එළකිරි භූත කොටුව.........

adowhybn

Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    එළකිරි භූත කොටුව.........

    :shocked::shocked::shocked:

    යකුනේ වරෙල්ලා මගේ භූත කොටුවට....... ඇවිත් කියපල්ලා උඹලට, උඹලගේ මිතුරන්ට අමනුශ්‍යයින් නිසා සිදුවුන අතවර ගැන............

    ගෙදර ඉන්න පාලුයි......පොඩි එකායි මාවයි දාල හාමිනේ සතියකට වෙනින් රටකට ගියා....... කම්මැලිකම යන්නත් එක්ක අවුරුදු 10-15 විතර රීසච් කරල හොයාගත්ත හොල්මන් සීන් ටිකක් එලකිරියත් එක්ක බෙදාගන්න හිතුව...මම දන් නෑ මීට පෙර මේ වගේ බ්ලොග් එකක් තිබුනද කියල...... මොනව වුනත් කට්ටිය අතින් දාන් නැතිව සත්‍ය සිදුවීම් මේ බ්ලොග් එකේ දාන්න......... මොක නැතත් කියවල බය වෙන එකෙත් පොඩි ෆන් එකක් තියෙනවනෙ..........

    ඕන් එහෙනම් මගෙන් පලවෙනි අත්දැකීම.......

    මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........
    ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ :love:රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... :love:රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා..... එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්...... :baffled::oo:කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව
    මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......

    ගුඩ් නයිට් එව්රිවන්............

    කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාම :baffled:අර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි :angry:ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර හු##ත උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත.....

    කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත් ඉතින් ඕන පු#ක් නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......

    ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්ක :Pඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි :angry:අර හු#තා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් පුක පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම....... එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට :shocked:මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටියව යැවුව......... එදා කතන්දරේ ඉවරයි......... කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ:angry::shocked: මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන හුත්#ක් වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ....... මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... පුක් කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල හුත්#යි...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාව ඉවකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ..... එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... මට මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........

    කෝ බලන්න මූ රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් ඉතින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත.......

    :shocked:බුදු අම්මෝ.......

    :oo:බුදු අම්මෝත් හොඳ එක......

    පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.

    :angry:ඇරපිය යකෝ දොර..........

    මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ....

    ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........

    මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........


    උගේ සිද්දිය කෙටියෙන්......

    ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල......
    අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........:no:

    කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල..... :no:

    අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ...... අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......:no:

    මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ.
    විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක් :love::love:බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........

    මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම. ඊත් මෙච්චර අමාරුවෙන් ගොඩ දාපු මූ, මම ගැන පොලීසියට ඔත්තුවක් දීල.... මම යුරෝප් බෝඩර් ක්‍රොස් කරන්න ඇවිත් ඉන්නෙ කියල.......පොලීසියෙන් මාව කාලයක් ෆලෝ කරල......මට පස්සෙ තමයි ආරන්චි වුනේ......:no:

    අනික් කාරණය... මට හම්බවුන එළ කොල්ලො සෙට් එකත් එළම නෑ....... උනුත් මූත් එක්ක ගහගෙන මේ මිනිහ උගේ අතක් කපාගෙන ඇඩ්මිට් වෙලා ඉගෙනගන්න ආපු ලන්කාවෙ කොල්ලො හතරදෙනෙක් ඩිපොර්ට් කරවල..... උන් ඔක්කෝම මට සීන් එක හැන්ගුව......:no:ඔය විස්තර දැම්මෙ මිනිස්සු තේරුන් ගන්න......


    ඕන් එහෙනං කතාව අහවරයි...... මේක කියවෙවුවට වැඩි බයක් නැතිවුනාට අත්දැකීමට මුහුනදුන්න මම මේ සීන් එකට පන යන්න බය වුනා.... වෙන එකක් තියා මම මේ සීන් එක දැන් ටයිප් කරන්නෙ ලයිට් දාගෙන........lol


    තවත් ස්ටෝරියකින් පසෙ සෙට්වෙමු........



