එළකිරි ලල් එකේ පට්ට සිරාව
ඔන්න මචං මේකයි සීන් එක... ආර්ථික ඝාතකයන්ට මේ රටේ ඉඩක් නෑ. අද මම කතා කරන්නේ ආර්ථික ඝාතකයන් ගැන නෙමෙයි. ඒත් මම අද කතා කරන්නේ භාෂා ඝාතකයන් ගැන. ඇත්තම කියනව නම් මමත් භාෂා ඝාතකයෙක්. සිංහල භාෂාව කියන්නේ පට්ට සිරා භාෂාවක් කියලා හැමෝම කියනවා. ඔව්... මම උසස් පෙළට හැදෑරුවෙත් ඔය කියන සිංහල භාෂාව තමයි... ඒ වගේම මගේ විශ්වවිද්‍යාල උපාධියටත් හැදෑරුවේ ඔය කියන සිංහල භාෂාවම තමයි. අනේ ඉතින් ඒ වුණාට මගේ ඇඟේ තියෙන හෝමෝනවලට පින් සිද්ධ වෙන්න.... මගේ තරුණකමේ තියෙන දේවල්, මගේ ව්‍යවහාර භාෂාවටත් එකතු වුණා. අන්න ඒ නිසා වියත් සිංහල භාෂාව මට සෙට් වුණේ නෑ. මම ලියන කතා කරන භාෂාව ඇතුළේ වියත් භාෂාවක් නෑ. ටික දවසකින් මටත් කියයිද දන්නෙ නෑ මම භාෂා ඝාතකයෙක් කියලා.
සීමාවලට කොටු වෙලා ඉන්නත් කවුරුත් කැමැති නෑ. මේ විදියට බලාගෙන යනකොට රැඩිකල් අදහස් තියෙන පිරිසක් භාෂා සීමාවන්වලට කොටුවෙලා ඉන්න කොහොමත් කැමැති නෑ. අන්න ඒ නිසා තමයි රැඩිකල් අදහස් තියෙන කොල්ලො කෙල්ලෝ තමන්ටම ආවේණික වෙච්ච භාෂාවක් පාවිච්චි කරන්නේ. ඒත් ඒ භාෂාව ප්‍රසිද්ධියේ පාවිච්චි කරන එක හොඳ නෑ කියලා භාෂා විශාරදයෝ සහ උගත් අය අපිට කියනවා. ඒත් ඒ භාෂාව අපේ බොක්කට දැනෙන සිරාම සිරා භාෂාවක්. ඒකෙ අමුතුම ගතියක් තියනවා. මම නම් යං පත්තරේට ලියන්නෙත් අන්න ඒ සිරා භාෂාවෙන්. ඒ භාෂාවෙන් මේක ලියනකොට මටත් අමුතුම ලල් එකක් දැනෙනවා.
උදාහරණයක් විදියට කියනවා නම් ලල් එක, සිරා, පට්ට, ගින්දර, එළකිරි, එළපාර, දෝදු, කිණ්ඩි වගේ වචන කොල්ලෝ කෙල්ලෝ නිතරම පාවිච්චි කරනවා. මේ වගේ වචන පාවිච්චි කරලා මොකක් හරි දෙයක් කිව්වොත් තමයි ඒක අපේ බොක්කටම දැනෙන්නේ. එහෙම වචනවලින් කිව්වේ නැත්නම් ඒක අපිට දැනෙන්නේ නෑ නෑ වගේ. "මම ඇත්තටම ඒ කෙල්ලත් එක්ක හිටියා" කියලා කියනවට වඩා අපිට දැනෙන්නේ "මම සිරාවටම ඒ කෙල්ලත් එක්ක හිටියා" කියලා කිව්වොත්. "හදවතට දැනෙන්න කරන්න" කියලා කියනවට වඩා "බොක්කට වදින්න කරන්න" කියලා කිව්වොත් තමයි සිරාවටම අපේ හදවතටයි, බොක්කටයි, උණ්ඩුකපුච්ඡයටයි, හැම මඟුලකටම එක්ක ඒක දැනෙන්නේ.
