සොරි මචන්ලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා.එහෙනං තව හොල්මං කතාවක් මෙන්න.
මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන කතාවක් කියලයි කිව්වේ. මෙහෙමයි සිද්ධිය.
.
.
.
.
එයින් පස්සෙනන් උඩු කය හොල්මන ආයෙ කව්රුවත් දැක්කේ නෑ කියල තමයිලු කියන්නෙ.![]()
සොරි මචන්ලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා.එහෙනං තව හොල්මං කතාවක් මෙන්න.
මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන කතාවක් කියලයි කිව්වේ. මෙහෙමයි සිද්ධිය.
මේ ඉස්කෝලේ පල්ලියෙන් පාලනය වෙන එකක්නේ. ෆාදර්ලා තමයි ඉස්කෝලේ කටයුතු මෙහෙයවන්නෙ.
දවසක් ෆාදර් කෙනෙක් මේක කියපු එකාගේ යාලුවෙක්ටයි තව එකෙක්ටයි කතා කරලා කැඩිච්ච පුටු දෙකක් ඉස්කෝලේ කෙළවරක හරියේ තියෙන ගබඩාවකට ගිහිං දාන්න කියලා. මේක තිබිලා තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක කට්ටිය යන්නෙ එන්නෙ නැති පාලු හරියකලු. ඉතිං මුන් දෙන්නා ඔතෙන්ට ගිහිං අර කැඩුණු පුටු දෙකත් ගබඩා කාමරේට දාලා එන්න යද්දි දැක්කලු ඊටත් ටිකක් එහායින් පාලුවට ගිය ලිඳක් තියෙනවා. ඒ හරියේ බැද්ද වගේ හැදිලා මේ ළිඳත් ජරාජීර්ණ වෙලා තමයි තිබිලා තියෙන්නේ. හැබැයි බොහොම ගැඹුරු පතුල අඳුරු ලිඳක්.
කොහොමහරි දෙන්නා ආතල් එකට වගේ ලිඳ කිට්ටුවට ගිහිං ගල් අහුල අහුල ලිඳට දාන්න ගත්තලු. ලිඳේ වතුර හිඳිලා නිසා නිකං දඩස් ගාලා අඩියේ සද්දේ දෝංකාර දෙනවා විතරලු. ටිකකින් එකෙක් අත් දෙකෙන්ම ගන්න සයිස් තඩි කළු ගලක් අරගෙන ලිඳට අඩි දහයක් දොළහක් විතර ඈතින් ඉඳන් ඇතුලට විසි කරාලු.
ටිකකින් ලිඳෙන් දුමාරයක් පිටවෙන්න ගත්තලු. එන්න එන්න එකපාරම මේ දුමාරය ගණ වෙලා ලිඳට උඩින් ඒක මිනිස් ස්වරුපයක් ගත්තලු. නිකං අඳුරු පාට ඇස් ගිලිච්ච කට අරුණු මූණක්ලු ඒකට තියෙන්නේ. මුන් දෙන්නා දිහා ඌ බලං ඉන්නවලු කට බලියගෙන. ඉනෙන් පහල හරිය දුම වගේ විහිදිලා යනවලු. ඉනෙන් උඩ හරියලු මිනිස් උඩුකය ස්වරුපයක් තියෙන්නේ.
මුන් දෙන්නා මේක දැකලා හම්බානෙක බය වෙලා පණ එපැයි කියලා වැටි වැටි ආපහු දිව්වලු. දෙන්නා කෙලින්ම දුවලා තියෙන්නේ උන්ව එහෙට එව්ව ෆාදර් ගාවට.
ෆාදර් එපාර මේ කතාව අහලා මුන් දෙන්නා බය වෙලා හති දාන හැටි දැකලා, මොකක් හරි අමුතු සීන් එකක් ඇති කියලා හිතලා වෙන්නැති තව ෆාදර් කෙනෙකුත් අඬගහගෙන ආපහු ගියාලු අර ලිඳ පැත්තට. අරුන් දෙන්නා යන්තං ඈත ලිඳ පේන මානෙක ඉඳන් වැඩේ කියලා ඈතට වෙලා බලං හිටියලු සීන් එක. ෆාදර්ලා දෙන්නා ලිඳ ළඟට ගියාලු.
දැන් මුන් දෙන්නා බලං ඉන්නකොට අර විදියටම ෆාදර්ලා ඉස්සෙල්ලා ලිඳ ඇතුල බලලා ගල් දෙක තුනක් ලිඳට අතෑරලා.....හැබැයි මුකුත් නෑලු. පස්සේ අරුන් දෙන්නා තව ටිකක් කිට්ටු කරලා බැලුවලු. ෆාදර් කෙනෙක් ආයෙමත් එතකොට අර වගේ තඩි ගලක් උස්සලා ලිඳ ඇතුලට වීසි කරාලු.
අම්මටහුඩු කලින් වගේම ලිඳ ඇතුලෙන් දුමක් පිටවෙලා ආයෙමත් අර අවතාරේ පෙනී හිටියලු. අරුන් දෙන්නා ෆාදර්ලා දෙන්නවත් දාලා පස්ස නොබලම පන්තියට දිව්වලු. පස්සේ ෆාදර් දෙන්නව හොයාගෙන ඇවිල්ලා අවවාද කරාලු කාටවත් සිද්දිය කියන්න එපා ලොකු කලබලයක් වෙන්න පුළුවන්. දෙමාපියන්ට ආරංචි වුණොත් තවත් ප්‍රශ්න. හෙම කියලා.
එදාම හවස ෆාදර්ලා කට්ටියම එතනට ඇවිල්ලා ලිඳට holy water ඉහලා ඒ හරිය වැටක් ගහලා වෙන් කරලා කාටවත් යන්න තහනං කරාලු. ලිඳේ භූතයා ගැන ඉන් පස්සේ ආරංචියක් ඇවිල්ලා නෑ.
