එළකිරි YouTube ට්‍රික්
මම දැකල තියනවා එළකිරි එකේ සමහර Thread වල YouTube වීඩියෝ දාල අතන ඉදන් බලපන් මෙතන ඉදන් බලපන් කියලා Time එකක් දාල තියනවා. එහෙම නැතුව කැමති නැද්ද ඔයාලා Share කරන වීඩියෝ එක play කරන කොට ඔයාට අවශ්‍ය කොටස විතරක් Play වෙන්න තියනවනන්. ඒ වගේම ගොඩක් ලොකු YouTube වීඩියෝ එකකින් ඔයාගේ Thread එකට අවශ්‍ය කොටස විතරක් Play කරලා පෙන්නන්නත් මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම හිතුවා නොදන්න අයට දැනගන්නත් එක්ක මේක කරන හැටි කියලා දෙන්න.
හරි එහෙනන් අපි වැඩේ කරන හැටි බලමු. මුලින්ම ඔයාලා Youtube එකට ගිහින් ඔයාට අවශ්‍ය වීඩියෝ එක උඩ Right Click කරලා වීඩියෝ URL එක කොපි කරගන්න ඕනේ. ඒක ඉතින් හැමෝම දන්නවනේ
ඊළගට වීඩියෝ එකේ Start Time එකයි End Time එකයි තමන්ට අවශ්‍ය විදිහට දාගන්න. ඊළගට Submit Button එක Click කරන්න. ඔයා දීපු Time එකේ වීඩ්යෝ එක Play වෙනවද කියලා බලන්න උඩ තියන වීඩ්යෝ එක Play කරලා බලන්න.
Submit කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් යටින් ලින්ක් එකක් පෙන්නනවා. ඒ ලින්ක් එක කොපි කරගන්න.
ඊට පස්සේ ඒ ලින්ක් එක ඔය පාවිච්චි කරන ඉන්ටෙර්නෙට් බ්‍රොව්සෙර් එකේ අලුත් ටැබ් එකකට Paste කරලා Enter ඔබන්න. එතකොට මේ විදිහට ඔයාට වීඩියෝ එක බලාගන්න පුළුවන්. ඊළගට මන් රතුපාට කොටුවක් ගහලා තියන ටික ඒ කියන්න ලින්ක් එකේ https://www.youtube.com/embed/ කියලා තියන ටිකට පස්සේ ටික කොපි කරලා වෙනදා ඔයාලා YouTube වීඩියෝ දාන විදිහට දාන්න.
HTML:
[YOUTUBE]OJsOFGgMnSE?start=60&end=110&version=3[/YOUTUBE]
මෙන්න මගේ Time එකට හදාගත්ත වීඩියෝ එක. පටන්ගන්නේ 1.00Min වලින්. ඉවරවන්නේ 1.50Min වලින්. බලන්න හරියටම තියනවද කියලා.
වැඩේ හරි නේද? හරි එහෙනන් වැඩේ වැදගත් අය කරන්න ඕන දේ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.
වැදගත් උනේ නැති අය නිකන් යන්න එපා තව කනෙක්ට වැදගත් වෙයි කියල හිතලා Bump එකක් දාගෙන යන්න.
වැදගත් උනේ නැති අය නිකන් යන්න එපා තව කනෙක්ට වැදගත් වෙයි කියල හිතලා Bump එකක් දාගෙන යන්න.
හැමෝටම සුබ දවසක්!
Last edited:

+