අද කාලෙ කොල්ලෝ කෙල්ලෝ මේ වචනවලින් වෙනම උප භාෂාවක් හදාගෙන තියෙනවා. මොකක් හරි අදහස් කියන්න ඕන වුණාහම ඉස්සර පාවිච්චි කරපු වචනෙයි අද කාලෙ ඉන්න කොල්ලො කෙල්ලො පාවිච්චි කරන වචනෙයි කියන වචන දෙක එකට තියලා බැලුවහම අපිට පේනවා මෙතැන පට්ට සිරා වෙනසක් තියෙනවා කියලා. මේ අලුත් සොමිබර භාෂාවට උගත් වියත් අය කැමැති නෑ. ඒත් කොල්ලෝ කෙල්ලෝ කතා කරන මේ සිරාබර සොමිබර කලාබර භාෂාව ඇතුළේ තියන අමුතුම ලල් එකට අමතරව අමුතුම සාහිත්‍යයක් තියෙනවා. ඒත් මේ සාහිත්‍ය විග්රහ කරන්න කිසිම වියත් ප¾ඩිවරයෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. යං ජෙනරේෂන් එක පාවිච්චි කරන මේ භාෂාව අපේ හරවත් සංස්කෘතියට ගැළපෙන්නේ නැතුවත් ඇති. ඒත් මේ භාෂාව කොල්ලො කෙල්ලෝ අතර හරිම ජනප්‍රියයි.
මේ වගේ ගොඩක් සිරාම සිරා පට්ට වචන අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ භාෂාවට දැනුම්වත්ව හරි නොදැනුම්වත්ව හරි එකතු වෙලා තියෙනවා. වචන විතරක් නෙවෙයි වාක්‍ය පවා එකතු වෙලා තියෙනවා. උදාහරණයක් විදියට අතහෝදන්නෙ නැතුව කෑම කනවා කියන්නේ හොඳ සෞඛ්‍ය පුරුද්දක් නෙවෙයි. ඒත් ඒ වගේ අයහපත් සෞඛ්‍ය පුරුදු සාධාරණීයකරණය කරන්න "උෟරන්ට මොන සෞඛ්‍යයද" වගේ කියමන් කොල්ලෝ කෙල්ලෝ අතර ගොඩක් ජනප්‍රියයි. මේ තියෙන්නේ ඒ වගේ කියමන් ...
"නයි කයිද රෝස පාන්", "ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ මුලෙත් නෑ ලෝවැඩ සඟරාවෙත් නෑ", "යුදේදෙ නම් යුද්දෙ සාමෙ නම් සාමෙ", "කෙට්ටු ... මොන වෙට්ටුද", "එළ කොල්ලෙක් හරක් හොරෙක්", "අල වගේද ගෝවා", "පිස්සු පීකුදු"
ඔන්න ඕකයි මචං සීන් එක... මේ වචන නිසා අපේ වියත් සිංහල භාෂාවට හානියක් වෙනවත් ඇති. එතකොට අපි භාෂා ඝාතකයොද !!! අවුලක් නෑ. මම නම් භාෂා ඝාතකයෙක් තමයි. ඒකට කමක් නෑ. මේ වගේ පට්ට සිරා වචන තව තියනවනම් ඒ ගැන කියලා මට ඊමෙල් එකක් දාන්න. වචන විතරක් නෙවෙයි, මේ වගේ සිරා කියමන් එහෙම තියෙනවා නම් ඒවා ගැනත් පැහැදිලි කරලා මට ඊමේල් එකක් දාන්න. ලබන සතියෙත් අපි මේ වගේ තවත් ආර්ටිකල් එකකින් සෙට් වෙමු...
