එළකිරි භූත කොටුව.........

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි.දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය දු දරැවන් දහතුන් දෙනෙකුගේ පියෙකු වන කට්ටඩි මාමා‍ සිව් මුනිබුරන් දැක ඇත්තෙකි.දු දරැ මිනිබුරැ සිරිස දෙසිය ඉක්මවන් ජිවිතයේ සැදෑ සමය ගෙවන ඔහු නිරෝගි සුවෙන් ගත කරන අතර තානායම්පල වෙනුවෙන් ම හෙලි කරන සිය අත් දැකිම් මාලාවේ එක් කතාවකි මේ
    වසර සිය ගනනකට එපිට සජිවි අත්දැකිම් ඇති ඉතිහාසයක් මතකයේ තබන් සිටින වාසනහාමි කට්ටඩි මාමාගේ යකදුරැ ජිවිතයේ මුහුන පෑව සුවිසේසිත වු අභියෝගයක් ලෙස ගාල්ලේ දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසේ තොවිලය තවමත් පොත්ත කන්ද ප්‍රදේශවාසින් සිහිපත් කරයි .
    සදලතා සදක්වන් රෑමත්ය .ඇය පිටර් අප්පුහාමිගේ බාලම දියනියයි . වැඩිවියට පැමිනි සදලතා තවත් රෑමත් වුවාය .වරක් බැලුව ඇයගේ රැව සදාමතකයේ රැදෙනවා නොඅනුමානයි .බැල්ම හෙලනා ගමේ තරැනයෝද අපමනයි .පිපුනු රෝස කුසුම හදිසියේම මැලව විරැපව ගියේ කවුරැ හෝ කල කොඩි විනයකිනි .රට වටා දන්නා නොයෙක් යකැදුරන් ගෙන්වා තොවිල් කලද කිසිදු පලක් නොවිය .ඇයට කල කොඩි විනය කපා හෙලිය හැකි ජගතෙකු සොයා ගැනිම ට නොහැකි විය .
    “කට්ටඩි උන්දේ තමුන් නැහැ ගැන පාතරට අපිටත් තතු විත්ති ආරංචි වෙලයි ආවේ .අපේ තිබුන සියලුම සබ්බ සකලමනාවම මගේ කෙලිව ගොඩ දාන්න වියදම් කලා දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැති ගානයි .අනේ මගේ කෙලිව ගොඩ දාල දෙන්න කට්ටඩි උන්දෙ ඔහේට බුදු බව අත් වෙනවා “එක්තරා සැදෑවක හේරත් මුදියන්සෙලාගේ වාසනහාමි කට්ටඩි මාමා හමුවිමට පැමිනි පිටර් අප්පුහාමි සිය දුක් ගැනවිල්ල තැබිය .
    “ඔය ඇත්තෝ බොහොම දුර බැහැරක ඉදල මම හොයාගෙන ආව එක ගැන සතුටුයි . මට ඔහේගේ දුක තේරෙනව .හැබැයි උන්නැහැ ඔහෙල ඉන්න පාත රට බොහොම බලගතු මංත්‍ර ශාෂ්ත්‍ර දන්න උදවිය ඉන්නවනෙවැ”
    “එහෙමයි කට්ටඩි උන්දේ මුලු දකුනෙම කයට්ටඩි ගෙනත් තොවිල් කලා ඇති වුන සෙතක් නැහැ තිබුන සබ්බ සකලමනාව වියදම් වුනා මගේ කෙලි තවත් වැහැරැනා ඒක විතරයි සිද්ධ වුනේ “ පිටර් අප්පුහාමි ආයචනාත්මක බැල්මක් හෙලිය .
    “මට ඔය ඇත්තන්ට පොරොන්දු වෙන්න බැහැ මම සනිප කරල දෙඤඤ කියල .ඒත් ඔහේල මෙච්චර දුරකතර ගෙවාගෙන මාව විස්වාස කරල ආවනේ ඒ නිසා මමත් සුදුසු දිනකදි එඤඤ් “
    “බුදු බව අත්වෙනව කට්ටඩි උන්දෙ ඔහේගෙ අනුකම්පාවටම”
    ආගන්තුකයන් සුදුසු සංග්‍රහ විද පිටව ගියාට පසුව වාසනහාමි කට්ටඩි මාමා කල්පනා කලේ ගාලුගමන පිලිබදවයි .රෝගියා පරික්ෂා කර නොකට කුමන අසනිපයක් තිබේදැයි නිශ්චය කල නොහැකිය .
    හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා ගාල්ල දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසට ගියේ එයින් ටික දිනකට පසුවයි. සිය යකදුරැ අත්තේවාසිකයන් දෙදෙනාද ඒ සදහා රැගෙන ගියේය. දිර්ග කලක් සිය දියනියගේ අසනිපය වෙනුවෙන් සියලුම සේසත අහිමි කරගත් පිටර් අප්පුහාමිගේ පවුලේ උදවියගේ ආර්තික තත්වය හොදින් අවබෝදකරගත් කට්ටඩි මාමා තොවිලයේ අටමගලයේ සිට සියලුම අඩුම කුඩුම වාසනහාමි කට්ටඩි මාමා අතින්ම දරාගැනිමට හෙතෙම කාරැනික විය.
    අසල්වාසින් ඤ්තින් විසාල පිරිසක් තොවිල් ගෙදර වැඩකටයුතු සදහා සිය දායකත්වය ලබා දුන්හ .පිටර් අප්පුහාමි තැනගේ නිවසේ මිදුලේ තොවිලය සදහා සියලුම කටයුතු සුදානම් කර අහවරයි.
    කලවිනයෙන් ආතුරයා වු රෑමත් සදලතාගේ වැහැරිම ඔනෑම අයෙකු සංවේගයට පත්වන්නේය. යම් නිවසකට හෝ පුද්ගයකුට යමෙකු කොඩි වින කිරිමේදි යංත්‍ර මංත්‍ර ශාෂ්ත්‍රනු කූලව කලු යකා රිරි යකා මහාසෝනා වැනි සම්මත මිත්‍යා දිෂ්ටි යකෙකු හෝ එම නිවසේම මල ගිය ප්‍රාකාරයකු එසේත් නොමැතිනම් වෙනත් මලගිය ප්‍රාණ කාරයකු හෝ මල ගිය ප්‍රෙරේතයකු උපයෝගි කරගනි.යකදුරා ශාන්ති කර්මය කරද්දි මේ සියල්ලම ගැන හොද අවබෝදයකින් සිටිය යුතුයි.
    “යක්කු එලවන මංත්‍ර වලින් පෙරේතයෝ එලවන්න බැහැ ගෙවලයකුන් එයිටත් වඩා දරැනුයි පෙරේතයෝ මංත්‍ර වලට වලංගු නැහැ ප්‍රෙරේතයෝ එලවන්න බොහෝදුරට උපයෝගි කරගන්නෙ පිරිත් සුත්‍ර මිත්‍යා දිස්ටික දරැනු යකුන් පිරිත් වලට වලංගු නොවුනද අවසානයේ බුදු ගුනවලට වලංගු විමට යකුන්ට සිදු වෙනවා අපේ පිරිත් පොතේ ආටානාටිය පිරිතෙත් කියවෙනවනේ බුදුගුන වලට වලංගු නොවන යකුන් වෙනුවෙන් යක්ෂ සමාගමෙන් දෙන දඩුවම් ගැන .‍යක්ෂ දිෂ්ටියක් වැසුන කෙනෙකුට සුදුසු ප්‍රතිකර්මයක් කරනකම් යකදුරා විසින් මුලින් ම ඇප නුලක් දානවා ඇප නුලෙන් කෙරෙන්නේ තාවකාලිකව වර්දනය විම වලක්වා ගැනිම එයිට පස්සේ සුදුසු දිනකදි ඒ සදහා තොවිලය කරනවා යක්ෂ දිෂ්ටියක් වැටුනම මේ ආතුරයාව වලංගු කර ගන්න වෙනවා යකදුරාට ඒ වලංගු කරගෙනම තමයි විස්තරය විමසන්නේ “ වාසනහාමි කට්ටඩි මාමා කිය .
    “ගෙවලයක් බන්දනයේදි මෙයිට වඩා ටිකක් තදයි මොකද ගෙවල යකා ලෙස වැසුන එකා ලේසියෙන් යන්නෙ නැහැ ගෙවල යකා කියන්නේ ඒ නිවසටම හෝ ඉඩමටම අයිතිවාසිකමක් තියන කෙනෙක් නේ ඒ අයිතියත් එක්ක කොහොම පැන්නුවත් යලි එන තත්වය තියනවා ඒ නිසා තමයි ඒ යකුන් අල්ලල බෝතලයකට දැමිම ගහකට තියල ඇණ ගැසිම එහෙමත් කරන්නේ ගෙවල යකාටත් මල පෙරේතය කියලත් සාමාන්‍යයෙන් හදුන්වනවා ඒත් මේ ගෙවල යකා සෑහෙන බොරැ කියනවා ශරිරය අතහැරල යනවා කියල සැම දිවිරිල්ලක්ම දිව්රනවා එහෙම කියල ආයෙත් එනවා “
    කෙනෙකු කල කොඩිවිනයකින් හොල්මන් විමකින් තනිකම් දොසකින් හෝ අයිතිවාසිකමකට ආව භුත බලවේගයකින් ආදි මේ කුමන කරැනකින් හෝ දිෂ්ටි මිනිසාට ආරෑඪවන යක්ෂ ප්‍රෙරේත කුම්භාණ්ඩායා එලවා දැමිමේ දැනුම යකැදුරෙකුට තිබිය යුතුයි .
    ගාල්ල දොඩම්දුව පිටර් අප්පුහාමිගේ දියනියට යක්ෂයා ආරැඪ වි ඇත්තේ කොඩිවිනයක ප්‍රතිපලයක් ලෙසින් බව වාසනහාමි කට්ටඩි මාමාද අවබෝද කරගෙන හමාරයි .රෑ දෙගොඩහරි ජාමයේ වාසනහාමි කට්ටඩි මාමා මතුරන මැතිරිල්ලට වැහැරැන සදලතා වියරැවෙන් දගලමින් ලැතවුල් තබයි .
    “ඕං දැඩිමුන්ඩ කට්ට ඉරලුම් නාත දේව ඉරලුම් උපුල්වන් ඉරලුම් විෂ්ණු කට්ටු දේවතා මදුරැමාලා දේවතා
    අංගම් පිල්ලි සුනියම් ගිනි සැර විෂ්ණු කුලම්බු ඔඩිවා…………..” ඒ යක්ෂයින් වලංගු කරගන්නා දැඩිමුණ්ඩ යක්ෂ ඉනා මන්ත්‍රයයි .මන්ත්‍රය කියමින් කට්ටඩි මාමා අතට ගත්තේ පෙර ජිවන් කර තබාගෙන ඇති පස්ලෝ ත්‍රිශුලයයි .ආතුර සදලතාගේ කෙස්වැටියන් ඇල්ලිය .
    “බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ නර ශරිරයට දිෂ්ඨි ලා සිටින යක්ෂයා වලංගුද?”
    “වලංගු නැහැ මට යන්න දිපියෝ …” සදලතාට වැසුන මලයකා කෑ ගැසිය.
    “හක් -වලංගු නැහැ ..කට්ටඩි මාමාද සැර විය.
    “කකුසද කෝණාගම කාශ්ශප ගෞතම යන සතර බුදු වරැන් වහන්සේලාගේ නමට මේ යක්ෂයා කිකරැද?”
    යක්ෂයා නිරැත්තරයි .
    “කතාකරපිය බොල මාත් එක්ක සෙල්ලම් බැහැ “ කට්ටඩි මාමා ගෙරවිය . එහෙත් ඇය නිහඩයි.
    “ධෛතරාෂ්ඨ විරෑඪ විරැපාක්ෂ වෛශ්‍රවන යන සතරවරම් දෙවිවරැන්ගේ ආඤ්ඤාවෙන් ආනුභාවයෙන් තොප වලංගුද “
    ආතුරයා තව දුරටත් නිරැත්තර වුවද කට්ටඩි මාමාගෙන් සමාවක් නැත “තොප සතර වරම් දෙවි වරැන්ටත් වලංගු නැද්ද දෙන්න ද තොප දේව සමාගමට දන්නවනේ දේව සමාගමෙන් දෙන දඩුවම් “
    “මම වලංගුයි වලංගුයි “ ආතුරයා හිලෑ වෙද්දි රැස්ව සිටි පරිසද වාසනහාමි මාමා දෙස ගරැ ගාම්බිර මුහුනින් බැල්වේ මෙතෙක් කලක් පැමිනි කිසිදු යකැදුරෙකුට ඇයව වලංගු කරගැනිමට නොහැකි වු බව දන්නා නිසාවෙනි .
    “හු කියාහන් එහෙනම් මේ නර ශරිරයට ආරෑඩ වෙලා ඉන්න යක්ෂයා කවුද කියල “
    “ මම මහාසෝනාාා මහා සෝනා මුන්දැගෙ බෙල්ලකඩාගෙන යන්නමයි මම ආවේ “
    “තොපට එහෙම යන්න දෙන්නේ නැහැ කියාපිය කියාපිය තොපට කවුද ගෙන්නුවේ මේ නර ශරිරයට කියාපිය” කට්ටඩි මාමා තවත් සැරයි.
    “”ම‍ට බැහැ මට බැහැ ඒකනම් කියන්න මට ඒක කියන්න වරම් දිල නැහැ මම යන්නම් “
    “ඇයි තොපට කියන්න බැරි ඇයි තොපට ඒක කියන්න බැරි”
    “මට ඒක කියන්න බැහැ මගේ බෙල්ල කඩාගෙන ගියත් මට ඒකනම් කියන්න බැහැ”