    :frown:රොබොට් අයියා.......

    dan dakke meka bookmark karagaththa rata kiyawaanwa e welwata thama athal eka tiyenne
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    දැන් හොද කතා යනවා අඩුයි, මම ඉස්සර අළුත් කතාවක් දානකන් බල බල ඉන්නෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    යාළුවො එක්ක රස්තියාදු ගහන එක පැත්තකට දාලා නොච්චියාගම රංජිත් මහත්තයා (පැත්තේ වැඩ්ඩෙක්, නොදන්න එකෙක් නැ) ලගට ගියා ජොබ් එකක් හොයාගෙන..
    කොහොමහරි මහත්තයා මට මුලින්ම ජොබ් එකක් කියලා දුන්නෙ එයාගෙ තිබ්බ බැකෝ එකේ ඩ්‍රයිවර්ට අත් උදව්වට වගේ ඉන්න. ලොකු පඩියක් නම් මුලින් ලැබුනේ නෑ ඒත් කට්ට කාගෙන හිටියා..
    එතන හිටිය ඔක්කොම ෆිට් උනා. රංජිත් මහත්තයත් මට පස්සෙ හොදට සැළකුවා.
    මොකද මම වැඩ ඉක්මනට ඉවර වෙන දවස් වලට මහත්තයලගෙ අනික් වැඩ වලටත් උදව් වෙන නිසා..
    කොහොමහරි මම වැඩට ගිහින් මාස පහක් වගේ වෙද්දි බැකෝ එක පදින්නත් පුරුදු උනා.


    2sEjNIT.jpg

    ඊට පස්සෙ ඉතිං ඩ්‍රයිවර් මං එක්ක ගියාට එයා එයාගෙ වැඩ කරගන්න යනවා මම තමයි බැකෝ එකෙන් වැඩ කරන්නෙ..

    දවසක් මහත්තයා මට කතා කරලා කිව්වා දුමින්ද පොඩි වැඩක් තියේ කරන්න පුලුවන්ද කියලා,
    ගල් වලක් තියනවා ඒකෙ මඩ ටික අයින් කරලා හාරලා දියන්,
    හෙටම වැඩේ පටන් ගනින් කියලා මට එතනට යන පාරත් කිව්වා.
    කොහොමහරි මම පහු වෙනිදම එතනට ගියා.
    ඒක ලොකු පොකුණක් පඩි පහකුත් කොටලා තියනවා.


    V43YxLM.jpg

    මිනිස් පුලුටක් නැ පේන මානෙක, හුලග නන් තියෙනව මොනව නැතත්.
    ඉතිං මම දැං බැකෝ එකත් දාගෙන අඩියෙ තිබ්බ මඩ හාරන්න ගත්තා, ටිකක් වෙලා ගිහින්
    උදේ තේ එක බොන්න ගහක් යටට ගිහින් ගෙනාපු බනිසෙත් අරන් වාඩි උනා..

    මට අදෝනාවක් ඇහෙන්න ගත්ත,

    ගෑණු කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා වගේ,


    hOAKHa7.jpg

    මම ගිහින් බැලුවාම පොකුණ දිහායින් එන්නෙ පොකුණ ලගට ගියාම පොකුණ ඇතුලෙන් තමයි අදෝනාව එන්නෙ.
    හරියටම ආආආආආආ කියලා කෑ ගහනවා වගේ...
    මම එච්චර ඒක ගනන් නොගත්තෙ හුළං පොකුණු කටෙ වැදිලා එන සද්දයක් වෙන්න ඇති කියලා...

    මේ අදෝනාව/සද්දේ මන් වැඩ කරන වෙලෙත් සැරින් සැරේ අහෙන්න ගත්ත,


    9yh44YN.jpg

    ගැනියෙක් තියා බල්ලෙක් වත් නැති හින්ද,
    මන් දිගටම හිතුවේ මේ හුලග අර පොකුනෙ තියෙන ගල් දෙබොක්කාවේ/පොකුණු කටෙ වැදිල එන සද්දේ කියල,

    ඔහොම දවල් වෙලා කෑම එකත් කාලා සිකරට් එකක් ගන්න ගමේ කඩේට ගියාම ඔතන හිටිය ගෑණු කෙනෙක් මගෙන් විස්තර ඇහුවා..
    මම ඉතිං කිව්වා පොකුණෙ මඩ හාරන්න ආවේ අරකයි මේකයි කියලා.