ඔහොම සුමාන දෙක තුනක් ගියාට පස්සේ ඉස්කෝලේ තිබ්බලු බාලදක්ෂ කඳවුරක්. ඕකට ඉතිං ඉස්කෝල වත්තේ කුඩාරම් ගහලා ළමයි රෑ නවතිනවලු. පිට ඉස්කෝල දෙක තුනක ළමයි එහෙමත් ඇවිල්ලා තියෙනවා.
එදා රෑ කොහොමහරි සැරින් සැරේ මහ රෑ දෙගොඩහරියේ කට්ටිය නිදාගන්න ගියහම එකා එකා සැරින් සැරේ කෑගහගෙන ඇහැරෙනවලු. ඇහුවම කියනවලු හොල්මනක් බෙල්ල තද කරා කියලා. සමහරු කියල තියෙනවා ඉනෙන් පහල නැති සුදු පාටට හුරු අවතාරයක් කුඩාරම් අවට සැරිසරනවා දැක්ක කියලා.
කොහොමහරි පහුවෙනිදම ප්‍රින්සිපල් ෆාදර් කඳවුරේ වැඩේ කැන්සල් කරලා ඉස්කෝලෙත් නිවාඩු දුන්නලු. පස්සේ එදාම මුළු ඉස්කෝලෙම ෆාදර්ලා ගෙන්නලා සාකච්චා කරලා මුළු ඉස්කෝලෙම holy water ඉහලා පස්සේ කව්ද එකෙක් කියලා කොහෙන්ද කට්ටඩියෙක් එක්කගෙන ඇවිල්ලා මොනවද මොනවද භූත බලි සීන් වගේකුත් කරලා.
එයින් පස්සෙනන් උඩු කය හොල්මන ආයෙ කව්රුවත් දැක්කේ නෑ කියල තමයිලු කියන්නෙ.![]()

සාදය නිමවන විට මද්යම රාත්‍රියද පසුවී තිබින රමේශ් සහ ඔහුගේ බිරිය මෝටර් රතයට ගොඩ උනේ හෑකි ඉක්මනින් තලවතුගොඩ පිහිටි ඔවුන්ගේ නිවසට යාමටය සාදය ගෑන , එහි සිටි කාන්තාවන්ගේ ඈදුම් ගෑන සමහරුන්ගේ හෑසිරීම පිලිබද රුවන්ති තෝර තෝංචියක් නෑතිව කියවද්දි රමේශ් ඊට හූමිතබමින් තරමක් වේගයෙන් රිය පෑද වූවේ හෑකි ඉක්මනින් ගෙදර ගොස් නින්දට යෑමයටයි
කොල්ලුපිටියේ සිට තලවතුගොඩට යන ඔවුන්ගේ ගමන් මාරගය වූයේ පාර්ලිමේන්තු පාරයි, දහවලට එකක් පසුපස එකක් වාහන ඈදෙන ඉතා කාර්ය බහුල පාර්ලිමේන්තුපාර බෙහෙවින් පාලු මූසල ගතියක් ඉවවුවේය, එම පාලුව ඉද හිට හෝ බිදුනේ ගමන් ගන්නා වාහනයක සද්දයෙන් හෝ උඩුබුරනා සුනකයින් ගේ සද්දයෙනි
මෙසේ රුවන්ති රමේශ් යුවල කාසල් රෝහල පසුකර ආයුර්වේද හන්දියට දෙසට තරමක් වේගයෙන් පෑමිනෙමින් සිටී තවමත් ඈයගේ කතාව නිමවී නෑත ඔවුන් රාජගිරිය ෆෑබ් ආපන ශාලාවපසුකරත්ම රමේශ් දුටුවේ පාරෙ අයිනේසිටි තරමක් වයසක අයෙකු එක් වරම පාර මාරුවන්නට මෙන් පාර මෑද්දට එන බවයි වහාක්‍රියාත්මක වූ රමේශ් නලාවහඩවමින්ම හෑකි වේගයෙන් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කලේය ඒ සමගම ඔහුට ඈසුනේ රුවන්ති මොනවදෝ කියා කෑ ගසන හඩ්යි
ඊලග තප්පරයේදී අමුත්තා වාහනේ ගටිනි, ඉන් නොනෑවතී වාහ්නයට යටවන බවද වාහනයේ උන් දෙදෙනාටම දෑනිනි, නමිත් පුදුමයකි වාහනයට යටවූ තෑනෑත්තා වහානය නෑවතුනු පසු වාහනය ඉදිරියෙන් නෑගී සිටියේය තම ඈදුමේ තිබූ දූවිලි ගසා දමමින් මොනවදෝ කියයි , රමේශ් වහා එතෑට ගෝස් ඔහුගේ අතකින් අල්ලාගත්තේය ඉය අයිස් මෙන් සීතල බව ඔහු ට එවෙලෙහි තේරුනද ඒ ගෑන වෑඩි තෑකීමක් නොකලේ වුනු වින්නහෙයිය නිසාවෙනි
ඉන්පසු රමේශ් අමුත්තාගෙන් විමසුවේ අංකල් ටක්ගලා හොස්පිටල් යමු කොහෙද තුවාල කියාය ඉන්ප්සු ඔවුන් අතර වූ දෙබස මේසේයනෑ ලමයෝ ඒ හෑටි අමාරුවක් නෑ ඔය ලමයි නවත්වපු එකම මදෑයි පරිස්සමින් යන්න ගිය ගමන යන්න ඒ උනාට අංකල් ඈතුලෙන් තුවාලද දන්නෙ නෑනෙ අපි කෝකටත් ඉස්පිරිතාලෙ යමු නෑ ඕනෙ නෑ ලමයො මට අමාරුවක් නෑ කියු අමුත්තා විගහින් පාර පෑන නොපෙනී ගියේය තවත් එතන සිට පලක් නෑති හෙයින් රමේශ් සහ රුවන්ති යුවල එතනින් නික්මිනි
එම සිද්දිය එසේ නිමාවිය ඊටපසු සතියේ තීබූ අවුරුදු පාටියකදී රමේශ් යුවල තමන් මුහුන පෑ සිද්දිය හිතමිතුරන්ට පවසන ලදි, එහි සිටි එක් අයෙකු පෑවසුමේ උබලටත් සෙට් උනාද මටත් පාරක් ඔය වගේම ෆෑබ් එක ලගදි ඔය මනුස්සයව හම්බ වුනා උබලට උන දේම මතත් උනා.. ගෙදර ගිහින් පහුවදා උන දේ ගෑන ටිකක් කල්පනා කරද්දි මට මොකක්දෝ නොගෑලපෙන බවක් දෑනුනා යටවුනු කෙනා කොහොමද වාහය ඉස්සරහින් නෑකිටින්නෙ තුවාලයක්වත් නෑතුව යස අගේට ඉන්නෙ වගේ පශ්න මගෙ ඔලුව්ට ආව පස්සෙ මම හෙව්ව එයා ගෑන
ඈත්තටම ඒ මනුස්සයෙක් නෙමේ අමුනුස්සයෙක් ෆෑබ් එකේ ගාව ඉදන් හදිස්සියේ පාර මාරුවෙද්දි ආපු වාහනයක් ඒ මනුස්සයව යට කරන් නවත්තන් නෑතුව ගිහින් ඒ මනුස්සය එතෙනම මෑරිල ඔය ඉන්නෙ එයාගෙ අවතාරය ඈක්සිඩන්ට් එකෙන් පස්සෙ වාහනය නවත්වන් නෑතුව ගියොත් ඉවරයිලු අනිවාරයයෙන්ම බය කරනවලු...