    යක්ෂයා ආරෑඩ වුවෙකි මෙලෙස තමාට කොඩි වින කල පුද්ගලයාගේ නම නොකියා සිටින්නේත් විෂේශ හේතුවක් නිසා බව වාසනහාමි කට්ටඩි මාමා අත්දැකිමෙන්ම දනි .විනකල ඇදුරා හෝ වින කිරිමට කටයුතු පුද්ගලයා නිවසටම සමිපයකුනම් සතරවරම් දෙවිවරැන්ගේ අණට වලංගු වුන යක්ෂයා ඒ වග ප්‍රසිද්ධියේ කියන්නේ නැත .කල විනයේ සුල මුල හොදින් අසා ගත් වාසනහාමි කට්ටඩි මාමා දැන් සුදානම් වන්නේ යක්ෂයා පන්නා කොඩි විනය කැපිමටයි.
    “ඕං දල රිරි පුඨං දිෂ්ටිගං කැපගං බිල්ලගං එලාගං අදත් මා මතුරන්නේ දල රිරි යකුට මරැ තෝංගු කැපකල දිෂ්ටියයි තින්දුවයි මා අත වරද නැත මගේ ගුරැවරැන් අත වරද නැත මාගේ අඹු දරැවන් අත වරද නැත කල වුන් බලා පල පල තෝස්වහ…” වාසනහාමි කට්ටඩි මාමාගේ මහාසෝන් අලගුව නම් මංත්‍රයෙන් පුහුල් ගෙඩිය මතුරද්දි පරිසරයේ සිදුවුන අමනුස පෙරලියට වාසනහාමි මාමාද තැති ගත්හ .
    ඈත කැලෑව දෙසින් ඇසෙන උලමුන්ගේ බියකරැ නාදය ඇසෙන්නේ මේ ලගින්මෙනි. අමනුෂ්‍යන් රැසක් වියරැවෙන් දත්කුරැ හපනවාත් සිංහල උලු සෙවිලිකල වහලයට ගල් බොරලු හලනවාත් ඇසෙන්නේ කට්ටඩි මාමාටම පමනි.
    වාසනහාමි මාමාට කොතනකින් හෝ වැරදි ඇතැයි හොදින් තේරැම් ගියේය. කල් වේලා ඇතුව ආරක්ෂාවල් යොදවා තිබුනද ඒවා අභිබවා අමනුෂ හඩ ඇසෙන්නේ එම නිසාවෙනි .තවත් මොහොතක් අමනුශ්‍ය හඩට කන් දුන් වාසනහාමි කට්ටඩි මාමා මහාසෝන අලගුව කිම මදකට නතරකර ගිණි විලම්බු සිදුර නම් එයිටටත් එහා මහා බලගතු මංත්‍රය මහා හඩින් තොල ගෑවේ පුහුල එයින් කැපිමටයි.
    “ඕං නමෝ ලමයි දස දහසක් ජාතක කල යමපලු දේවතාවා ගෙන්වා යම කඩුව අතට දි වින කල ඇදුරාගේ
    පපුවට ඇණ ලේ රිරි උරා බි හෙමන් දන්ඩ යන්ඩ ඇරි ආඤ්ඤ්වෙන් ආනුභාවයෙන් වින කල ඇදුරාගේ වින කිරිමට අන කල එකාගේ කටින් ලේ දමා නාසින් දුම් දමා දෙකන් පැලි ඇස් පිපිරි බඩවැල් සත්පොල්ලකට පිපිරි අක්මා කැවුතු ලේ රිරි කැප ගණ්ඩ වරන් දෙන්ඩ පලයන් තොක්වහ…”
    සිදුවුයේ මෙතෙක් නොවුන මහා විපර්යාසයකි. ඇසපිය හෙලන නිමේශයෙන් වහලේ මුදුනේ සිට මිදුල මැද තිබු පිදේනි තටුවට පැන අතුරැ දහන් වුයේ දැවැත්ත වලස් තඩියෙකි. ඒ මහාසෝනා බව වාසනහාමි කට්ටඩි මාමා හොදින්ම දැන ගත්හ.
    හදිසියේම පැන අතුරැදහම් වු මහාසෝන් අවතාරයේ නියපොතු වැදි වාසනහාමි කට්ටඩි මාමා අත තිබු අලු පුහුලින් ලේ ගලන්න විය .තින්දුව කැපිමට කවුරැ හෝ ඉඩ අහුරන බව කට්ටඩි තැනට හොදින් අවබෝද වි හමාරයි. භුත බලවේගයන්ගේ අඩිකෝඩහඩ තවත් තිව්‍රර වෙමින් වාසනහාමි කට්ටඩි මාමාට ඇසෙන්න විය . නිවැසියෝ හා ගම්වාසිහු භිතිය කුතුහලය පිරැණු සම්මිශ්‍රණාත්මක හැගිමකින් බලා සිටියි .
    සදවතිට කොඩිවින කල ඇදුරා හෝ එයට අනුබල දුන් එකෙකු මේ අසලම සිටින බව කට්ටඩි තෙමේට හොදින් වැටහෙයි .තින්දුව කැපිමේ මග අසුරන්නේ ඔහු විසිනි. වාසනහාමි කට්ටඩි මාමා‍ කෝපයෙන් දත්මිටි හැපිය. පිරිස දෙස තියුණු බැල්මක් හෙලිය.
    “මම උඩරට උඩහහේනේ කට්ටඩි පරපුරේ එකෙක් කියල හැමෝම දන්නව ඇති .ඒත් බොලලා පාට රට එවුන් අපේ මංත්‍ර ශාෂ්ත්‍ර පැවැත එන්නේ ගුරැකුල දෙකකින් මේ ගෙදරට විනය කරල තියෙන්නේ බොලාලගේ පාත රැටියෙක්මයි .උඩරට අපි ඇවිත් ඒක කපා හෙලන්න උත්සහ කලාට වැඩක් යවන්නේ නැහැ .පාත රැටියෙක්ම ගෙනල්ල මේ විනය කපවා ගනින් ආයෙත් මම මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.” හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා පිදේනි තටුවටත් පයින් ගැසිය. කැකුන තෙල් පන්දම අතට ගෙන සිය අත්තේවාසිකයන් සමග මහා රාත්‍රියේම ගම්පලාත බලා පිටත් වුහ.
    තොවිලය සදහා සියලු වියදම් දැරැවේ කට්ටඩි මාමාගේම වියදමින් නිසා අමුතු පාඩුවක් ඇති නොවුනද ඔවුන් තුල තිබු සියලුම බලාපොරොත්තු වියකිනි.තොවිලය නැරඹිමට හා උදව්වට පැමිනි ගම්වාසින්ද සිය ගෙවල් දොරවල් බලා පිටත් වුයේ නොයේකුත් කතා කියමිනි.නිවැසියෝද කඩ වු බලාපොරොත්තු සමග දොර ජනෙල් වසා ගෙට ඇතුලු වුහ.
    මහා කෑලෑව මැදින් පාලු අඩිපාරේ බොහෝ දුරක් එනතුරැ වාසනහාමි කට්ටඩි මාමාගෙන් මුවින් වචනයකුදු පිට නොවිනි; මෙවැනි පරාජයක් මින් පෙර වි නොමැති බව අත්තේවාසිකයන්ද හොදින් දනි;
    “කොල්ලනේ අපේ උඩහහේන කට්ටඩියෝ කවදාවත් පරාජය බාරගත්තේ නැහැ එතන කඩා වැදුන මහාසෝන් අවතාරය මට තිබුන අහුනු සැනින් විනාශ කරල දාන්න එහෙම වුනානනම් එතන හිටිය අනිත් ඇවුන්ටත් තොවිල් නටන්න වෙනවා -විනය කල අසමජ්ජාතියත් එතන ඉදල තියනවා ඒකයි එහෙම වුනේ ඒකුන්ගේ හත්මුතු පරපරපුරම නැති වෙන්න මට තින්දු කපන්න ඇහැකි වුනත් තොපි දන්නවනේ අපේ පරම්පරාවේ මංත්‍ර වලින් කවදාවත් කාටවත් ජිවිත හානියක් නොකරන බව .මම එතනින් පසු බැස්සේ පාත රට මංත්‍ර එක්ක හැප්පෙන්න බැරි නිසා නොවෙයි කියල බොලලා තේරැම් ගනින් මිනි වලේ යක්කු දපනය කරන මට ඒක ඒ හැටි කජ්ජක් නොවෙයි .මම තින්දුව කපද්දි පිට එවුන් එතනින් අයින් කරන් ඕනි නිසයි තොපිවත් අරගෙන මම එතනින් තොලංචි වුනේ” වාසනහාමි කට්ටඩි මාමා මෙලෙස හඩ අවදි කලේ ටික දුරක් ආවාට පසුවයි .
    එහෙමයි මාමේ ඒ කියන්නේ ආයෙත් වංගියක් අපිට මේ අඩිස්සරයට එන්න වෙයිද “ අත්තේවාසිකයකු විමසිය .
    “ආයෙත් දොහක් අපට මේකේ බඩ ගාන්න බැහැ බොල අපි ආව කාරිය මේ ගමන්ම කම්මුතු කොරලයි යන්නේ තාම කුකුල ඇඩලුවෙත් නැහැ හිටපු එවුන් දැන් ගෙවල් වලට ගිහින් ඇති .දැන් යම දෙවියන්ගේ හෝරාව වරෙව් ආපිට යන්න”
    බලාපොරොත්තු වු පරිදිම තොවිල් නිවසට පැමින සිටි සියලුම දෙනා පිටව ගොසින් තිබිනි. නිවැසියන්ගේ කඩවුන බලාපොරොත්තුව යලි පිපිදිනි.
    “බොලාල බොහෝ දුර කතරක් ගෙවාගෙන ඇවිත් මා ගැන බලාපොරොත්තුවෙන් තමයි වැඩේ බාර දුන්නේ එහෙව් එකේ බොලාලට පිහිට නොවි ආපසු යාම මගේ සිරිත නොවෙයි. ඉතිරි රාජකාරි සියල්ලම කරන්න තියෙන්නේ ගේ ඇතුලෙමයි. බොලාලත් කෑ කොස්සන් නොගහා දොරජනෙල් වහල මා කොරන කාරියට උදව් වෙයල්ල මේ කෙල්ලව ගොඩ ගන්න ඕනිනම් අදින් පස්සේ බොලා‍ලට ආයෙත් කරදර එන එකක් නැහැ බොලාලට වින කල එකාත් හෙට වෙනකොට පෙන්නුම් කරාවි .කිසිම දෙයක් නොවුන ගානට බොලාලත් හොදින් හිටහල්ලකෝ”
    වාසනහාමි කට්ටඩි මාමා නිවසේ මැද ශාලේ යලි අඩුම කුඩුම සැකසිය . උඩුකය නිරැවත් කට්ටඩි තැන අහුගෙඩියක් අතට ගනිමින් ශාලය මැද දිග හැරිනි. කොඩිවිනය කල යම් කෙනෙක් සිටිනම් ඔහු මේ අනපේක්ෂිත වේලාවේ පිටර් අප්පුහාමිගේ නිවසේ වන කටයුතු පිලිබදව අවදානයෙන් නොමැති නිසා පෙර තිබු අමනුෂ්‍ය හඩවල් දැන් නැත. ජිවන් කල අහු ගෙඩිය දැන් ඇත්තේ කට්ටඩි මාමාගේ පපුව මතයි අණකල විගසම දැවැන්ත කඩුවකින් අහුගෙඩිය කැපිමටයි නිවෙස් හිමි පිටර් අප්පුහාමි සුදානම් වි ඇත්තේ . දැන් ජිවන් වන්නේ අති භ්‍යානකම මංත්‍රයකි.
    “ඕං කල්ලු කාවේරි බිලිධාරි ඔඩ්ඩි වරක්කාලි තින්දු වින සෙල්ලුම් ඔඩ්ඩි රාක්ෂ මහේෂ්වර ඊශ්වර ඉඑලුම් හැරි හැරි තෝංගු විනකල ඇදුරා වෙතට හැරි හැරි යැව් යැව් තින්දු බලාගං කල්ලුං කොඩිවින කදිර රාමායනේ වල්ලි අම්මා ඉරලුම් අග්නි ඉරලුම් කඩ්ඩි ඉල්ලි දිෂ්ටි වැටුන විනකල ඇදුරාගේ වින කිරිමට සැලකල එකාගේ හත්මුතු පරපුර බලා යන්නට හත්තිලව්වේ මහාසෝන් රාක්ෂ දේවතාවෝ තොපට කැපයි කැපැයි විනකල ඇදුරා වින කරන්න කි එකා බලා ආපිට හැරි දිෂ්ටි දිෂ්ටි තෝස්වහ…. හත්තිලව්වේ…..”
    කට්ටඩි තැනගේ මංත්‍රය අහවර වනවාත් සමගම නිවෙස් හිමියාගේ දැවැන්ත කඩු තලය වේගවත්ව ඇවිත් කට්ටඩියාගේ පපුව උඩ තිබු අහු ගෙඩිය දෙපලු කලේ මුලු පරිසරයම හෙල්ලුම් කාවමිනි .එකි ක්ෂණයෙන්ම අසල්වාසි නිවැසකින් ඇසුන භයානක මරලතෝනිය ගම්මානය සිසාරා රැව් පිලිරැව් දුන්හ
    තින්දුව හොදින්ම කැපි අහවර වි ඇති බව තේරැම් ගැනිමට අමුතු මොලයක් ඇවැසි නොවිය .ඉන්ඉක්බිති සදලතා ටත් නිවැසියන්ටත් හොදින් ආරක්ෂාවල් යෙදුවේ යලි කිසිදු කලක අනවින හදිහුනියම් නොවැදිමටයි .පිටර් අප්පුහාමිගේ දෝනිඇන්දැට කොඩි විනය කර තිබුනේ අප්පුහාමිගේම සහෝදරයෙකි .ඒ දේපලක් සම්බන්දව ඇතිවුන ආරෝවකට මේ පවුලෙන් පලි ගැනිම සදහායි .සියලුම3 කාර්්‍යන් මැනවින් අවසන් කල වාසනහාමි කට්ටඩි මාමා ඉර උදාවට පෙරම සිය අත්තේවාසිකයන් සමග ඒ ගම් පියසින් පිටත් විය .
    “මම මුලින් කිව වගේම අපේ යංත්‍ර මංත්‍ර වලින් කිසිම නරක වැඩක් කරල නැහැ කොඩිවිනයක් ආපිට කපද්දි වින කල ඇදුරාගේ වින කිරිමට හවුල් වුන අයගේ පිටින් යන්න කපන්න වෙනවා ඒත් ඒ අයටවත්
    කිසිම ජිවිත හානියක් නොවන විදිහටයි එහෙම කරන්නේ මොකද පිං පව් කියන දෙය මම හොදින්ම දන්නවා .” වාසනහාමි කට්ටඩි මාමා පැවැසිය .

