මේ සිද්දිය මහරගම ප්රදේශයේ සිදු වුන දෙයක්.පවුලේ හිටියේ අම්මයි තාත්තයි ,පොඩි දුවෙකුයි ,ආච්චියි .ආච්චි නැති උනා .හැබැයි මේ ආච්චි ජීවත් වෙලා ඉන්නකොට හැමෝටම උපරිමේට වද දීපු කෙනෙක් .
පන්සල් ගිහිල්ලා වත් ,පිනක් දහමක් නොකර කෙනෙක් .කොහොමහරි මැරිලා ටික දවසක් ගියා .හරි අහඹු විදියකට කොහොමහරි අර පොඩි දුව විතරක් ගෙදර ඉන්න වෙලාවේ ගෙට ගිනි ගත්තා.මේ ලමයවත් පිච්චුනා .
ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා හොඳ වෙලා ටික දවසක් යනකොට ආපහු ලෙඩේ වැඩි වෙනවලු .තුවාල අලුත් වෙනවලු .දෙමව්පියන්ට මේ ගැන අවබෝදයක් තිබිලා නෑ .ඒත් නෑදෑ කෙනෙක් ඇහුවම තමා මේ ළමයා කියලා තියෙන්නේ ආච්චි ඇවිල්ලා තුවාල ලෙව කනවා කියලා .
ඒ ළමයා ටික දවසකින් මැරිලා .මේ කතාව දැන් අවුරුදු 20 විතර ඉස්සෙල්ලා සිද්ද වෙච්ච දෙයක්ලු මගේ යාළුවෙක් කිව්වේ ඒ ගෙවල් ගාව හිටපු .