    එතකොට මේ ගෑණු කෙනා කිව්වා පුතේ ඕකේ කතාවක් තියනවා ලොකු නිධානයක් තියනවා කියලා,
    ඒකෙ අරක්ෂාවට ඉන්නෙ යකින්නක්ලු.. කලයක් උකුලෙ තියන් ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් අම්මා දර කඩන්න ගියා එයා එන්න කලින් යන්න කියලා කියාගෙන අර පොකුණට රිංගනවාලු.


    pUIdgiA.jpg

    ඔයිට කලින් ඔතන දෙතුන් දෙනෙක් නිල් වෙලා ගල උඩ මැරිලා හිටියා තනියම හිංදා කෝකටත් පරිස්සමෙන් හිටහං කිව්වා.

    මටත් මාර බයක් ආවා එවලේ ඒත් ඉතිං රස්සාව කරන්නත් එපැයි.
    වැඩිය නොහිතා ආයෙ වැඩ පටන් අරන් හවස 3 විතර වෙද්දි පොකුණෙ ගොඩක් මඩ අයින් කරලා ඉවර උනා..
    ඔහොම හාර හාර යද්දි එක පාරටම බැකෝ එක නතර උනා..
    මමත් ඉතිං බැහැලා ඇවිත් මොකක්ද ලෙඩේ කියලා හොය හොය ඉද්දි..... අර ගෑණු කෙනා කිව්වා වගේම කෙල්ලෙක් ආවා.

    ඒකි මට පිටුපාලා හිටියේ මම ඒකි දිහා බලද්දිම අම්මා එන්න හදන්නෙ ඉක්මනට පලයන් කියලා හයියෙන් හිනා වෙලා කෑ ගහගෙන පොකුණ්ට පැන්නා..

    මම බය උන පාරට බුදු අම්මො කියාගෙන දිව්වා.. දිව්වා .


    bFz2pc1.jpg

    කොහොමහරි මම ගෙදරකට දුවලා විස්තරේ කිව්වා..
    ඒ අයත් මාව තියාගන්න ටිකක් අදි මදි කරපු හිංදා, මම බැකෝ එකත් එතන දාලා බස් එකේම මහත්තයගෙ ඔෆිස් එකට ගිහින් විස්තරේ සේරම මහත්තයට කිව්වා..
    එතකොට මහත්තයා මටත් කුනුහරුපෙන් බැනලා අපි තමයි යක්කු තොපිට ඉන්න යක්කු එන්නෙ නැතෑ මටත් කෙලින්න හෙට මම යන්නම් කියලා මහත්තයා පහු වෙනිදා උදේම ලෑස්ති වෙලා තනියම පොකුණට ගියා..

    කොහොමහරි මහත්තයා බැකෝ එකට නැගලා විනාඩි දහයක් ගිහින් නෑ. මට උනා වගේම වෙලා.. ඒ විදියටම කෙල්ලත් ඇවිත් අර විදියටම කියලා.. කිව්වට විස්වාස කරන්න, මහත්තයා මට වඩා දුර දුවලා


    PRFLpk3.jpg

    බැකෝ එක ගෙනාවෙ ඊට දවස් දෙකකට විතර පස්සෙ..ආයෙ ඒ පොකුණෙ මඩ අයින් කරන්න ගියේ නෑ .. හොල්මන් යක්කු නෑ කිව්ව මහත්තයා මේ සිදිධියෙන් පස්සෙ යන්තරම පහක් විතර එල්ල ගත්තා.මටත් යන්තරයක් දැම්මා.

    1q0ZZwi.jpg



    අත්බූත ලෝකය
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    :dull::oo::frown:ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්‍රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්‍රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට “ලංකා සී නිවුස්“ සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.

    1. අවසරයි, ඔබතුමා මීට පෙර අවස්ථා දෙකකදී පැවසූ කරුණු බොහෝ දුරට සත්‍යවේගෙන එන බව පෙනෙනවා. ඒකයි ඔබතුමාට අප තුන්වෙනි වතාවෙත් කරදර කරන්න හිතුවේ.

