මචන් වැදගත් වෙන්නෙ අපි දෙන දේ සතුටින් දීම මිසක් ගන්න කෙනා හිගන්නෙක් නොවීම නෙවේ නේද .
ගොඩක් අය බස් එකට නගින මග තොටේ ඉන්න හිගන්නන්ට මොකුත් දෙන්න කැමති නෑ මොකද දැන් හිගන්නෝ හොරු කියලා.
හිගන්නෝ හොරු වෙන්න පුළුවන්, ඒ උනාට අපි රුපියලක් හරි දෙන දේ ඇත්තටම මම මේ දෙන්නේ නැති බේරි කෙනෙක් ට කියල හිතාගෙන දුන්න නම් හරි.

බස් එකේදී සල්ලි දුන්නොත් දෙන්නේ අතක් පයක් නැති කෙනෙක්ට හරි වයසක කෙනෙක්නම් හරි විතරයි... 
පොඩිකාලේ ඉස්කෝලේ ඇරිලා එනකොට, පාලු වෙච්ච ගෙදරක, තලගොයෙක් හිරවෙලා හිටියා කොටු කොටු දැල් තියෙන ගේට්ටුවක. ඌ ඔළුවයි අත් දෙකයි එලියට අරං ඒත් ඉනෙන් හිරවෙලා හිටියේ . ගෙදර ගිහිං යකඩ කපන කියතක් අරං ඇවිත් එක කම්බියක් කපුවා. කපන වෙලේ අරූ කන්න පැනලා මගේ සෙරෙප්පුව හපාගෙන හිටියේ, කම්බිය කැපුව විතරයි සේරප්පුවත් කටේ තියං පන කඩං පාර දිගේ දිව්වා. පස්සේ මතක්වෙලා සෙරෙප්පුව දාල කැලේට රිංගුවා.
:මට තාම මතකයි කම්බිය කප කප ඉන්නකොට ඇන්ටිකෙනෙක් කියන්ගියා තලගොයි මස් හරි රසයි කියලා
![]()