ඒකාතාව ඈසූ බොහෝදෙනෙකුගේ මෙන්ම මගේ අදහසද වූයේ නෑවත රෑට එම මාර්ගය බාවිතා නකරඉන්න එක හොදයි කියාය නමුත් අපේ තව කට්ටියකගේ සූදානම එය පරික්ශාකර බෑලීමටය

මම ත්‍රෙඩ් එක කියෙව්වා දවස් තුනක් ඇතුලත. පිටු 268ක්. ඇත්තටම බය හිතෙනවා. මගෙ යාලුවන්ට වෙච්ච සිද්ධි කීපයකුත් තියෙනවා, පහු වෙලා දාන්නම්.

පස්සෙ එපා දැම්ම දාපං. මේ නූල පටන් ගත්ත රොබොට් සහෝදරයට වෙච්ච් දෙයක් නැහැ බං.![]()

පස්සෙ එපා දැම්ම දාපං. මේ නූල පටන් ගත්ත රොබොට් සහෝදරයට වෙච්ච් දෙයක් නැහැ බං.![]()
ඕන් එහෙනං කාලෙකට පස්සේ කෙටි අත්දැකීමක්..... ඇත්තටම මේක මට වුන දෙයක් නෙමෙයි, ඒත් දාල තිබුන කතා දැක්කහම මට මේක කියන්න හිතුන............
ජනක කියන්නේ මගේ කුඩා කල ඉඳල හිටිය හොඳ මිතුරෙක්....... සල්ලිය බාගේ තිබුන මධ්‍යමපාන්තික පවුලක එකෙක්.......
මගේ මේ අද්භූත ලෝක සොයා යෑමේ ඇම්ම මදි නොකියන්න ඌටත් ඌ කුඩා කාලෙයේ ඉඳලම තිබුන, ඌට ඒකට ප්‍රධානම හේතුව වුනේ උන් පරම්පරාගත ප්‍රසිද්ධ මල් ශාලා කාරයෝ
..... ඉතින් හිතාගන්න පුලුවන් නේ......... ඌට තිබුන මේ සම්භන්දව පුදුමාකාර අත්දැකීම් ගොන්නක්.....
හා........... දැන් ඌ ගැන කිව්ව ඇති....... දැන් බහිමු ස්ටෝරියට...........
මීට ටිකක් කාලේකට ඉහත අලුත බැඳපු විවාහක ජෝඩුවක් ගාලුපාරේ බෙන්තොටට ටිකක් නුදුරින් රිය අනුතුරකට මුහුන දෙනව.......ඔවුන්ගේ තිබුන දැඩි අසාද්‍ය බව නිසා ඔවුන්ව වහාම රජයේ මහ රෝහලට ඇතුලත් කරනව....ඒත් උන් දෙන්නටම මාරය වීස ගහල හමාරයි දින දෙක තුනක අසාර්ථක ප්‍රයත්නයකට පස්සේ මේ ජෝඩුව නොඑන ගමන් යනව.........
හා.... දැන් මිනියේ කටයුතු.........
මේ වෙනකොට ජනකගේ තාත්තා ජනකට මහරෝහල යාබදව මල්ශාලාවක් ලබාදීල තිබුන..... කොහොමින් හරි මුගේ තියෙන ඇයි හොඳැයියට මහරෝහලේ බුවෙක් මේ මිණී දෙකත් මූට පංගාත්තුකරල දීල.........
අපේ බුවත් ඉතින් හම්බුකරන් කන රස්සාවනේ........ කට පුරා හිනාවෙලා, හිත සන්තෝසෙන් මිනීදෙක බාරගෙන එම්බාම් කරන බුවාලට බාරදීල...............![]()
ජනක බුවාගේ (අ)වාසනාව........
උඹල දන්නවනේ ඔය එම්බාම් වැඩ කරන්නේ ටිකක් ඇඟ රත් කරන් කියල,අනික ඕව අස්සේ මළ මිනී කප කප, ඔලු පල පල ඉන්න උන්ට, යකා භූතය මොකා මාට්ටුවුනත් ඇදල අරන් එම්බාම් කරන මූඩ් එකෙන්නේ ඉන්නේ
......... ඉතින් කට්ටියම (අපේ ලොක්ක බුවත් ඇතුලුව) ජයටම බයිට් ගෙනත් බෝතල් දෙක තුනක් හිස් කොරල....... ඩෝප් පිටම මිනී දෙක ලෑස්ති කරන්න පටන් අරන්.......