    Source :- FB
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව..
    මේ සිද්දිය සිද්ද උනේ 1998 -99 කියන වර්ෂ දෙකෙන් එකක කියලයි මතක..මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි කොම්පැනියේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම හෝමාගම අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන සමන්ත ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී සමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ.
    ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්‍රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්‍රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. සමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල. දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා.
    මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී සමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B ඒකෙ තමයි. මොකද ඒකෙ තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආපහු එනකොට රෑ 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව නිතර එන හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගියා අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක ගොඩ දැම්ම. සමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා.
    ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ සමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . ඒක ටොයෝටා ලයිට් ඒස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග්, සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්‍රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවලලු. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ
    .
    මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. පාරට ආපු ගමන්ම කෙල්ල ආවා පාර මැද්දට. ඇවිත් වාහනේට අත දැම්ම. කෙල්ල දැන් හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා සමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. සමන්ත දොර ඇරිය ගමන් කෙල්ල නැගල වාඩි උනා සමන්තගේ සීට් එකේම අයිනෙන්.
    මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්‍රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්‍රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල සමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. සමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් සමන්ත බහින්න ඕන. ඒත් සමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස, මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව, කව්රුත් නෑ.
    මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. සමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා සමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා නිදාගත්තා. සමන්තත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා.
    උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න සමන්තට ඇන්න පයින්, සමන්ත ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම සමන්තයගේ ඇස් දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් සමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ.
    එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් බිම් කරුවල වැටුනාම පාරෙ අත දැම්ම කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල අදත් පපුවට දැනෙනවා.
    පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.
    (උපුටා ගැනීම