මව්බිම පුවත් පතේ පලවු ලක්මිණ රණසිංහ ගේ colombo 7 ලිපියෙන් උපුටා ගැනීමකි
උපුටා ගැනීම source > http://www.mawbima.lk/82-15830-news-detail.html

- වමනෙ යනවා - කබරයා දානවා

- නියමයි - සිරා
- ඇත්තටම - සිරාවටම
- සහතික ඇත්ත - බුදු සිරාවට
- නියමෙටම නියමයි - පට්ට සිරා
- පංකාදුයි - එළ
- පංකාදු පහයි - එළ කිරි
- ඉස්තරම් - ගින්දර
- පසුබැස්ස - පදිරි
- වරදිනවා - අල වෙනවා,
- ළාමක ටිං ටිං
- අයියෝ - හුටා / මළා
- හදවතින්ම - බොක්කෙන්ම
- පිරිස - ගැන්සිය
- උපරිමයි - මැක්සා
- සතුට - ආතල් / ලල් / සොමිය
- තරුණයා - බුවා
- ලස්සන තරුණිය - ටොයියා
- ඉතා ලස්සන තරුණිය - කඳ අයිටා / කඳටොයියා
- සුපිරි විදිහ - සුපිරියටම
- වැඩේ වරදිනවා - ගම කනවා /අඤ්ඤකොරොස් / අනනවා
- අසීමිත කැමැත්ත - බුදු ඇම්ම,බනිනවා - සද්දෙ දානවා / තග දානවා
- කැමැත්ත - ඇම්ම
- නියම - බුලට්
- අප්‍රසන්න - චාටර්
- ඉතා අප්‍රසන්න - චා මැක්ස්
- හරියටම - තිතට
- නොකටයුත්තක් කරනවා -වළ බහිනවා
- අසමත් - ලයිට් කණු
- රාත්‍රිය නොනිදා සිටිනවා - නයිට් ගහනවා

- රණ්ඩුව -වලිය / රෝමේ
- විහිළු කරනවා -කොමිටලේ දානවා
- අෑතට යනවා -ඩොටේ යනවා
- ප්‍රයෝග -ජිල්මාට්
- අනිවාර්යෙන්ම -අනිවා
- උඩින්ම -එකෙන්ම
- විනාස කරනවා -නැතිභංගස්ථාන කරනවා
- පිස්සා -මැන්ටලේ
- වැඩ වරද්දගන්නවා -චොර කරගන්නවා
- කල්පනා කරනවා -මනෝගහනවා
- පිස්සුව -මොංගල් / පයිත්තියං / මඤ්ඤං
- සමීප මිත්‍රත්වය -ෆිට් එක
- කරදර කරනවා -උදැල්ල දානවා
- වීරයා -වැඩ්ඩා
- බුද්ධිය -මීටරේ
- කොමළ -කැටයං
- ගොඩක් -හැටහුටාමාරක්
- හිනාව -පනාව
- ඇල් ජලය -ඇල්ටො
- කේන්තිය පෙන්නවා -තග දානවා
- බොරුව -පොයිය / කප්ප
- බොරු කියනවා -නයා අරිනවා
- පිස්සුවෙන් වගේ හැසිරෙනවා - දෝදු

- කරදරකාරී හැසිරීම -ඇණේ / කඩේ
- අසීමිතව මත්පැන් බොනවා -කරටි කැඩෙන්න ගහනවා
- අපහසුතාවට පත්කරනවා -බයිට් කරනවා
- අපහසුවෙන් කරනවා - කට්ට කාගෙන කරනවා
- කල්පනාව නෑ - චේන් පැනලා / ට්‍රැක් පැනල / පයිත්තියං
- යමක් සම්බන්ධ විශිෂ්ටයා -ඔස්තාර්
- කොහෙත්ම හිටියෙ නෑ - ලොවෙත් නෑ
- රණ්ඩුවට ඒම - මර්සි දැමීම
- උපහාසය - නෝණ්ඩිය / කිණ්ඩිය
- මංකොල්ලකෑම් - රොබරි
- අයහපත් තැනැත්තා - නසරානි
- මුදල් සොරකම් කරනවා - මාටියා ගහනවා
- අමතර, හොර පෙම්වතිය - ස්පෙයාර්වීල්
- මත්පැන් පානයට පිරිස එක්වීම - ස්ටෙලා