එහෙන් මෙහෙන් වෙරි මරගාතේ මිනී දෙක රෙඩි කරල ඔක්කෝම ලෑස්තිකරගන්නකොට රෑ 10 - 11 කිට්ටුවෙලා........
ඔක්කෝම රෙඩි කරන් බොඩිස් දෙක ගෙනියන්න බලනකොට හර්ස් එක පදින්න එකෙක් නෑ...... ඩ්‍රයිවර් බුවා කරටි කැඩිල දොයි...........මොනව කරන්නද, අපේ එකත් ඕන එකකට ඔට්ටු එකා නිසා උදව්වට එකෙකුත් දාගෙන මහ රෑම අම්බලංගොඩ පදින්න ලෑස්තිවෙලා (මළගෙදර තිබිල තියෙන්නේ අම්බලන්ගොඩ )....... ඒත් අර උදව්වට හිටිය එකා ජනකයගේ පොඩි අවුල් ගතියක් දැකල තියෙනව
......... මෙතුවක් කාලේකට ශොට් එකක් දාල සන්තෝසෙන් හෙමිහිට සින්දුවක් කියල සද්ද නැතිව ශේප් එකේ ඉන්න බොසා එදා අමුතුවට දඟලනව, කෑගහනව, ටිකක් අවුට් වගේත් පෙනිල තියෙනව
........ (ඒත් අවුට් නෑත් වගේලූ) මූත් වැඩිය හිතන්න ගිහින් නෑ, කට්ටියම් දාගෙනනේ ඉන්නේ,
ඕන් ඉතින් පෙට්ටි දෙකකුත් ඔබාගෙන අඩුම කුඩුමයි බඩවැල් මුට්ටියි ඔක්කෝම පටෝගෙන දෙන්න ඩබල් දාල හැටට හැටේ අම්බලන්ගොඩට පැදල.......(මළගෙදර ඇල්පිටියේදත් කොහෙද.... හරියටම මතක නෑ......)
ජනක මහත්තයෝ හෙමින් යමු!!........
මොන!! ජනකය යකා වගේ පදිනවලු පාරෙත් බලුබල්ලෙක් නැති නිසා මූ පෙට්ටි දෙකත් පටෝගෙන වංගු කෙලින් කරන් පැදල...........
ටිකදුරක් යනකොට මුගේ සද්දේත් ටිකක් අමුතුවෙලා...... සපෝට් එකට ගිය, සපෝටර් මූට මේ මොකෝ එකපාරටම වුනේ කියල හිත හිත ඉඳල,බොසා හින්ද වැඩිය මොනවත් කියන්නත් බෑ නේ........
ඔහොම කොහොමහරි කලුතරත් පහුකරන් යනකොට සපෝටර් බුවාට ඇස් අගින් පේනවලු වාහනේ පදින්නේ ජනකය නෙමෙයි කියල,හැරිල බැලුවහම ජනකය පිස්සු නට නට යකා ගහල වගේ වාහනේ පදිනවලු.......
මූත් ඉතින් ඩෝප්පිට නේ.......මීටරේ අවුල් ඇති කියල හිතිල....... ඒත් දැකල තියෙන ඩයල් එකක් වගේ නිසා කෝකටත් කියල ඇස් කොනින් ආයෙත් බලල.
මල හු#තයි!!!වාහනේ පදින්නේ පැය කීපයකට පෙර එම්බාම් කරපු, පිටිපස්සේ පෙට්ටියේ ඉන්න ඕන එකාලු
.......... මූ මග යනකන්ම කියවල තියෙන්නේත් හැප්පිල මැරෙනකොට තියෙන සනීපේ......... ඔය වගේම තව හත් අට දෙනෙක් පරලොව යවන්න ඕන....... වගේ කතා.....
(සපෝටර් බුවත් ඕව කියපු වෙලේ වැඩිය ගනන් අරන් නෑ ලොක්ක මූව බයකරන හදනව කියල)
හප්පා තියෙන සනීපේ, යකා දැක්ක ගමන් අරූගේ වෙරි බැහැල, මූත් ඉතින් එක එල්ලේම ජනකය දිහා බලන්....... ඉස්සරහින් වාහනෙ නවත්තල නයිට් කඩේකින් ත...ත...ත......තේ එකක් බි...බි...බීල යමු කියල........
තොගෙ අම්මට හු@!!!!
කව්ද හු#තෝ බීල ප්ලේන්ටි ගහන්නේ@#$$!!හිටපිය කටපියන් පරය කියල.......
(ඇත්තටම මම දන්න ජනකය මොනම හේතුවකටවත් අම්ම මතක්කරල බනින එකෙක් නෙමෙයි,(ඌ අම්මට පනදෙන්න ආදරෙයි) උදව්වට හිටි එකාටත් මොනව කරගන්නද කියල හිතාගන්න බැරිවෙලා.......)
ඒක අස්සේ අරූ මහ හයියෙන් හිනාවෙවූ කියනවලු......තොපි බිව්වා........ තොපි කෑවා
....... තොපි බජව් දැම්මා
........ තව ටිකයි
.....තව ටිකයි
........ ඔහොම හිටපාන්....... ඔහොම හිටපාන්......තොටත් පෙට්ටියෙම ගියෑකි කියල
..........
.......................හිතපන්කෝ කට්ට කලුවරේ පෙට්ටි දෙකක් පටෝගෙන.......... මර හයියෙන් හූ තිය තිය කෑ ගහ ගහ යන........ පාරේ තියෙන ලයිට් එලියට යකා එහෙන් මෙහෙන් ලාවට පේනකොට තියෙන සනීපේ.......ඒක අස්සේ පෙට්ටියෙන් යන්නත් තව ටික වෙලාවලු
යකා බුවා දන්න කියන දහඅටපාලි ඔක්කෝම දාල........බෙන්තොට පහුවේගෙන යනකොටම වගේ මෙන්න මෙතන තමයි යකෝ මම මැරුනේ කියල මහ හයියෙන් කෑගහල හර්ස් එක ලයිට්කනුවකට අල්ලල.............