    Source :- FB
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව..
    මේ සිද්දිය සිද්ද උනේ 1998 -99 කියන වර්ෂ දෙකෙන් එකක කියලයි මතක..මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි කොම්පැනියේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම හෝමාගම අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන සමන්ත ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී සමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ.
    ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්‍රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්.

    Source :- FB

    මේකෙම තිබ්බ කතාවක් fb එකට ගිහින් ආපහු මේකට ඇවිල්ල :rofl:
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    හෝර්ටන් තැන්නේ මල යක්ෂ ආත්මය
    මේක වෙලා තියෙන්නේ දෙදාස් ගණන්වල මුල් හරියේ.එච්චර ඈත කාලෙක නෙමේ.ඔයාලා හැමෝම දන්නවනේ "හෝර්ටන් තැන්න".සීතල
    මීදුම හැම වෙලාවෙම..........කොයි වෙලාවේ මීදුම ඇවිත් අතරමං වෙයිද දන්නෙ නෑ....එහෙම කියලා ඒ වගේ ලස්සන උඩරට කඳුකරේ වනාන්තරය බලන්නේ නැතුව ඉන්න බෑනේ.....
    මේ සිදුවීමට යාලුවෝ තුන්දෙනෙක් සම්බන්ධයි.මෙයාලා කොළඹ ආයතනයක රස්සාව කළ අය.නම් කියන්න හොඳ නැති නිසා මම දැනට මෙයාලට අජිත්,කමල්,අරුණ කියලා කියන්නම්කෝ.ඉතින් දෙසැම්බර් මාසේ නත්තල් නිවාදුවට මේ තුන්දෙනා විනෝද ගමනක් යමු කියලා කතා කරගත්තා.යන්නේ හෝර්ටන් තැන්නට........මෝටර්බයිසිකල් වලින් තමයි යන්නේ......
    හැබැයි දෙසැම්බර් මාසේ නුවර එළිය පැත්තට අවුට් ඔෆ් සීසන්ලු.මෙයාලා මේක දන්නේ නෑ...ඒකාලෙට හෝර්ටන් තැන්නට එච්චරම සෙනග නෑලූකොහොම හරි මේ තුන්දෙනා හෝර්ටන් තැන්නට ගියා කියමුකෝ.හොර්ටන් තැන්නට ගිය අය දන්නවානේ.......කිලෝ මීටර් ගානක් කැලේ ඇවිදින්න ඕන කියලා....මෙයාලා තෝරගත්තේ මුලින්ම ලෝකාන්තෙ පැත්තට වැටිලා තියන පාර....යාලුවෝ තුන් දෙනා බොහොම සන්තෝසයෙන් ඇවිදගෙන ගියාලු...ලස්සන මල් (කොළඹ මල් නෙවේ;ඇත්තම මල්),ලස්සන සත්තු මෙයාලා දැක බලාගෙන ඔන්න ලෝකාන්තෙ ලඟටම ආවලු.
    ඔයාලා දන්නවනේ..සීතල පරිසරයක ඉද්දී ගොඩක් අයට මූත්තරා කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා.ඉතින් මේ යාලුවෝ තුන් දෙනාගෙන් කෙනෙක්ටත් එහෙම අවශ්‍යතාවයක් මතුවුණාලු.ලෝකාන්තේ අවට සෙනග හිටියෙම නෑලූ.ඒත් අපේ අවශ්‍යතාව සහිත යාලුවා ,ටිකක් එහාට ගිහින් මූත්තරා කරන්න පටන් ගත්තලු.කවෘවත් නොහිතන විදියට එකපාරටම ඝන මීදුම මතු වුණාමූත්තරා කරන්න ගිය යාලුවාව නොපෙනෙන විදියටම මීදුම සැරවුණා.ටික වෙලාවයි ගතවුණේ..........
    "අයියෝ ........අනේ මාව බේර ගන්න" කියලා ලෝකාන්තේ හෙල පැත්තෙන් කෑ ගහීමක් ඇහුණා.මෙහා කොණේ හිටිය යාලුවෝ දෙන්න හිතුවා මූත්තරා කරන්න ගිය යාලුවා හෙලට වැටෙන්න යනවා කියලා......මේ දෙන්නත් ඉක්මනටම හෙල පැත්තට ගියා.මීදුම අස්සෙන් හෙල අයිනේ ගහක එල්ලිලා ඉන්න තමන්ගේ යාලුවාගේ අපැහැදිලි රූපය දකින්න පුලුවන් වුණා.යාලුවා හිටියේ හෙලට වැටෙන්න ඔන්න මෙන්න කියා ගෙන..එක යාලුවෙක් ඉක්මනටම වැත්ටෙන්න යන යාලුවට අත දීලා ගොඩට ගන්න හැදුවා....ඒත් අවාසනාවකට ඒක හරිගියේ නෑ.එක යාලුවෙක් බලන් ඉද්දිම අනික් දෙන්නා හෙලට ඇදිලා ගියා.................
    දැන් ඉතින් මොනවා කරන්නද?තමන් එක්ක ආව යාලුවෝ දෙන්නම හෙලෙන් වැටුණා.අනිත් කෙනාට තනියම ගෙදර යන්න බෑනේ.......එයා....ලෝකාන්තේ ලඟ වාඩි වෙලා අඬන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මීදුමත් නැති වුණා.තමන්ගේ උරහිසට අතක් තියනවා දැනිලා අඬ අඬා හිටපු යාලුවා ගැස්සිලා නැගිට්ටා.බැලින්නම්.......ඒ මූත්තරා කරන්න ගිය තමන්ගෙම යාලුවා.ඒකා හලට වැටිලා නෑ.ඌට මීදුම නිසා පාර හොයා ගන්න බැරි වෙලා.මීදුම තුරල් උණාට පස්සේ තමයි ඌ ඇවිත් තියෙන්නේ...දැන් හරි ගැටලුව......."කව්ද එතකොත අර ගහේ එල්ලිලා කෑ ගැහුවේ...?"කොහොම හරි තමන්ගේ එක යාලුවෙක් නැතුව මේ දෙන්නා පොලීසියට ඇවිත් වෙච්ච දේ කිව්වා.
    ඊලඟ දවසේ හෙල පාමුලින් යාලුවාගේ මිනිය හොයා ගනිද්දි එතන තිබුනේ එක මිනියයි...................වැටුණු අනිත් කෙනා කව්ද?....මේක අහගෙන හිටපු වයසක සීයා කෙනෙක් කිව්වේ..."මහත්තයෝ....හෝර්ටන් තැන්නේ තනි වෙන්නේ බලාගෙන" කියලා.......

