එළකිරි පොෂ් භාෂාව
මම අද සිංහල ටයිප් කරන හැටි අහ ගත්ත. ත්‍රෙඩ් ටිකකුත් දැම්ම.
දැන් මම කියන්න යන්නේ මම සෑහෙන කාලෙක ඉඳල දැක්ක දෙයක්. එළකිරි එකේ හැමෝම
මොනවහරි දෙයක් අවශ්‍ය නම් කියන්නේ ' ඕනි' කියල. 'ඔනී' කියලත් කියනවා. මේක එළකිරි එකේ විතරයි ගොඩක් වෙලාවට තියෙන්නේ.
එත් සිංහල භාෂාවේ තියෙන්නේ 'ඕන' කියල. ගමේ නම් ඕනැ කියලත් කියනවා.
මේ ස්ටයිල් එක මුලින්ම ආවේ 'ඕනා' කියල. දැන් අවුරුදු ගානකට කලින්. ඒ කාලේ හැමෝම පොෂ් වෙන්න කිව්වේ 'ඕනා' කියල.
එළකිරි එකේ අය පොෂ් වෙන්න කියන්නේ 'ඔනී' කියල.
මම මේක කියන්න හිතුවේ දැන් හැමෝම මේක කරන්න පටන් අරගෙන නිසා. තාවකාලිකව ඔය මොනවා හරි දෙයක් පොෂ් වගේ පෙනුනට
එළියේදී එක විහිළුවක්. එක නිසා තමන් කතාකරන භාෂාවම කතා කරන්න. මොකද අපි හැමෝම හොඳට සිංහල දන්නවා. ඔය වගේ ස්ටයිල් වචන කියද්දී කැතයි.
ඉංග්‍රීසි වචනත් අපි කියනවා. එත් ඒවා අර fm චැනල් වල වගේ බලෙන් දාන ඒවා නෙවෙයි. එදිනෙදා කතා කරන ඒවා.
මීට කාලෙකට කලින් ඔය වගේම එකක් ආව අපි ආයෙත් අහන්න ඕනැ උනහම කියන්නේ 'ඈ'කියල. (දකුණේ නම් අහනවා 'ඒ ' කියල.) ඒ කාලේ හැමෝම ඇහුවේ 'ආ' කියල.
ටෙලිෆෝන් එකේ කෝල් එකක් එද්දී අහන ස්ටයිල් එක තමයි 'කවුද මේ' කියල. සමහරු ඒක සාමාන්‍ය විදියට අහනවා. සමහරු පොෂ් වෙන්න අහනවා. මම දැක්ක එක දවසක් කොල්ලෙක් මිස් කෝල් එකක් දීල ටිකකින් එන කෝල් එකට අහනවා 'කවුද මේ' කියල. වටපිට බලල ටිකක් හයියෙන්.
මෙහෙමයි. අනර්කලී භාෂාව පොෂ් නෑ. විහිළුවක් විතරයි. කවුරුවත් තරහ වෙන්න එපා. නිකන් යන්නන්වාලේ යන්න එපා. අනුන් කරන වැරදි දේ පස්සේ යනවට වඩා හොඳයි හරි විදිහ අනුන්ට පෙන්නන එක.

කොන්ද පන නැති පොන්නයෙක්