බේරි කෙනෙක් ට කියල හිතාගෙන දුන්න නම් හරි.

    බස් වලට නගින උන් ගැන කියල වැඩක් නෑ....සමහර වෙලාවල් වලට උදේ කොළඹ යනකොට සෙට් වෙන එකා දවල් වෙලා ගෙදර එනකොටත් සෙට් වෙනවා. ඒ මදිවට එකෙක් බහිනකොට තව එකෙක් නගිනවා බස් එකට (ගොඩක් වෙලාවට කිරිබත්ගොඩ - කොළඹ ඒරිය එකේදී තමයි සෙට් වෙන්නේ) සල්ලි දුන් නැතොත් මොනවා හරි වචනයක් කියව කියව තමා බස් එකෙන් බහින්නේ... :angry::angry: බස් එකේදී සල්ලි දුන්නොත් දෙන්නේ අතක් පයක් නැති කෙනෙක්ට හරි වයසක කෙනෙක්නම් හරි විතරයි... :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගිය අවුරුද්දේ හසලක පැත්තේ පොඩි ඉස්කෝලෙක ළමයි හැමෝටම පාසල් බැග් එකයි පොත්ක ට්ටලයි අරන් දුන්නා තව දවල් කෑම එකත් දුන්නා

    ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ගංවතුර වෙලාවේ මහමෙවුනාවෙන් පාසල් ළමුන්ට පාසල් පොත් පත් අරන් දෙන එකකට දායක උනා

    ලගදි ආපු ගන වතුර වෙලාවේ නිමි ඇදුම් සෙරෙප්පු තොගයක් කළුතර JVP කාර්යාලයට ලබා දුන්නා

    යුද්දෙන් අබදිත රණවිරුවෙක් වෙනුවෙන් කරන වැඩසටහනකට දායක උනා

    ඉස්සරනම් හැම අවුරුද්දකම ලේ දන් දුන්නා

    ඕවා තමා මතකෙට එන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පින් පොත පුරවනන අද ඉදලා සතියකට එකක්වත් පින් අතේ වැඩ කරමු ....පව් පොතට වඩා පින් පොත උඩට ගමු
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    පොඩිකාලේ ඉස්කෝලේ ඇරිලා එනකොට, පාලු වෙච්ච ගෙදරක, තලගොයෙක් හිරවෙලා හිටියා කොටු කොටු දැල් තියෙන ගේට්ටුවක. ඌ ඔළුවයි අත් දෙකයි එලියට අරං ඒත් ඉනෙන් හිරවෙලා හිටියේ . ගෙදර ගිහිං යකඩ කපන කියතක් අරං ඇවිත් එක කම්බියක් කපුවා. කපන වෙලේ අරූ කන්න පැනලා මගේ සෙරෙප්පුව හපාගෙන හිටියේ, කම්බිය කැපුව විතරයි සේරප්පුවත් කටේ තියං පන කඩං පාර දිගේ දිව්වා:rofl::P. පස්සේ මතක්වෙලා සෙරෙප්පුව දාල කැලේට රිංගුවා.:rofl: :මට තාම මතකයි කම්බිය කප කප ඉන්නකොට ඇන්ටිකෙනෙක් කියන්ගියා තලගොයි මස් හරි රසයි කියලා:P:baffled:

    :baffled::lol:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වකුගඩු අමාරුව තියෙනව කියල කිව්ව කෙනෙක්ව බේරගන්න රුපියල් 100ක් දුන්නා අද.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුප්පත් මනුස්සයෙක්ට ගල් ෂොට් එකක් දුන්න අද...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ක්ලාස් ඇරිලා 138 බස් එකේ ටවුන්හෝල් එනකොට පස්සේ සිට් එකේ ලාවට කොළු සීන් එකක් දැක්ක :eek:......... කොලු සීන් කිව්වට හිටියේ අවුරුදු 40 - 45 විතර වයස, ඇදුම් වල හැටියට කම්කරු/අත් උදව් කරුවන් ලෙස රැකියා කරන පුද්ගලයෝ දෙන්නෙක්. එකෙක් අනික් එකාගේ පපුව බදාගන්නවා, අරූ ඔලුව අතගානවා, :eek: බදාගත්ත එකා අරුගේ උකුලේ ඔලුව තියාගන්නවා....... :eek:බස් එකේ මිනිස්සු හරි අපුලෙන් බලලා අහකබලාගන්නවා....... තුම්මුල්ලට ලංවෙද්දී මට මීටර් වුණා ඇග බදාගන්න එකා අමාරුවකින් ඉන්නේ කියල. අනික් එකාගෙන් මොකෝ සිද්දිය කියල ඇහුවහම වැඩ කර කර ඉද්දි පපුවේ අමාරුවක් ඇවිල්ලා, ළමයි බලන්න ඕන කියලා මිනිහව ගෙදර ගෙනියන ගමන් කිව්වා. මම පිස්සුද මිනිහෝ පපුවේ අමාරුවට මේ මිනිහව ගෙදර ගෙනියන්නේ කියලා කොන්දට සීන් එක කියලා ෆුට් බෝඩ් එකට බැහැලා පාරේ යන ත්රිවීල් එකකට කතාකරල ජෙනරල් හොස්පිටල් එකට ගාන අහලා බස් එක නවත්තලා ත්‍රීවීල් කෙනාට දෙසීයක් දීලා අතේ තිබුන ඉතුරු සීය අර මිනිස්සුන්ට දීල පිටක්කරලා ඇරිය. බස් එකේ උන් ඇස් ලොකු කරන් මගේ දිහා බලනවා. :shocked: එකෙක් අහනවා මල්ලි ඔයා ඒ මිනිස්සු අදුනනවද කියලා. මං උගෙන් ඇහුවා මිනිහෙක්ට උදව් කරන්න අදුනන්නම ඕනද කියලා. ඒ මනුස්සයා කාගේ කවුද දන් නෑ, ඒත් දවසක් හරි ජිවත් වුනානම් එච්චරයි. :)
     
    kosala chandrasena

    Junior member
  • Nov 10, 2009
    47
    3
    8
    ata pirikara puja karala tiyanava,hamuduruvanta ,vadihiti nivasavalata,silgatta ayata dane dila tiyanava,katina siuru puja karala tiyanava,sarda tv masika darmadanaya karanava,pansalata piruvana poth puja karala tiyanava,sil aran tiyanava,bavana karanava,bakkula maha seya hadana ekata salli puja karala tiyanava...........................tava godak tiyanava idiriyatath tava godak deval karanna innava teruvan saranai
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ක්ලාස් ඇරිලා 138 බස් එකේ ටවුන්හෝල් එනකොට පස්සේ සිට් එකේ ලාවට කොළු සීන් එකක් දැක්ක :eek:......... කොලු සීන් කිව්වට හිටියේ අවුරුදු 40 - 45 විතර වයස, ඇදුම් වල හැටියට කම්කරු/අත් උදව් කරුවන් ලෙස රැකියා කරන පුද්ගලයෝ දෙන්නෙක්. එකෙක් අනික් එකාගේ පපුව බදාගන්නවා, අරූ ඔලුව අතගානවා, :eek: බදාගත්ත එකා අරුගේ උකුලේ ඔලුව තියාගන්නවා....... :eek:බස් එකේ මිනිස්සු හරි අපුලෙන් බලලා අහකබලාගන්නවා....... තුම්මුල්ලට ලංවෙද්දී මට මීටර් වුණා ඇග බදාගන්න එකා අමාරුවකින් ඉන්නේ කියල. අනික් එකාගෙන් මොකෝ සිද්දිය කියල ඇහුවහම වැඩ කර කර ඉද්දි පපුවේ අමාරුවක් ඇවිල්ලා, ළමයි බලන්න ඕන කියලා මිනිහව ගෙදර ගෙනියන ගමන් කිව්වා. මම පිස්සුද මිනිහෝ පපුවේ අමාරුවට මේ මිනිහව ගෙදර ගෙනියන්නේ කියලා කොන්දට සීන් එක කියලා ෆුට් බෝඩ් එකට බැහැලා පාරේ යන ත්රිවීල් එකකට කතාකරල ජෙනරල් හොස්පිටල් එකට ගාන අහලා බස් එක නවත්තලා ත්‍රීවීල් කෙනාට දෙසීයක් දීලා අතේ තිබුන ඉතුරු සීය අර මිනිස්සුන්ට දීල පිටක්කරලා ඇරිය. බස් එකේ උන් ඇස් ලොකු කරන් මගේ දිහා බලනවා. :shocked: එකෙක් අහනවා මල්ලි ඔයා ඒ මිනිස්සු අදුනනවද කියලා. මං උගෙන් ඇහුවා මිනිහෙක්ට උදව් කරන්න අදුනන්නම ඕනද කියලා. ඒ මනුස්සයා කාගේ කවුද දන් නෑ, ඒත් දවසක් හරි ජිවත් වුනානම් එච්චරයි. :)