සෙට්ට පෝච්චි!!...... ජනකය ඔන් ද ඇස්-පොට්....... සපෝටර් වින්ඩ්ස් ස්ක්‍රීන් එක කඩන් එලියට විසිවෙලා හතර හන්දි කැඩිල, අනූ නමයෙන් ජීවිතේ බේරිලා...........
පස්සේ දාගෙන ගිය පෙට්ටි දෙක කුඩුපට්ටම්, උන් දෙන්න දෙවනිපාරටත් ඇක්සිඩන්ට් වුනා........ඒපැත්තේ තියෙන මල්ශාලාවකින් අටවල තමයි බොඩීස් දෙක නෑයන්ට බාරදීල තියෙන්නේ
............ජනකය කිව්වත් වගේ ඌ අන්තිමට ගෙදර ගියේ පෙට්ටියෙන්
..............
වෛද්‍ය වාර්තා අනුව නිගමනය වෙලා තිබුනේ අධික බීමත්ව අනතුරුදායක ලෙස රිය පැදවීමක් නිසා සිදුවුන මාරක රිය අනතුරකින් වුන මරනයක් කියල.............
ඒත් කොහොම හරි මට මේ සැබෑ සිද්දිය ආරන්චිවුනේ මේ මරණින් කාලේකට පස්සේ අහම්බෙන්................
විස්තරේ කිව්වේ හදිස්සියේ මහඉස්පිරිතාලේට යන අතරමගදි හම්බවුන අපේ ජනකගේ "සපෝටර් බුවාගෙන්" ඇන මුරිච්චි දාල ඇටකටු ටික අටවගත්තට ඌටත් කාලයක් යනකන් හරි හමන් සිහිකල්පණාවක් තිබිල නෑ..... පස්සේ හොඳ ආරක්ශාවක් කරගත්තට පස්සේ තමයි බුවා යථා තත්වෙට පත්වෙලා තියෙන්නේ...... ඒත් ඉතින් උගේ තියෙන දුප්පත්කමට ඌ තවමත් අර මල්ශාලාවට කඹුරනව........ (මට දැනුන විදියටනම් ඌ ඒ හිටියෙත් ටිකක් සිහිකල්පණාව අඩුවෙන්.........)
පිය උරුමෙන් කරුම රස්සාවක් කළත්, මල් ශාලා 7-8 ක අධිපතිව සිටි, නිහතමානී, ඕන දේකට කට්ට කාගෙන එන, හිත හයියට යකා වගේ හිටිය අකාලයේ නැසීගිය ජනක සොහොයුරාට නිවන් සුව........
පස්සේ සෙට්වෙමු.......
රොබොට් අයියා.......



බුහ හා හා.....
මේ වෙලාවෙ බම්ප් කරාම එකෙක් දෙන්නෙක් හරි මේක කියවල චූ බර තද කරගෙන නිදාගන්න යනව බුදු ෂුවර්![]()





ඕන් එහෙනම් මගේ දෙවනි අත්දැකීම.........
මුලින්ම කියන්න ඕන මම මේහොල්මන් සීන් ගැන හොයන්න වැඩි උනන්දුවක් ඇතිවුනේ එවකට මගේ දෙමවුපියෝ අණුගමනය කල යම් ප්‍රතිපත්තියක් නිසා කියල..... කෙටියෙන් කියනවනම් එම ප්‍රතිපත්තිය ගැන, එය ආරම්භ කලේ
කපුදූවේ සිරිගුණාලන්කාර නමැති ආරණ්‍ය වාසී හාමුදුරුනමක්...... පන්සල තිබුනෙ මාතර හොරපාවිට කියන
සුන්දරම සුන්දර ගමේ...... මටනම් හාමුදුරුවො මාව වඩාගෙන හිටිය විතරයි මතක.... මට අවුරු තුනේදි විතර හාමුදුරුවො අපවත් වෙලා....... (එතුම කියපු විදියට එතුම රාවණා, කාවන්තිස්ස වැනි ආත්ම ලබපු කෙනෙක්.... දැන් බුදුවෙන්න පෙරුම් පුරනවලූ (මට මේ විස්තරනම් කිවුවෙ මගේ තාත්ත.... තව ගොඩක් සීන් තියෙනව පස්සෙ කියන්නම්)
උන්වහන්සේගෙ ප්‍රතිපත්තිය හරිම සරලයි........ දිවි හිමියෙන් පන්සිල් රකින්න ඕන..... මස් මාන්ශ කෑමෙන් වලකින්න ඕන....... ඔච්චරයි....... මාසෙකට සැරයක් හාමුදුරුවො බලන්න ගියාම ගණ පිහිටපු ශ්ලෝක දෙනව..... ගෙදර ඇවිත් පහනක් පත්තුකරල එයට මේ ශ්ලෝකය තුන් වරක් කියන්න ඕන......
හාමුදුරුවො මේ සේවය කලේ කිසිම ලාභ අපේක්ශාවකින් නෙමයි.....
කොහොමින් කොහොම හරි හාමුදුරුවො අපවත්වුනාට පස්සෙ වටේ හිටිය ආවතේවකාරයො මේ හාමුදුරුවොන්ගේ බලය ලැබුන බවක් පැවසුව (හාමුදුරුවො කියල තිබුන විදියට සිරිගුණාලංකාර පිලේ අයට ප්‍රතිපත්ති රැකීමෙන් හා පිරිත්, බන, භාවනා ප්‍රගුණකිරීමෙන් එතුමගේ බලය පැවරීමට හෝ ඉබේ පහලවීමට හැකියි කියල )
ඕන් ඉතින් අපේ ගෙදර නඩයත් හාමුදුරුවන්ගේ ලඟම ආවතේවකාරයා වන කලුමහත්තයගෙන් වැඩගන්න ගියා..........ඌ ඔක්කෝම ගේම් දෙන්නෙ පිරිතෙන්.....යක්කු වැහුන ආත බූත වෙලා ලඩ හොඳකරගන්න බැරි උන්, හාමුදුරුවොන්ගේ තඩි පින්තූරෙ ඉස්සරහ හූ කියකිය නටනව, ජෝගි ගොඩයි...... පිරිත් කියපු වේවැලෙන් ශොට් එකක් දුන්නම
මරලතෝනි දීල පස්සෙ මෙල්ල වෙනව..........(අපිට ඉතින් පොඩි කාලෙ හොරර් ෆිල්ම් බලන්න ඕනවුන් නෑ..... මාසෙකට සැරයක් නොමිලයේම බලාගන්න පුලුවන්)
ඕන් දැන් තමයි කතාව පටන් ගන්නෙ......... සොරි වෙන්න ඕන............ කතාව ගලපන්න ලේසි වෙන්නයි ඔයටික මුලින්න දැම්මෙ......