    Source :- FB
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    2009 වර්ෂයේ තඹුත්තේගම සිදු වූ සත්‍ය සිදුවීමකි නිර්මාණාත්මක හේතුන් මත ඇතැම් සිද්ධීන් නිර්මාණය කර ඇත මේ කතාව සීයට සීයක් සත්‍ය සිදුවීම බැවින් මෙය විශ්වාස කිරීම අවිශ්වාස කිරීම ඔබ සතු වගකීමකි:

    කටු කම්බිය

    ඒ දින සිකුරාදා දිනයකි ෆොන්සේකා යනු අවුරුදු හතළිස් පහක පමණ පුද්ගලයෙකි .මොහු ඇතුළු මොහුගේ පවුලේ හතර දෙනෙක් විය .සුපුරුදු පරිදි ෆොන්සේකා එදිනෙ ද අලුයම අවදි විය .අවදි වී සුපුරුදු පරිදි මුහුණ කට සෝදා ගත් ෆොන්සේකා තම බිරිඳ වන නන්දාවතී විසින් සාදා දුන් තේ කෝප්පය බී අවසන් විි බුලත් විටක් කටේ දමා ගත් ෆොන්සේකා ගම් මැද්දේ ඇති තම කුඹුර බලා පිටත් විය .සීතල සුළඟ කුරුල්ලන් ගේ හඬ ගමක සුන්දරත්වය මුසුවුණු හිමිදිරි උදෑසන ම ෆොන්සේකා උදැල්ල කරේ තබා ගනිමිනි ගම් මැද්දේ ඇති තම කුඹුරු බලා පිටත් විය.බුලත් විටක් සපමින් ගුරැ පාර දිගේ ෆොන්සේකා ඉදිරියට ඇදී ගියේය ගුරු පාර දෙපැත්තෙම මා නම් පඳුරු වලින් පිරි ගියේ ය .ගුරු පාර දිගේ ටිකක් දුර යන විට මුලින්ම හමු වන්නේ පාසලය.පාසල පසුකරනවාත් සමගම හමුවන්නේ සොහොන් කනත්ත ය .කොතරම් උදෑසන වුවත් සොහොන් කනත්තක ව තිබූ පාළු ගතිය මූසල කම මග හරින්නට බැරි විය .ෆොන්සේකා තරමක් බිය පුද්ගලයෙකි .හොල්මන් අවතාර ගැන ගම්මු කියන කතා සොහොන් කනත්ත ගාවින් යද්දින් ෆොන්සේකා ට මතකයට නැගිණි .නමුත් ෆොන්සේකා තම කුඹුරට උදේ හවස ගමන් කරන්නේ මේ සොහොන ගාවින් ය එම නිසා ෆොන්සේකාට එය එතරම් ගානක් නොවීය .උදෑසන 8 පමණ වන විට ෆොන්සේකාට තම කුඹුර බලා යාමට හැකි විය .වක්කඩ දෙක තුනක් සැකසු ෆොන්සේකා .කුඹුරේ කැඩී ඇති නියරවල් පිළිසකර කළේ ය .ඔහුට නොදැනී ම කාල වේලාව ගමන් කර ගොසින් ඉර දෙස බැලූ ෆොන්සේකා .වේලාව මධ්‍යහන 12 පමණ වි ඇති බවට තහවුරු කර ගත්තේ ය .කුසගින්නකුත් තිබූ හෙයින් .නැවත ගෙදර බලා පිටත් විය .නිවසට ගමන් කිරීමට පැයක් පමණ කාලයක් ගතවන බැවින් .ෆොන්සේකා ඉක්මණට නිවස වෙත පියමන් කරාය මධ්‍යහන 12.30 පමණ වන විට කනත්ත ගාව්න් ගමන් කිරිමට ෆොන්සේකාට සිදුවිය.උදැල්ල ද කරේ තබාගෙන කනත්ත ලඟින් පියමං කළේ ය .ක⁣රේ තිබූ උදැල්ල කවුරුන් හෝ එක් වරම පිටි පස්සට අදින බවක් ෆොන්සේකාට තේරුනි උදැල්ල සමඟ පොන්සේකා බිම වැටුණි ඇස් නිලංකාර වී ගිය ෆොන්සේකාට.කවුරුන් හෝ තමා වැටී සිටින ස්තානයේ තමා ළඟම වාඩි වී තමා දෙස රවා ගෙන ඉන්නා අයුරු දුටුවේ ය .ෆොන්සේක ඉතාමත්ම අමාරුවෙන් සිට ගත්තා ය නමුත් ඔහු ඇරෙන්න වෙන කවුරුත් එතැන සිටියේ නැත .ඉක්මනින් උදැල්ල අරගත් ෆොන්සේකා තම කකුලේ කුමක් හෝ යමක් ඇනි ඇති බව තේරුණු අතර තමාගේ කකුල් දෙස බලන විටය කටු කම්බියක් ඇනි ඇති බව දුටුවේ ය.එය ගලවා දැමූ ෆොන්සේකා එම කම්බි කෑල්ල අතින් රැගෙන වේගයෙන් නිවස දෙසට දිව ගියා ය .ඔහුගේ කලබල සහ බය වැඩි කමට .කම්බි කෑල්ල විසික් කිරීමට ඔහුට අමතක වීය.නිවස දෙසට වේගයෙන් දුවගෙන එන තම පියා දුටු ප්‍රියන්ත ද කලබල විය. නිවසට ගොඩ වීමට ෆොන්සේකා ට නො හැකි විය ඔහු සිහි මුර්ජා වී බිම ඇද වැටුණි ..