    පුතා, අප සත්‍යම මිස අසත්‍යයක් පවසන්නේ නැහැ. අසත්‍යයක් පවසා අපට ලබාගන්නට දෙයක් නැහැ. මේ මහා කැලයට වෙලා බණ භාවනා කරන්නේ සියළු ලෞකික බැදීම් අත් හැරි නිසයි. මේ විදිහට හරි පුතාට කරුණු කියන්නේ අපට සම්බන්ධ වන දෙවිවරුන්ගේ අකමැත්තක් ඊට නොමැති නිසයි. ඒ වගේම, මේ කියන දෙයින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අඹමල් රේණුවක හරි සේවයක් වෙයි කියා හිතන නිසායි.

    2. ඔබතුමාට සම්බන්ධ වෙන දෙවිවරු ඇත්තටම කවුද? කෙහොමද එය සිද්ධ වෙන්නේ?

    එය, ඉස්සර මෙන්ම නැවතත් සරලව පැහැඳිළි කිරීමට අසීරු කාරණයක්. එහෙත්, පුතාට අවබෝධ කරගන්න පුළුවන් හැටියට තේරුම් කරන්නම්. හිත දියුණු කරන, හරියට භාවනා කරන කෙනෙක්ට දෙවිවරු සම්බන්ධ වෙනවාය කියන එක පුදුමයක් නෙමෙයි. ඒ අය බොහොම සියුම් ශරීර ඇති ජීව කොථඨාශයක්. සාමxන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැත්තේ මනස ගොරහැඬි නිසයි. මට සම්බන්ධ වෙන්නේ සමන් දේව මණ්ඩලයට අයත් සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු පිරිසක්. ඒ අයගෙන් තමයි මම මේ තොරතුරු ලබාගන්නේ. පුතාට පේනවනේ මෙතන කිසිම බඩු භාණ්ඩයක් නෑ. අවට ලෝකයත් සමඟ මගෙ කිසිම සම්බන්ධයකුත් නැහැ.

    3.ඔබතුමාට ඒ දෙවිවරු හරහා අළුතින් දැනගන්න ලැබුණු කරුණු සහ තොරතුරු මොනවද?

    කලින් වතාවල කියපු දේවල්ම තමයි. මම කිව්වනෙ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 න් පස්සේ මනුස්ස ලෝකය පරිහාණිය දිශාවට යනවා කියලා. ඒක ඇත්ත කියලා පුතාටම තේරෙනවා ඇතිනේ. මට දැනගන්න ලැබුණු විදිහට මාර්තු-අප්‍රේල් වෙනකොට මේ විනාශය බොහෝ අයට දැනෙන විදිහටම ඇති වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ මිනිස්සු අද වැඩ කරන්නේ ඛනිජ තෙල් මතනේ. තෙල් ලැබීම හිඟවීමත් සමඟ මුළු ලෝකයම අර්බුධයකට යයි. කලකෝලාහල කැරළි ඇති වෙලා යුද්ධ ඇති වෙලා කෝටි ගණනින් මිනිස්සු මිය යාවි. මේ ලෝකයේ අකුසල් ශක්තිය වැඩිම ප්‍රදේශ තමයි ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග කලාපය. මේ ප්‍රෙද්ශ තුනම ගොඩාක් දුරට විනාශ වෙනවා කියලා තමයි මේ දෙවිවරු කියන්නේ. අවුරුදු තුන් හාරසියයක් ප්‍රාණ ඝාතය, කාම මිත්‍යාචාරය, සුරාව රජකරපු ද්ශ නේද මේ? මුළු ලෝකෙටම ලොකු ආහාර අහේනියක් ඒවි. කන්න බොන්න නැතිව හීතලට රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැතිව ලක්‍ෂ ගණනින් මිනිස්සු මිය යාවී.

    4.න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන යුද්ධයක් ඒවිද?