ඉස්කෝලෙ නිවාඩු කාලෙ කියන්නෙ අපේ පවුලෙ එළම කාලෙ අම්මයි තාත්තයි ගුරුවරු.......මුලු පවුලටම එකට ඉන්න මාසයක්ම තියෙනව...... (දැන් කොහෙද ඒ සැප )
නිවාඩුකාලෙක ගෙදර කට්ටිය සෙට්වුනා අර පන්සලේ පින්කමකට සතියක් නවතින්න........ අපිටත් මාර ෆන්...... කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කෝම පන්සලෙන්....... මම ගොඩක්ම එහේ යන්න කැමති, පන්සලේ හිටිය ඇට්ටර පොඩි හාමුදුරුවො සෙට් එකක්..... පිස්සු හොඳ එක......... ෆන් ගන්න දන් නෑ...... උන්ට තිබුනෙත් මාර නම් ටිකක්....... පුක් ගැට්ටේ මයිලානන්ද...... ගං ඉවුරේ බෙට්ටානන්ද........... එළම එල හාමුදුරු පැටවු ටික...... මාතර නිසා කුණුහර්ප දන්නෑ..........
ඕන් ඉතින් පන්සලටත් ගියා කියමුකෝ......
පන්සලේ පින්කම දවසෙ පූජකරන්න පන්සලේ නා ගස් වල නා මල් ඉවරවෙලා....... අපි ගියා පන්සල් භූමියේ කොනකම අඳුරු තැනක තිබුන නාමල් පිරිච්ච නා ගහක් ලඟට..... පොඩි හාමුදුරුවො ටික එතනට යන්න වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ... මමම ගිහින් ඇතිවෙන්න මල් කැඩුව..........
බුද්දපූජාව වෙලේ මගේ මල් වලින් මල් ආසනය පිරුනම මට පුදුම සතුටක් ආවෙ.........
ඒත් මම දැනගෙන හිටියෙ නෑ මම තනිපන්ගලමෙ මල්කඩල තියෙන්නෙ අර හාමුදුරුවො ඒකාලෙ ගොඩ දාන්න බැරි යක්කු පෙරේතයො බැඳල තියපු පෙරේත නාගහෙන් කියල............. (කාලෙකට පස්සෙ පෙරේතය කියුවහමයි සීන් එක දැනගත්තෙ )
මට බයයි ඕයි මේව ලියන්න...... අද ගෑනිත් නෑ..... ලොල්
ඕන් ඉතින් රොබොට් මල්ලි එකපාරට පිස්සුකෙලින්න පටන්ගත්ත....... මටම තේරෙනව මම ටිකක් අවුට් කියල........ පින්කම ඉවරවෙලා උදේපාන්දරම හොරපාවිටින් කොළඹ එන බස් එකට නැග්ග....
. මට මාර බඩගිනියි...... කියාගන්න බැරි බඩගින්නක් හා පිපාසයක් තිබුන......... අම්ම කට්ටියටම කන්න තියන් හිටිය පාන් ගෙඩිය මම උදුරල අරන් තනියම කෑව..... (ඒ කාලෙ මම කන්නෙ පාන් කාලයි ඒකත් කෑවහම බඩට ගල් දැම්ම වගේ) පාන් ගෙඩිය කාල තව හොයනව.......
මට බඩගිනියි යකෝ!!!!!!
පස්සෙ බේරෙන්න බැරි තැන බස් එක උදේට කන්න නැවැත්තුවම මාලු පාන් බනිස් අරන් දුන්න.... මටම තේරෙනව මට තවත් කන්න බෑ කියල ඒත් බඩගිනියි යකුනේ..............
කතන්දරේ ඉවරයි........
අපි දැන් ගෙදර........ ගෙදර ආවට මොකද ඉස්පිරිතාලෙ ගියා වගේ....... අපේ අම්මට පපුවෙ හතිය තිබුන....... ඒක සැරින් සැරේ හැදෙන්නෙ....... කොහොමහරි අම්ම මැරෙන ගානටම හතිය වැඩිවෙනව...... අපි හරි පොඩියි..... ඒකාලෙ ත්‍රීවීල් කැබ් තිබුන් නෑ... වැඩිම වුනොත් ගමටම වාහන තිබුනෙ 2-3 යි....... අපි මාර පරිප්පුවක් කෑවෙ.... කොහොම හරි අඳුනන අයියකෙනෙක් ගෙ වාහනයකින් අම්මව මහ රෝහලේ ඇඩ්මිට් කලා...... එයාට එහෙදි ඉන්හේල් කරත් ආන්ස කලේ නෑ..... පස්සෙ හෙමෙහිට හොඳවුනාම දවස් 3-4කින් අම්ම ගෙදර ආව.... ඒත් අම්ම සැරින් සැරේ ලෙඩවෙනව........
පව් යකෝ මගෙ අහින්සක රත්තරන් අම්ම...........
ගෙදර ඔක්කෝම අවුල්.... හොල්මන් හොඳ එක..... හැම දවසක්ම මහ මූසල විදියට ගෙවිල යනව.... ඔය අතරෙ රුවන්මැලි මහා සෑයෙ ලොකු පින්කමක් තිබුන.....තාත්ත කියුව ඕන දෙයක් වෙන්න කියල පින්කමට ගිහින් අම්ම වෙනුවෙන් බාරවෙමු කියල........