    :shocked::shocked::shocked::shocked::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකදවසක් බස් එකක පොඩි ළමයෙක්ට ජැකක් ගහපු එකෙක්ට නෙළුවා තනියම .ඒවා පින්ද බන්

    බස් එකේ එකෙක්වත් සපෝර්ට් එකට ආවේ නැහැ .අන්තිමට ඇන්ටිකෙනෙක් තැනක් කළා එයත් වැඩේ දැකලා .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකදවසක් බස් එකක පොඩි ළමයෙක්ට ජැකක් ගහපු එකෙක්ට නෙළුවා තනියම .ඒවා පින්ද බන්

    බස් එකේ එකෙක්වත් සපෝර්ට් එකට ආවේ නැහැ .අන්තිමට ඇන්ටිකෙනෙක් තැනක් කළා එයත් වැඩේ දැකලා .

    :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔෆිස් එක හරියේ පාරේ ඇවිද ඇවිද ලොතරැයි විකුනන සීයා කෙනෙක් හිටියා. දවසක් ඔෆිස් යනකොට ඒ මනුස්සයා පාරේ අඩ අඩ ඉන්නවා. මොකෝ බං සියේ අඩන්නේ ඇහුවහම කන්න ගිය ඩිංගට පුටුව අයිනේ තියපු ටිකට් පොල්ල උස්සලා ජිවත් වෙන්න වීදියක් නෑ මහත්තයෝ කිය කිය කදුළු පිහදනවා.:( ඔහොම පොඩ්ඩක් හිටපං සියේ කියල කෑම එකක් ගන්න කඩේට ගිහිං උන්ගෙන් සීන් එක අහලා එහෙන්මම සීයව එක්කන් ලිබටි එක ලග atm එකෙන් දෙදාහක් ඇදල දුන්නා ටිකට් අරං, ඉතුරු ටිකෙන් කාල බීලා ඉන්න කියලා. ඊට පස්සේ මාව කොහේ හම්බුනත් ටිකට් නිකං දෙන්න ට්‍රයි කලා, ඒත් මං කියක් හරි වැඩිපුර දීල ටිකට් ගත්තේ.

    අවුරුද්දක් ගෙවිලා යන්න ඇති....... රිසෙප්ෂන් එකෙන් කෝල් එකක් ආව විසිටකෙනෙක් ඇවිත් කියලා. ගිහිං බැලින්නං ස්වීප් සීය. මාව හම්බුන ගමන් හිනාවෙලා අතත් ඉබල ලිවුම්කවරයක් අතේ තිබ්බ. ඇරලා බැලින්නන් මොණරු දෙන්නෙක්. මම පිස්සු කරන්න එපා සියේ සල්ලි දුන්නේ ගන්න නෙමෙයි පරිස්සමින් ජීවත්වෙන්න කියලා ශේප් කරලා යැව්වා :)