    මනුෂ්‍ය වර්ගය නිපදවපු භායානක ආයුධ හැම දෙයක්ම පාවිච්චි වේවි පුතා. මහා විනාශයක් තමයි පේන්නේ. ඇමෙරිකාව, යුරෝපය නොහිතන විදිහට දරුණු ආයුධ වෙනත් රටවල තියෙන වගක් තමයි දෙවිවරු පවසන්නේ.

    5.අපේ රටට ඇතිවන බවපෑම ඔබතුමා හිතන්නේ කොයි වගේ වේවිද?

    ලොකු රටවල් ගහමරා ගන්න කොට අපිටත් ගැලවිලා ඉන්න බෑ. ගහ මරාගන්න අපේ රටත් ඇදගන්න ලොකු උත්සාහයක් දරයි. බැරි වුනොත් පාලකයොන්ට විවිධ බලපෑම් කරයි. රටේ නායකයට ගොඩාක් තර්ජන අමාරුකම් ඒවි. ඒ අතරේ රට ඇතුලේ ඉන්න පාපකාරී පිරිස් ආයෙත් හැත්තෑ, අසූ ගණන්වල වුණා වගේ සිද්ධි ඇති කරන්න උතසාහ දරයි. බලයට කෑදර පිරිස් බලය අරගන්න විදේශ රටවල් එක්ක යටිකූට්ටු වැඩ කරන්න ගොඩාක් ඉඩ තියෙනවා. යුද්ධයක් ඇති නොවුනත් කැරලි කෝලාහල රටපුරා ඇති වෙන්න පුළුවන්. කොහොම වෙතත් අවුරුදු 3 ක් විතර කාලයක් හොදක් කියල දෙයක් නම් පේන්නෙම නෑ පුතා.

    6.එහෙම විනාශයක් වෙනව නම් දෙවිවරුන්ට බැරිද අපිව ඒ විනාශයෙන් ගලවගන්න උදව් කරන්න.

    උදව් නේන්නම් පුතේ මේ කරන්නේ. වෙන්න තියෙන දේවල් වෙන්න ඉස්සරවෙලා කියන එක තරම් උදව්වක් තවත් තියෙනව ද? මේ ටික මම මුලින්ම කියල දැන් මාස 6 ක් විතර වෙනවනේ පුතේ. මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි කියලා බෙහෙත් හේත් නැති වෙයි කියලා අළුත් ගොවිතැනක්, වෙදකමක් මේ රටට හදුන්වලා දීලා තියෙනවලු. පුතේ මේ දෙවිවරු කියන්නේ වැඩිකල් යන්න කලින් අපට ඉන්ධන ලැබෙන එක අඩු වෙනවාය කියලා. මුළු රටම අර්බුදයට යයිලු. පිටරටින් එන තෙල් පොහොර නවතීලූ. මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න බැරි වෙයිලු. පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මුළු දිව්‍ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා. එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා. කෙසේ හෝ පුතේ මේ දෙවිවරු පවසන ආකාරයට නම්, වැඩිකල් යන්න කලින් මුළු රටටම තෙල් පොහොර නැති ගොවිතැනකට පිටරට බෙහෙත් නැති වෙදකමකට ඉබේම යන්න සිද්ධ වෙයි කියල නම් පැහැඳිළිව නැවතත් කියන්න පුළුවන්. ඕවා අපේ රටට ගෙන්වන කොම්පැණි ඒවයෙ මව් සමාගම් විනාශ වෙද්දි රට ඇරලා යයිලූ. කෘමිනාශක සමාගම් මේ රටෙන් තුරන් වෙන්න කියලා දෙවිවරු අධිෂ්ඨාන අරන් තියෙන්නේ ගිය වෙසක් පෝයට. උන්වහන්සේලාගේ අධිෂ්ඨානයක් කවදාවක් ඉෂ්ඨ නොවි තියෙන්නේ නැහැ. මේ කෘමිනාශක ගහල කෝටි සංඛ්‍යාත සත්තු සංඛ්‍යාවක් මරලා අන්තිමට ඒවා මිනිස්සුත් කාලා මහා විනාශයක් අකුසලයක්නෙ කර ගන්නේ. අද ගොවියෝ කියන්නේ මහා පවුකාරයෝ පිරිසක් බවට පත්කරපු පිරිසක් නේද?