ඕන් ඉතින් බැටෑලියන් එකම (අක්කල 3යි මායි අම්මයි තාත්තයි ) ආන්ඩුව ගානෙ (රේල් වොරන්ට්ස් වලින්) අනුරාදපුරේ ගියා...........
රුවන්මැලි සෑයෙ පින්කම එළටම තිබුන...... අම්ම ටිකක් අසනීපෙන් හිටියත් මම අම්මව ඇදගෙන හත්පාරක් මහා සෑය වටේ ගියා....... ඒක දුර්වල අම්මට හරි වෙහෙසක් ගෙනදුන්නත් අම්ම හිතේ හයියෙන් ආව......... පස්සෙ අපි අම්ම වෙනුවෙන් රුවන්මැලි සෑයෙ බාර වෙලා ගෙදර ආවා.........
අම්මට මොන හොඳක්ද...... අම්මට තිබුනටත් වඩා වැඩියි.... හිතපල්ලකො හුස්ම ගන්න බැරිව විඳවනකොට තියෙන අමාරුව....... මම ඉතින් හිතින් දාස් වරක් මහා සෑයට බැන්න...... හදපු එකාටත් බැන්න...... උගේ අම්මටත් බැන්න........
ඔහොම කාලෙ යනකොට තාත්ත හදිස්සියෙ දින ගානකට ගෙදරින් පිට ගියා....... අක්කල තුන්දෙනයි මායි අම්මයි විතරයි ගෙදර.......... රෑබෝවෙනකොට අම්මට හතිය හැදිල දඟලන්න ගත්ත....... අම්ම කිවුව අක්කකෙනෙක්ට හාමුදුරුවො මතක් කරල අම්ම ඉස්සරහින් පහනක් තියන්න කියල
අක්ක මැටි පහනක් පත්තුකරල අම්ම ඉස්සරහින් තිබ්බ........
අම්ම දැම් හති ඇද ඇද පහනට කියනව........
සිරිගුණාලන්කාර මහ පහණ..... සිරිගුණාලන්කාර වෙද පහණ......... මෙත් බෝසත් වෙද රුවණ.......
ටිකෙන් ටික අම්මට වැඩිවෙනව..... ගෙදර මෙලෝ බල්ලෙක් නෑ.... මොනව වුනත් අම්මට වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියන විදිය අපි දැනන් හිටිය...... ඒත් අපි හරි පුන්චි ලමයි ඒ කාලෙ.... හිතේ හයිය නම් ඕනවටත් වැඩිය තිබුන........
අම්මට අන්තිමටම වැඩිවුනා..... මම නම් තක් බීර් වෙලා හිටියෙ අම්ම මැරෙයි කියල....... අම්ම සෙම පෙරාගෙන හොටු පෙරාගෙන මහ අමනුස්ස විදියට හුස්ම අදින්න ගත්ත....... අම්මගෙ දැක්ම හරි භයන්කාර වුනා.......
එකපාරට මහ නුපුරුදු පිරිමි කටහඬක් අම්මගෙන් පිටවුනා.......
බුදු අම්මෝ...............
අම්ම වුනත් යකා නටනකොට බයනැද්ද බං?????
අපි හතරදෙනා එකට ගුලිවෙලා ඉන්නව....... අම්ම අපිට පිරිමි හඬින් විධාන දෙන්න ගත්ත...... අරක ගෙනෙන් මේක ගෙනෙ......... ලේ දීපන් බිල්ලක් දීපන්....... පුලුටු බැදල දියන්............ කන්න දීපන් බොන්න දීපන් නැත්නම් අම්මව ගෙනියනව කියනව........ මල හුත්#යි........ අම්ම දීල කොහොමද???
අම්ම ගහයි මෝල් ගහෙන්........
ඕක අස්සෙ මූ කියපි අක්කකෙනෙක්ට රතන සූත්‍රය කියන්න කියල......... අක්ක බයටම පිරිත කියනව......අම්මට සිරි මූට නිකන් එළ සින්දුවක් දැම්ම වගේ.......හෙන චූන්
....... අක්ක වැරදියට කියන වචන මූ හරිගස්සනව......... (ඇත්තටම මට තවමත් තේරෙන් නෑ මේ සීන් එක...... ඇයි මේ යකා පිරිතට චූන් වෙන්නෙ බය වෙලා දුවන් නැතිව?? )
මම පොඩි වුනාට ටිකක් විතර යකා..... මම මළපැනල අහපි කව්ද තෝ!! කියල..... (*යක්කු ටැකල් කරනව දැකල තිබුන නිසා අම්මගෙන් වුනත් තෝ කියලම ඇහුවා.........මෙන්න මූ මහ හයියෙන් බක බක ගාල හිනාවෙලා...... *(මූ කියන්නෙ අම්මගෙ ඇඟේ ඉන්න යකා ට බව සලකන්න ) පන්සිල් ගනින් පර බල්ල කිවුව....... මොන පන්සිල්ද මට බය වැඩිකමට පන්සිල් පද දෙකයි මතක්වුනේ...... මූ මහ හයියෙන් හිනාවෙනව
........ ඕක අස්සෙ මම දැක්ක අම්ම පහනට කවර් වෙනව....... බලන්න බෑ වගේ සීන් එකක්..... ඒත් එක්කම මට මතක්වුනා අර හාමුදුරුවො අම්මට දීපු රාමු කරපු පොඩි පින්තූරෙ..... ඒක ඒ හාමුදුරුවො බල පිහිටුවල හදිස්සියක් වුනාම ගන්න කියල දීල තිබුන එකක්.......