වකුගඩු අමාරුව තියෙනව කියල කිව්ව කෙනෙක්ව බේරගන්න රුපියල් 100ක් දුන්නා අද.
......... කොලු සීන් කිව්වට හිටියේ අවුරුදු 40 - 45 විතර වයස, ඇදුම් වල හැටියට කම්කරු/අත් උදව් කරුවන් ලෙස රැකියා කරන පුද්ගලයෝ දෙන්නෙක්. එකෙක් අනික් එකාගේ පපුව බදාගන්නවා, අරූ ඔලුව අතගානවා,
බදාගත්ත එකා අරුගේ උකුලේ ඔලුව තියාගන්නවා.......
බස් එකේ මිනිස්සු හරි අපුලෙන් බලලා අහකබලාගන්නවා....... තුම්මුල්ලට ලංවෙද්දී මට මීටර් වුණා ඇග බදාගන්න එකා අමාරුවකින් ඉන්නේ කියල. අනික් එකාගෙන් මොකෝ සිද්දිය කියල ඇහුවහම වැඩ කර කර ඉද්දි පපුවේ අමාරුවක් ඇවිල්ලා, ළමයි බලන්න ඕන කියලා මිනිහව ගෙදර ගෙනියන ගමන් කිව්වා. මම පිස්සුද මිනිහෝ පපුවේ අමාරුවට මේ මිනිහව ගෙදර ගෙනියන්නේ කියලා කොන්දට සීන් එක කියලා ෆුට් බෝඩ් එකට බැහැලා පාරේ යන ත්රිවීල් එකකට කතාකරල ජෙනරල් හොස්පිටල් එකට ගාන අහලා බස් එක නවත්තලා ත්රීවීල් කෙනාට දෙසීයක් දීලා අතේ තිබුන ඉතුරු සීය අර මිනිස්සුන්ට දීල පිටක්කරලා ඇරිය. බස් එකේ උන් ඇස් ලොකු කරන් මගේ දිහා බලනවා.
එකෙක් අහනවා මල්ලි ඔයා ඒ මිනිස්සු අදුනනවද කියලා. මං උගෙන් ඇහුවා මිනිහෙක්ට උදව් කරන්න අදුනන්නම ඕනද කියලා. ඒ මනුස්සයා කාගේ කවුද දන් නෑ, ඒත් දවසක් හරි ජිවත් වුනානම් එච්චරයි. 
ක්ලාස් ඇරිලා 138 බස් එකේ ටවුන්හෝල් එනකොට පස්සේ සිට් එකේ ලාවට කොළු සීන් එකක් දැක්ක......... කොලු සීන් කිව්වට හිටියේ අවුරුදු 40 - 45 විතර වයස, ඇදුම් වල හැටියට කම්කරු/අත් උදව් කරුවන් ලෙස රැකියා කරන පුද්ගලයෝ දෙන්නෙක්. එකෙක් අනික් එකාගේ පපුව බදාගන්නවා, අරූ ඔලුව අතගානවා,
බදාගත්ත එකා අරුගේ උකුලේ ඔලුව තියාගන්නවා.......
බස් එකේ මිනිස්සු හරි අපුලෙන් බලලා අහකබලාගන්නවා....... තුම්මුල්ලට ලංවෙද්දී මට මීටර් වුණා ඇග බදාගන්න එකා අමාරුවකින් ඉන්නේ කියල. අනික් එකාගෙන් මොකෝ සිද්දිය කියල ඇහුවහම වැඩ කර කර ඉද්දි පපුවේ අමාරුවක් ඇවිල්ලා, ළමයි බලන්න ඕන කියලා මිනිහව ගෙදර ගෙනියන ගමන් කිව්වා. මම පිස්සුද මිනිහෝ පපුවේ අමාරුවට මේ මිනිහව ගෙදර ගෙනියන්නේ කියලා කොන්දට සීන් එක කියලා ෆුට් බෝඩ් එකට බැහැලා පාරේ යන ත්රිවීල් එකකට කතාකරල ජෙනරල් හොස්පිටල් එකට ගාන අහලා බස් එක නවත්තලා ත්රීවීල් කෙනාට දෙසීයක් දීලා අතේ තිබුන ඉතුරු සීය අර මිනිස්සුන්ට දීල පිටක්කරලා ඇරිය. බස් එකේ උන් ඇස් ලොකු කරන් මගේ දිහා බලනවා.
එකෙක් අහනවා මල්ලි ඔයා ඒ මිනිස්සු අදුනනවද කියලා. මං උගෙන් ඇහුවා මිනිහෙක්ට උදව් කරන්න අදුනන්නම ඕනද කියලා. ඒ මනුස්සයා කාගේ කවුද දන් නෑ, ඒත් දවසක් හරි ජිවත් වුනානම් එච්චරයි.
![]()

එකදවසක් බස් එකක පොඩි ළමයෙක්ට ජැකක් ගහපු එකෙක්ට නෙළුවා තනියම .ඒවා පින්ද බන්
බස් එකේ එකෙක්වත් සපෝර්ට් එකට ආවේ නැහැ .අන්තිමට ඇන්ටිකෙනෙක් තැනක් කළා එයත් වැඩේ දැකලා .

ඔහොම පොඩ්ඩක් හිටපං සියේ කියල කෑම එකක් ගන්න කඩේට ගිහිං උන්ගෙන් සීන් එක අහලා එහෙන්මම සීයව එක්කන් ලිබටි එක ලග atm එකෙන් දෙදාහක් ඇදල දුන්නා ටිකට් අරං, ඉතුරු ටිකෙන් කාල බීලා ඉන්න කියලා. ඊට පස්සේ මාව කොහේ හම්බුනත් ටිකට් නිකං දෙන්න ට්රයි කලා, ඒත් මං කියක් හරි වැඩිපුර දීල ටිකට් ගත්තේ.