    7.තව මොනවද අපේ රටට වෙන්න පුළුවන්?

    මේ කියන ටික හොඳින් තේරුම් කර ගත්ත නම් ඉතිං ඉතිරි ටික අවබෝධ කරගන්න එක අමාරු නෑනේ. ඩීසල්, පෙට්‍රල් වැනි දේවල් වල මිල ගණන් මිනිස්සුන්ට මිලදී ගන්න බැරි විදිහටම ඉහළ යයි. පාරවල්වල බරකරත්ත ආයේ දකිනට ලැබෙයි. පොල්තෙල්වලට , කැකුණ තෙල් වලට පන්දම් වලට හොඳ කාලයක් එයි. විදුලිබලය, වායුසමීකරණ, ශීතකරණ නැතිව ජීවත් වෙන්න මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙයි. මුලින් මුලින් පෞද්ගලික බැංකු කඩා වැටෙයි. අවසානයේ දී ආණ්ඩුවේ ඒවත් බිඳ වැටෙයි. කොටින්ම නැවතත් මිනිස්සු ස්වභාවධර්මයට පුරුදු වේවී. ඒත් පව්කාර රටවල් විනාශම වෙලා යයි. කොහේ හිටියත් මිනිස්සුනේ. අපට ධර්ම සංවේගයක් තමයි ඇතිවෙන්නෙ.

    8.තත්වය එහෙම නම් ඔබතුමා අපට දෙන අවවාදය මොකද්ද?

    ඉස්සෙල්ල දෙවතාවෙදිත් කිව්ව වගේ පංචශිලයවත් රකින්න පුතේ. පන්සිල්වත් රකින්න කියල මේ මිනිස්සුන්ට කියන්න. දැන් කකුලුවා හැලියෙ ඉන්නෙ. ගින්නත් අවුළුවලා තියෙන්නේ. නැහෙනකන්ද බලාගෙන ඉන්නේ. මේ විනාසෙ රට කරවන ඇත්තන්ටත් ඉස්සරට තදින්ම දැනෙන්න පටන් ගනිවී. පාලකයෝ මුළු රටම ධර්මයට ගේන්න ඕනේ. ප්‍රාණ ඝාතය, සත්තු මරන එක නවත්වලා, සුරාව නවත්වලා මිනිස්සුන්ව පින් දහම් මාර්ගයට ගන්න ඕනේ. ප්‍රාණ ඝාතයෙන් තොර අපේ ගොවිතැනට රටේ ගොවියන්ව යොමුකරවන්න ඕනේ. නැත්නම් රටත් ශාසනයත් විනාසයි. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නේ. ශාසනය රැකෙන්නෙ මේ පොළවෙ විතරයි. මේ අමාරුම කාලේ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ. මෝඩ මිනිස්සුන්ට කියන්න උන්වහන්සෙට අපහාස කරන්න එපාය කියලා. හැම කෙනෙක්වම දැනුවත් කරන්න මේ මහා දුර්භාග්‍යසම්පන්න වසර දෙක තුන අපේ රටට ශක්තිය ලැබෙන්නය කියල අධිෂ්ඨාන කරන්න කියලා.

    “මෛත්‍රී බෝධිකාරක පුරෙන්තු පාරමි ආනුභාවාය
    ගෞතම බුද්ධ ශාසනම් රක්ඛන්තු ආදිත්‍යම්
    ත්‍රිත්ව ලෝකං ශක්තිම් ස්වාගතම්
    ඉෂ්ඨ සිද්ධම් ආනුභාවම්
    ආරාධිතම් ලංකා මාතෘ භූමි රක්ඛන්තු ත්වම්සදා
    නාමං නාමං උත්පාදිතම් ශක්තී
    සම්බන්ධිතම් ලක්මෑණී තුම්හේ අනුරක්ඛන්තු
    සදා සොත්ති භවන් තුතේ“


    Copied From Lanka C News


    දැන් මේ වෙන දේවල්වල හැටියට මට හිතෙනවා මේ දේවල් ඉක්මණටම වේවි කියලා...:growl::nerd::dull::frown:


    ටික ටික වෙනෝ