    ගුණදාස යනු අහල ගම් හතේම හොඳම කපු මහත්තයා ය .කුමක් හෝ භයානක දෙයක් සිදුවී ඇති බව ප්‍රියන්තට වැටුණි .වහාම තම බයික් එකට නැග්ගත් පියන්ත ගුණදාස කපු මහතා කැටුව ඒමට පිටත් විය .ගුනදාස කපු මහතා හමුවී සියලු විස්තරය පවසා සිටි ප්‍රියන්ත .නැවත නිවස බලා කපු මහතා සමඟ පැමිණි අතර .ඔවුන් දෙදෙනා නිවසට පැමිණෙන විට ෆොන්සේකා සිහිසුන්ව ඇද මතය වැටී සිටියා ය .කපු මහතා පැමිණ කහ වතුර වලට මතුරා ෆොන්සේකා ගේ මුහුණට ඉසිය.මඳ වේලාවකින් ෆොන්සේකා පියවි සීහියට පැමිණියේය වූ සිද්ධිය පිළිබඳව සියලු විස්තරය කපු මහතාට පවසා සිටියාය . අමනුෂ්‍ය බැල්ම වැටී ඇති බව .පැවසූ කපු මහතා ෆොන්සේකා ට දෙහි කපා නූලක් මතුරා අතේ බැඳ තුන් වරුවක් යනකමි තනිවම ගමන් බිමන් යන්න එපා ලෙස අවවාද කර ඔහු පිටව ගියේ ය .කාලය බොහෝ ඉක්මනින් ගතව ගියා ය .ෆොන්සේකා ගේ හැසිරීම් රටාවන්අමුතු විය .නිතරම හැමෝටම ඔරවයි.කරවල පුච්චා කෑමට පුරුදු විය .රෑ දොළහට විතර බත් කෑමට ය මොහු පුරුදු විය බිත්තර අමු අමු වේ ගිල දැමීමට ද ෆොන්සේකා හුරු විය .ටිකෙන් ටික කාලය ගතවී ගියේ ය.නන්දාවතී ඒ දින සුපුරුදු පරිදි මිදුල අතු ගැමට ව්ය.කුමක් හෝ දෙයක් ඉදලේ පැටළුණු බව නන්දාවතීට තෙරුණි අතින් අහුලා ගත් නන්දාවතී එහි කටු කම්බි කෑල්ලක් බව හඳුනා ගත්තාය .නන්දාවතී කම්බි කෑල්ල අතින් රැගෙන පිටු පසට හැරුණු .නන්දාවතී දුටුවේ තමා සිහිනයකින් වත් නොසිතු දෙයකි කලුම කලුපාට ගැහැනියක් තමා දෙස ඔරවා බලා සිටින අයුරු .නන්දාවතී දුටුවා ය .හොඳටම බියට පත් නන්දාවතී .මර ලතෝනි දි කෑ ගැසීමට වූවාය .අම්මගේ කෑ ගැසීමට බියට පත්වූ ප්‍රියන්ත වත්ත පහළ සිට දුව ⁣ගෙණ පැමිණියාය .අම්මා හොඳටම බියට පත්වී ඇත .කතා කර ගැනීමට නො හැකි විය .තරමක් සිහි විකල් ගතියක් ආරම්භ විය .සතියක පමණ කාලයක් ගෙවී ගිය ය.කපු මහතා ගෙන් වා .නුල් බැන්දාද .නන්දාවතීගේ බය වත් .සිහි මද ගතිය වත් අඩු නොවී ය .දැනට මත් මාස තුනක පමණ කාලයක් ගෙවී අවසන්ය .ෆොන්සේකාගේ පවුල අවුල් ජාලයක් විය .වෙලාව රාත්‍රි 12.00 ට පමණ විය .පියන්ත හොඳටම නිදි .නමුත් ඔහුට .කවුරුන් හෝ මොනවා හරි දොඩවන ශබ්දයක් ඇසුණි .ප්‍රියන්ත කාටත් හොරෙන් දොර ඇරගෙන එළියට ආවේ ය අම්මයි තාත්තයි කාමරයේ ඉන්නවද බැලු ප්‍රියන්තට දැකගන්න ලැබුනේ නොසිතූ දෙයකි .කාමරයේ තාත්තා නැත. අම්මා සුව නින්දේ පසුවෙද්දි තාත්තා කොහේ ගොසින් ඇත්තේ ද.ඔහු කල්පනා කළේ ය .කෙසේ නමුත් කුමක් හෝ ගුප්ත බලවේගයක් තම නිවෙසට අරක් ගෙන බව ප්‍රියන්තට දැන් හොඳටම විශ්වාසය .

    ප්‍රියන්ත කට හඬ ඇහෙන දිසාවට ගමන් කළේය .කට හඬ එන්නේ පිළිකන්න දිසිනි .ප්‍රියන්තට හිතේ බයක් ඇති වුවද ඔහුට ඕන වූයේ පිළිකන්න දෙසින් එන ශබ්දය කුමක්ද කියා දැනගැනීමට ය .කුස්සියෙ දොර ඇර තිබූ දැක piyantha පුදුම විය .බිත්තියට මුවා වෙමින් ප්‍රියන්ත ඒ බී බැලිණි .ප්‍රියන්තගේ මුලු ඇඟම හිරි වැටී ගියා ය .පිළිකන්නේ ගිනි ගොඩක් ගහගෙන මොනවද පුච්චාගෙන කන්නනේ තමන්ගේ තාත්තා බව ඔහු දුටුවා ය .පුචිචා කන්නේ කරවල බව බව සුවඳින් piyantha වටහා ගත්තාය .තාත්තා මොනවාද මොනවද දොඩවමින් කරවල අමු අමුවේ කනවා දැකපු piyantha සිදු වෙන කුමක් දැයි කියා විමසිල්ලෙන් බලා සිටියාය .පොන්සේකා සුළු මොහොතකින් එතනින් නැගිට .ගේ ඉස්සරහ තිබූ කෙසෙල් ගසක ගාවට යන අයුරු පියන්ට දුටුවාය .ප්‍රියන්ත ඔහුට නොදැනෙන්න පසුපසින් හඹා ගියාය .ෆොන්සේකා කෙසෙල් ගසේ ගසා තිබූ කම්බි කෑල්ලක් අතට ගන්නා අයුරු පියාද දුටුවාය .එය හොඳින් පරික්ෂා කොට නැවතත් එම කෙසෙල් ගසෙහි ගසන අයුරු පියන්ත දුටුවාය .ප්‍රියන්තට කිසිවක් සිතා ගත නොහැකිය .ෆොන්සේකා එහෙමිම තම කාමරේට ඇවිත් නිදා ගන්නා අයුරුද ප්‍රියන්ත දුටුවාය .ප්‍රියන්තට එළිවෙනකම්ම නින්දක් ලැබුනේ නැත .කුමක් හෝ හෝ අදෘශ්‍යමාන බලවේගයක් තම නිවසේ හොල්මන් කරන බව ප්‍රියන්තට දැන් නම් හොඳටම විස්වාසයි .පසු දින උදෑසන ප්‍රියන්ත පිටව ගියේ කපු මහතා කැඳවා ගෙන ඒමට ය .තමා දුටු සිද්ධියත් පියගේ අසාමාන්‍ය හැසිරීම් රටාව පිළිබඳවත් කපු මහත්තයාව හොඳින් දැනුවත් කළා ය .නිවසට පැමිණි කපු මහතා ෆොන්සේකා පරික්ෂා කර පවසා සිටියේය පෙරේත බැල්ම ක් පොන්සේකා ව අරක්ගෙන ඇති බවයි .තොවිලයක් කර පෙරේත යාව ඉවත් කළ යුතු බවයි .තොවිලය හමාර වී මාසයක් ගත වී ඇත .ගුරුන් වහන්සේ පවසා සිටියේ එදා ෆොන්සේකා බය කර ඇත්තේ .පෙරේතය දෘෂ්ඨියක් බවත් එම පෙරේතියක් බන්දුලා තිබු කම්බි කැබැල්ලක් ෆොන්සේකා විසින් නිවසට රැගෙන විත් ඇති බව එම නිසා එම පෙරේතය ෆොන්සේකලාට කරදර කර ඇති බවයි .කපු මහතා එම පෙරේතයාව අර කම්බි කැල්ලට බන්ධනය කොට කම්බි කැබැල්ලක් මුහුදට විසික් කර ඇත .ක්‍රමක් ක්‍රමයෙන් තත්වය හොඳ අතට හැරුණි කරදර බාධක මග හැරී ගොස් වෙන දා මෙන් ෆොන්සේකා ඇතුළු පවුලේ පිරිස සතුටින් කාලය ගත කරයි .