ඔය අතරෙ අතරින් පතර අර ගොරහැඩි හඬට අමතරව අම්මගෙ සැබෑ හඬත් ඇහෙනව.... අම්ම වේදනාවෙන් කියනව මාව බේරගන්න කියල...... *(ඒ අත්දැකීමනම් කාටවත් වෙන්න එපා)
මාත් ඉතින් ඕන පු#ක් කියල හාමුදුරුවන්ගෙ බල පිහිටවපු පින්තූරෙ එකපාරටම අම්මග අතට් දුන්න........ මෙන්න මූ මර ලතෝනිය,,,,,,, මාව පිච්චෙනෝ......මාව පිච්චෙනෝ.........මේක ගනියෝ...... කියල.....
බඩු හරි...... යකා සැරෙන්ඩර්........ දැන් රොබොට් මල්ලි වැඩ පටන්ගත්ත.......
කෝකටත් කියල පින්තූරෙ මම අතට ගත්ත....
කියපිය තෝ කව්ද කියල???
සද්ද නෑ.....
හිටපිය දෙන්න කියල හාමුදුරුවන්ගේ පින්තූරෙ පෙන්නුව.....
මූ බයවෙලා කෑගහන්න ගත්ත......
බුදු පුතේ..... මම උඹලගෙ සීය..........
උඹ මොන සීයද??? අපි දන් නෑ උඹව......
(අපි අපේ සීයල ඇහැට දැකල නෑ.... උන් දෙන්නම අපි ඉපදෙන්න කලින් මැරිල ගිහින් )
උඹලගෙ අම්මගෙ තාත්ත බොලව්....
උඹ මොකටද මෙහේ ආවෙ???
මගේ ලොකු දූව ගෙනියන්න........
ඒ මොකටද???
මට ඒකිට වදදෙන්න ඕන......
උඹට මොනව කලාටද??
යකා සද්ද නෑ.......
උඹ අම්ම ගෙනිච්චහම අපිට මොකද වෙන්නෙ???
යකා නෝ කතා.......
.......................................
කියපන් උඹ කොහෙද මෙච්චරකල් හිටියෙ???
හොරපාවිට පන්සලේ........පෙරේත නාගහේ..... ඒකාලෙ මාව හාමුදුරුවොන්ට අහුවෙලා සමදිටු වෙන්න කැමති නැති වුන නිසා මේ ඇත්තිට කරදර නොකර නා ගහේ ඉන්න පොරොන්දු වුනා.........
එතකොට උඹ ආවෙ?????
ආවෙ උඹේ කරපිටින්........
*(අම්මට හු#යි තියල....... මේ හු#තා එදා මගේ කරපිටින් ඇවිල්ල තියෙන්නෙ )
අන්තිමට මූ මාර පාපොච්චාරනයක් කලා...... මූ ලමයි හැදුවට ලොකු දුව විදියට අපෙ අම්ම තමයි මුලු පව්ලම ගොඩදැම්මෙ.... ඒකරලත් මූට මදිවෙලා..... අම්මට හතුරුකමින් මැරිල තියෙන්නෙ...... (අදටත් අම්මගෙ ඔක්කෝම සහෝදරයෝ අම්මට පින් දෙනව උන්ව හොඳින් බලාගෙන ජීවිත ගොඩදැම්මට.....)
පස්සෙ මූ කියපි මට මේකිට තව වද දිදී ඉන්න තිබුන... කොහෙද උඹ මේකිව ඇදගෙන රුවන්මැලි සෑය වටේ ගියානෙ......... ගියපු වටයක් ගානෙ මගේ බල බිඳිල මේ ඇත්තිගෙ පින් බලය වැඩි වුනා........
අපිට උඹෙන් ඇති වැඩක් නෑ උඹට මොනවද අපෙන් වෙන්න ඕන.......
මූ කියපි ආයෙත් මට අරව ඕන.... මේව ඕන........ මම ආවෙ බිල්ල ගන්නයි හිස් අතින් යන්න බැරිය කියල.....
අපි සැර කලා....
උඹට කිසි දෙයක් දෙන් නෑ ආපු අතක් බලාගෙන පල..... උඹට අම්ම කරපු පින් වලට අම්ම ගෙනියන්න බැහැ අනික හාමුදුරුවො උඹව පුච්චයි කියල........
මූ සීන් එක පිලිගත්ත........
මට මල පැනල මම කිවුව දැන් පල අපිට පව් නොදී කියල......
මූ කියපි මූට හූ තුනක් කියන්න ඕන කියල.........
මල හු#තයි........ මේ මහ රෑ හූ කියුවොත් ගමම අපේ ගෙදර එයි....... ඉස්කෝලෙ හාමිනේට යකෙක් වැහිල කියල.......ඒත් ඉතින් මොනව කරන්නද..... මූ හූ... කියන්නම ඕන කියනව.
අන්තිමටම මූ කියපි හොඳයී මම යනව හැබැයි ආයෙ මාව මතක්කලොත් ආයෙ මම එනව කියල........ මමත් කියුව ආයෙ උඹ ආවොත් ගැටගහල මූදෙ දානව කියල..... කොහොම හරි මට මතකහැටියට මූට පින් අනුමෝදන් වෙන්න කියල පන්සලට පුටුවක් දෙන්න කියුවද කොහෙද..... (හරියට මතක නෑ....)
පස්සෙ මූ මහ අම්මගෙ විදියට හූ තුන කියුවෙ........
හරීම හෙමින් මාරම හෙමින්......
හූ.........
හූ.......
හූ......... කියල යන්න ගියා......
අපිට අපේ අම්මගෙ හරි කටහඬ ඇහෙන්න ගත්තෙ ඊට පස්සෙ....... අම්මට බෙහෙත් බීපු ගමන් ලෙඩේ හොඳ වුනා.... ඊටපස්සෙ කාලයකට අම්මට හතිය හැදුන් නෑ.......
දීපල්ලකො බලන්න මේකට අර්තකතනයක්??? මේ සීන් එක මානසික බලපෑමක් මත වූවක් නොවෙයි...... මොකද සිද්දිය අවසානයේදීයි මට මේකෙ මුල මැද අග ගලපගන්න පුලුවන් වුනේ.........
මේ වගේම තව සීන් එකක් හෙට...........
රොබොට් අයියා.......