    මේ වන විට ෆොන්සේකා මිය ගොස් ඇත ඔවුන් ගේ දරුවන් කැකිරාව ප්‍රදේශයේ පදිංචි වී ඇත

    Source :- FB
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හෝර්ටන් තැන්නේ මල යක්ෂ ආත්මය
    මේක වෙලා තියෙන්නේ දෙදාස් ගණන්වල මුල් හරියේ.එච්චර ඈත කාලෙක නෙමේ.ඔයාලා හැමෝම දන්නවනේ "හෝර්ටන් තැන්න".සීතල
    මීදුම හැම වෙලාවෙම..........කොයි වෙලාවේ මීදුම ඇවිත් අතරමං වෙයිද දන්නෙ නෑ....එහෙම කියලා ඒ වගේ ලස්සන උඩරට කඳුකරේ වනාන්තරය බලන්නේ නැතුව ඉන්න බෑනේ.....
    මේ සිදුවීමට යාලුවෝ තුන්දෙනෙක් සම්බන්ධයි.මෙයාලා කොළඹ ආයතනයක රස්සාව කළ අය.නම් කියන්න හොඳ නැති නිසා මම දැනට මෙයාලට අජිත්,කමල්,අරුණ කියලා කියන්නම්කෝ.ඉතින් දෙසැම්බර් මාසේ නත්තල් නිවාදුවට මේ තුන්දෙනා විනෝද ගමනක් යමු කියලා කතා කරගත්තා.යන්නේ හෝර්ටන් තැන්නට........මෝටර්බයිසිකල් වලින් තමයි යන්නේ......
    හැබැයි දෙසැම්බර් මාසේ නුවර එළිය පැත්තට අවුට් ඔෆ් සීසන්ලු.මෙයාලා මේක දන්නේ නෑ...ඒකාලෙට හෝර්ටන් තැන්නට එච්චරම සෙනග නෑලූකොහොම හරි මේ තුන්දෙනා හෝර්ටන් තැන්නට ගියා කියමුකෝ.හොර්ටන් තැන්නට ගිය අය දන්නවානේ.......කිලෝ මීටර් ගානක් කැලේ ඇවිදින්න ඕන කියලා....මෙයාලා තෝරගත්තේ මුලින්ම ලෝකාන්තෙ පැත්තට වැටිලා තියන පාර....යාලුවෝ තුන් දෙනා බොහොම සන්තෝසයෙන් ඇවිදගෙන ගියාලු...ලස්සන මල් (කොළඹ මල් නෙවේ;ඇත්තම මල්),ලස්සන සත්තු මෙයාලා දැක බලාගෙන ඔන්න ලෝකාන්තෙ ලඟටම ආවලු.
    ඔයාලා දන්නවනේ..සීතල පරිසරයක ඉද්දී ගොඩක් අයට මූත්තරා කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා.ඉතින් මේ යාලුවෝ තුන් දෙනාගෙන් කෙනෙක්ටත් එහෙම අවශ්‍යතාවයක් මතුවුණාලු.ලෝකාන්තේ අවට සෙනග හිටියෙම නෑලූ.ඒත් අපේ අවශ්‍යතාව සහිත යාලුවා ,ටිකක් එහාට ගිහින් මූත්තරා කරන්න පටන් ගත්තලු.කවෘවත් නොහිතන විදියට එකපාරටම ඝන මීදුම මතු වුණාමූත්තරා කරන්න ගිය යාලුවාව නොපෙනෙන විදියටම මීදුම සැරවුණා.ටික වෙලාවයි ගතවුණේ..........
    "අයියෝ ........අනේ මාව බේර ගන්න" කියලා ලෝකාන්තේ හෙල පැත්තෙන් කෑ ගහීමක් ඇහුණා.මෙහා කොණේ හිටිය යාලුවෝ දෙන්න හිතුවා මූත්තරා කරන්න ගිය යාලුවා හෙලට වැටෙන්න යනවා කියලා......මේ දෙන්නත් ඉක්මනටම හෙල පැත්තට ගියා.මීදුම අස්සෙන් හෙල අයිනේ ගහක එල්ලිලා ඉන්න තමන්ගේ යාලුවාගේ අපැහැදිලි රූපය දකින්න පුලුවන් වුණා.යාලුවා හිටියේ හෙලට වැටෙන්න ඔන්න මෙන්න කියා ගෙන..එක යාලුවෙක් ඉක්මනටම වැත්ටෙන්න යන යාලුවට අත දීලා ගොඩට ගන්න හැදුවා....ඒත් අවාසනාවකට ඒක හරිගියේ නෑ.එක යාලුවෙක් බලන් ඉද්දිම අනික් දෙන්නා හෙලට ඇදිලා ගියා.................
    දැන් ඉතින් මොනවා කරන්නද?තමන් එක්ක ආව යාලුවෝ දෙන්නම හෙලෙන් වැටුණා.අනිත් කෙනාට තනියම ගෙදර යන්න බෑනේ.......එයා....ලෝකාන්තේ ලඟ වාඩි වෙලා අඬන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මීදුමත් නැති වුණා.තමන්ගේ උරහිසට අතක් තියනවා දැනිලා අඬ අඬා හිටපු යාලුවා ගැස්සිලා නැගිට්ටා.බැලින්නම්.......ඒ මූත්තරා කරන්න ගිය තමන්ගෙම යාලුවා.ඒකා හලට වැටිලා නෑ.ඌට මීදුම නිසා පාර හොයා ගන්න බැරි වෙලා.මීදුම තුරල් උණාට පස්සේ තමයි ඌ ඇවිත් තියෙන්නේ...දැන් හරි ගැටලුව......."කව්ද එතකොත අර ගහේ එල්ලිලා කෑ ගැහුවේ...?"කොහොම හරි තමන්ගේ එක යාලුවෙක් නැතුව මේ දෙන්නා පොලීසියට ඇවිත් වෙච්ච දේ කිව්වා.
    ඊලඟ දවසේ හෙල පාමුලින් යාලුවාගේ මිනිය හොයා ගනිද්දි එතන තිබුනේ එක මිනියයි...................වැටුණු අනිත් කෙනා කව්ද?....මේක අහගෙන හිටපු වයසක සීයා කෙනෙක් කිව්වේ..."මහත්තයෝ....හෝර්ටන් තැන්නේ තනි වෙන්නේ බලාගෙන" කියලා.......

    Source :- FB

    :shocked:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔන්න මගේ තව පොඩි කතාවක්. :yes::cool:
    රොබට් අයියවත් මතක් කලා ඔන්න.:frown:

    හොල්මන් ද ආතල් ද කියල උබල තීරනේ කරපල්ල.:yes::yes::cool::cool:

    මන් ඒ දවස් වල පුටෙන් තමයි කොහෙත් ගමන. වැඩට ගියෙත් ගමේ ඇවිද්දෙත් ඉතින් ඔකෙ.:yes: දවසක් දා මන් වැඩ කරන තැන එකෙක්ගෙ පාර්ටි එකක් තිබුනා උන්ගෙ ගෙදර. අපේ ගෙදර ඉදන් 5KM වගේ දුරින්. ම
    ඉතින් පාර්ටි එකට ගියෙත් පුටෙන්.:D ගිහින් ඉතින් බීලා කාල මට යන්න ඔනෙ කියල හිතුනා එහෙන් රෑ 11යි 45 ට විතර ආවා ආවට මොකද මට පොඩ්ඩක් වැඩියි.:rofl::rofl: ඒත් ශෙප් එකෙ ආවා. පාරත් වැරදිලා පොඩි වටයක් දාලා ගෙදරට 1 KM වගෙ දුරක් තියෙනවා. බස් යන පාර. ඉතින් මන් ඔහොම එද්දි කොහොම හරි වෙලාව 12.15am 12.30am වගේ වෙන්න ඇති. මට පේනවා ඉස්සරහ වන්ගුවෙ සුදු ඇදගත්තු කෙනෙක් හිටං ඉන්නවා.:shocked::shocked: පුටෙන් නිසා මාත් හෙමීට ලං කලා. ටිකක් ලන්වෙනකොට පේනවා යකෝ කෙල්ලෙක් ඉන්නවා සුදු ගව්මක් ඇදගෙන.:shocked::shocked::angry::angry:තනියම. මන් කොකටත් කියල හෙමීට ඉස්සරහටම ගියා. දැන් මෙකිව පාස් වෙන හරිය මන් ඇස් කොනෙන් බලන නොබලන ගානට ගියා.:eek: මෙකිත් එහෙමම ඉන්නව කියල පේනවා ඒත් හරියට දැක්කෙ නෑ මොකද බැලුවෙ හොරාට වගෙනෙ.:Pඅනික බීලත් නෙ ඉදියෙ.:rofl: දැන් මෙකිව පහුවෙලා මීටර දහයක් පහලවක් මම ඉස්සරහට ආවා. දැන් මගෙ හිතට හරි නෑ.:dull::dull: මට මේක මොකක්ද කියල තක්කෙටම බලාගන්න ඕන නැත්නම් හිතට අප්සෙට්. :baffled::baffled:එහෙම උනාම මන් අනිවා ඒක් බලනවා ඒ මගෙ හැටි.;) කොහොම හරි ගැම්මක් අරගෙන ආයෙත් හැරෙව්ව පුට. හෙමිට ලන්කලා එකීන්න පැත්තෙන්ම එකිට ලන් කරල නවත්තන්න බලනකොටම මෙකි "අනේ අයියේ" ගගෙන දිව්ව කියහන්කො එතනින් තියෙන ඇතුල් පාරට.:sorry::sorry::shocked::shocked::lol::lol::lol::lol: එතකොට තමයි මන් අදුර ගත්තෙ යකෝ මෙකි කව්ද කියල. ඒ ඇතුල් පාරෙ කෙල්ලෙක්. මමත් ආයෙත් ගෙදර ඇවිත් පහුවදා යලුවෙක්ට විස්තරෙ කිව්වා. ඌ කිව්ව එකි යාලු කොල්ල එනවලු රෑට. හොරාට මීට් වෙන්න.:lol::lol::lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න මගේ තව පොඩි කතාවක්. :yes::cool:
    රොබට් අයියවත් මතක් කලා ඔන්න.:frown:

    හොල්මන් ද ආතල් ද කියල උබල තීරනේ කරපල්ල.:yes::yes::cool::cool:


    දවසක් දවල් 1ට විතර මම ගේට්ටුව ඇරියා බයික් එකේ ගමනක් යන්න. අපේ ගේට්ටුවෙ ඉඳන් මීටර් කීපයක් පාරෙ උඩට වෙන්න ඇවිදගෙන එනවා ගෑනියෙක්. කලු තිත් තියෙන සුදු ගවුමක් ඇඳලා, කොණ්ඩෙ කඩා දාලා, මූණ සුදුම සුදුමැලියි. ඇස් වටේ කළුම කළුයි සිංහළු. එන්නෙත් අඟල් හයේ හයේ විතර පියවර තිය තියා. මගෙ දිහා බැලුව කෙලින්ම. මම ගැස්සිලා ගියා දැක්ක ගමන්. ඒත් හොල්මන් සීන් එකක් මතක් වුනේ නෑ. ඒ ගෑණි අපේ ගේට්ටුව පහු කරන් පහලට ගියා. ඊට පස්සෙ මම බයික් එක ස්ටාට් කරන් පාරෙ උඩහට යන ගමන් කණ්නාඩියෙන් පස්ස බැලුවා. මේ ගෑණි පාරෙ මැද නැවතිලා උරිස්ස උඩින් මගෙ දිහා බලන් ඉන්නවා. බොක්ක හීතල වෙලා ගියා එවෙලෙ නම්

    පස්සෙ එදා රෑ මම ගෙදර ඇවිල්ල අම්මට විස්තරේ කිව්වම කිව්ව ඒ පොඩ්ඩක් මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තියෙන ගෑනියෙක් ලු. පහල ගේක ඉන්න නෑ කෙනෙක් හම්බවෙන්නලු ඔය යන්නෙ :sorry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දවසක් දවල් 1ට විතර මම ගේට්ටුව ඇරියා බයික් එකේ ගමනක් යන්න. අපේ ගේට්ටුවෙ ඉඳන් මීටර් කීපයක් පාරෙ උඩට වෙන්න ඇවිදගෙන එනවා ගෑනියෙක්. කලු තිත් තියෙන සුදු ගවුමක් ඇඳලා, කොණ්ඩෙ කඩා දාලා, මූණ සුදුම සුදුමැලියි. ඇස් වටේ කළුම කළුයි සිංහළු. එන්නෙත් අඟල් හයේ හයේ විතර පියවර තිය තියා. මගෙ දිහා බැලුව කෙලින්ම. මම ගැස්සිලා ගියා දැක්ක ගමන්. ඒත් හොල්මන් සීන් එකක් මතක් වුනේ නෑ. ඒ ගෑණි අපේ ගේට්ටුව පහු කරන් පහලට ගියා. ඊට පස්සෙ මම බයික් එක ස්ටාට් කරන් පාරෙ උඩහට යන ගමන් කණ්නාඩියෙන් පස්ස බැලුවා. මේ ගෑණි පාරෙ මැද නැවතිලා උරිස්ස උඩින් මගෙ දිහා බලන් ඉන්නවා. බොක්ක හීතල වෙලා ගියා එවෙලෙ නම්

    පස්සෙ එදා රෑ මම ගෙදර ඇවිල්ල අම්මට විස්තරේ කිව්වම කිව්ව ඒ පොඩ්ඩක් මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තියෙන ගෑනියෙක් ලු. පහල ගේක ඉන්න නෑ කෙනෙක් හම්බවෙන්නලු ඔය යන්නෙ :sorry:

    අම්ම උඹේ බය නැති කරන්ඩ එහෙම කිව්වද දන්නේ නෑ. :confused::confused::confused:
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    සහෝදරයා..,

    සවස හයට කලින් කරන්න ඕනේ කියන්නේ හිරු බැසයාමට පෙර යන්න අදහස කිරීමට.. මන්ද යත්, රාත්‍රී කාලයේදී නිශාචර ශක්තින් බලවත් වන බැවිනි..., ( ගොම්මන් වෙලාවට පෙර..)

    සහෝදරයා.... මම කිව්වේ, නිවස ආරක්ෂා කිරීමේදී ශබ්ද නගා බුදු ගුණ දහස් වරක් කීමේදී නිවසේ සිටින සියලුම ආත්මයන් නිවසෙන් පිටව යාම සිදු කරනවා... ඒ නිසා ප්‍රශ්නයක් නැහැ... හැබැයි ආරක්ෂා කල යුතු නිවස තුලම බුදු ගුණ දහස් වාරයක් කිව යුතු වේ... ( කොච්චර ශක්තිමත් වුවත්, මොන යකෙකුටවත් බුදු ගුණ ඉදිරියේ දෑගලිය නොහැක..)

    අවසානයේදී ආරක්ෂා කල නුල් නිවසේ සතර කොනේ හිසට ඉහළින අනයක හෝ යමක රැඳවු කල ඔබගේ කාරිය අතිශය සාර්ථක යැයි කීම සාධාරණය.... :yes::yes:

    අතිශය වැදගත් කාරණාව වනුයේ.. තමන් කරනු ලබන දේ පිලිබඳව තමන්ගේ සම්පුර්ණ විශ්වාසය තිබිය යුතුය... නැත්නම් කරනු ලබන කිසිදු හෝ කාර්යයක් සපල නොවනු ඇත...

    තිබෙන ඕනෑම යන්ත්‍ර , මන්ත්‍ර , අනවින, කොඩිවින සිඳීමට හැකි එකම ක්‍රමය සහ සාර්ථක ක්‍රමය බුදුගුණ පමණි...

    බුදුගුණ වෙනස් කොට කියන කල්හි... ඒ තරම් ප්‍රභල කොඩිවිනයක් සැදීමට සමත් මන්ත්‍ර මේ මිහිපිට නොවන අතර.. එය හුදෙක් ඔබලාගේ දැනගැනීම උදෙසා පමණක් මා මෙහි සඳහන් කරමි...
    (මේ ගැන මගෙන් අහන්න එපා.. මම ඒ ගැන කියන්නේ නැහැ කියල පොරොන්දුවක් උණා..)


    මෙතන නිවසේ හතර කොනේ නූල් එල්ලනකොට නිවසට ඇතුලතින්ද පිටතින්ද කරන්න ඕන?

    අපේ ගෙදර එක කොනකට එන්නේ නාන කාමරය සහිත වැසිකිලිය එතකොට මේ කොනේ එල්ලන එක කරන්න හොදද?

    නැත්නම් මේක මග ඇරලා එල්ලන්නද?